Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 1301-1400 න් 15036

289. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ’යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අෂ්ටාර්‍ය්‍යපුරුෂපුද්ගල සඞ්ඛ්‍යාත පුරුෂයුගයෝ සතර දෙනෙක් ඇත්තාහු නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: එ බැවින් අෂ්ටාර්‍ය්‍යපුරුෂපුද්ගල සඞ්ඛ්‍යාත පුරුෂයුගයෝ සතර දෙනෙක් ඇත.
අනු. පා: එහෙයින් භවත, ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ’යයි කියැයුතු මැ යැ.
290. ස. පු: ‘අෂ්ටාර්‍ය්‍යපුරුෂපුද්ගල සඞ්ඛ්‍යාත පුරුෂයුගයෝ සතර දෙනෙක් ඇති’යි කරුණු කොට එ කරුණින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘අෂ්ටාර්‍ය්‍යපුරුෂපුද්ගල සඞ්ඛ්‍යාත පුරුෂයුගයෝ සතර දෙන බුදුන් පහළ වීම් හේතුයෙන් පහළ වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පුද්ගල ද බුද්ධප්‍රාදුර්භාව හේතුයෙන් පහළ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
291. ස. පු: පුද්ගල බුදුන් පහළ වීම් හේතුයෙන් පහළ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භගවත් සම්බුද්ධයන්ගේ පරිනිර්‍වෘතියෙහි දී පුද්ගල උසුන් වේ ද? පුද්ගල නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
සඞ්ග්‍රහානුයෝග යි.
292. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පුද්ගල සඞ්ඛත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: පුද්ගල අසඞ්ඛත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: පුද්ගල නේවසඞ්ඛත නාසඞ්ඛත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
293. ස. පු: පුද්ගල නේවසඞ්ඛත නාසඞ්ඛත වේ ද?
ප. පටිඤ්ඤා: (දෙවන වට) එසේ යැ.
ස. අනු: සඞ්ඛතය හා අසඞ්ඛතය තබා එයින් අන්‍ය තුන් වන කෝටි (රාශි)යෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ... (තද්‍රෑපසත්‍යාර්‍ත්‍ථ නැතියෙනි.)
294. ස. පු: සඞ්ඛතය හා අසඞ්ඛතය තබා එයින් අන්‍ය තුන් වන රාශියෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: (දෙවන වට) එසේ යැ. (පුද්ගල සඳහා ප්‍රතිඥා යි.)
ස. අනු: භගවත්හු විසින් වදාරන ලද මැ නො: “මහණෙනි, මේ ධාතූහු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: සඞ්ඛතධාතු යැ අසඞ්ඛතධාතු යි. මහණෙනි, මේ ධාතූහු දෙදෙන යැ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: එ කරුණින් “සඞ්ඛතය හා අසඞ්ඛතය තබා එයින් අන්‍ය තුන් වන රාශියෙක් ඇති”යි නො කියැයුතු යැ.
295. ස. පු: පුද්ගල නේවසඞ්ඛත නාසඞ්ඛත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සඞ්ඛත අනෙකෙක් වේ ද? අසඞ්ඛත අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ... (සඞ්ඛත වූ පඤ්චස්කන්‍ධයෙන් අන්‍යථාත්‍වය නො ඉස්මින් කළ ප්‍රතික්‍ෂේප යි).
296. ස. පු: ස්කන්‍ධයෝ සඞ්ඛතයහ, නිර්‍වාණය අසඞ්ඛත යැ, පුද්ගල නේවසඞ්ඛත නාසඞ්ඛත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ස්කන්‍ධයෝ අන්‍යයහ, නිර්‍වාණය අන්‍ය යැ, පුද්ගල අන්‍ය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
297. ස. පු: රූපය සඞ්ඛත යැ, නිර්‍වාණය අසඞ්ඛත යැ, පුද්ගල නේවසඞ්ඛත නාසඞ්ඛත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූප අනෙකෙකැ, නිවන අනෙකෙකැ, පුඟුල් අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
298. ස. පු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන සඞ්ඛත යැ, නිවන අසඞ්ඛත යැ, පුද්ගල නේවසඞ්ඛත නාසඞ්ඛත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: විඥාන අනෙකෙකැ, නිර්‍වාණ අනෙකෙකැ, පුද්ගල අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
299. ස. පු: පුද්ගලයාගේ උත්පාදය පැනේ ද? ව්‍යය පැනේ ද? සිටියහුගේ අන්‍යථාත්‍වය පැනේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පුද්ගල සඞ්ඛත වේ ද?
ප. පටි: එසේ නො කියැ යුතු මැ යැ ...
ස. නිග: වදාළේ මැ නො? බුදුන් විසින්: “මහණෙනි, සඞ්ඛතයාගේ මේ සඞ්ඛත ලක්‍ෂණයෝ තුන් දෙනෙකි: මහණෙනි, සඞ්ඛත ධර්‍මයන්ගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියවුන්ගේ අන්‍යථාත්‍වය පැනේ යැ”යි මෙසේ පුද්ගලයාගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙයි. එ කරුණින් පුද්ගල සඞ්ඛත වෙයි.
300. ස. පු: පුද්ගලයාගේ උත්පාදය නො පැනේ ද? ව්‍යය නො පැනේ ද? සිටියහුගේ අන්‍යථාත්‍වය නො පැනේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ (දුඃඛමාත්‍ර වත් මුත් අනෙකක් නො වදාළ හෙයිනි.)
ස. අනු: පුද්ගල අසඞ්ඛත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. නිග: වදාළේ මැ නො? බුදුන් විසින්: “මහණෙනි, අසඞ්ඛතයාගේ අසඞ්ඛත ලක්‍ෂණයෝ තුන් දෙනෙකි: මහණෙනි, අසඞ්ඛත ධර්‍මයන්ගේ උත්පාදය නො පැනෙයි, ව්‍යය නො පැනෙයි, සිටියවුන්ගේ අන්‍යථාත්‍වය නො පැනේ යැ”යි පුද්ගලයාගේ උත්පාදය නො පැනෙයි, ව්‍යය නො පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය නො පැනෙයි. එ කරුණින් පුද්ගල අසඞ්ඛත වෙයි.
301. ස. පු: පරිනිර්‍වෘත පුද්ගල නිවනෙහි ඇත් ද? නොහොත් නිවනෙහි නැද්ද? ‘නිවනෙහි ඇත’ යන හේතුයෙන් පිරිනිවි පුද්ගල ශාශ්වත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: ‘නිවනෙහි නැත’ යන හේතුයෙන් පිරිනිවි පුද්ගල උච්ඡින්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
සත්‍යාර්‍ත්‍ථස්වභාවානුයෝග යි.
302. ස. පු: පුද්ගල කුමක් ඇසිරි කොට සිටුනේ වේ දැ? යි ඇසුව. ‘භවය ඇසිරි කොට සිටුනේ වේ යැ’යි කිව. භවය අනිත්‍ය වේ ද, සඞ්ඛත වේ ද, ප්‍රතීත්‍යසමුත්පන්න වේ ද, ක්‍ෂයස්වභාව වේ ද, ව්‍යයස්වභාව වේ ද, විරාගස්වභාව වේ ද, නිරෝධස්වභාව වේ ද, විපරිණාමස්වභාව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පුද්ගලත් අනිත්‍ය, සඞ්ඛත, ප්‍රතීත්‍යසමුත්පන්න, ක්‍ෂයස්වභාව, ව්‍යයස්වභාව, විරාගස්වභාව, නිරෝධස්වභාව, විපරිණාමස්වභාව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
303. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ යැ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ‘සුඛවේදනා විඳුනේ සුඛවේදනා විඳිමි’යි දන්නා කිසිවෙක් (වෙදනාපරිග්‍රහ කළ යෝගාවචරයෙක්) ඇත්තේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: එ බැවින් ‘සුඛවේදනාව විඳුනේ සුඛවේදනාව විඳිමි’යි දන්නා කිසිවෙක් ඇත.
අනු. පා: එහෙයින් භවත, ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ යැ’යි කියැයුතු මැ ය.
304. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ය’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: දුඃඛවේදනා විඳුනේ ... උපේක්‍ෂාවේදනා විඳුනේ ‘උපේක්‍ෂාවේදනා විඳිමි’යි දන්නා කිසිවෙක් ඇත්තේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: එබැවින් උපේක්‍ෂාවේදනා විඳුනේ ‘උපේක්‍ෂාවේදනා විඳිමි’යි දන්නා කිසිවෙක් ඇත.
අනු. පා: එහෙයින් භවත, ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ යැ’යි කියයුතු මැ යැ.
305. ස. පු: සුඛවේදනා විඳුනේ “සුඛවේදනා විඳුනෙමියි නුවණින් දන්නා කිසිවෙක් ඇති”යි කරුණු කොට එ කරුණින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සුඛවේදනා විඳුනේ ‘සුඛවේදනා විඳුනෙමි’යි නුවණින් දන්නා යමෙක් ඇද්ද, හෙ මැ පුද්ගල වේ ද? සුඛවේදනා විඳුනේ ‘සුඛවේදනා විඳුනෙමි’යි නුවණින් නො දන්නා යමෙක් ඇද්ද, හෙ පුද්ගල නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: දුඃඛවේදනා විඳුනේ ... උපේක්‍ෂාවේදනා විඳුනේ ‘උපේක්‍ෂාවේදනා විඳුනෙමි’යි නුවණින් දන්නා යමෙක් ඇද්ද, හෙ මැ පුද්ගල වේ ද? උපේක්‍ෂාවේදනා විඳුනේ ‘උපේක්‍ෂාවේදනා විඳුනෙමි’යි නුවණින් නො දන්නා යමෙක් ඇද්ද, හෙ පුද්ගල නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
306. ස. පු: සුඛවේදනා විඳුනේ සුඛවේදනා විඳුනෙමි’යි නුවණින් දන්නා කිසිවෙක් ඇති’යි කරුණු කොට එ කරුණින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සුඛවේදනා අනෙකක් වූ ද? සුඛවේදනා විඳුනේ ‘සුඛවේදනා විඳුනෙමි’යි නුවණින් දන්නේ අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: දුඃඛවේදනා අනෙකක් වූ ද ... උපේක්‍ෂාවේදනා අනෙකක් වූ ද? උපේක්‍ෂාවේදනා විඳුනේ උපේක්‍ෂාවේදනා විඳුනෙමි’යි නුවණින් දන්නේ අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
307. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ය’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: කයෙහි කය නුවණින් දක්නාසුලු වැ විහාර කරන කිසිවෙක් ඇත්තේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: එබැවින් කයෙහි කය නුවණින් දක්නා සුලු වැ විහරණ කරන කිසිවෙක් ඇත.
අනු. පා: එබැවින් භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ යැයි කියැයුතු මැ යැ.
308. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ යැ’යි නො කියැයුතු වේ ද?