Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 11901-12000 න් 15036

ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මානය අනෙකෙක් වේ ද, මානපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: ඒ මානය මැ ඒ මානපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ මානානුශය මැ ඒ මානපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: දෘෂ්ටි අනුශය අනෙකෙක් වේ ද? දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෘෂ්ටි අනෙකෙක් වේ ද? දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: ඒ දෘෂ්ටි මැ ඒ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ දෘෂ්ටි අනුශය මැ ඒ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: විචිකිත්සානුශය අනෙකෙක් වේ ද, විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: විචිකිත්සා අනෙකක් වේ ද, විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: ඒ විචිකිත්සා මැ ඒ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ විචිකිත්සානුශය මැ ඒ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: භවරාගානුශය අනෙකෙක් වේ ද, භවරාගපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භවරාගය අනෙකෙක් වේ ද, භවරාගපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
12. ස. පු: ඒ භවරාග මැ ඒ භවරාගානුශය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ භවරාගානුශය මැ ඒ භවරාගපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
13. ස. පු: අවිද්‍යානුශය අනෙකෙක් වේ ද? අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අවිද්‍යා අනෙකක් වේ ද, අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
14. ස. පු: ඒ අවිද්‍යා මැ ඒ අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ අවිද්‍යානුශය මැ අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
15. ප. පු: ‘අනුශය අනෙකෙකැ, පර්‍ය්‍යුත්‍ථාන අනෙකෙකැ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: පෘථග්ජන කුශලාව්‍යාකෘත සිත පවත්නා කල්හි සානුශය වේ යැ’යි කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: ‘පර්‍ය්‍යුත්‍ථිත යැ’යි කියැයුතු වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: එ කරුණින් ‘අනුශය අනෙකෙකැ, පර්‍ය්‍යුත්‍ථාන අනෙකෙකි’.
16. ප. පු: කුශලාව්‍යාකෘතචිත්තය පවත්නා කල්හි ‘සරාග’ යයි කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: ‘පර්‍ය්‍යුත්‍ථිත’යයි කියැයුතු වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: එකරුණින් රාගය අනෙකෙකැ, පර්‍ය්‍යුත්‍ථාන අනෙකෙකි.
(මෙයින් අප්‍රහීන බැවින් සානුසයයි කියයුතු බවද, නො උපන් හෙයින් පර්‍ය්‍යුත්‍ථිත යයි නො කියයුතු බවද දැක්වේ, අනුශය පර්‍ය්‍යුත්‍ථානයන්ගේ අන්‍යතාව නො දැක් වේ. එහෙයින් අසාධකයි.)
අඤ්ඤො අනුසයො’ති කථා නිමි.
පරියුට්ඨානං චිත්තවිප්පයුත්තන්ති කථා
[අනිත්‍යාදි විසින් මෙනෙහි කරනුවහටත් රාගාදීහු උපදිත්නු’යි පර්‍ය්‍යුත්‍ථානය චිත්තවිප්‍රයුක්ත යයි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පරියුට්ඨානං චිත්තවිප්පයුත්තන්ති කථා’ එයි.]
1. ස. පු: පර්‍ය්‍යුත්‍ථානය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූප යැ නිර්‍වාණ යැ චක්‍ෂුරායතන යැ .... ස්ප්‍රෂ්ටව්‍යායතනය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: පර්‍ය්‍යුත්‍ථානය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සරාග චිත්තයෙක් සදෝස චිත්තයෙක් සමෝහ චිත්තයෙක් .... අකුශල චිත්තයෙක් සංක්ලිෂ්ට චිත්තයෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සරාග චිත්තයෙක් සදෝස චිත්තයෙක් සමෝහ චිත්තයෙක් .... අකුශල චිත්තයෙක් සංක්ලිෂ්ට චිත්තයෙක් ඇත්තේ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සරාග චිත්තයෙක් සදෝස චිත්තයෙක් සමෝහ චිත්තයෙක් ... අකුශල චිත්තයෙක් සංක්ලිෂ්ට චිත්තයෙක් ඇත් නම්,
අනු. පා: භවත ‘පර්‍ය්‍යුත්‍ථානය චිත්තවිප්‍රයුක්ත යැ’යි නො කියැයුතු මැ යැ.
පරියුට්ඨානං චිත්තවිප්පයුත්තන්ති කථා නිමි.
පරියාපන්නකථා
[‘යම් හෙයෙකින් කාමරාගය කාමවිතර්‍ක සඞ්ඛ්‍යාත කාමධාතුව සහජාත වශයෙන් ලුහුබඳනේ කාමධාතුපර්‍ය්‍යාපන්න වේ ද, එහෙයින් මැ රූපාරූපරාගයෝත් රූපාරූපධාතු ලුහුබඳනාහු රූපාරූපධාතුපර්‍ය්‍යාපන්න වෙති’යි අන්‍ධකසමමිතීයනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පරියාපන්න කථා’ එයි.]
1. ස. පු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? රූපධාතු පර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සමාපත්තෙසිය වූයේ උපපත්තෙසිය වූයේ දිට්ඨධම්මසුඛවිහාර වූයේ, සමාපත්තෙසිය චිත්තය හා උපපත්තෙසිය චිත්තය හා දිට්ඨධම්මසුඛවිහාර චිත්තය හා සහගත වූයේ සහජාත වූයේ සංසෘෂ්ට වූයේ සම්ප්‍රයුක්ත වූයේ ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සමාපත්තෙසිය නො වූයේ උපපත්තෙසිය නො වූයේ දිට්ඨධම්මසුඛවිහාර නො වූයේ, සමාපත්තෙසිය නො වන චිත්තය හා උපපත්තෙසිය නො වන චිත්තය හා දිට්ඨධම්මසුඛවිහාර නො වන චිත්තය හා සහගත වැ සහජාත වැ සංසෘෂ්ට වැ සම්ප්‍රයුක්ත වැ ඒකෝත්පාද වැ ඒකනිරෝධ වැ ඒකවස්තුක වැ ඒකාලම්බන වැ සිටුනේ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සමාපත්තෙසිය නො වූයේ උපපත්තෙසිය නො වූයේ දිට්ඨධම්මසුඛවිහාර නො වූයේ ... ඒකාලම්බන නො වී නම්,
අනු. පා: භවත, රූපරාගය රූපධාතුව අනුශය වශයෙන් ගන්නේ, රූපධාතු පර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු මැ යැ.
2. ස. පු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? රූපධාතු පර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශබ්දරාගය ශබ්දධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? ශබ්දධාතු පර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? රූපධාතු පර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ගන්‍ධරාගය ... රසරාගය ... ස්ප්‍රෂ්ටව්‍යරාගය ස්ප්‍රෂ්ටව්‍යධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද, ස්ප්‍රෂ්ටව්‍යධාතු පර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ශබ්දරාගය ශබ්දධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද, ශබ්දධාතුපර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද, රූපධාතු පර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: ගන්‍ධරාගය ... රසරාගය ... ස්ප්‍රෂ්ටව්‍යරාගය ස්ප්‍රෂ්ටව්‍යධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද, ස්ප්‍රෂ්ටව්‍යධාතු පර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද, රූපධාතු පර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සමාපත්තෙසිය වූයේ උපපත්තෙසිය වූයේ දෘෂ්ටධර්‍මසුඛවිහාර වූයේ, සමාපත්තෙසිය චිත්තය හා උපපත්තෙසියචිත්තය හා දෘෂ්ටධර්‍මසුඛවිහාරචිත්තය හා සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...