Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 11601-11700 න් 15036

(‘තනු සා ධම්මතණ්හා’ යන පදයෙන් ධර්‍මාලම්බන නිසා පවත්නා තෘෂ්ණාව කියැ වේ. අව්‍යාකෘතභාවය නො වේ. එහෙයින් අසාධක යි.)
ධම්මතණ්හා අඛ්‍යාකතාතිකථා නිමි.
ධම්මතණ්හා න දුක්ඛසමුදයෝති කථා
[ධර්‍මතෘෂ්ණාව ‘ධම්මතණ්හා’ යයි කී හෙයින් එය දුක්ඛසමුදය නො වේ යයි පූර්‍වශෛලීයනිකාය වාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳිනට ‘ධම්මතණ්හා න දුක්ඛසමුදයෝති කථා’ එයි.]
1. ස. පු: ධර්‍මතෘෂ්ණාව දුඃඛසමුදය නො වනු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපතෘෂ්ණාව දුඃඛසමුදය නො වනු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ධර්‍මතෘෂ්ණා දුඃඛසමුදය නො වනු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශබ්දතෘෂ්ණා ... ගන්‍ධතෘෂ්ණා ... රසතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා දුඃඛසමුදය නො වනු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: රූපතෘෂ්ණා දුඃඛසමුදය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ධර්‍මතෘෂ්ණා දුඃඛසමුදය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ශබ්දතෘෂ්ණා ... ගන්‍ධතෘෂ්ණා ... රසතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා දුඃඛසමුදය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ධර්‍මතෘෂ්ණා දුඃඛසමුදය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: ධර්‍මතෘෂ්ණාව දුඃඛසමුදය නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තෘෂ්ණාව දුඃඛසමුදය’ යි වදාරනලද නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තෘෂ්ණාව දුඃඛසමුදය’ යි වදාරනලද වේ නම්,
අනු. පා: භවත ‘ධර්‍මතෘෂ්ණාව දුඃඛසමුදය නො වේ යැ’ යි නො කියැයුතු මැ යැ.
6. ස. පු: ධර්‍මතෘෂ්ණාව දුඃඛසමුදය නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ලෝභය දුඃඛසමුදය ය’යි වදාරනලද නො? ධර්‍මතෘෂ්ණාව ලෝභ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ලෝභය දුඃඛසමුදය’ යි වදාරනලද වේ නම්, ධර්‍මතෘෂ්ණාත් ලෝභ වේ නම්,
අනු. පා: භවත ‘ධර්‍මතෘෂ්ණාව දුඃඛසමුදය නො වේ යැ’ යි නො කියැයුතු මැ යැ.
7. ස. පු: ධර්‍මතෘෂ්ණාව ලෝභ වූයේ දුඃඛසමුදය නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපතෘෂ්ණා ලෝභ වූයේ දුඃඛසමුදය නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: ධර්‍මතෘෂ්ණාව ලෝභ වූයේ දුඃඛසමුදය නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශබ්දතෘෂ්ණා ... ගන්‍ධතෘෂ්ණා ... රසතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා ලෝභ වූයේ දුඃඛසමුදය නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: රූපතෘෂ්ණා ලෝභ වූයේ දුඃඛසමුදය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ධර්‍මතෘෂ්ණාව ලෝභ වූයේ දුඃඛසමුදය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: ශබ්දතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා ලෝභ වූයේ දුඃඛසමුදය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ධර්‍මතෘෂ්ණා ලෝභ වූයේ දුඃඛසමුදය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: ධර්‍මතෘෂ්ණා දුඃඛසමුදය නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “පුනර්‍භවය කරනසුලු වූ අභිනන්‍දන සඞ්ඛ්‍යාත නන්‍දිරාගයෙන් යුක්ත වූ ඒ ඒ ආත්මභාවයෙහි සතුටු වන යම් තෘෂ්ණාවක් ඇද්ද, ඔහු නම් කාමතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි” වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ආ: එකරුණින් “ධර්‍මතෘෂ්ණා දුඃඛසමුදය නො වේ යැ’ යි නො කියැයුතු යැ.
12. ප. පු: ‘ධර්‍මතෘෂ්ණා දුඃඛසමුදය නො වේ යැ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: හො ධර්‍මතෘෂ්ණා නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් හො ධර්‍මතෘෂ්ණා වේ නම්,
අනු. පා: භවත, ධර්‍මතෘෂ්ණා දුඃඛසමුදය වේ යැ’ යි නො කියැයුතු යැ.
ධම්මතණ්හා න දුක්ඛසමුදයෝතිකථා නිමි.
තෙළෙස් වන වග නිමියේ යි.
එහි උද්දානය:
කප්පට්ඨකථා යැ කුසලපටිලාභකථා යැ අනන්තරාපයුත්තකථා යැ නියතස්ස නියාමකථා යැ නිවුතකථා යැ සම්මුඛීභූතකථා යැ සමාපන්නෝ අස්සාදෙති කථා යැ අසාතරාගකථා යැ ධම්මතණ්හා අඛ්‍යාකතාතිකථා යැ ධම්මතණ්හා න දුකඛසමුදයොති කථා යි.
තුදුස්වනවග
කුසලාකුසලපටිසන්‍දහනකථා
[කුශලය අකුශලයට අනතුරු වැ හෝ අකුශලය කුශලයට අනතුරු වැ හෝ ඉපදීමක් නැති හෙයින් උනුන්ගේ අන්‍යෝන්‍ය ප්‍රතිසන්‍ධාන නො යෙදේ. එහෙත් ‘එක් මැ වස්තුයෙහි රජ්ජන විරජ්ජන වශයෙන් කුශලාකුශලයන්ගේ ප්‍රතිසන්‍ධාන ඇති’යි මහා සඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තාහු වෙද් ද ඔවුන්ගේ වාද බිඳුනට ‘කුසලාකුසල පටිසන්‍දහනකථා’ එයි.]
1. ස. පු: අකුශලමූලය කුශලමූලය ප්‍රතිසන්‍ධාන (එකිනෙක ගැලපීම) කෙරේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අකුශලයාගේ උත්පාදය පිණිස යම් ආවර්‍ජනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද, ඕ මැ කුශලයාගේ උත්පාදය පිණිස ආවර්‍ජනා ... ප්‍රණිධි වේ ද,
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: අකුශලමූලය කුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරේ ද, අකුශලයාගේ උත්පාදය පිණිස යම් ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද, ඒ මැ කුශලයාගේ උත්පාදය පිණිස ආවර්‍ජනා ... ප්‍රණිධි වේ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කුශලය ආවර්‍ජනා නො කරන්නහුට උපදනේ වේ ද, ... ප්‍රණිධි නො කරන්නහුට උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: කුශලය ආවර්‍ජනා කරන්නහුට උපදනේ වේ ද? ... ප්‍රණිධි කරන්නහුට උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කුශලය ආවර්‍ජනා කරන්නහුට උපදනේ වේ නම් .... ප්‍රණිධි කරන්නහුට උපදනේ වේ නම්,
අනු. පා: භවත, ‘අකුශලමූලය කුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරේ’යයි නො කියැයුතු මැ යැ.
3. ස. පු: අකුශලමූලය කුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අකුශලය අයෝනිසෝමනසිකාර කරන්නහුට උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ
ස. අනු: කුශලය අයෝනිසෝමනසිකාර කරන්නහුට උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: කුශලය යෝනිසෝමනසිකාර කරන්නහුට උපදනේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කුශලය යෝනිසෝමනසිකාර කරන්නහුට උපදනේ වේ නම්,
අනු. පා: භවත ‘අකුශලමූලය කුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරේ’යයි නො කියැයුතු මැ යැ.
4. ස. පු: අකුශලමූලය කුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කාමසංඥාවට අනතුරු වැ නිෂ්කාමසංඥාව උපදනේ වේ ද? ව්‍යාපාදසංඥාවට අනතුරු වැ අව්‍යාපාදසංඥාව උපදනේ වේ ද? විහිංසාසංඥාවට අනතුරුව අවිහිංසාසංඥාව උපදනේ වේ ද? බ්‍යාපාදයට අනතුරු වැ මෛත්‍රිය උපදනේ වේ ද? විහිංසාවට අනතුරු වැ කරුණාව උපදනේ වේ ද? අරතියට අනතුරු වැ මුදිතාව උපදනේ වේ ද? ප්‍රතිඝයට අනතුරු වැ උපේක්‍ෂාව උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: කුශලමූලය අකුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කුශලෝත්පාදය පිණිස යම් ආවර්‍තනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද? ඒ මැ අකුශලොත්පාදයට ආවර්‍තනායෙක් ... ප්‍රණිධියෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: කුශලමූලය අකුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරේ, කුශලෝත්පාදය පිණිස යම් ආවර්‍තනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද, ඒ මැ අකුශලොත්පාදයට ආවර්‍තනා ... ප්‍රණිධි වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.