ස. අනු: සකෘදාගාමිමාර්‍ගයාගේ ... සකෘදාගාමිඵලයාගේ ... අනාගාමිමාර්‍ගයාගේ ... අනාගාමිඵලයාගේ ... අර්‍හත්ත්‍වමාර්‍ගයාගේ ජරාමරණ අර්‍හත්ත්‍වමාර්‍ග වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අර්‍හත්ත්‍වමාර්‍ගයාගේ ජරාමරණ අර්‍හත්ත්‍වමාර්‍ග වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අර්‍හත්ත්‍වඵලයාගේ ජරාමරණ අර්‍හත්ත්‍වඵල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ස්මෘතිප්‍රස්ථානයන්ගේ ... සම්‍යක්ප්‍රධානයන්ගේ ඍද්ධිපාදයන්ගේ ... ඉන්‍ද්‍රියයන්ගේ ... බලයන්ගේ ... බෝධ්‍යඞ්ගයන්ගේ ජරාමරණ බෝධ්‍යඞ්ග වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ප. පු: ලෝකෝත්තර ධර්‍මයන්ගේ ජරාමරණ ලෝකෝත්තර යයි නො කියයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: ලෞකික වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: එකරුණින් ලෝකෝත්තර වේ.
ජරාමරණකථා නිමි.
15. 7.
සඤ්ඤාවේදයිතකථා
[සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්ති නම් කිසි (භාව) ධර්‍මයෙක් නො වෙයි. ඒ සතර අරූපස්කන්‍ධයන්ගේ නිරෝධ යි. එ හෙයින් ඒ ලෞකික හෝ ලෝකෝත්තර හෝ නො වෙයි. යම් හෙයෙකින් ලෞකික නො වේ ද, එහෙයින් ලෝකෝත්තර වෙතියි හේතුවාදනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සඤ්ඤාවේදයිතකථා’ එයි.]
1. ස. පු: සංඥාවේදයිතනිරෝධසමාපත්ති ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ග ... ඵල ... නිර්‍වාණ ... ශ්‍රෝතාපත්තිමාර්‍ග ... ශ්‍රෝතාපත්තිඵල ... බෝධ්‍යඞ්ග වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ප. පු: සංඥාවේදයිතනිරෝධසමාපත්ති ලෝකෝත්තර වෙතියි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: ලෞකික වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: එකරුණින් ලෝකෝත්තර වෙයි.
සඤ්ඤාවේදයිතකථා නිමි.
15. 8.
දුතීයසඤ්ඤාවේදයිතකථා
1. ස. පු: සංඥාවේදයිතනිරෝධසමාපත්ති ලෞකික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූප වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: කාමාවචර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රූපාවචර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අරූපාවචර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ප. පු: ‘සංඥාවේදයිතනිරෝධසමාපත්ති ලෞකික වෙති’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: ලෝකෝත්තර වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: එකරුණින් ලෞකික වෙයි.
දුතියසඤ්ඤාවෙදයිතකථා නිමි.
15. 9.
තතියසඤ්ඤාවේදයිතකථා
[‘අසුවලා මැරෙනපියවි ඇත්තේ යැ. අසුවලා නො මැරෙනපියවි ඇත්තේ යැ’යි මරණධර්‍මතායෙහි නියමයක් නැති හෙයින් සංඥාවේදයිතනිරෝධයට සමවන්නේ ද කලුරිය කරන්නේ යැ’යි රාජගිරිකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘තතියසඤ්ඤාවේදයිතකථා’ එයි.]
1. ස. පු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නේ කලුරිය කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නහුට මාරණාන්තිකස්‍පර්‍ශ, මාරණාන්තික වේදනා, මාරණාන්තික සංඥා, මාරණාන්තිකචේතනා, මාරණාන්තිකචිත්ත ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නහුට මාරණාන්තික ස්‍පර්‍ශ, මාරණාන්තික වේදනා, මාරණාන්තික සංඥා, මාරණාන්තික චේතනා, මාරණාන්තික චිත්ත නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සංඥාවේදයිතනිරෝධයට සමවන්නහුට මාරණාන්තිකස්‍පර්‍ශ, මාරණාන්තික වේදනා, මාරණාන්තික සංඥා, මාරණාන්තික චේතනා, මාරණාන්තික චිත්ත නැත් නම්,
ස. පා: භවත, “සංඥාවේදයිතනිරෝධයට සමවන්නේ කලුරිය කරන්නේ වේ”යයි නො කියැයුතු මැ යැ.
3. ස. පු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නේ කලුරිය කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නහුට ස්‍පර්‍ශ, වේදනා, සංඥා, චේතනා, චිත්ත ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නහුට ස්‍පර්‍ශ, වේදනා, සංඥා, චේතනා, චිත්ත නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශ නොකරනුවහට කාලක්‍රියා වේ ද, අවේදකයාහට කාලක්‍රියා වේ ද, ... අචිත්තකයාහට කාලක්‍රියා වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සස්‍පර්‍ශකයාහට කාලක්‍රියා නො, ... සචිත්තකයාහට කාලක්‍රියා නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සස්‍පර්‍ශකයාහට කාලක්‍රියා වේ නම් ... සචිත්තකයාහට කාලක්‍රියා වේ නම්,
ස. පා: භවත “සංඥාවේදයිතනිරෝධයට සමවන්නේ කලුරිය කරන්නේ වේ”යයි නො කියැයුතු මැ යැ.
5. ස. පු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නේ කලුරිය කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නහුගේ කයෙහි විෂ වදනේ වේ ද? ශස්ත්‍රි වදනේ වේ ද? අග්නි වදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නහුගේ කයෙහි විෂ වදනේ වේ ද? ශස්ත්‍ර වදනේ වේ ද? ගිනි වදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නහුගේ කයෙහි විෂ වදනේ වේ නම්, ශස්ත්‍ර වදනේ වේ නම්, ගිනි වදනේ වේ නම්,
ස. පා: භවත ‘සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නේ කලුරිය කරන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
7. ස. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නේ කලුරිය කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නහුගේ කයෙහි විෂ වදනේ වේ ද? ශස්ත්‍ර වදනේ වේ ද? ගිනි වදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: හේ නිරෝධසමවත් සම වන්නේ නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ප. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නේ කලුරිය නො කරන්නේ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: යම් නියාමධර්‍මයෙකින් නියත වැ ‘සඤ්ඤාවේදයිත නිරෝධ සමවත් සමවන්නේ කලුරිය නො කරන්නේ යැ’ යන ඒ නියාමයෙක් ඇද්ද?
ස. පටි: නැත.
ප. ඨ: ඉදින් යම් නියාමයෙකින් නියත වැ ‘සඤ්ඤාවේදයිතනිරෝධ සමවත් සමවන්නේ කලුරිය නො කරන්නේ යැ’ යන ඒ නියාමයෙක් නැත් නම්,
ප. පා: භවත ‘සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නේ කලුරිය නො කරන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
9. ස. පු: චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගල කලුරිය නො කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: යම් නියාමයෙකින් නියත වැ ‘චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගල කලුරිය නො කරන්නේ යැ’ යන ඒ නියමයෙක් ඇද්ද?
ප. පටි: නැත.
ස. ඨ: ඉදින් යම් නියාමයෙකින් නියත වැ ‘චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගල කලුරිය නො කරන්නේ යැ’ යන ඒ නියමය නැත් නම්,
ස. පා: භවත ‘චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගල කලුරිය නො කරන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
තතියසඤ්ඤාවේදයිතකථා නිමි.
15. 10.
අසඤ්ඤසත්තුපිකකථා
[සඤ්ඤාවිරාග වශයෙන් පැවැති භාවනාව අසඤ්ඤසමාපත්ති ද වෙයි, නිරෝධසමාපත්ති ද වෙයි, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්ති ද වෙයි. මෙසේ සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තීහු, ලෞකිකලෝකෝත්තර වශයෙන් දෙදෙනෙකි. එහි ලෞකික වූවා පෘතග්ජනයා පිළිබඳ වැ ‘අසඤ්ඤසත්තුපිකා’ නම් වෙයි. ලෝකෝත්තර වූවා ආර්‍ය්‍යයනට වෙයි. එ ද ‘නාසඤ්ඤසත්තුපිකා’ වෙයි. මේ විභාගය නො කොට නිර්විශේෂයෙන් සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තිය ‘අසඤ්ඤසත්තුපිකා’ නමුයි හේතුවාදනිකාය වාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අසඤ්ඤසත්තුපිකා කථා’ එයි.]