Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 12701-12800 න් 15036

වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. පා: එකරුණින් ‘බැසගෙන මෙනෙහි කරන්නේ වේ’.
අධිගය්හමනසිකාරකථා නිමි.
රූපං හෙතූති කථා
[‘හේතු’ යනු කුසලමූලාදි හේතුවටත් කිසි යම් ප්‍රත්‍යයටත් නමෙකි. මේ වෙනස නො ගෙන “චත්තාරො මහා භූතා හේතු” යන වචන මාත්‍රය නිසා අවිශේෂයෙන් ‘රූපය හේතු’ යයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘රූපං හෙතූති කථා’ එයි.]
1. ස. පු: රූපය හේතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අලෝභ හේතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අදෝසහේතු වේ ද? ... අමෝහහේතු ... ලොභහෙතු ... දෝසහේතු ... මෝහහේතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: රූපය හේතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාලම්බන නො? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,
ස. පා: භවත ‘රූපය හේතු වේ’ යයි නො කියැයුතු මැ යැ.
3. ස. පු: අලොභහෙතු සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) රූපහේතු සාලම්බන වේ. එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: අදෝසහේතු ... අමෝහහේතු ... ලොභහෙතු ... දෝසහේතු ... මෝහහේතු සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපහේතු සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: රූපහේතු අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අලොභහෙතු අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: රූපහේතු අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අදෝසහේතු ... අමෝහහේතු ... ලොභහෙතු ... දෝසහේතු ... මෝහහේතු අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ප. පු: ‘රූපය හේතු වේ’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: මහාභූතයෝ, උපාදායරූපනට උපාදායහේතු නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් මහාභූතයෝ, උපාදායරූපනට උපාදායහේතු වෙත් නම්,
ප. පා: භවත එකරුණින් ‘රූපය හේතු වේ’ යයි කියැයුතු මැ යැ.
රූපං හෙතූති කථා නිමි.
රූපං සහෙතුකන්ති කථා
[මෙහි නිදානය ද ‘රූපංහෙතූති’ කථායෙහි කී පරිදි දත යුතු.]
1. ස. පු: රූපය සහේතුක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අලෝභහේතුයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අදෝසහේතුයෙන් ... අමොහහෙතුයෙන් ... ලෝභහේතුයෙන් දෝසහේතුයෙන් ... මොහහෙතුයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: රූපය සහේතුක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාලම්බන නො? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,
ස. පා: භවත, ‘රූපය සහේතුක වෙති’ නො කියැයුතු මැ යැ.
3. ස. පු: අලෝභය සහේතුක සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපය සහේතුක සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: අදෝසය සහේතුක වේ ද? ... අමෝහය ... ශ්‍රද්ධාව ... වීර්‍ය්‍යය ... ස්මෘතිය ... සමාධිය ... ප්‍රඥාව ... ලෝභය ද්වේෂය ... මෝහය ... මානය ... දෘෂ්ටිය ... විචිකිත්සාව ... සත්‍යානය ... ඖද්ධත්‍යය ... අහ්‍රීකය ... අනපත්‍රපාව සහේතුක සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපය සහේතුක සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: රූපය සහේතුක අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අලෝභය සහේතුක අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: රූපය සහේතුක අනාලම්බන වූයේ, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත්තේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අද්වේෂය සහේතුක ... අනපත්‍රතාව සහේතුක ... අනාලම්බන වූයේ, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ප. පු: ‘රූපය සහේතුක වෙති’ නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: රූපය සප්‍රත්‍යය නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් රූපය සප්‍රත්‍යය වේ නම්,
ප. පා: භවත, එකරුණින් රූපය ‘සහේතු වෙතී’ කියැයුතු මැ යැ.
රූපං සහෙතූකන්තී කථා නිමි.
රූපං කුසලාකුසලන්ති කථා
[“කායකම්මං වචීකම්මං කුසලස්ස අකුසලස්ස - කායකර්‍ම වාක්කර්‍ම කුසලත් අකුසලත් වෙයි” යන වචන නිසා ‘කායවාක්කර්‍ම සඞ්ඛ්‍යාත කායවිඥප්ති වාග්විඥප්ති රූප කුසලත් අකුසලත් වෙතී’ මහීශාසක සම්මිතිය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘රූපං කුසලාකුසලන්ති කථා’ එයි.]
1. ස. පු: රූපය කුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාලම්බන නො? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අනාලම්බන වී නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,
ස. පා: භවත ‘රූපය කුශල වෙතී’ නො කියැයුතු මැ යැ.
2. ස. පු: අලෝභය කුශල සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපය කුශල සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අද්වේෂය කුශල ... අමෝහය කුශල ... ශ්‍රද්ධාව කුශල ... වීර්‍ය්‍යය - ස්මෘතිය - සමාධි - ප්‍රඥාව - කුශල සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?