ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපය කුශල සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: රූපය කුශල අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අලෝභය කුශල අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: රූපය කුශල අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අද්වේෂය කුශල ... ප්‍රඥාව කුශල අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: රූපය අකුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාලම්බන නො, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අනාලම්බන වී නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,
ස. පා: භවත, ‘රූපය අකුශල වෙති’ නො කියැයුතු මැ යැ.
7. ස. පු: ලෝභය අකුශල සාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි, ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: රූපය අකුශල සාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: ද්වේෂය අකුශලය ... මෝහය ... මානය ... අනපත්‍රපාව අකුශල, සාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපය අකුශල, සාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: රූපය අකුශල, අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ලෝභය අකුශල, අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: රූපය අකුශල, අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද්වේෂය ... මෝහය ... අන්පත්‍රපාව අකුශල, අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ප. පු: ‘රූපය කුශලත් අකුශලත් වෙතී’ නො කියයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: කායකර්‍ම වාක්කර්‍ම කුශලත් අකුශලත් වෙයි නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් කායකර්‍ම වාක්කර්‍ම කුශලත් අකුශලත් වී නම්,
ප. පා: භවත, එකරුණින් ‘රූපය කුශලත් අකුශලත් වෙතී’ කියැයුතු මැ යැ.
රූපං කුසලාකුසලන්ති කථා නිමි.
16. 8.
රූපං විපාකොති කථා
[‘කර්‍මය කළ බැවින් උපන් චිත්තචෛතසිකයන් සෙයින් කර්‍මය කළ බැවින් උපන් රූපය ද විපාක වෙති’යි අන්‍ධක සමමිතිය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘රූපං විපාකොති කථා’ එයි.]
1. ස. පු: රූපය විපාක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපය සුඛවේදනීය, දුඃඛවේදනීය, අදුඃඛාසුඛවේදනීය, සුඛවේදනා සම්ප්‍රයුක්ත, දුඃඛවේදනා සම්ප්‍රයුක්ත, අදුඃඛාසුඛවේදනා සම්ප්‍රයුක්ත, ස්පර්‍ශසම්ප්‍රයුක්ත ... චිත්තසම්ප්‍රයුක්ත සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සුඛවේදනීය නො වූයේ ... දුඃඛවේදනීය නො වූයේ ... අනාලම්බන වූයේ නො? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සුඛවේදනීය නො වී නම්, ... දුඃඛවේදනීය නො වී නම් ... අනාලම්බන වී නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,
ස. පා: භවත, ‘රූපය විපාක වෙතී’ නො කියැයුතු මැ යැ.
2. ස. පු: ස්පර්‍ශය විපාක වෙයි. ස්පර්‍ශය සුඛවේදනීය ... දුඃඛවේදනීය ... සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) රූපය විපාක වෙයි. රූපය සුඛවේදනීය ... දුඃඛවේදනීය ... සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: (තොප මතයෙහි) රූපය විපාක වෙයි. රූපය සුඛවේදනීය නො වූයේ ... දුඃඛවේදනීය නො වූයේ ... අනාලම්බන වූයේ වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්‍ශය විපාක වෙයි. ස්පර්‍ශය සුඛවේදනීය නො වූයේ ... දුඃඛවේදනීය නො වූයේ ... අනාලම්බන වූයේ වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ප. පු: ‘රූපය විපාක වෙතී’ නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: කර්‍මය කළ බැවින් උපන් චිත්තචෛතසික ධර්‍මයෝ විපාක නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් කර්‍මය කළ බැවින් උපන් චිත්තචෛතසික ධර්‍ම විපාක වී නම්,
ප. පා: භවත, එකරුණින් ‘කර්‍මය කළ බැවින් උපන් රූපය විපාක වෙතී’ කියැයුතු මැ යැ.
රූපං විපාකොති කථා නිමි.
16. 9.
රූපං රූපාවචරාරූපාවචරන්ති කථා
[“කාමාවචර කර්‍මය කළ බැවින් රූපය කාමාවචර වෙයි. එසෙයින් රූපාවචර අරූපාවචාර කර්‍මය කළ බැවින් රූපය රූපාවචර අරූපාවචර වියයුතු යයි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘රූපං රූපාවචරාරූපාවචරන්ති කථා’ එයි.]
1. ස. පු: රූපය රූපාවචර වූයේ ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සමාපත්තෙසිය (කුසල විපාක ක්‍රියා) සිත, උපපත්තෙසිය (ප්‍රතිසන්‍ධි) සිත, දිට්ඨධම්මසුඛවිහාර සිත, සමාපත්තෙසිය සිත හා, උපපත්තෙසිය සිත හා, දිට්ඨධම්මසුඛවිහාර සිත හා සමග සහගත වූයේ සහජාත වූයේ සංසෘෂ්ට වූයේ සම්ප්‍රයුක්ත වූයේ ඒකෝත්පාද වූයේ ඒකනිරෝධ වූයේ ඒකවස්තුක වූයේ ඒකාලම්බන වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සමාපත්තෙසිය නො වූ සිත උපපත්තෙසිය නො වූ සිත දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා උපපත්තෙසිය නො වූ සිත හා දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත හා සමග සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සමාපත්තෙසිය නො වූ උපපත්තෙසිය නො වූ දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා සමග ... ඒකාලම්බන වේ නම්,
ස. පා: භවත, ‘රූපාවචර රූපයෙක් ඇතැ’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: රූපය අරූපාවචර වූයේ ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සමාපත්තෙසිය උපපත්තෙසිය දිට්ඨධම්මසුඛවිහාර සිත සමාපත්තෙසිය උපපත්තෙසිය දිට්ඨධම්මසුඛවිහාර සිත හා සමග සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සමාපත්තෙසිය නො වූ සිත උපපත්තෙසිය නො වූ දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා සමග ... ඒකාලම්බන වූයේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සමාපත්තෙසිය නො වූ උපපත්තෙසිය නො වූ ... ඒකවස්තුක ඒකාලම්බන වේ නම්,
ස. පා: භවත ‘අරූපාවචර රූපයෙක් ඇතැ’යි නො කියැයුතු මැ යැ.
3. ප. පු: ‘රූපාවචර රූපයෙක් ඇත, අරූපාවචර රූපයෙක් ඇතැ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: කාමාවචර කර්‍මය කළ බැවින් (උපන්.) රූපය කාමාවචර නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් කාමාවචර කර්‍මය කළ බැවින් (උපන්) රූපය කාමාවචර වී නම්,
ප. පා: භවත, එකරුණින් ‘රූපාවචර කර්‍මය කළ බැවින් උපන් රූපය රූපාවචර යැ, අරූපාවචර කර්‍මය කළ බැවින් උපන් රූපය අරූපාවචර යැ’යි කියැයුතු මැ යැ.
රූපං රූපාවචරාරූපාවචරන්ති කථා නිමි.
16. 10.
රූපරාගෝ රූපධාතුපරියාපන්නෝ අරූපරාගෝ අරූපධාතුපරියාපන්නෝති කථා
[කාමරාගය කාමධාතුපරියාපන්න හෙයින් රූපරාගඅරූපරාග දු රූපාරූපධාතු පරියාපන්න වියයුතු යයි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගතුවන්ගේ වාද බිඳුනට ‘රූපරාගෝ රූපධාතුපරියාපන්නෝ අරූපරාගෝ අරූපධාතුපරියාපන්නෝති කථා’ එයි.]
1. ස. පු: රූපරාගය රූපධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සමාපත්තෙසිය උපපත්තෙසිය දිට්ඨධම්මසුඛවිහාර සිත සමාපත්තෙසිය උපපත්තෙසිය දිට්ඨධම්මසුඛවිහාර සිත හා සමග සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වේ ද?