ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවත් බුදුන්ට ‘මෛත්‍රී’ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවත් බුදුන්ට ‘මෘදුතා …උපේක්‍ෂා’ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: භාග්‍යවත් බුදුන්ට ‘මෛත්‍රී’ ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: භාග්‍යවත් බුදුන්ට ‘මෘදුතා … උපේක්‍ෂා’ ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවත්හු අකාරුණික වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: භාග්‍යවත්හු කාරුණික වූවාහු ලොවට හිත වූවාහු ලොවට අනුකම්පා ඇත්තාහු ලොවට වැඩ කරන්නාහු නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්‍යවත්හු කාරුණික වූවාහු ලොවට හිත වූවාහු ලොවට අනුකම්පා ඇත්තාහු ලොවට වැඩ කරන්නාහු නම්,
ස. පා: භවත, ‘භාග්‍යවත් බුදුන්ට කරුණා නැතැ’යි නො කියැයුතු මැ යැ.
6. ස. පු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවත්හු මහකුලුණු සමවත් සමවන්හු නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්‍යවත්හු මහකුලුණු සමවත් සමවන්හු නම්,
ස. පා: භවත, භාග්‍යවත් බුදුන්ට කරුණා නැතැ’යි නො කියැයුතු මැ යැ.
7. ප. පු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ ඇද්ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: බුදුහු සරාග වෙත් ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. පා: එකරුණින් ‘භාග්‍යවත් බුදුන්ට කරුණා නැති’.
කරුණා කථා නිමි.
18. 4.
ගන්‍ධජාත කථා
[භාග්‍යවත් බුදුන් කෙරෙහි නුනුවණින් ගත් ප්‍රේම වශයෙන් භාග්‍යවතුන්ගේ මලමූ අන්‍ය ගන්‍ධජාතයනට වඩා සුගන්‍ධතර යයි අන්‍ධක උත්තරාපථකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ගන්‍ධජාතකථා’ එයි.]
1. ස. පු: භාග්‍යවත් බුදුන්ගේ මලමූ අතිශයින් අන්‍ය ගන්‍ධජාතයන් මැඩගෙන සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ සුවඳදැය මැ වළඳනසේක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ බත් කොමු වළඳනසේක් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ බත් කොමු වළඳන සේක් නම්,
ස. පා: භවත, ‘භාග්‍යවත් බුදුන්ගේ මලමූ අතිශයින් අන්‍ය ගන්‍ධජාතයන් මැඩගෙන සිටුනේ වේ’ යයි නො කියැයුතු මැ යැ.
2. ස. පු: භාග්‍යවත් බුදුන්ගේ මලමූ අතිශයින් අන්‍ය ගන්‍ධජාතයන් මැඩගෙන සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවත් බුදුන්ගේ මලමූ ස්නානය කරන, විලෙවුන් කොට ගන්නා, උච්ඡාදන කරන, මඤ්ජූසායෙහි ගෝපනය කරන, කරඬුයෙහි බහාලන, අවන්හල්හි සුවඳ දෑ සේ එළවා තබන කිසි කෙනෙක් ඇද්ද? ඒ ගඳිනුදු ගඳකරණී කෙරෙත් ද? නො කියැයුතු මැ යැ
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ගන්‍ධජාත කථා නිමි.
18. 5.
ඒකමග්ග කථා
[“බුදුරදහු සෝවන් වැ සෙදගැමි මඟත් සෙදගැමි වැ අනගැමි මඟත් අනගැමි වැ රහත්මඟත් පසක් කළහ. එක් මැ රහත්මඟින් සතර ඵලයන් පසක් කළහ” යි බුදුන් කෙරෙහි නුනුවණින් කළ ප්‍රේම වශයෙන් අන්‍ධක උත්තරාපථක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඒකමග්ගකථා’ එයි.]
1. ස. පු: එක් ආර්‍ය්‍යමාර්‍ගයෙන් සතර ශ්‍රාමණ්‍යඵලයන් පසක් කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්ර්‍පශයන් සතර දෙනකුන්ගේ සංඥාවන් සතර දෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: එක් අරිමඟින් සතර ශ්‍රාමණ්‍යඵලයන් පසක් කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සෝවන් මඟින් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සෙදගැමි … අනගැමිමඟින් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: කවර මඟෙකින් (පසක් කරන්නේ) වේ ද?
ප. වි: රහත්මඟිනි.
ස. අනු: රහත්මඟින් සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්‍රතපරාමර්‍ශ දුරු කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: රහත්මඟින් සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්‍රතපරාමර්‍ශ දුරු කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘තුන් සංයෝජනයන්ගේ ප්‍රහාණය සෝවත්ඵල යැ’යි භාග්‍යවතුන් විසින් වදාරනලද නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ‘තුන් සංයෝජනයන්ගේ ප්‍රහාණය සෝවත්ඵල වෙතී’ භාග්‍යවතුන් විසින් වදාරනලද වී නම්,
ස. පා: භවත, ‘රහත්මඟින් සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්‍රතපරාමර්‍ශය දුරු කෙරෙතී’ නො කියැයුතු මැ යැ.
4. ස. පු: රහත්මඟින් ඔෳදාරික කාමරාග ඔෳදාරික ව්‍යාපාද හැරපියන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. පු: රහත්මඟින් ඔෳදාරික කාමරාග ඔෳදාරික ව්‍යාපාද හැරපියා ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘කාමරාගව්‍යාපාදයන්ගේ තුනු බව සෙදගැමිඵල යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් කාමරාගව්‍යාපාදයන්ගේ තනුභාවය සෙදගැමිඵලය’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද වී නම්,
ස. පා: භවත, “රහත්මගින් ඔෳදාරික කාමරාග ඔෳදාරික ව්‍යාපාද හැරපියතී” යි නො කියැයුතු මැ යැ.
5. ස. පු: රහත්මඟින් අණුසහගත කාමරාගය අණුසහගත ව්‍යාපාදය හැරපියන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: රහත්මඟින් අණුසහගත කාමරාගය අණුසහගත ව්‍යාපාදය හැරපියන්නේ වේ ද?
ප. පටි: එසේ යැ.
ස. අනු: ‘කාමරාගව්‍යාපාදයන්ගේ නිරවශේෂප්‍රහාණය අනගැමිඵල යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ‘කාමරාගව්‍යාපාදයන්ගේ නිරවශේෂ ප්‍රහාණය අනගැමිඵල යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරනලද වී නම්,
ස. පා: භවත, “රහත්මඟින් අණුසහගත කාමරාගය අණුසහගත ව්‍යාපාදය හැරපියතී” නො කියැයුතු මැ යැ.
6. ප. පු: ‘එක් ආර්‍ය්‍යමාර්‍ගයෙකින් සතර ශ්‍රාමණ්‍යඵලයන් ප්‍රත්‍යක්‍ෂ කෙරෙතී’ නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් සෝවත් මග භාවිත වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවත්හු ශ්‍රෝතාපන්න වෙත් ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් සෙදගැමිමග ... අනගැමිමග භාවිත වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවත්හු අනගැමි වෙත් ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …