Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 13501-13600 න් 15036

7. ස. පු: ‘භාග්‍යවතුන් වහන්සේ එක් ආර්‍ය්‍යමාර්‍ගයෙකින් සතර ශ්‍රාමණ්‍යඵලයන් ප්‍රත්‍යක්‍ෂ කරන්නාහු වෙත් ද, ශ්‍රාවකයෝ සතරමාර්‍ගයෙන් සතර ශ්‍රාමණ්‍යඵලයන් ප්‍රත්‍යක්‍ෂ කරන්නාහු වෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රාවකයෝ භාග්‍යවත් බුදුන් නො දක්නාලද්ද දක්නාහු වෙත් ද, අනධිගතය අධිගම කරන්නාහු වෙත් ද, අසාක්‍ෂාත්කෘතය සාක්‍ෂාත් කරන්නාහු වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ඒකමග්ග කථා නිමි.
ඣානසඞ්කන්ති කථා
[“ඉධ භික්ඛවේ භික්ඛු විවිච්චෙව කාමෙහි පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, විතක්ක විචාරානං වූපසමා දුතියං ඣානං … තතියං ඣානං … චතුත්‍ථං ඣානං උපසම්පජ්ජ විහරති” යන මේ පිළිවෙළ දේශනා නිසා ඒ ඒ ධ්‍යානයාගේ උපචාරප්‍රාප්ති රහිත වැ මැ ධ්‍යානයෙන් ධ්‍යානයට පැන යති” යි මහීශාසකයන් හා සමහර අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඣානසඞ්කන්තිකථා’ එයි.]
1. ස. පු: ධ්‍යානයෙන් ධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රථමධ්‍යානයෙන් තෘතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ධ්‍යානයෙන් ධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද,
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද්වීතීයධ්‍යානයෙන් චතුර්‍ත්‍ථධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ප්‍රථමධ්‍යානයෙන් ද්විතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රථමධ්‍යානය උපදනා පිණිස යම් ආවර්‍තනයෙක් … ප්‍රණිධියෙක් ඇද්ද, එ මැ ද්විතීයධ්‍යානය උපදනා පිණිස ආවර්‍තනා ... ප්‍රණිධි වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ප්‍රථමධ්‍යානයෙන් ද්විතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද? ප්‍රථමධ්‍යානය උපදනා පිණිස යම් ආවර්‍තනයෙක් … ප්‍රණිධියෙක් ඇද්ද, එ මැ ද්විතීයධ්‍යානය උපදනා පිණිස ආවර්‍තනා ... ප්‍රණිධි වෙති” යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද්විතීයධ්‍යානය ආවර්‍තනා නො කරන්නාහට උපදනේ වේ ද, ... ප්‍රණිධි නො කරන්නාහට උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ද්විතීයධ්‍යානය ආවර්‍තනා කරන්නාහට උපදනේ නො ... ප්‍රණිධි කරන්නාහට උපදනේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ද්විතීය ධ්‍යානය ආවර්‍තනා කරන්නාහට උපදනේ වේ නම් ... ප්‍රණිධි කරන්නාහට උපදනේ වේ නම්,
ස. පා: භවත, “ප්‍රථමධ්‍යානයෙන් ද්විතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කෙරෙතී” නො කියැයුතු මැ යැ.
5. ස. පු: ප්‍රථමධ්‍යානයෙන් ද්විතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රථමධ්‍යානය කාමයන් ආදීනව විසින් මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද්විතීයධ්‍යානය කාමයන් ආදීනව විසින් මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: ප්‍රථමධ්‍යානය සවිතර්‍ක සවිචාර වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පු: ද්විතීයධ්‍යානය සවිතර්‍කසවිචාර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ප්‍රථමධ්‍යානයෙන් ද්විතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ ප්‍රථමධ්‍යානයෙන් මැ ඒ ද්විතීයධ්‍යාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: ද්විතීයධ්‍යානයෙන් තතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද්විතීයධ්‍යානය උපදනා පිණිස යම් ආවර්‍තනයෙක් ප්‍රණිධියෙක් ඇද්ද, එ මැ තෘතීයධ්‍යානය උපදනා පිණිස ආවර්‍තනා … ප්‍රණිධි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: ද්විතීයධ්‍යානයෙන් තෘතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද, ද්විතීයධ්‍යානය උපදනා පිණිස යම් ආවර්‍තනායෙක් … ප්‍රණිධියෙක් ඇත් නම්, එ මැ තෘතීයධ්‍යානය උපදනා පිණිස ආවර්‍තනා … ප්‍රණිධි වේ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තෘතීයධ්‍යානය ආවර්‍තනා නො කරන්නාහට උපදනේ වේ ද … ප්‍රණිධි නො කරන්නාහට උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: තෘතීයධ්‍යානය ආවර්‍තනා කරන්නාහට උපදනේ නො … ප්‍රණිධි කරන්නාහට උපදනේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් තෘතීයධ්‍යානය ආවර්‍තනා කරන්නාහට උපදනේ වේ නම්, ... ප්‍රණිධි කරන්නාහට උපදනේ වේ නම්,
ස. පා: භවත, ද්විතීයධ්‍යානයෙන් තෘතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ යයි නො කියැයුතු මැ යැ.
9. ස. පු: ද්විතීයධ්‍යානයෙන් තෘතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද්විතීයධ්‍යානය විතර්‍කවිචාරයන් ආදීනව විසින් මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද්විතීයධ්‍යානය විතර්‍කවිචාරයන් ආදීනව විසින් මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: ද්විතීයධ්‍යාන සප්‍රීතික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තෘතීයධ්‍යාන සප්‍රීතික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: ද්විතීයධ්‍යානයෙන් තෘතීයධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ ද්විතීයධ්‍යාන මැ තෘතීයධ්‍යාන වේ ද,
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
12. ස. පු: තෘතීයධ්‍යානයෙන් චතුර්‍ත්‍ථධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තෘතීයධ්‍යානය උපදනා පිණිස යම් ආවර්‍තනයෙක් … ප්‍රණිධියෙක් ඇද්ද, එ මැ චතුර්‍ත්‍ථධ්‍යානය උපදනා පිණිස ආවර්‍තනා … ප්‍රණිධි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
13. ස. පු: තෘතීයධ්‍යානයෙන් චතුර්‍ත්‍ථධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද, ‘තෘතීයධ්‍යානය උපදනා පිණිස යම් ආවර්‍තනායෙක් … ප්‍රණිධියෙක් ඇද්ද, එ මැ චතුර්‍ත්‍ථධ්‍යානය උපදනා පිණිස ආවර්‍තනා … ප්‍රණිධි වෙතී’ යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චතුර්‍ත්‍ථධ්‍යානය ආවර්‍තනා නො කරන්නාහට උපදනේ වේ ද … ප්‍රණිධි නො කරන්නාහට උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: චතුර්‍ත්‍ථධ්‍යානය ආවර්‍තනා කරන්නාහට උපදනේ නො … ප්‍රණිධි කරන්නාහට උපදනේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් චතුර්‍ත්‍ථධ්‍යානය ආවර්‍තනා කරන්නාහට උපදනේ වේ නම් ... ප්‍රණිධි කරන්නාහට උපදනේ වේ නම්,
ස. පා: භවත, ‘තෘතීයධ්‍යානයෙන් චතුර්‍ත්‍ථධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ’ යයි නො කියැයුතු මැ යැ.
14. ස. පු: තෘතීයධ්‍යානයෙන් චතුර්‍ත්‍ථධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තෘතීයධ්‍යානය ප්‍රීතිය ආදීනව විසින් මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චතුර්‍ත්‍ථධ්‍යානය ප්‍රීතිය ආදීනව විසින් මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ස. පු: තෘතීයධ්‍යානය සුඛසහගත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චතුර්‍ත්‍ථධ්‍යානය සුඛසහගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
16. ස. පු: තෘතීයධ්‍යානයෙන් චතුර්‍ත්‍ථධ්‍යානයට සඞ්ක්‍රමණ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ තෘතීයධ්‍යාන මැ ඒ චතුර්‍ත්‍ථධ්‍යාන වේ ද,
ප. පටි: එසේ නො කියැයුතු යැ …
17. ප. පු: ‘ධ්‍යානයෙන් ධ්‍යානයට සඞ්ක්‍රමණ වේ’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මේ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ (ප්‍රථමධ්‍යානය) … චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාසය කෙරෙයි” වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. පා: එකරුණින් ‘ධ්‍යානයෙන් ධ්‍යානයට සඞ්ක්‍රමණ කෙරෙයි.
ධ්‍යානසඞ්ක්‍රාන්ති කථා නිමි.