Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 12901-13000 න් 15036

ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සමාපත්තෙසිය නො වූ උපපත්තෙසිය නො වූ සිත දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා සමග ... ඒකවස්තුක ඒකාලම්බන වෙයි නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සමාපත්තෙසිය නො වූ උපපත්තෙසිය නො වූ දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා සමග ... ඒකවස්තුක ඒකාලම්බන වේ නම්,
ස. පා: භවත, “රූපරාගය රූපධාතුපර්‍ය්‍යාපන්න වෙතී” නො කියැයුතු මැ යැ.
2. ස. පු: රූපරාගය රූපධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශබ්දරාගය ශබ්දධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: රූපරාගය රූපධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ගන්‍ධරාගය ... රසරාගය ... ස්ප්‍රෂ්ටව්‍යරාගය ස්ප්‍රෂ්ටව්‍යධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ශබ්දරාගය ‘ශබ්දධාතුපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද,
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘රූපරාගය රූපධාතුපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: ගන්‍ධරාගය ... රසරාගය ... ‘ස්ප්‍රෂ්ටව්‍යරාගය ස්ප්‍රෂ්ටව්‍යධාතු පර්‍ය්‍යාපන්න වෙති’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘රූපරාගය රූපධාතුපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: අරූපරාගය අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘අරූපරාගය අරූපධාතුපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: අරූපරාගය අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සමාපත්තෙසිය උපපත්තෙසිය දිට්ඨධම්මසුඛවිහාර සිත සමාපත්තෙසිය සිත හා සමග උපපත්තෙසිය සිත හා සමග දිට්ඨධම්මසුඛවිහාර සිත හා සමග සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සමාපත්තෙසිය නො වූ උපපත්තෙසිය නො වූ දිට්ඨධම්ම සුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා සමග ... ඒකවස්තුක ඒකාලම්බන වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සමාපත්තෙසිය නො වූ උපපත්තෙසිය නො වූ දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා සමග උපපත්තෙසිය නො වූ සිත හා සමග දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත හා සමග සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වේ නම්,
ස. පා: භවත, ‘අරූපරාගය අරූපධාතුපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු මැ යැ.
8. ස. පු: අරූපරාගය අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශබ්දරාගය ශබ්දධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: අරූපරාගය අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ගන්‍ධරාගය ... රසරාගය ... ස්ප්‍රෂ්ටව්‍යරාගය ස්ප්‍රෂ්ටව්‍යධාතු පර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: “ශබ්දරාගය ශබ්දධාතුපර්‍ය්‍යාපන්න වෙතී” නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අරූපරාගය ‘අරූපධාතුපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: ‘ගන්‍ධරාගය ... රසරාගය ... ස්ප්‍රෂ්ටව්‍යරාගය ස්ප්‍රෂ්ටව්‍යධාතු පර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘අරූපරාගය අරූපධාතුපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
12. ප. පු: ‘රූපරාගය රූපධාතුපර්‍ය්‍යාපන්න යැ, අරූපරාගය අරූපධාතු පර්‍ය්‍යාපන්න යැ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: කාමරාගය කාමධාතු පර්‍ය්‍යාපන්න නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් කාමරාගය කාමධාතුපර්‍ය්‍යාපන්න වී නම්,
ප. පා: භවත, එකරුණින් ‘රූපරාගය රූපධාතුපර්‍ය්‍යාපන්න යැ, අරූපරාගය අරූපධාතුපර්‍ය්‍යාපන්න යැ’යි කියැයුතු මැ යැ.
රූපරාගෝ රූපධාතුපරියාපන්නෝ අරූපරාගෝ අරූපධාතුපරියාපන්නෝති කථා නිමි.
සොළොස්වන වග නිමි.
එහි උද්දානය:
චිත්තනිග්ගහකථා යැ චිත්තපග්ගහ කථා යැ සුඛානුප්පාදානකථා යැ අධිගය්හමනසිකාර කථා යැ රූපංහෙතූති කථා යැ රූපං සහෙතුකන්ති කථා යැ රූපං කුසලාකුසලන්ති කථා යැ
රූපං විපාකොති කථා යැ රූපං රූපාවචර අරූපාවචරන්ති කථා යැ රූපරාගෝ රූපධාතුපරියාපන්නෝ අරූපරාගෝ අරූපධාතුපරියාපන්නෝති කථා යි.
සත්තරසමෝ වග්ගො
අත්‍ථි අරහතො පුඤඤූපචයොති කථා
[රහතුන්ගේ දානසංවිභාග චේතියවන්‍දනාදි කර්‍ම දැක ‘රහත්හට පුණ්‍යෝපචය ඇතැ’ යි වරදවා ගෙන අන්‍ධකනිකාය වාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අත්‍ථි අරහතො පුඤඤුපචයොති කථා’ එයි.]
1. ස. පු: රහත්හට පුණ්‍යෝපචය (කුසල් රැස්විමෙක්) ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට අපුණ්‍යෝපචය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: රහත්හට අපුණ්‍යෝපචය නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට පුණ්‍යෝපචය නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: රහත්හට පුණ්‍යෝපචය ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රහතුන් වහන්සේ පුණ්‍යාභිසංස්කාර කෙරෙත් ද? ආනෙඤ‍්ඡාභිසංස්කාර කෙරෙත් ද, ගතිසංවර්‍තතනික කර්‍ම කෙරෙත් ද, භවසංවර්‍තතනික කර්‍ම කෙරෙත් ද, ඓශ‍්චර්‍ය්‍යසංවර්‍තතනික කර්‍ම කෙරෙත් ද, ආධිපත්‍යසංවර්‍තතනික කර්‍ම කෙරෙත් ද, මහාභෝගසංවර්‍තතනික කර්‍ම කෙරෙත් ද, මහාපරිවාරසංවර්‍තතනික කර්‍ම කෙරෙත් ද, දිව්‍යසෞභාග්‍යසංවර්‍තතනික කර්‍ම කෙරෙත් ද, මනුස්‍යසෞභාග්‍යසංවර්‍තතනික කර්‍ම කෙරෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: රහත්හට පුණ්‍යෝපචය ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රහත් ආචින්න (රැස් කිරීම්) කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ
ස. අනු: රහත් අපචින්න (රැස් නො කිරීම්) කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රහත් ප්‍රහාණ කෙරේ ද? ... රහත් උපාදාන කෙරේ ද? ... රහත් (මාන විසින්) අවකර්‍ෂ කෙරේ ද? ... රහත් උත්කර්‍ෂ කෙරේ ද? ... රහත් (ක්ලේශාග්නිය) නිවන්නේ වේ ද? ... රහත් (ක්ලේශාග්නිය) දල්වන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රහත් ආචින්න නො කරනුයේ අපචින්න නො කරනුයේ අපචින්න කොට සිටියේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් රහත් ආචින්න නො කරනුයේ අපචින්න නො කරනුයේ අපචින්න කොට සිටියේ වී නම්,
ස. පා: භවත, ‘රහත්හට පුණ්‍යෝපචය ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
ස. අනු: රහත් ප්‍රහාණ නො කරනුයේ, උපාදාන නො කරනුයේ, ප්‍රහාණ කොට සිටියේ, අවකර්‍ෂ නො කරනුයේ, උත්කර්‍ෂ නො කරනුයේ, අවකර්‍ෂ (මානප්‍රහාණ) කොට සිටියේ, (ක්ලේශාග්නි) නො නිවනුයේ නො දල්වනුයේ, නිවා සිටියේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් රහත් (ක්ලේශාග්නි) නො නිවා නම්, නො දල්වා නම්, නිවා සිටියේ වී නම්,
ස. පා: භවත, ‘රහත්හට පුණ්‍යෝපචය ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
8. ප. පු: රහත්හට පුණ්‍යෝපචය නැද්ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: රහත් දන් දෙන්නේ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් රහත් දන් දෙන්නේ වී නම්,
ප. පා: භවත, ‘රහත්හට පුණ්‍යෝපචය නැතැ’ යි නො කියැයුතු මැ යැ.
ප. අනු: රහත් සිවුරු දෙන්නේ වේ ද? පිඬුවා දෙන්නේ වේ ද? සෙනසුන් දෙන්නේ වේ ද? ... ගිලන්පස බෙහෙත් පිරිකර දෙන්නේ වේ ද? ... ඛාද්‍ය දෙන්නේ වේ ද? ... භෝජ්‍ය දෙන්නේ වේ ද? ... පැන් දෙනුයේ වේ ද? ... සෑ වඳනේ වේ ද? ... සෑයෙහි මල් නඟනුයේ වේ ද? ... සුවඳ නඟනුයේ වේ ද? ... විලෙවුන් නඟනුයේ වේ ද? ... සෑ පැදකුණු කරනුයේ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.