Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 11701-11800 න් 15036

ස. අනු: අකුශලය ආවර්‍තන නො කරන්නහුට උපදනේ වේ ද ... ප්‍රණිධාන නො කරන්නහුට උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අකුශලය ආවර්‍තනා කරන්නහුට උපදනේ ... ප්‍රණිධි කරන්නහුට උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින්, අකුශලය ආවර්‍තනා කරන්නහුට උපදනේ වේ නම් ... ප්‍රණිධි කරන්නහුට උපදනේ වේ නම්,
අනු. පා: භවත, කුශලමූලය අකුශලමූල ප්‍රතිසන්‍ධාන කෙරේ, යයි නො කියැයුතු මැ යැ.
7. ස. පු: කුශලමූලය අකුශලමූල ප්‍රතිසන්‍ධාන කෙරේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කුශලය යෝනිසෝමනසිකාරයෙන් උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ
ස. අනු: අකුසලය යෝනිසෝමනසිකාරයෙන් උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ.
ස. අනු: අකුශලය අයෝනිසෝමනසිකාර කරන්නහුට උපදනේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අකුශලය අයෝනිසෝමනසිකාර කරන්නහුට උපදනේ වේ නම්,
අනු. පා: භවත, කුශලමූලය අකුශලමූල ප්‍රතිසන්‍ධාන කෙරේයයි නො කියැයුතු මැ යැ.
8. ස. පු: කුශලමූලය අකුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නිෂ්කාමසංඥාවට අනතුරු වැ කාමසංඥා උපදනේ වේ ද, අව්‍යාපාදසංඥාවට අනතුරු වැ ව්‍යාපාදසංඥා උපදනේ වේ ද, අවිහිංසාසංඥාවට අනතුරු වැ විහිංසාසංඥා උපදනේ වේ ද, මෛත්‍රියට අනතුරු වැ ව්‍යාපාදය උපදනේ වේ ද, කරුණාවට අනතුරු වැ විහිංසා උපදනේ වේ ද, මුදිතාවට අනතුරු වැ අරති උපදනේ වේ ද, උපේක්‍ෂාවට අනතුරු වැ ප්‍රතිඝය උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ප. පු: ‘අකුශලමූලය කුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරෙයි, කුශලමූලය අකුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරෙයි’ යනු නො කියයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: යම් මැ වස්තුයෙකැ ඇලේ ද, එ මැ වස්තුයෙහි නො ඇලෙන්නේ, යම් මැ වස්තුයෙකැ නො ඇලේ ද, එ මැ වස්තුයෙහි ඇලෙන්නේ නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් යම් මැ වස්තුයෙකැ නො ඇලෙනුයේ එ මැ වස්තුයෙහි ඇලේ නම්,
අනු. පා: භවත එකරුණින් ‘අකුශලමූලය කුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරෙයි, කුශලමූලය අකුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරෙයි’ යනු කියැයුතු මැ යැ.
(මෙහි එක් මැ අරමුණෙහි රාගවිරාග උත්පත්තිය දැක්විණ. කුසලාකුසල අනන්තරතා නො වේ. එහෙයින් අසාධකයි.)
කුසලාකුසලපටිසන්‍දහනකථා නිමි.
සළායතනුප්පත්තිකථා
[‘උපපත්තෙසිය - පිළිසඳ සිත සමග මැ ඕපපාතිකයනට ෂඩායතන උපදනේ යැ. ජරායුජ සත්ත්‍වයනට ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මනායතන කායායතන දෙදෙන මැ උපදනාහ. ආධ්‍යාත්මික ආයතනයන් කෙරෙහි ඉතිරි සතර ආයතන සත්සැත්තෑරැසෙහි උපදිති. ඔහු ද ඒ ප්‍රතිසන්‍ධිකර්‍මය හෝ අනෙක් කර්‍මයක් හෝ කළ හෙයිනැ’යි ස්වසමයෙහි වාද යි. එතෙකුදු වුව ‘ඒකකර්‍මසම්භවතාහේතුයෙන් ශාඛාවිටපසම්පන්න වෘක්‍ෂාදීන්ගේ අඞ්කුරෝද්ගමනය සෙයින් මවුකුසැ ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි දී මැ බිජමාත්‍ර ෂඩායතන ඇති’යි පූර්‍වශෛලිය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සළායතනුප්පත්තිකථා’ එයි.]
1. ස. පු: ෂඩායතන පෙර පසු නො වැ මවුකුසැ පිහිටා ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: හැම අඟපසඟ ඇති වැ අනූන ඉඳුරන් ඇති වැ මවුකුසැ සිටුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: උප්පත්තෙසිය (ප්‍රතිසන්‍ධි) සිතින් චක්‍ෂුරායතනය පිහිටන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: උපපත්තෙසිය සිතින් හස්තයෝ පිහිටත් ද, පාදයෝ පිහිටත් ද, ශීර්‍ෂය පිහිටා ද, කර්‍ණය පිහිටා ද, නාසිකාව පිහිටා ද, මුඛය පිහිටා ද, දන්තයෝ පිහිටත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: උපපත්තෙසිය සිතින් ශ්‍රෝත්‍රායතනය ... ඝ්‍රාණායතනය ... ජිහ්වායතනය පිහිටන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: උපපත්තෙසිය සිතින් හස්තයෝ පිහිටත් ද, පාදයෝ පිහිටත් ද, ශීර්‍ෂය පිහිටා ද, කර්‍ණය පිහිටා ද, නාසිකාව පිහිටා ද, මුඛය පිහිටා ද, දන්තයෝ පිහිටත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ප. පු: මාතෘකුක්‍ෂිගතයාහට පසු වැ චක්‍ෂුරායතන උපදනේ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: මාතෘකුක්‍ෂියෙහි දී චක්‍ෂුෂ්ප්‍රතිලාභ පිණිස කර්‍ම කරන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ප. පු: මාතෘකුක්‍ෂිගතයාහට පසු වැ ශ්‍රෝත්‍රායතන ... ඝ්‍රාණායතන ... ජිහ්වායතන උපදනේ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: මාතෘකුක්‍ෂියෙහි ජිහ්වායතන ප්‍රතිලාභ පිණිස කර්‍ම කරන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ප. පු: මාතෘකුක්‍ෂිගතයාහට පසු වැ කෙස් ලොම් නිය දත් ඇට උපදනේ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: මාතෘකුක්‍ෂියෙහි දී අස්‍ථිප්‍රතිලාභ පිණිස කර්‍ම කරන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: ‘මාතෘකුක්‍ෂිගතයාහට පසු වැ කෙස් ලොම් නිය දත් ඇට උපදනේ යැ’යි කියැයුතු නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:
“පළමු වැ කලලරූපය වෙයි. කලලරූපයෙන් අර්බුද වෙයි. අර්බුදයෙන් පේශි උපදි. පෙශියෙන් ඝන වෙයි. ඝනයෙන් ප්‍රශාඛයෝ ද කෙස් ලොම් නිය ද උපදිත්.
ඔහුගේ මව ආහාරපාන සඞ්ඛ්‍යාත යම් මැ බොජුනක් බුදී ද, ඒ මාතෘකුක්‍ෂිගත සත්ත්‍වයා එයින් යැපේ”යයි
වදාළ සුත්‍රාන්තයක් ඇත්තේ මැ නු?
ප. පු: එසේ යැ.
ස. ආ: එකරුණින් ‘මාතෘකුක්‍ෂිගතයාහට පසු වැ කෙස් ලොම් නිය දත් ඇට උපදනාහු වෙත්.
සළායතනුප්පත්තිකථා නිමි.
අනන්තරපච්චයකථා
[නෘත්‍යගිතාදියෙහි දී ඇති වන රූපදර්‍ශන ශබ්දශ්‍රවණාදීන්ගේ වහා සිදුවන පරිවර්‍තන දැක ‘මේ විඥානයෝ උනුනට අනන්තර වැ උපදිති’යි උත්තරාපථකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අනන්තරපච්චයකථා’ එයි.]
1. ස. පු: චක්‍ෂුර්විඥානයට අනතුරු වැ ශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානයාගේ උත්පාදය පිණිස යම් ආවර්‍ජනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද, ඒ ආවර්‍ජනා ... ප්‍රණිධි මැ ශ්‍රෝත්‍රවිඥානයාගේ උත්පාදය පිණිස ආවර්‍ජනා ... ප්‍රණිධි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: (තොප මතයෙහි) චක්‍ෂුර්විඥානයට අනතුරු වැ ශ්‍රෝත්‍රවිඥානය උපදනේ යැ. චක්‍ෂුර්විඥානයාගේ උත්පාදය පිණිස යම් ආවර්‍තනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද ඒ මැ ශ්‍රෝත්‍රවිඥානයාගේ උත්පාදය පිණිස ආවර්‍තනා ... ප්‍රණිධි වෙති’යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රෝත්‍රවිඥානය ආවර්‍තනා නො කරන්නහුට උපදනේ වේ ද? ... ප්‍රණිධි නොකරන්නහුට උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ශ්‍රෝත්‍රවිඥානය ආවර්‍තනා කරන්නහුට උපදනේ නො වේ ද? ... ප්‍රණිධි කරන්නහුට උපදනේ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ශ්‍රෝත්‍රවිඥානය ආවර්‍තනා කරන්නහුට උපදනේ වේ නම්, ... ප්‍රණිධි කරන්නහුට උපදනේ වේ නම්,
අනු. පා: භවත, චක්‍ෂුර්විඥානයට අනතුරු වැ ශ්‍රෝත්‍රවිඥානය උපදනේ යැ’යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: චක්‍ෂුර්විඥානයට අනතුරු වැ ශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානය රූපනිමිත්ත මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රෝත්‍රවිඥානය රූපනිමිත්ත මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: චක්‍ෂුර්විඥානය රූපාලම්බන මැ වේ ද, අන්‍යාලම්බන නොවන්නේ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රෝත්‍රවිඥානය රූපාලම්බන මැ වේ ද, අන්‍යාලම්බන නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා ශ්‍රෝතවිඥානය උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: “චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා ශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටි: නැති.
ස. අනු: “චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින්, “චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ නම්,