ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: එකරුණින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ’යයි නො කියැයුතු වෙයි.
323. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ සත්‍යවාදී කාලවාදී භූතවාදී තථවාදී අවිතථවාදී අනන්‍යථාවාදී නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් විසින් ‘සප්පිකුම්භ’ යයි තෙල වදාළේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සප්පියෙන් (ගිතෙලින්) කුම්භ (කළ) කරන කිසිවෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. නිග: එ කරුණින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ’යයි නො කියැයුතු යැ.
324. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ සත්‍යවාදී කාලවාදී භූතවාදී තථවාදී අවිතථවාදී අනන්‍යථාවාදී නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් විසින් “තෙල්කුඹ ... මිහිකුඹ ... පැණිකුඹ ... කිරිකුඹ ... දියකුඹ ... පැන්තලු ... පැන්කොසු ... පැන්මාලා ... නිතිබත් ... ධ්‍රැවයාගු” යයි තෙල වදාළේ ඇත් මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාම ස්වභාව ඇති කිසි යාගුවක් ඇත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. නිග: එ කරුණින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ’යයි නො කියැයුතු යැ.
(සංක්‍ෂිප්ත යි)
නිග්‍රහ – අෂ්ටක යැ, පෙය්‍යාල යැ, (පුග්ගලො සන්‍ධාවති යනාදීන් කී) භවසන්‍ධාවන (ගති) යැ, (රූපං උපාදාය යනාදීන් කී) උපාදාපඤ්ඤත්ති යැ, (චිත්තේ චිත්තේ පුග්ගලස්ස පඤ්ඤත්ති යනාදීන් කී) පස් වැනි චිත්තපඤ්ඤත්ති යැ, (කල්‍යාණපාපකානි කම්මානි යනාදීන් කී) කල්‍යාණවර්‍ග යැ, (අත්‍ථි කෝචි ඉද්ධිං විකුබ්බති යනාදීන් කී) ඍද්ධි (අභිඥා) යැ, අට වැනි වූ සූත්‍රාහරණ යැ යි පුද්ගලකථායෙහි අනුයෝග ස්ථාන අටෙකි.
පුද්ගලකථා නිමි.
1. 2.
පරිහානිකථා
[“පඤ්චිමෙ භික්ඛවේ ධම්මා සමයවිමුත්තස්ස භික්ඛුනෝ පරිහානාය සංවත්තන්ති.” යනාදි සූත්‍රප්‍රදේශ වරදවා ගත් සම්මිතිය වජ්ජිපුත්තක සබ්බත්‍ථිවාදී යන නිකායාන්තරවාසීහු ත් ඇතැම් මහාසඞ්ඝිකයෝ ත් රහත්හට ද පරිහානි කැමැති වෙති. එහෙයින් ඔහු වෙත්වයි තදන්‍යයෝ වෙත්වයි යම් කෙනකුන්ට මේ ලබ්ධි ඇද්ද, උන්ගේ ලබ්ධි බිඳුනා සඳහා දැන් ‘පරිහායති අරහා අරහත්තා’ යනාදීන් පරිහානිකථා අරඹත්.]
1. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (සර්‍වශ්‍රාමණ්‍යඵලාදි) හැම තැනෙක දී රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. පු: හැම තැනෙක දී රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: (කාමභවය පිණිස කියයි.) එසේ යැ.
ස. අනු: හැම තැනෙක දී රහත්හට පරිහාණිධර්‍ම ඇද්ද?
ප. පටි: එසේ නොකියැයුතු මැ යැ …
2. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හැම කලැ රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටි: (යෝනිසෝ මනසිකාර කාලයෙහි පරිහානි නැතියෙන් කියයි.) එසේ නො කියැයුතු මැ යැ …
ස. පු: හැම කලැ රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: (නුනුවණින් මෙනෙහි කරනුවහට කාලනියම නැති වැ පරිහානි ඇතියෙන් කියයි.) එසේ යැ.
ස. අනු: හැම කලැ රහත්හට පරිහානි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
3. ස. පු: රහත් හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හැම රහත්හු මැ රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටි: (තීක්‍ෂෙණන්‍ද්‍රියයන් සඳහා කියයි.) එසේ නො කියැයුතු මැ යැ …
ස. පු: හැම රහත් හු මැ රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: (මෘද්වින්‍ද්‍රියයන් සඳහා කියයි.) එසේ යැ.
ස. අනු: හැම රහත්හට මැ පරිහානි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
4. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු රහත් බැවින් පිරිහෙන්නාහු සතර ඵලයෙන් පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
5. ප. පු: සිටු සිව්සුවහසෙකින් සිටු බව කරනුයේ සුවහසක් පිරිහීගිය කල සිටු බැවින් පරිහීන වේ ද?
ස. පටිඤ්ඤා: (ඒකදේසපරිහානිය ගෙන කියයි.) එසේ යැ.
ප. අනු: හැම සැපතින් පරිහීන වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
6. ස. පු: සිටු සියුසුවහසෙකින් සිටු බව කරනුයේ සුවහසක් පිරිහීගිය කල හැම සැපතින් පිරිහෙන්නට භව්‍ය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු රහත් බැවින් පිරිහෙන්නාහු සතර ඵලයෙන් පිරිහෙන්නට භව්‍ය වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
වාදයුක්ති නිමි.
7. ප. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: සෝවන් පුද්ගල සෝවත්ඵලයෙන් පිරිහෙත් ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
8. ස. පු: රහත් හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සකෘදාගාමි පුද්ගල සකෘදාගාමිඵලයෙන් පිරිහේ ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
9. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගාමී පුද්ගල අනාගාමිඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
10. ස. පු: අනාගාමී පුද්ගල අනාගාමිඵලයෙන් පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන් පුද්ගල සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
11. ස. පු: අනාගාමී පුද්ගල අනාගාමිඵලයෙන් පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සකෘදාගාමී පුද්ගල සකෘදාගාමිඵලයෙන් පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන් පුද්ගල සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
12. ස. පු: සෝවන් පුද්ගල සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
13. ස. පු: සකෘදාගාමි පුද්ගල සකෘදාගාමිඵලයෙන් නො පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
14. ස. පු: අනාගාමි පුද්ගල අනාගාමිඵලයෙන් නො පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
15. ස. පු: සෝවන් පුද්ගල සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාගාමී පුද්ගල අනාගාමිඵලයෙන් නො පිරිහේ ද?