Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 13901-14000 න් 15036

7. ස. පු: ශ්‍රෝතාපත්තිමාර්‍ගය සංස්කෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රෝතාපත්තිඵල සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: සකෘදාගාමි … අනාගාමි … අර්‍හත්ත්‍වඵලය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අර්‍හත්ත්‍වමාර්‍ගය අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: අර්‍හත්ත්‍වමාර්‍ගය සංස්කෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අර්‍හත්ත්‍වඵල සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ,
10. ස. පු: ශ්‍රෝතාපත්තිඵල අසංස්කෘත වේ ද, සකෘදාගාමි … අනාගාමි … අර්‍හත්ත්‍වඵල අසංස්කෘත වේ ද, නිර්‍වාණය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෝ පස්දෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ..
11. ස. පු: අසංස්කෘතයෝ පස්දෙනෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණයෝ පස්දෙනෙක් ඇද්ද, … අන්තරිකාවෝ පස් දෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
සාමඤ්ඤඵල කථා නිමි.
පත්තිකථා
[ප්‍රතිලාභය ප්‍රාප්ති නමු. එ අසංස්කෘත වෙතියි පූර්‍වශෛලීය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පත්ති කථා’ එයි.]
1. ස. පු: ප්‍රාප්ති අසංස්කෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණ ලෙණ සරණ පරායණ අච්‍යුත අමෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: ප්‍රාප්ති අසංස්කෘත වෙයි, නිර්‍වාණ අසංස්කෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් ඇද්ද, … අන්තරිකාවෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: චීවරයාගේ ප්‍රාප්තිය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නිර්‍වාණය ... අමෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: චීවර ප්‍රාප්තිය අසංස්කෘත වෙයි, නිර්‍වාණය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් ඇද්ද, … අන්තරිකාවෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: පිණ්ඩපාත … ශයනාසන … ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාර ප්‍රාප්ති අසංස්කෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නිර්‍වාණය … අච්‍යුත්‍යය අමෘතය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාර ප්‍රාප්ති අසංස්කෘත වෙයි. නිර්‍වාණය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් … අන්තරිකාවෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: චීවරප්‍රාප්තිය අසංස්කෘත වෙයි … පිණ්ඩපාත … ශයනාසන … ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාර ප්‍රාප්තිය අසංස්කෘත වෙයි. නිර්‍වාණය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෝ පස් දෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: අසංස්කෘතයෝ පස් දෙනෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණයෝ පස්දෙනෙක් ඇද්ද, … අන්තරිකාවෝ පස් දෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: ප්‍රථමධ්‍යානයාගේ ප්‍රාප්තිය අසංස්කෘත වේ ද, ද්විතීයධ්‍යානයාගේ … තෘතීයධ්‍යානයාගේ චතුර්‍ත්‍ථධ්‍යානයාගේ … ආකාසානඤ්චායතනයාගේ … විඤ්ඤාණඤ්චායතනයාගේ … ආකිඤ්චඤ්ඤායතනයාගේ … නේවසඤ්ඤානාසඤ්ඤායතනයාගේ … ශ්‍රොතාපත්තිමාර්‍ගයාගේ … ශ්‍රොතාපත්තිඵලයාගේ … සකෘදාගාමීමාර්‍ගයාගේ … සකෘදාගාමීඵලයාගේ ... අනාගාමීමාර්‍ගයාගේ … අනාගාමීඵලයාගේ ... අර්‍හන්මාර්‍ගයාගේ … අර්‍හත්ඵලයාගේ ප්‍රාප්තිය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නිර්‍වාණය … අච්‍යුත අමෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් … අන්තරිකාවෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: ශ්‍රෝතාපත්තිමාර්‍ගප්‍රාප්තිය අසංස්කෘත වේ ද, ශ්‍රොතාපත්තිඵලප්‍රාප්තිය අසංස්කෘත වේ ද … අර්‍හත්ත්‍වඵල අසංස්කෘත වේ ද, නිර්‍වාණය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෝ නව දෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ස. පු: අසංස්කෘතයෝ නව දෙනෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණයෝ නවදෙනෙක් … අන්තරිකාවෝ නව දෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
16. ප. පු: ‘ප්‍රාප්ති අසංස්කෘත වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: ප්‍රාප්තිය රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන වේ ද?
ස. පු: එසේ නො කියැයුතු යැ …
ප. පා: එකරුණින් ‘ප්‍රාප්තිය අසංස්කෘත’ වේ.
ප්‍රාප්ති කථා නිමි.
තථතා කථා
[රූපාදි හැම ධර්‍මයන්ගේ රූපාදිභාව සඞ්ඛ්‍යාත තථතාවක් ඇද්ද, එ ද සංස්කෘත රූපාදින්හි අපර්‍ය්‍යාපන්න බැවින් අසංස්කෘත යයි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගතුවන්ගේ වාද බිඳුනට ‘තථතාකථා’ එයි.]
1. ස. පු: හැම ධර්‍මයන්ගේ තථතා අසංස්කෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නිර්‍වාණය ත්‍රාණය ලෙණය සරණය පරායණය අච්‍යුතය අමෘතය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: හැම දහමුන්ගේ තථතා අසංස්කෘත වේ ද? නිර්‍වාණය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?