1. ස. පු: කාලය පරිනිෂ්පන්න (හේතුප්‍රත්‍යයෙන් උපන්නේ) වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: අතීතකාලය පරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අනාගතකාලය පරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: වර්‍තමානකාලය පරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: අතීත වූ රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන මේ අතීතකාලය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අතීතයෝ පඤ්චවිධ වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: අනාගත වූ රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන මේ අනාගතකාල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනාගතයෝ පඤ්චවිධ වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: ප්‍රත්‍යුත්පන්න වූ රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන මේ ප්‍රත්‍යුත්පන්නකාලය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රත්‍යුත්පන්නයෝ පඤ්චවිධ වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: අතීතපඤ්චස්කන්‍ධ අතීතකාලය වේ ද? අනාගත පඤ්චස්කන්‍ධ අනාගතකාලය වේ ද? ප්‍රත්‍යුත්පන්න පඤ්චස්කන්‍ධ ප්‍රත්‍යුත්පන්නකාලය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පසළොස් කාලයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: අතීත ද්වාදශායතන අතීතකාලය වේ ද? අනාගත ද්වාදශායතන අනාගතකාලය වේ ද? ප්‍රත්‍යුත්පන්න ද්වාදශායතන ප්‍රත්‍යුත්පන්නකාලය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සතිස් කාලයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: අතීත අෂ්ටාදශධාතු අතීතකාලය වේ ද? අනාගත අෂ්ටාදශධාතු අනාගතකාලය වේ ද? ප්‍රත්‍යුත්පන්න අෂ්ටාදශධාතු ප්‍රත්‍යුත්පන්න කාලය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සියුපනස් කාලයෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: අතීත වූ දෙවිසි ඉන්‍ද්‍රිය අතීතකාලය වේ ද? අනාගත දෙවිසි ඉන්‍ද්‍රිය අනාගතකාලය වේ ද? ප්‍රත්‍යුත්පන්න දෙවිසි ඉන්‍ද්‍රිය ප්‍රත්‍යුත්පන්නකාලය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සසැට කාලයෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
12. ප. පු: ‘කාලය පරිනිෂ්පන්න වෙති’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මේ කථාවස්තූහු තිදෙනෙක් වෙති. කවරතිදෙනෙකැ යත්: මහණෙනි, අතීතකාලය හෝ ඇරැබ ‘අතීතකාලය මෙසේ වී’යයි කථා කරන්නේ යැ. මහණෙනි, අනාගතකාලය හෝ ඇරැබ ‘අනාගතකාලය මෙසේ වන්නේ යැ’යි කථා කරන්නේ යැ. මහණෙනි, දැන් ප්‍රත්‍යුත්පන්න කාලය හෝ ඇරැබ ‘දැන් ප්‍රත්‍යුත්පන්නකාලය මෙසේ වේ’යයි කථා කරන්නේ යැ. මහණෙනි, මොහු තුන් කථාවස්තූහු වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. පා: එකරුණින් කාලය පරිනිෂ්පන්න වෙයි.
අද්ධාකථා නිමි.
15. 4.
ඛණ-ලය-මුහුත්තකථා
[මෙහි ද නිදානය අද්ධා කථායෙහි මෙනි.]
1. ස. පු: ක්‍ෂණකාලය පරිනිෂ්පන්න වේ ද ... ලය කාලය පරිනිෂ්පන්න වේ ද ... මුහුර්‍තකාලය පරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ප. පු: ‘මුහුර්‍තකාලය පරිනිෂ්පන්න යැ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මේ කථාවස්තූහු තුන් දෙනෙක් වෙති. කවර තුන් දෙනෙකැ යත්: මහණෙනි, ‘අතීතකාලය මෙසේ වී යැ’යි අතීතකාලය අරභයා හෝ කථා කරන්නේ යැ මහණෙනි, ‘අනාගතකාලය මෙසේ වන්නේ ය’යි අනාගතකාලය අරභයා හෝ කථා කරන්නේ යැ. මහණෙනි, ‘දැන් ප්‍රත්‍යුත්පන්නය මෙසේ වේ’ යයි දැන් ප්‍රත්‍යුත්පන්න කාලය අරභයා හෝ කථා කරන්නේ යැ. මහණෙනි, මේ කථාවස්තූහු තුන් දෙනෙක් ඇති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. පා: එකරුණින් මුහුර්‍තකාලය පරිනිෂ්පන්න වෙයි.
ඛණ-ලය-මුහුත්තකථා නිමි.
15. 5.
ආසවකථා
[යම් හෙයෙකින් චතුරාස්‍රවයන් සාස්‍රව කළ ගෙන චතුරාස්‍රවයන්ට වැඩි අන්‍ය ආස්‍රව කෙනෙක් නැද්ද, එහෙයින් ‘චතුරාස්‍රවයෝ අනාස්‍රවයහ’යි හේතුවාද නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුනගේ වාද බිඳුනට ‘ආසවකථා’ එයි.]
1. ස. පු: චතුරාස්‍රවයෝ අනාස්‍රව වෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගය ... ඵලය ... නිර්‍වාණය ... ශ්‍රෝතාපත්තිමාර්‍ගය ... ශ්‍රෝතාපත්තිඵලය ... බෝධ්‍යඞ්ගය වේ ද?
(එ කල්හි ඒ අනාස්‍රවයන් මාර්‍ගඵලාදිය වැනි වියයුතුයයි චෝදනා පිණිස අසන ලදී.)
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ප. පු: ‘චතුරාස්‍රවයෝ අනාස්‍රවයහ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: යම් ආස්‍රව කෙනකුන් කරණ කොට ඒ ආස්‍රවයෝ සාස්‍රව වෙත් ද, එබඳු වූ අන්‍ය ආස්‍රවයෝත් ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. නිග: එකරුණින් චතුරාස්‍රවයෝ අනාස්‍රව වෙති.
ආසවකථා නිමි.
15. 6.
ජරාමරණකථා
[ජරාමරණ නම් අපරිනිෂ්පන්න බැවින් ලෞකික යැ හෝ ලෝකෝත්තර යැ හෝ කියැයුතු නො වෙයි. “ලෝකියා ධම්මා, ලෝකුත්තරා ධම්මා” යන දුකයෙහි දු ජරාමරණ ලෝකිය පදයෙහි හෝ ලෝකුත්තර පදයෙහි හෝ නො දක්වන ලදි. එහි මේ ලක්‍ෂණ නො ගෙන ලෝකෝත්තර ධර්‍මයන්ගේ ජරාමරණ ලෝකෝත්තර යයි මහා සාඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ජරාමරණකථා’ එයි.]
1. ස. පු: ලෝකෝත්තරධර්‍මයන්ගේ ජරාමරණ ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ග, ඵල, නිර්‍වාණ, ශ්‍රෝතාපත්තිමාර්‍ග ... ශ්‍රෝතාපත්තිඵල ... බෝධ්‍යඞ්ග වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ශ්‍රොතාපත්තිමාර්‍ගයාගේ ජරාමරණ ශ්‍රෝතාපත්ති මාර්‍ග වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ශ්‍රොතාපත්තිමාර්‍ගයාගේ ජරාමරණ ශ්‍රෝතාපත්ති මාර්‍ග වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රොතාපත්තිඵලයාගේ ජරාමරණ ශ්‍රෝතාපත්තිඵල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...