තුදුස්වන වග යි.
එහි උද්දානය:
කුසලාකුසලපටිසන්‍දහනකථා යැ සළායතනුප්පත්තිකථා යැ අනන්තරපච්චයකථා යැ අරියරූපකථා යැ අඤ්ඤො අනුසයොති කථා යැ පරියුට්ඨානං චිත්තවිප්පයුත්තන්ති කථා යැ පරියාපන්නකථා යැ අබ්‍යාකතකථා යැ අපරියාපන්නකථා යි.
පසළොස්වන වග
15. 1.
පච්චයකථා
[යම් ධර්‍මයෙක් හේතු ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ නම්, ඒ ධර්‍මය යම් ධර්‍ම කෙනකුන්ට හේතුප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ ද, ඒ ධර්‍මයනට මැ යම් හෙයෙකින් ආලම්බන අනන්තර සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය නො වේ ද, යම් ධර්‍මයෙක් ආලම්බන ප්‍රත්‍යයයෙන් හෝ ප්‍රත්‍යය වේ නම්, ඒ ධර්‍මය යම් හෙයෙකින් ඔවුනට මැ අනන්තර සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍ය නො වේ ද, එහෙයින් ‘ප්‍රත්‍යය භාවය ව්‍යවස්ථාවත් (නියමයන් අනුව) වේ’ යයි මහාසාඞ්ඝිකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පච්චයකථා’ එයි.]
1. ස. පු: ප්‍රත්‍යයභාවය ව්‍යවස්ථිත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: විමංසා හේතු නො, එ ද අධිපති නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් විමංසා හේතු වේ නම්, එ ද අධිපති වේ නම්,
ස. පා: භවත එකරුණින් “හේතුප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ යයි ද, අධිපති ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ”යයි ද කියැයුතු යැ.
2. ස. පු: ඡන්‍දාධිපති ධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වන්නේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ඡන්‍දාධිපති ධර්‍මය සහජාත ධර්‍මයනට අධිපති වේ නම්,
ස. පා: භවත එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි’ යනු කියැයුතු යැ.
3. ස. අනු: වීර්‍ය්‍යාධිපති ධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වන්නේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් වීර්‍ය්‍යාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වේ නම්,
ස. පා: භවත එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ සහජාතප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි’ යනු කියැයුතු මැ යැ.
4. ස. පු: වීර්‍ය්‍යාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වෙයි, එ ද ඉන්‍ද්‍රිය වන්නේ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් වීර්‍ය්‍යාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වන්නේ එ ද ඉන්‍ද්‍රිය වේ නම්,
ස. පා: භවත එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ ඉන්‍ද්‍රියප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ ය’යි කියැයුතු මැ යැ.
5. ස. අනු: වීර්‍ය්‍යාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වෙයි, එ ද මාර්‍ගාඞ්ග වන්නේ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් වීර්‍ය්‍යාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වන්නේ එ ද මාර්‍ගාඞ්ග වේ නම්,
ස. පා: භවත, එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ මාර්‍ගප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’ යයි කියැයුතු මැ යැ.
6. ස. අනු: චිත්තාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වන්නේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් චිත්තාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වේ නම්,
ස. පා: භවත එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ සහජාතප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’ යයි කියැයුතු මැ යැ.
7. ස. අනු: චිත්තාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වෙයි, එ ද ආහාර වන්නේ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් චිත්තාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වන්නේ එ ද ආහාර වේ නම්,
ස. පා: භවත එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ ආහාර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’ යයි කියැයුතු මැ යැ,
8. ස. අනු: චිත්තාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වෙයි. එ ද ඉන්‍ද්‍රිය වන්නේ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් චිත්තාධිපති ධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වන්නේ එ ද ඉන්‍ද්‍රිය වේ නම්,
ස. පා: භවත, එකරුණින් ‘අධිපති ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ ඉන්‍ද්‍රියප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’ යයි කියැයුතු මැ යැ.
9. ස. පු: වීමංසාධිපති ධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වන්නේ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් වීමංසාධිපති ධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වේ නම්,
ස. පා: භවත එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ සහජාතප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’ යයි කියැයුතු මැ යැ.
10. ස. අනු: වීමංසාධිපති ධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වූයේ එ ද ඉන්‍ද්‍රිය වන්නේ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් වීමංසාධිපති ධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වූයේ එ ද ඉන්‍ද්‍රිය වේ නම්,
ස. පා: භවත එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ ඉන්‍ද්‍රිය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’යයි කියැයුතු මැ යැ.
11. ස. අනු: වීමංසාධිපති ධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වූයේ එ ද මාර්‍ගාඞ්ග වන්නේ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් වීමංසාධිපති ධර්‍මය සහජාතධර්‍මයන්ට අධිපති වූයේ එ ද මාර්‍ගාඞ්ග වේ නම්,
ස. පා: භවත, එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ මාර්‍ගප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’යයි කියයුතු මැ යැ.
12. ස. අනු: ආර්‍ය්‍යධර්‍මය ගරුකොට ප්‍රත්‍යවේක්‍ෂණා උපදනේ නො? එ ද අරමුණු නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ආර්‍ය්‍යධර්‍මය ගරු කොට ප්‍රත්‍යවේක්‍ෂණා උපදනේ වේ නම්, එ ද අරමුණු වේ නම්,
ස. පා: භවත, එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ ආලම්බනප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’යයි කියයුතු මැ යැ.
13. ස. අනු: පුරිම පුරිම කුශලධර්‍මයෝ පශ්චිම පශ්චිම කුශල ධර්‍මයනට අනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය නො? එ ද ආසෙවනා නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් පුරිම පුරිම කුශලධර්‍මයෝ පශ්චිම පශ්චිම කුශලධර්‍මයනට අනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙත් නම්, එ ද ආසෙවනා වේ නම්,
ස. පා: භවත, එකරුණින් ‘අනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ ආසෙවනා ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’යයි කියැයුතු මැ යැ.
14. ස. පු: පුරිම පුරිම අකුශල ධර්‍මයෝ පශ්චිම පශ්චිම අකුශල ධර්‍මයනට අනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය නො? එ ද ආසෙවනා නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් පුරිම පුරිම අකුශල ධර්‍මයෝ පශ්චිම පශ්චිම අකුශල ධර්‍මයනට අනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය නම්, ආසෙවනා ද වේ නම්,
ස. පා: භවත, එකරුණින් ‘අනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ, ආසේවනාප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ යයි කියැයුතු මැ යැ.
15. ස. අනු: පුරිම පුරිම ක්‍රියාව්‍යාකෘතධර්‍මයෝ පශ්චිම පශ්චිම ක්‍රියාව්‍යාකෘත ධර්‍මයනට අනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය නො? එ ද ආසෙවනා නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් පුරිම පුරිම ක්‍රියාව්‍යාකෘත ධර්‍මයෝ පශ්චිම පශ්චිම ක්‍රියාව්‍යාකෘතධර්‍මයනට අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය නම්, එ ද ආසෙවනා නම්,
ස. පා: භවත එකරුණින් ‘අනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ, ආසෙවනා ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’ යයි කියැයුතු මැ යැ.
16. ප. පු: ‘ප්‍රත්‍යයතාව ව්‍යවස්ථාවත්’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: හේතු ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වන්නේ, ආලම්බන ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වන්නේ, අනන්තරප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වන්නේ, සමනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: එකරුණින් ප්‍රත්‍යයතාව ව්‍යවස්ථාවත් (නියමයන් අනුගත) වේ.
ප්‍රත්‍යයකථා නිමි.
15. 2.
අඤ‍්ඤමඤ‍්ඤපච්චයකථා
[යමකුගේ සමයෙහි ‘අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති’ යන මෙතෙක් මැ ඇද්ද, ‘සංස්කාරප්‍රත්‍යයයෙනුදු අවිද්‍යා ඇත’ යනු නැද්ද, ඔහු අවිද්‍යාව සංස්කාරයනට ප්‍රත්‍යය වෙයි, වැළිත් සංස්කාරයෝ අවිද්‍යාවට ප්‍රත්‍යය නො වෙති’යි මහාසාඞ්ඝිකනිකායවාසීන් සෙයින් ලබ්ධිගත්තාහු වෙත් ද, ඔවුන් සඳහා අවිද්‍යාව සංස්කාරාදීනට අන්‍යෝන්‍යප්‍රත්‍යයතායෙන් ප්‍රත්‍යය වන බව දක්වන්නට ‘අඤ්ඤමඤ්ඤපච්චයකථා’ එයි.]
1. ස. පු: අවිද්‍යාප්‍රත්‍යයයෙනුදු සංස්කාරයෝ වෙති සංස්කාරයන් ප්‍රත්‍යය කොට ද අවිද්‍යා ඇතියි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අවිද්‍යා සංස්කාරයන් හා සහජාත නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අවිද්‍යා සංස්කාර හා සහජාත වේ නම්,
ස. පා: භවත, එකරුණින් අවිද්‍යා ප්‍රත්‍යය කොට ඇති සංස්කාරයෝ ඇත, සංස්කාර ප්‍රත්‍යය කොට ගත් අවිද්‍යා ඇතියි’ කියැයුතු මැ යැ.
2. ස. පු: තෘෂ්ණාප්‍රත්‍යයෙනුදු උපාදාන වෙයි, උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණා වේ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තෘෂ්ණාව උපාදානය හා සහජාත නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් තෘෂ්ණාව උපාදානය හා සහජාත වේ නම්,
ස. පා: භවත, එකරුණින් ‘තෘෂ්ණා ප්‍රත්‍යයෙනුදු උපාදාන වෙයි, උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණා වේ’යයි කියැයුතු මැ යැ.
3. ප. පු: ‘මහණෙනි, ජරාමරණප්‍රත්‍යයෙන් ජාති වෙයි, ජාතිප්‍රත්‍යයෙන් භව වේ’ යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ස. පටි: නැත.
ප. නිග: එකරුණින් “අවිද්‍යාප්‍රත්‍යයෙනුදු සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයෙනුදු අවිද්‍යා වේ’යයි නො කියැයුතු යැ. තෘෂ්ණා ප්‍රත්‍යයෙනුදු උපාදාන වෙයි, උපාදාන ප්‍රත්‍යයෙනුදු තෘෂ්ණා වේ” යයි නො කියැයුතු යැ.
4. ස. පු: “මහණෙනි, විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙනුදු විඥාන වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. නිග: එකරුණින් අවිද්‍යාප්‍රත්‍යයෙනුදු සංස්කාරයෝ වෙති. සංස්කාර ප්‍රත්‍යයෙනුදු අවිද්‍යා වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙනුදු උපාදාන වෙයි. උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණා වෙයි.
අඤ්ඤමඤ්ඤපච්චයකථා නිමි.
15. 3.
අද්ධාකථා
[“තීණිමානි භික්ඛවේ කථාවත්‍ථුනි” යන සූත්‍රපාඨ වරදවා ගෙන ‘පරිනිෂ්පන්න වූ අධ්ව සඞ්ඛ්‍යාත කාලයෙක් ඇතැ’යි ලබ්ධි ගත්තාහු ඇත. කාලප්‍රඥප්තිමාත්‍රය මිස ‘අද්ධා’ නම් කිසි පරිනිෂ්පන්නාර්‍ත්‍ථයෙක් නැත, රූපාදි ස්කන්‍ධයෝ මැ පරිනිෂ්පන්නයහ’යි දක්වන්නට ‘අද්ධාකථා’ එයි.]