ප. පටි: එසේ යැ.
ස. අනු: රක්ත වූයේ රාගය හැරපියා ද, දුෂ්ට වූයේ ද්වේෂය හැරපියා ද, මූඨ වූයේ මෝහය හැරපියා ද, ක්ලිෂ්ට වූයේ ක්ලේශ හැරපියා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රාගයෙන් රාගය හැරපියා ද, ද්වේෂයෙන් ද්වේෂය හැරපියා ද, මෝහයෙන් මෝහය හැරපියා ද, ක්ලේශයෙන් ක්ලේශ හැරපියා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: රාගය චිත්තසම්ප්‍රයුක්ත වේ ද, මාර්‍ගය චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්ර්‍පශයන් දෙදෙනකුන්ගේ … චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: රාගය අකුශල වේ ද, මාර්‍ගය කුශල වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කුශලාකුශල, සාවද්‍යානවද්‍ය, හීනප්‍රණීත, කෘෂ්ණශුක්ලසප්‍රතිභාග ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: කුශලාකුශල, සාවද්‍යානවද්‍ය. හීනප්‍රණීත, කෘෂ්ණශුක්ලසප්‍රතිභාග ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මේ සුවිදූරවිදූරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහස හා පොළොව හා මේ දෙක පළමු වන සුවිදූරවීදූර යැ … එහෙයින් සත්පුරුෂයන්ගේ ධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් ‘කුශලාකුශල … සම්මුඛීභාවයට එතී’ නො කියැයුතු යැ.
11. ප. පු: ‘අතීත කෙලෙසුන් හැරපියයි, අනාගත කෙලෙසුන් හැරපියයි, ප්‍රත්‍යුත්පන්න කෙලෙසුන් හැරපියයි’ යනු නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ
ප. අනු: ක්ලේශ ජහන නැත් ද?
ස. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
ප. පා: එකරුණින් “අතීත කෙලෙසුන් හැරපියයි, අනාගත කෙලෙසුන් හැරපියයි, ප්‍රත්‍යුත්පන්න කෙලෙසුන් හැරපියයි”.
කිලේස ජනන කථා නිමි.
19. 2.
සුඤ්ඤතා කථා
[ශුන්‍යතාව ‘ස්කන්‍ධයන්ගේ අනාත්මලක්‍ෂණ යැ, නිර්‍වාණ යැ’ යි ද්විවිධයි. ඔවුනතුරෙහි අනාත්මලක්‍ෂණය එක් අයුරෙකින් සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙයි. නිර්‍වාණය අපර්‍ය්‍යාපන්න මැ වෙයි. මේ වෙනස නො ගෙන ‘ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙති’ යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සුඤ්ඤතාකථා’ එයි.]
1. ස. පු: ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනිමිත්තය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අප්‍රණිහිතය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ‘අනිමිත්තය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙතී’ යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙතී’ යි නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ‘අප්‍රණිහිතය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙතී’ යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙතී’ යි නො කියැයුතු වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: ‘ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සංස්කාරස්කන්‍ධය අනිත්‍ය නො වන්නේ වේ ද, සංස්කෘත නො වන්නේ වේ ද, ප්‍රතීත්‍යසමුත්පන්න නො වන්නේ වේ ද, ක්‍ෂයස්වභාව නො වන්නේ වේ ද, ව්‍යයස්වභාව නො වන්නේ වේ ද, නිරෝධ ස්වභාව නො වන්නේ නො වේ ද, විපරිණාම ස්වභාව නො වන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සංස්කාරස්කන්‍ධය අනිත්‍ය සංස්කෘත ප්‍රතීත්‍ය සමුත්පන්න ක්‍ෂයස්වභාව ව්‍යයස්වභාව විරාග ස්වභාව නිරෝධස්වභාව විපරිණාමස්වභාව ඇත්තේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින්, සංස්කාරස්කන්‍ධය අනිත්‍ය … විපරිණාම ස්වභාව ඇති වී නම්,
අනු. පා: භවත, ‘ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ’ යයි නො කියැයුතු මැ යැ.
6. ස. පු: රූපස්කන්‍ධයාගේ ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධ - පර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සංස්කාරස්කන්‍ධයාගේ ශුන්‍යතාව රූපස්කන්‍ධ - පර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: වේදනා … සංඥා … විඥානස්කන්‍ධයාගේ ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සංස්කාරස්කන්‍ධයාගේ ශුන්‍යතාව විඥානස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: සංස්කාරස්කන්‍ධයාගේ ශුන්‍යතාව රූපස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපස්කන්‍ධයාගේ ශුන්‍යතාව ‘සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ’ යයි නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: සංස්කාරස්කන්‍ධයාගේ ශුන්‍යතාව වේදනා … සංඥා … විඥානස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘විඥානස්කන්‍ධයාගේ ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ප. පු: ‘ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙයි’ යනු නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, යම් සංස්කාර කෙනෙක් ඇද්ද, ආත්ම හෙයින් වේවයි ආත්මීය සෙයින් වේවයි මේ ශුන්‍ය වෙතී” වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පු: එසේ යැ.
ප. පා: එකරුණින් ‘ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙයි’.
සුඤ්ඤතා කථා නිමි.
19. 3.
සාමඤ්ඤඵල කථා
[මාර්‍ගවීථියෙහිදු ඵලසමාපත්තිවීථියෙහිදු ආර්‍ය්‍යමාර්‍ගයාගේ විපාක චිත්තය ශ්‍රාමණ්‍යඵල නමැයි ස්වසමයෙහි සනිටුහන් වෙයි. එසේ නො ගෙන ක්ලේශප්‍රහාණයත් ඵලෝත්පත්තියත් ශ්‍රාමණ්‍ය ඵල වෙති’ යි ද එහෙයින් අසංස්කාර වෙති’ ද පූර්‍වශෛලීයනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සාමඤ්ඤඵල කථා’ එයි.]
1. ස. පු: ශ්‍රාමණ්‍යඵල අසංස්කෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නිර්‍වාණය ත්‍රාණ ලෙණ සරණ පරායණ අච්‍යුත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: (තොප මතයෙහි) ශ්‍රාමණ්‍යඵල අසංස්කෘත වෙයි. නිර්‍වාණය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් වෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් ඇද්ද … අන්තරිකාවෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ශ්‍රාමණ්‍යඵල අසංස්කෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රාමණ්‍යය සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: ශ්‍රාමණ්‍යය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රාමණ්‍යඵල අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: ශ්‍රෝතාපත්තිඵලය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රෝතාපත්තිමාර්‍ගය අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...