Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 11301-11400 න් 15036

ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කප හටගන්නා හා මැ කල්පස්ථයා කල්පස්ථායී කර්‍ම කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: කල්පස්ථයා කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කල්පය හටගන්නා හා මැ කල්පස්ථ පුද්ගලයා කලුරිය කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: කල්පස්ථයා කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අතීතකල්පය සිටුනේ වේ ද? අනාගතකල්පය සිටුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: කල්පස්ථයා කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෙකපක් සිටුනේ වේ ද? තෙකපක් සිටුනේ වේ ද? සිවුකපක් සිටුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: කල්පස්ථයා කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කල්පස්ථයා කප දන කලැ කොහි යේ ද?
ප. පටිඤ්‍ඤා: අන්‍ය ලෝකධාතුවකට යෙයි.
ස. අනු: මළේ යේ ද, නොහොත් අහසින් යේ ද?
ප. පටි: මළේ යෙයි.
ස. අනු: කල්පස්ථායී කර්‍මය අපරාපරිය වේදනීය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: අහසට යේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කල්පස්ථයා ඍද්ධිමත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ... (භාවනාමය ඍද්ධි නැති හෙයින් ප්‍රතික්‍ෂිප්තයි.)
9. ස. පු: කල්පස්ථයා ඍද්ධිමත් වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ. (ජාතිඍද්ධි ඇතියි ප්‍රතිඥාතයි.)
ස. අනු: කල්පස්ථයා විසින් ඡන්‍දිද්ධිපාද භාවිත වේ ද, වීරියිද්ධිපාද භාවිත වේ ද, චිත්තිද්ධිපාද භාවිත වේ ද, වීමංසිද්ධිපාද භාවිත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ... (ජාතිඍද්ධිපාද ඇති කල්හි ඍද්ධිපාදභාවනා කුමටැයි ප්‍රතික්‍ෂිප්තයි.)
10. ප. පු: ‘කල්පස්ථයා කපක් සිටුනේ යැ’යි නො කියයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු:
“ආපායික වූ නේරයික වූ කල්පස්ථායී වූ වර්‍ගරත වූ අධර්‍මස්ථ වූ සඞ්ඝභේදක පුද්ගලයා යෝගක්‍ෂේමයෙන් පිරිහෙයි. සමග සඟුන් බිඳ කපක් දවස් නිරයෙහි පැසේ” යයි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ආ: එකරුණින් කල්පස්ථයා කපක් සිටුනේ යැ. (කල්පය අසූවට බෙදා එයින් භාගයක් පමණ කල් නිරයෙහි සිටී. ඒ නිරයෙහි ආයුෂ්කල්පය සඳහා කියුයෙන් අසාධක ය.)
කප්පට්ඨකථා නිමි.
කුසලපටිලාභකථා
[‘කල්පස්ථයා කාමාවචර කුශලයක් මැ ලබා’ යනු ස්වසමය යි. ‘කුසල්සිත් නො ලබා’ යයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘කුසලපටිලාභකථා’ එයි.]
1. ස. පු: කල්පස්ථයා කුශලචිත්තය නො ලබන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කල්පස්ථයා දන් දෙන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කල්පස්ථයා දන් දෙන්නේ වේ නම්,
අනු. පා: භවත, කල්පස්ථයා කුශලචිත්තය නොලබන්නේ යැ යනු නො කියැයුතු මැ යැ.
2. ස. පු: කල්පස්ථයා කුශලචිත්තය නො ලබන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කල්පස්ථයා සිවුරු දෙන්නේ ... පිඬුවා දෙන්නේ ... සෙනසුන් දෙන්නේ ... ගිලන්පසබෙහෙත්පිරිකර දෙන්නේ ... ඛාද්‍ය දෙන්නේ ... භෝජ්‍ය දෙන්නේ ... පැන් දෙන්නේ ... සෑ වඳනේ ... සෑයෙහි මල් පළඳනේ ... සුවඳ නංවන්නේ ... විලෙවුන් රුවන්නේ ... සෑ පැදකුණු කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කල්පස්ථයා සෑ පැදකුණු කරන්නේ වේ නම්,
අනු. පා: භවත, ‘කල්පස්ථයා කුශලචිත්තය නොලබන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
3. ප. පු: කල්පස්ථයා කුශලචිත්තය ලබන්නේ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: එයින් උත්‍ථාන කුශලචිත්තය ලබන්නේ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: රූපාවචර ... අරූපාවචර ... ලෝකෝත්තරචිත්තය ලබන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
කුශලපටිලාභකථා නිමි.
අනන්තරාපයුත්තකථා
[“කාබුන් මරණින් අනන්තර වැ විපාකදායක වූ ආනන්තර්‍ය්‍ය කර්‍මයක් පිණිස නියත ආණත්තියෙන් ඇණැවුම් ලැබූවෙක් මාතුඝාතකාදි ඒ කර්‍ම කෙරේ නම්, ඇණැවුම් කළ තැනැත්තේ අර්‍ත්‍ථසාධකචේතනා උපදවාලූයෙන් මිථ්‍යාත්‍වනියත වෙයි. සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නට අභව්‍ය වෙයි. අනියතාණත්තියකින් ඇණැවුම් ලැබූවෙක් ඒ කර්‍මය කෙරේ නම්, අණ කළ තැනැත්තේ අර්‍ත්‍ථසාධකචේතනා නූපදවාලූයෙන් මිථ්‍යාත්‍වනියත නො වෙයි. සම්‍යක්ත්‍ව නියාමයට බැසගන්නට භව්‍ය වෙයි” යනු ස්වසමය යි. එතෙකුදු වුව අනියතාණත්තියෙන් අණ කළ ද සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නට හේ අභව්‍ය වේ යයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අනන්තරාපයුත්තකථා’ එයි.]
1. ප. පු: අනන්තරාප්‍රයුක්ත පුද්ගලයා සම්‍යක්ත්‍වනියාමයට (ආර්‍ය්‍යමාර්‍ගයට) බැසගන්නේ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: මිථ්‍යාත්‍වනියාම (ආනන්තර්‍ය්‍යකර්‍ම) හා සම්‍යක්ත්‍වනියාම හා දෙකට මැ බැසගන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ප. පු: අනන්තරාප්‍රයුක්ත පුද්ගලයා සම්‍යක්ත්‍ව නියාමයට බැසගන්නේ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: ඒ ආනන්තර්‍ය්‍යකර්‍මය ප්‍රයුක්ත නො වේ ද, කුකුස් උපදවනලද නො වේ ද, විපිළිසර උපදවනලද නො වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කර්‍මය ප්‍රයුක්ත නම්, කුකුස් උපදවන ලද නම්, විපිළිසර උපදවන ලද නම්,
අනු. පා: භවත, ‘අනන්තරාප්‍රයුක්ත පුද්ගල සම්‍යක්ත්‍වනියාමයට බැස ගන්නේ යැ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: අනන්තරාප්‍රයුක්ත (අතියතාණත්තිකළ) පුද්ගලයා සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නට අභව්‍ය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: (ඔහු විසින්) මවු දිවි තොර කරන ලදු ද, පියේ දිවි තොර කරන ලද්දේ ද, රහත් දිවි තොර කරන ලද්දේ ද, දුෂ්ට චිත්තයෙන් තථාගතයන් වහන්සේගේ සිරුරෙහි ලෙහෙ සලන ලද්දේ ද, සඞ්ඝයා බිඳින ලද ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: අනන්තරාප්‍රයුක්ත පුද්ගලයා ඒ අතියතාණත්ති කර්‍මය හකුළුවා කුකුස් දුරු කොට විපිළිසර බැහැර කොට සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නට අභව්‍ය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: (ඔහු විසින්) මවු දිවි තොර කරන ලදු ද? පියේ දිවි තොර කරන ලද්දේ ද, ... සඞ්ඝයා බිඳින ලද්දේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: අනන්තරාප්‍රයුක්ත පුද්ගලයා ඒ කර්‍මය හකුළුවා කුකුස් දුරු කොට විපිළිසර බැහැර කොට සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නට අභව්‍ය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ කර්‍මය හකුළුවන ලද්දේ නො වේ ද? කුකුස දුරු කරන ලද්දේ නො වේ ද, විපිළිසර බැහැර කරන ලද්දේ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ඒ කර්‍මය හකුළුවන ලද වේ නම්, කුකුස් දුරු කරන ලද වේ නම්, විපිළිසර බැහැර කරන ලද වේ නම්,
අනු. පා: භවත, ‘අනන්තරාප්‍රයුක්ත පුද්ගලයා ඒ කර්‍මය හකුළුවා කුකුස් දුරු කොට විපිළිසර බැහැර කොට සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නට අභව්‍ය වෙයි’ යනු නො කියැයුතු මැ යැ.
6. ප. පු: අනන්තරාප්‍රයුක්ත පුද්ගලයා සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නේ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: ඒ ආනන්තර්‍ය්‍ය කර්‍මය ප්‍රයුක්ත වූයේ නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ඒ කර්‍මය ප්‍රයුක්ත වී නම්,
අනු. පා: භවත, ‘අනන්තරාප්‍රයුක්ත පුද්ගලයා සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
අනන්තරාපයුත්තකථා නිමි.
නියතස්ස නියාමකථා
[නියාමය දෙපරිදි වෙයි. එහි ආනන්තර්‍ය්‍ය කර්‍මය මිථ්‍යාත්‍වනියාම වෙයි. ආර්‍ය්‍යමාර්‍ගය සම්‍යක්ත්‍වනියාමය වෙයි. මේ නියාමධර්‍ම දෙක තබා අන්‍ය නියාමයෙක් නැත. සියලු ත්‍රෛභූමකධර්‍මයෝ අනියතයහ. එයින් යුක්ත වූයේත් අනියත මැ වෙයි. බුදුවරුන් විසින් තමන්ගේ ඥානබලයෙන් ‘මේ සත්ත්‍වයා අනාගතයෙහි බුදු වෙති’යි ව්‍යාකෘත වූ බෝධිසත්ත්‍ව තෙමේ අත්‍යන්ත පින් ඇති හෙයින් නියත’ යයි කියනු ලැබේ. මේ ව්‍යවහාර මාත්‍රය ගෙන ‘පශ්චිමභවික බෝධිසත්ත්‍වයා ධර්‍මාභිසමයට භව්‍යය’ යි යන අදහසින් ‘නියත වූයේ ආර්‍ය්‍යමාර්‍ග නියාමයට බැස ගන්නේ වේ ය’ යි පූර්‍ව ශෛලීය අපරශෛලීය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘නියතස්ස නියාමකථා’ එයි]
1. ස. පු: නියත වූ සත්ත්‍වයා නියාමයට බැසගන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.