18. 7.
ඣානන්තරික කථා
[අවිතර්‍ක විචාරමාත්‍ර සමාධියට අවකාශ නො දැන “ප්‍රථමධ්‍යානයටත් ද්විතීයධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානානත්තරිකාවක් ඇතැ” යි සම්මිතිය හා සමහර අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඣානන්තරික කථා’ එයි.]
1. ස. පු: ධ්‍යානාන්තරික (ධ්‍යානයට අතුරෙහි වූ) සමාධියෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්‍ශාන්තරික ඇද්ද … සංඥාන්තරිකා ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ධ්‍යානාන්තරික සමාධියෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද්වීතීයධ්‍යානයටත් තෘතීයධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ධ්‍යානාන්තරික සමාධියෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තෘතීයධ්‍යානයටත් චතුර්‍ත්‍ථධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ද්වීතීයධ්‍යානයටත් තෘතීයධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියෙක් නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ද්වීතීයධ්‍යානයටත් තෘතීයධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියක් නැත් නම්,
ස. පා: භවත, ධ්‍යානාන්තරික සමාධියෙක් ඇතැ’යි නො කියැයුතු මැ යැ.
5. ස. පු: තෘතීයධ්‍යානයටත් චතුර්‍ත්‍ථධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියෙක් නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් තෘතීයධ්‍යානයටත් චතුර්‍ත්‍ථධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියක් නැත් නම්,
ස. පා: භවත, ‘ධ්‍යානාන්තරික සමාධියෙක් ඇතැ’යි නො කියැයුතු මැ යැ.
6. ස. පු: ප්‍රථමධ්‍යානයටත් ද්වීතීයධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද්වීතීයධ්‍යානයටත් තෘතීයධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: ප්‍රථමධ්‍යානයටත් ද්වීතීයධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තෘතීයධ්‍යානයටත් චතුර්‍ත්‍ථධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: ද්වීතීයධ්‍යානයටත් තෘතීයධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියෙක් නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රථමධ්‍යානයටත් ද්විතීයධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: තෘතීයධ්‍යානයටත් චතුර්‍ත්‍ථධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියෙක් නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රථමධ්‍යානයටත් ද්විතීයධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය ධ්‍යානාන්තරික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සවිතර්‍ක සවිචාරසමාධිය ධ්‍යානාන්තරික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය ධ්‍යානාන්තරික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අවිතර්‍ක අවිචාර සමාධිය ධ්‍යානාන්තරික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: සවිතර්‍ක සවිචාර සමාධිය ධ්‍යානාන්තරික නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය ධ්‍යානාන්තරික නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
13. ස. පු: අවිතර්‍ක අවිචාර සමාධිය ධ්‍යානාන්තරික නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය ධ්‍යානාන්තරික නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
14. ස. පු: ප්‍රත්‍යුත්පන්න ධ්‍යාන දෙකක්හුගේ අතුරෙහි අවිතර්‍ක විචාරමාත්‍ර සමාධියෙක් වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය පවත්නා කල්හි ප්‍රථමධ්‍යානය නිරුද්ධ වූයේ ද්විතීයධ්‍යානය ප්‍රත්‍යුත්පන්න වූයේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය පවත්නා කල්හි ප්‍රථමධ්‍යානය නිරුද්ධ වූයේ ද්විතීයධ්‍යානය ප්‍රත්‍යුත්පන්න වූයේ නම්,
ස. පා: භවත, ප්‍රත්‍යුත්පන්න ධ්‍යාන දෙකක්හුගේ අතුරෙහි අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය ධ්‍යානාන්තරික වෙතී’ නො කියැයුතු මැ යැ.
15. ස. පු: අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය ධ්‍යානාන්තරික නො වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය ප්‍රථමධ්‍යාන … ද්විතීයධ්‍යාන … තෘතීයධ්‍යාන … චතුර්‍ත්‍ථධ්‍යාන වේ ද,
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. අනු: එකරුණින් “අවිතර්‍කවිචාරමාත්‍රසමාධිය ධ්‍යානාන්තරික” වෙයි.
16. ස. පු: අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය ධ්‍යානාන්තරික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් තුන් සමාධි කෙනෙක් වදාරන ලදහු මැ නු: “සවිතර්‍ක සවිචාරසමාධි යැ අවිතර්‍ක විචාරමාත්‍ර සමාධි යැ අවිතර්‍ක අවිචාරමාත්‍රසමාධි යැ” යි
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් “සවිතර්‍ක ... [විචාරමාත්‍ර …]: අවිචාරසමාධි යැ” යි තුන් සමාධි කෙනෙක් වදාරන ලද්දාහු වී නම්,
ස. පා: භවත, “අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය ධ්‍යානාන්තරික වෙතී” නො කියැයුතු මැ යැ.
ධ්‍යානාන්තරික කථා නිමි.
18. 8.
සමාපන්නෝ සද්දං සුණාතීති කථා
[”ප්‍රථමධ්‍යානය ශබ්දකණ්ටක යැයි භාග්‍යවතුන් විසින් වදාරන ලද වෙයි. ඉදින් සමවත් සමවන්නේ ශබ්ද නො අසා නම කිසෙයින් ශබ්දකණ්ටක (ශබ්ද බාධක) වන්නේ ද? එහෙයින් සමවත් සමවන්නේ ශබ්ද අසන්නේ වේ” යයි පූර්‍වශෛලීයයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සමාපන්නෝ සද්දං සුණාතීති කථා’ එයි.]
1. ස. පු: සමවත් සමවන්නේ ශබ්ද අසන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සමවත් සමවන්නේ ඇසින් රූ දක්නේ වේ ද? … කනින් … නැහැයෙන් … දිවින් … කයින් පැහැසි පහස්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: සමවත් සමවන්නේ ශබ්දශ්‍රවණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රෝතවිඥානසමන්‍වාගත වූයේ සමාපන්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සමාධි මනෝවිඥානසමඞ්ගීහට නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් මනෝවිඥාන සමඞ්ගීපුද්ගලහට සමාධි වී නම්,
ස. පා: භවත, ‘සමවත් සමවන්නහු ශබ්දශ්‍රවණ කෙරෙතී’ නො කියැයුතු මැ යැ.
3. ස. පු: මනෝවිඥානසමඞ්ගී පුද්ගලහට සමාධි වෙයි, ශ්‍රෝතවිඥානසමඞ්ගී පුද්ගල ශබ්දශ්‍රවණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් මනෝවිඥාන සමඞ්ගීපුද්ගලහට සමාධි වී නම්, ශ්‍රෝතවිඥානසමඞ්ගී පුද්ගල ශබ්දශ්‍රවණ කරන්නේ වී නම්,
ස. පා: භවත, ‘සමවත් සමවන්නහු ශබ්දශ්‍රවණ කෙරෙතී’ නො කියැයුතු මැ යැ.
4. ස. පු: මනෝවිඥානසමඞ්ගී පුද්ගලහට සමාධි වෙයි, ශ්‍රෝතවිඥානසමඞ්ගී පුද්ගල ශබ්දශ්‍රවණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්ර්‍පෂයන් දෙදෙනකුන්ගේ … චිත්තයන් දෙදෙනකුන්ගේ ... සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: ‘සමවන් පුඟුල් ශබ්දශ්‍රවණ කෙරෙතී’ නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ‘ප්‍රථමධ්‍යානය ශබ්දකණ්ටක යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.