ස. අනු: ඒ ඒ දුඃඛයාගේ ම අවසන් කිරීමෙක් නැද්ද? වට සිඳීමෙක් නැද්ද? අනුපාදාපරිනිර්‍වාණයෙක් නැද් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
251. ස. පු: ‘අපායිකදුඃඛ ඇත් නු’යි අපායිකදුඃඛයාගේ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘පුද්ගල ඇත් නු’යි ඒ පුද්ගලයාගේ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
252. ස. පු: ‘අපායිකදුඃඛ ඇත් නු’යි අපායිකදුඃඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘නිර්‍වාණය ඇත් නු’යි නිර්‍වාණයාගේ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
253. ස. පු: ‘අපායිකදුඃඛ ඇත් නු’යි අපායිකදුඃඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘මහපොළෝ ඇත් නු’යි ... ‘මහමුහුදු ඇත් නු’යි ... ‘මහමෙර ඇත් නු’යි ... ‘අබ්ධාතු ඇත් නු’යි ... ‘තෙජොධාතු ඇත් නු’යි ... ‘වායෝධාතු ඇත් නු’යි ... ‘තෘණකාෂ්ටවනස්පතීහු ඇත් නු’යි තෘණකාෂ්ටවනස්පතීන්ගේ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
254. ස. පු: ‘අපායිකදුඃඛ ඇත්නු’යි අපායිකදුඃඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අපායිකදුඃඛ අනෙකෙක් වේ ද? අපායිකදුඃඛ ප්‍රතිසංවේදක අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
255. ස. පු: ‘කල්‍යාණපාපක කර්‍මයෝ ඇත් නු’යි කල්‍යාණපාපක කර්‍මයන් කරන්නෙක් කරවන්නෙක් විපාකවිඳිනුයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හේ කෙරේ ද? හේ ම විඳුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: හේ කෙරේ ද? හේ මැ විඳුනේ වේ ද?
ප. පටිඤ්ඤා: (දෙවනවට) එසේ ය.
ස. අනු: සුඛදුඃඛ ස්වයංකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
256. ස. පු: ‘කල්‍යාණපාපක කර්‍මයෝ ඇත් නු’යි කල්‍යාණපාපක කර්‍මයන්ගේ කරන්නෙක් කරවන්නෙක් විපාක විඳිනුයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් කෙරේ ද? අනෙකෙක් විපාක විඳිනුයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: අනෙකෙක් කෙරේ ද? අනෙකෙක් විපාක විඳිනුයේ වේ ද?
ප. පටිඤ්ඤා: (දෙවන වට) එසේ යැ.
ස. අනු: සුඛදුඃඛ පරකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
257. ස. පු: ‘කල්‍යාණපාපක කර්‍මයෝ ඇත් නු’යි කල්‍යාණපාපක කර්‍මයන්ගේ කරනුවෙක් කරවනුවෙක් විපාක විඳිනුවෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හෙ ද, අන්‍ය ද (දෙදෙන) කෙරෙත් ද, හෙ ද අන්‍ය ද විපාක විඳිනු වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: හෙ ද අන්‍ය ද කෙරෙත් ද? හෙ ද අන්‍ය ද විපාක විඳිනු වෙත් ද?
ප. පටිඤ්ඤා: (දෙවනවට) එසේ යැ.
ස. අනු: සුඛදුඃඛ දෙක ස්වයංකෘත හා පරකෘත හා වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
258. ස. පු: ‘කල්‍යාණපාපක කර්‍මයෝ ඇත් නු’යි කල්‍යාණපාපක කර්‍මයන්ගේ කරනුවෙක් කරවනුවෙක් විපාක විඳිනුවෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හේ නො මැ කෙරේ ද, හේ නො විඳුනේ වේ ද, අනෙකෙක් නො කෙරේ ද, අනෙකෙක් නො විඳුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: හේ නො මැ කෙරේ ද, හේ නො විඳුනේ වේ ද, අනෙකෙක් නො කෙරේ ද, අනෙකෙක් නො විඳුනේ වේ ද?
ප. පටිඤ්ඤා: (දෙවන වට) එසේ යැ.
ස. අනු: සුඛදුඃඛ ස්වයංකාර නො වැ පරකාර නො වැ යදෘච්ඡාසමුත්පන්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
259. ස. පු: ‘කල්‍යාණපාපක කර්‍මයෝ ඇත් නු’යි කල්‍යාණපාපක කර්‍මයන්ගේ කරනුවෙක් කරවනුවෙක් විපාක විඳිනුවෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හේ කෙරේ ද හේ විඳුනේ වේ ද (නොහොත්) අනෙකෙක් කෙරේ ද අනෙකෙක් විඳුනේ වේ ද, (නොහොත්) හෙ ද අනෙකෙක් දැ යි (දෙදෙන) කෙරෙත් ද හෙ ද අනෙකෙක් දැ යි (දෙදෙන) විඳුනු වෙත් ද, (නොහොත්) හේ නො මැ කෙරේ ද හේ නො විඳුනු වේ ද, (නොහොත්) අනෙකෙක් නො කෙරේ ද අනෙකෙක් නො විඳිනු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: හෙ කෙරේ ද හෙ විඳිනු වේ ද, (නොහොත්) අනෙකෙක් කෙරේ ද අනෙකෙක් විඳිනු වේ ද, (නොහොත්) හෙ ද අනෙකෙක් දැ යි (දෙදෙන) කෙරෙත් ද හෙ ද අනෙකෙක් දැ යි (දෙදෙන) විඳිනු වෙත් ද, (නොහොත්) හේ නො මැ කෙරේ ද හේ නො විඳිනු වේ ද, (නොහොත්) අනෙකෙක් නො කෙරේ ද අනෙකෙක් නො විඳිනු වේ ද?
ප. පටිඤ්ඤා: (දෙවන වට) එසේ යැ.
ස. අනු: සුඛදුඃඛ ස්වයංකෘත වේ ද, සුඛදුඃඛ පරකෘත වේ ද, සුඛදුඃඛ ස්වයංකෘතත් පරකෘතත් වේ ද, සුඛදුඃඛ ස්වයංකාර නො වී පරකාර නො වී යදෘච්ඡාසමුත්පන්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
260. ප. පු: කර්‍ම ඇද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: කර්‍ම කරනුවෙක් ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
261. ස. පු: ‘කර්‍ම ඇත් නු’යි කර්‍ම කරනුවෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උහුට කාරකයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
262. ස. පු: ඒ කර්‍මකාරයාට වෙනත් කාරකයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: (දෙවන වට) එසේ යැ.
ස. අනු: ඒ ඒ දුඃඛයාගේ මැ අවසන් කිරීමෙක් නැද්ද? වට සිඳීමෙක් නැද්ද? අනුපාදාපරිනිර්‍වාණයෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
263. ස. පු: ‘කර්‍ම ඇත් නු’යි කර්‍මකාරකයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘පුද්ගල ඇත්නු’යි ඒ පුද්ගලයාගේ කාරකයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
264. ස. පු: ‘කර්‍ම ඇත් නු’යි කර්‍මකාරකයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: ‘නිවන ඇත් නු’යි නිර්‍වාණකාරකයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
265. ස. පු: ‘කර්‍ම ඇත් නු’යි කර්‍මකාරකයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘මහපොළෝ ඇත් නු’යි ... ‘මහමුහුදු ඇත් නු’යි ... ‘මහමෙර ඇත් නු’යි ... ‘අබ්ධාතු ඇත් නු’යි ... ‘තෙජොධාතු ඇත් නු’යි ... ‘වායෝධාතු ඇත් නු’යි ... ‘තෘණකාෂ්ටවනස්පතීහු ඇත් නු’යි තෘණකාෂ්ටවනස්පතීන්ගේ කාරකයෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
266. ස. පු: ‘කර්‍ම ඇත් නු’යි කර්‍මකාරකයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කර්‍ම අනෙකෙක් වේ ද? කර්‍මකාරක අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
267. ප. පු: විපාකයෙක් ඇත් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: විපාක විඳිනුවෙක් ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
268. ස. පු: ‘විපාක ඇත් නු’යි විපාක විඳිනුවෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උහු පිළිබඳ වත් විඳිනුවෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: උහු පිළිබඳවත් විඳිනුවෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: (දෙවන වට) එසේ යැ.
ස. අනු: ඒ ඒ දුඃඛයාගේ මැ අවසන් කිරීමෙක් නැද්ද? වට සිඳීමෙක් නැද්ද? අනුපාදාපරිනිර්‍වාණයෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
269. ස. පු: ‘විපාක ඇත් නු’යි විපාක විඳිනුවෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.