Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 11801-11900 න් 15036

අනු. පා: භවත “චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා ශ්‍රෝතවිඥානය උපදනේ වේ” යයි නො කියැයුතු මැ යැ.
7. ස. පු: චක්‍ෂුර්විඥානයට අනතුරු වැ ශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: එ මැ චක්‍ෂුර්විඥානය ඒ ශ්‍රෝත්‍රවිඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: ශ්‍රෝත්‍රවිඥානයට අනතුරු වැ ඝ්‍රාණවිඥානය උපදනේ වේ ද? ඝ්‍රාණවිඥානයට අනතුරු වැ ජිහ්වාවිඥානය උපදනේ වේ ද? ජිහ්වාවිඥානයට අනතුරු වැ කායවිඥානය උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ජිහ්වාවිඥානයාගේ උපැත්මට යම් ආවර්‍තනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද, ඒ මැ කායවිඥානයාගේ උපැත්මට ආවර්‍තනා ... ප්‍රණිධි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: ජිහ්වාවිඥානයට අනතුරු වැ කායවිඥානය උපදී, ජිහ්වාවිඥානයාගේ උපැත්මට යම් ආවර්‍තනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද, ඒ මැ කායවිඥානයාගේ උපැත්මට ආවර්‍තනා ... ප්‍රණිධි වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කායවිඥානය ආවර්‍තනා නො කරන්නහුට උපදනේ වේ ද, ... ප්‍රණිධි නො කරන්නහුට උපදනේ වේ ද?
ප. පටි.: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: කායවිඥානය ආවර්‍තනා කරන්නහුට උපදනේ නො, ... ප්‍රණිධි කරන්නහුට උපදනේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කායවිඥානය ආවර්‍තනා කරන්නහුට උපදනේ වේ නම් ... ප්‍රණිධි කරන්නහුට උපදනේ වේ නම්,
අනු. පා: භවත ‘ජිහ්වාවිඥානයට අනතුරු වැ කායවිඥානය උපදනේ ය’යි නො කියැයුතු මැ යැ.
10. ස. පු: ජිහ්වාවිඥානයට අනතුරු වැ කායවිඥානය උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ජිහ්වාවිඥානය රසනිමිත්ත මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කායවිඥානය රසනිමිත්ත මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: ජිහ්වාවිඥානය රසාලම්බන මැ වේ ද, අන්‍යාලම්බන නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කායවිඥානය රසාලම්බන මැ වේ ද, අන්‍යාලම්බන නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
12. ස. පු: ජිහ්වාත් රසාලම්බනයත් නිසා ජිහ්වාවිඥානය උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ජිහ්වාත් රසාලම්බනයත් නිසා කායවිඥානය උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
13. ස. පු: ජිහ්වාත් රසාලම්බනයත් නිසා කායවිඥානය උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ජිහ්වාත් රසාලම්බනයත් නිසා කායවිඥානය උපදිති’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටි.: නැත.
ස. අනු: ජිහ්වාත් රසාලම්බනයත් නිසා ජිහ්වාවිඥානය උපදිති’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ජිහ්වාත් රසාලම්බනයත් නිසා ජිහ්වාවිඥානය උපදිතියි වදාළ සූත්‍රාන්තයෙක් ඇත් නම්,
අනු. පා: භවත, ‘ජිහ්වාත් රසාලම්බනයත් නිසා කායවිඥානය උපදනේ වේ’ යයි නො කියැයුතු මැ යැ.
14. ස. පු: ජිහ්වාවිඥානයට අනතුරු වැ කායවිඥානය උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ ජිහ්වාවිඥානය මැ ඒ කායවිඥානය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
15. ප. පු: ‘පඤ්චවිඥානයෝ උනුනට සමනන්තර වැ උපදිති’යි යනු නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: නටන, ගයන, වයන, රූ ද දක්නා, හඬ ද අසන, ගඳ ද ආඝ්‍රාණ කරන, රස ද ආස්වාද කරන, ස්ප්‍රෂ්ටව්‍යය ද ස්පර්‍ශ කරන යමෙක් ඇත් නු?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: නටන, ගයන, වයන, රූ ද දක්නා, හඬ ද අසන, ගන්‍ධය ද ආඝ්‍රාණ කරන, රස ද ආස්වාද කරන, ස්ප්‍රෂ්ටව්‍යය ද ස්පර්‍ශ කරන යමෙක් ඇත් නම්,
අනු. පා: භවත, එකරුණින් පඤ්චවිඥානයෝ උනුනට අනතුරු වැ උපදනාහ’ යි කියැයුතු මැ යැ.
(මෙහි නච්චතිගායති ආදි වචන අරමුණු හමුවීමෙහි ක්‍ෂණික පරිවර්‍තනය නිසා වන විඥානයන්ගේ ව්‍යකීර්‍ණභාවය මුත් ඔවුන්ගේ අනන්තර පච්චය භාවය නො කියති. එහෙයින් අසාධකයි.)
අනන්තරපච්චයකථා නිමි.
අරියරූපකථා
[සම්මාවාචා යැ සම්මාකම්මන්ත යැ යන මේ අරියරූපය යි ගණිති. එ ද උපාදායරූප යයි උත්තරාපථකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අරියරූපකථා’ එයි.]
1. ස. පු: ආර්‍ය්‍යරූපය මහාභූතයන්ගේ උපාදායරූප වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ආර්‍ය්‍යරූප කුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මහාභූතයෝ කුශල වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: මහාභූතයෝ අව්‍යාකෘත වෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ආර්‍ය්‍යරූප අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ආර්‍ය්‍යරූපය මහාභූතයන්ගේ උපාදායරූප වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ආර්‍ය්‍යරූපය අනාස්‍රව, අසංයෝජනිය, අග්‍රන්‍ථනීය, අනෝඝනීය, අයෝගනීය, අනීවරණිය, අපරාමෘෂ්ට, අනුපාදානිය, අසාංක්ලේශික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මහාභූතයෝ අනාස්‍රව ... අසාංක්ලේශික වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: මහාභූතයෝ සාස්‍රව සංයෝජනිය ... සාංක්ලේශික වෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ආර්‍ය්‍යරූපය සාස්‍රව, සංයෝජනිය ... සාංක්ලේශික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ප. පු: ‘ආර්‍ය්‍යරූපය මහාභූතයන්ගේ උපාදායරූප වෙති’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, සතර මහාභූතයෝ යැ සතර මහාභූතයන්ගේ උපාදායරූපයෝ යැ’යි යම් මැ රූපයෙක් වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ආ: එකරුණින් ‘අරියරූපය මහාභූතයන්ගේ උපාදාය රූප’ වෙයි. (ආර්‍ය්‍යරූපය අසිද්ධ හෙයින් අසාධකයි.)
අරියරූපකථා නිමි.
අඤ්ඤො අනුසයොතිකථා
[යම් හෙයෙකින් පෘථග්ජනයා කුසලාව්‍යාකෘත චිත්තය පවත්නා කල්හි ‘සානුශයහ’යි කියැයුතු වුව ද ‘පර්‍ය්‍යුත්‍ථිතහ’යි නො කියයුතු බැවින් ‘අනුශය නම් අනෙකෙක, පර්‍ය්‍යුත්‍ථාන නම් අනෙකෙකැ’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අඤ්ඤො අනුසයොතිකථා’ එයි.]
1. ස. පු: කාමරාගානුශය අනෙකෙක් වේ ද, කාමරාගපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කාමරාග අනෙකෙක් වේ ද, කාමරාගපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද? (පර්‍ය්‍යුත්‍ථාන නම් නැගීසිටීමයි)
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ඒ කාමරාගය මැ ඒ කාමරාගපර්‍ය්‍යුත්‍ථානය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ කාමරාගානුශය මැ ඒ කාමරාගපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ප්‍රතිඝානුශය, අනෙකෙක් වේ ද, ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රතිඝය අනෙකෙක් වේ ද, ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථානය අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ඒ ප්‍රතිඝය මැ ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ ප්‍රතිඝානුශය මැ, ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: මානානුශය අනෙකෙක් වේ ද, මානපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?