2. ස. පු: අනෙකෙක් අනෙකක්හට දුක් දෙන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකක්හට සුව දෙන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අනෙකෙක් අනෙකක්හට සුව දෙන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකක්හට තමාගේ සුව දෙන්නේ වේ ද, අනුන්ගේ සුව දෙන්නේ වේ ද, ඔහු මැ ගේ සුව දෙන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: අනෙකක්හට තමාගේ සුඛය නො මැ දෙන්නේ වේ ද, අන්‍යයන්ගේ සුඛය නො මැ දෙන්නේ වේ ද, ඔහු මැ ගේ සුඛය නො මැ දෙන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අනෙකෙක් අනෙකක්හට තමාගේ සුඛය නො මැ දෙන්නේ වේ නම්, අන්‍යයන්ගේ සුඛය නො මැ දෙන්නේ වේ නම්, ඔහු මැ ගේ සුඛය නො මැ දෙන්නේ වේ නම්,
ස. පා: භවත ‘අනෙකෙක් අනෙකක්හට සුඛය දෙන්නේ වේ’ යයි නො කියැයුතු මැ යැ.
5. ස. පු: අනෙකෙක් අනෙකෙක්හට සුඛය දෙන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකක්හට කාරක වේ ද, සුඛදුඃඛ පරකෘත වේ ද, අනෙකෙක් කෙරේ ද, අනෙකෙක් විඳුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ප. පු: “අනෙකෙක් අනෙකක්හට සුඛය දෙන්නේ වේ” යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: ආයුෂ්මත් උදායී තෙරණුවෝ තෙල වදාළාහු නො
“භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ වූ දුඃඛධර්‍මයන් බැහැර කරනසේක් මැ යැ. භාග්‍යවතුන් වහන්සේ අපට බොහෝ වූ සුඛධර්‍මයන් එළවන සේක් මැ යැ. භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ වූ අකුශලධර්‍මයන් බැහැර කරන සේක් මැ යැ. භාග්‍යවතුන් වහන්සේ අපට බොහෝ කුශලධර්‍මයන් එළවන සේක් මැ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. පා: එකරුණින් ‘අනෙකෙක් අනෙකෙක්හට සුඛය දෙන්නේ වේ.
සුඛානුප්පදාන කථා නිමි.
16. 4.
අධිගය්හමනසිකාර කථා
[“සබ්බේ සඞ්ඛාරා අනිච්චා” ආදි වචන නිසා නයමනස්කාර හැර ආරම්මණ මනස්කාර පමණක් ගෙන “මෙනෙහි කරනුයේ හැම සංස්කාරයන් එකවට මෙනෙහි කෙරේ” යයි පූර්‍වශෛලීය අපරශෛලීයයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට “අධිගය්හමනසිකාර කථා” එයි.]
1. ස. පු: බැස ගෙන (හාත්පසින් - සම්පූර්‍ණයෙන් ගෙන මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: එ සිතින් එ සිත දැනගන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: එ සිතින් එ සිත දැනගන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: එ සිතින් එ සිත ‘සිතැ’යි දැනගන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: එ සිතින් එ සිත දැනගන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: එ සිත එ සිතට අරමුණු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: එ සිත එ සිතට අරමුණු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ ස්‍පර්‍ශයෙන් ඒ ස්‍පර්‍ශය ස්‍පර්‍ශ කෙරේ ද? ඒ වේදනායෙන් ... ඒ සංඥායෙන් ... ඒ චේතනායෙන් ... ඒ චිත්තයෙන් ... ඒ විතර්‍කයෙන් ... ඒ විචාරයෙන් ... ඒ ප්‍රීතියෙන් ... ඒ ස්මෘතියෙන් ... ඒ ප්‍රඥායෙන් ඒ ප්‍රඥාව දැනගන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද? ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ අනාගතය ‘අනාගත යැ’ යි මෙනෙහි කරන්නේ වේ ද? ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශයන් තිදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද? ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද? ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශයන් තිදෙනකුන්ගේ ... චිත්තයන් තිදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
12. ස. පු: ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
13. ස. පු: ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද? අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශයන් තිදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
14. ප. පු: ‘බැසගෙන මෙනෙහි කෙරෙති’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:
“යම් කලෙකැ ‘හැම සංස්කාරයෝ අනිත්‍යයහ’යි නුවණින් දක්නේ වේ ද, යළි දුක්හි කලකිරේ ද, තෙල විශුද්ධියට මාර්‍ග වෙයි.
“යම් කලෙකැ ‘හැම සංස්කාරයෝ දුඃඛයහ’යි නුවණින් දක්නේ වේ ද, යළි දුක්හි කලකිරේ ද, තෙල විශුද්ධියට මාර්‍ග වෙයි.
“යම් කලෙකැ ‘හැම ධර්‍මයෝ අනාත්මයහ’යි නුවණින් දක්නේ වේ ද, යළි දුක්හි කලකිරේ ද, තෙල විශුද්ධියට මාර්‍ග වෙතී.