Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 11401-11500 න් 15036

ස. අනු: මිථ්‍යාත්‍වනියත සත්ත්‍වයා සම්‍යක්ත්‍වනියාමයට බැස ගන්නේ වේ ද? සම්‍යක්ත්‍වනියත සත්ත්‍වයා මිථ්‍යාත්‍වනියාමයට බැසගන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: නියත සත්ත්‍වයා නියාමයට බැසගන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පෙර මාර්‍ගය භවා පසු වැ නියාමයට බැසගන්නේ වේ ද?
ප. පු: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පෙර ශ්‍රෝතාපත්ති මාර්‍ග භවා පසු වැ ශ්‍රෝතාපත්ති නියාමයට බැසගන්නේ වේ ද?
ප. පු: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පෙර සෙදගැමි මග ... අනගැමි මග ... රහත්මග භවා පසු වැ අර්‍හත්ත්‍වනියාමයට බැසගන්නේ වේ ද?
ප. පු: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පෙර සතිපට්ඨාන ... සම්‍යක්ප්‍රධාන ... ඍද්ධිපාද ... ඉන්‍ද්‍රිය ... බල ... බෝධ්‍යඞ්ග භවා පසු වැ නියාමයට බැසගන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ප. පු: ‘නියත සත්ත්‍වයා නියාමයට බැසගන්නේ ය’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: බෝධිසත්ත්‍ව තෙමේ ඒ ජාතියෙහි ධර්‍මාභිසමයට භව්‍ය නොවන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: එකරුණින් නියතසත්ත්‍වයා නියාමධර්‍මයට බැසගන්නේ යැ.
නියතස්ස නියාමකථා නිමි.
නිවුතකථා
[‘ශුද්ධපුද්ගලයාහට ශුද්ධිකෘත්‍ය නැති බැවින් නීවරණයෙන් නිවෘත වූයේ (වෙළුණු පුද්ගලයා) නීවරණ දුරු කෙරේ’ යයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘නිවුතකථා’ එයි.]
1. ස. පු: නීවරණයෙන් නිවෘත වූයේ නීවරණ හැරපියන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රක්ත වූයේ රාගය හැරපියා ද? දුෂ්ට වූයේ ද්වේෂය හැරපියා ද? මූඪ වූයේ මෝහය හැරපියා ද? ක්ලිෂ්ට වූයේ ක්ලේශ හැරපියා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රාගයෙන් රාගය හැරපියා ද? ද්වේෂයෙන් ද්වේෂය හැරපියා ද? මෝහයෙන් මෝහය හැරපියා ද? ක්ලේශයෙන් ක්ලේශය හැරපියා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: රාගය චිත්තසම්ප්‍රයුක්ත වේ ද? මාර්‍ගය චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: රාගය අකුශල වේ ද? මාර්‍ගය කුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කුශලාකුශල, සාවද්‍යානවද්‍යා, හීනප්‍රණීත, කෘෂ්ණශුක්ලසප්‍රතිභාග ධර්‍මයෝ සම්මුඛීභාවයට එද් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: කුශලාකුශල, සාවද්‍යානවද්‍යා, හීනප්‍රණීත, කෘෂ්ණශුක්ලසප්‍රතිභාග ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මේ සුවිදූරවිදූරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහසත් පොළොවත් යන මෙදෙක පළමු වන සුවිදූරවිදූරය යි. ... එහෙයින් සත්පුරුෂයන්ගේ ධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ආ: එකරුණින් ‘කුශලාකුශල ... ධර්‍මයෝ සම්මුඛීභාවයට එති’ යි නො කියැයුතු මැ යැ.
5. ස. පු: නිවෘත වූයේ නීවරණ හැරපියන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “හේ මෙසේ සමාධිගත සිත පරිශුද්ධ වූ කල්හි පර්‍ය්‍යවදාත වූ කල්හි අනඞ්ගණ වූ කල්හි විගතෝපක්ලේශ වූ කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වූ කල්හි ස්ථිතිප්‍රාප්ත කල්හි අකම්ප්‍යභාවයට පැමිණි කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත නමන්නේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ආ: එකරුණින් ‘නිවෘත වූයේ නීවරණ හැරපියා’යි නො කියැයුතු මැ යැ.
6. ප. පු: “නිවෘත වූයේ නීවරණ හැරපියන්නේ වේ” යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මෙසේ දන්නා මෙසේ දක්නා ඔහට කාමාස්‍රවයෙනුදු සිත මිදෙයි ... අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ආ: එකරුණින් ‘නිවෘත වූයේ නීවරණ හැරපියන්නේ වෙයි.
(සූත්‍රපාඨයෙන් දැක්වෙන්නේ ආස්‍රවක්‍ෂය මිස නිවෘතයාගේ නීවරණ හැරලීමෙක් නොවේ. එහෙයින් අසාධකයි.)
නිවුතකථා නිමි.
සම්මුඛීභූතකථා
[මෙහි නිදානය ද නිවුත්කථායෙහි මෙනි.]
1. ස. පු: (සංයෝජනයන්ගේ) සම්මුඛීභාවයට පැමිණියේ සංයෝජන හැරපියන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රක්ත වූයේ රාගය හැරපියා ද? දුෂ්ට වූයේ ද්වේෂය හැරපියා ද? මූඨ වූයේ මෝහය හැරපියා ද? ක්ලිෂ්ට වූයේ ක්ලේශයන් හැරපියා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රාගයෙන් රාගය හැරපියා ද? ද්වේෂයෙන් ද්වේෂය හැරපියා ද? මෝහයෙන් මෝහය හැරපියා ද? ක්ලේශයෙන් ක්ලේශයන් හැරපියා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: රාගය චිත්තසම්ප්‍රයුක්ත යැ. මාර්‍ගය චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: රාගය අකුශල යැ. මාර්‍ගය කුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: කුශලාකුශල වූ ... ධර්‍මයෝ සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැනු: “මහණෙනි, මේ සුවීදූරවිදූරස්ථානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහස හා පොළොව හා මේ පළමු වන සුවිදූරවිදූරස්ථාන යි ... එහෙයින් සත්පුරුෂයන්ගේ ධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැනු?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ආ: එකරුණින් ‘කුශලාකුශල වූ ... ධර්‍මයෝ සම්මුඛීභාවයට එති’ යි නො කියැයුතු මැ යැ ...
5. ස. පු: සංයෝජනයන්ගේ සම්මුඛීභාවයට පැමිණියේ සංයෝජන හැරපියා ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “හේ මෙසේ සමාහිත චිත්තය පරිශුද්ධ වත් මැ ... ආස්‍රවක්‍ෂයඥානය පිණිස චිත්තය නතු කෙරෙයි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ආ: එකරුණින් ‘සම්මුඛීභූත වූයේ සංයෝජන හරනේ යැ’ යනු නො කියැ යුතු යැ.
6. ප. පු: ‘සම්මුඛීභූත වූයේ සංයෝජන හරනේ යැ’ යනු නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රව කෙරෙනුදු මිදෙයි ... අවිද්‍යාස්‍රව කෙරෙනුදු මිදේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටි: එසේ යැ.
ප. ආ: එකරුණින් සම්මුඛීභූත වූයේ සංයෝජන හරනේ යැ.
සම්මුඛීභූතකථා නිමි.
සමාපන්නෝ අස්සාදෙති කථා
[‘පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ තදස්සාදෙති - ප්‍රථමධ්‍යාන උපයා වාස කෙරෙයි. ඒ ධ්‍යානලාභී පුද්හල එය ආස්වාද කෙරෙයි’ යනාදි වචන නිසා ‘සමවන්නේ ආස්වාද කෙරේ යයි ද, ඔහුගේ ඒ ධ්‍යානතිකාන්තිය ධ්‍යානාලම්බන වේ’ යයි ද අන්‍ධක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සමාපන්නෝ අස්සාදෙති’ කථා එයි.]
1. ස. පු: සමවන්නේ ආස්වාද කෙරෙයි. ඒ ධ්‍යානතිකාන්තිය (ධ්‍යානාශාව) ධ්‍යානාලම්බන වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ ධ්‍යානය ඒ ධ්‍යානයට ආලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ඒ ධ්‍යානය ඒ ධ්‍යානයට ආලම්බන වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ ස්‍පර්‍ශයෙන් ඒ ස්‍පර්‍ශය ස්‍පර්‍ශ කෙරේ ද? ඒ වේදනායෙන් ඒ වේදනාව විඳුනේ වේ ද? ඒ සංඥායෙන් ඒ සංඥාව දන්නේ වේ ද? ඒ චේතනායෙන් ඒ චේතනාව සිතා ද? ඒ චිත්තයෙන් ඒ චිත්තය චින්තන කෙරේ ද? ඒ විතර්‍කයෙන් ඒ විතර්‍ක තර්‍කණ කෙරේ ද? ඒ විචාරයෙන් විචාරය විචාරනා කෙරේ ද? ඒ ප්‍රීතියෙන් ඒ ප්‍රීතිය පියායනා කෙරේ ද? ඒ ස්මෘතියෙන් ඒ ස්මෘතිය ස්මරණ කෙරේ ද? ඒ ප්‍රඥායෙන් ඒ ප්‍රඥාව දනී ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ධ්‍යානතිකාන්තිය චිත්තසම්ප්‍රයුක්ත වේ ද, ධ්‍යානය චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...