Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 11201-11300 න් 15036

1. ප. පු: ‘ඒකබීජී’ පුද්ගල ඒකබීජිතායෙන් නියත වේය’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: හෙ ඒකබීජී නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් හෙ ඒකබීජී වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘ඒකබීජී පුද්ගල ඒකබීජිතායෙන් නියත වේය’ යි කියැයුතු මැ යැ.
ඒකබීජීකථා නිමි.
ජීවිතාවෝරෝපන කථා
[‘ප්‍රාණවධය ද්වේෂ සම්ප්‍රයුක්ත චිත්තයෙන් වෙයි. ද්වේෂය ද දෘෂ්ටිසම්පන්නයාහට අප්‍රහීන යැ. ඒ හේතුවින් දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන ප්‍රාණවධ කෙරේය’ යි පූර්‍වශෛලීය අපරශෛලීය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ජීවිතාවෝරෝපනකථා එයි.]
1. ස. පු: දෘෂ්ටිසම්පන්න (සෝතාපන්න) පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල මව දිවි ගළවන්නේ වේ ද ... පියා දිවි ගළවන්නේ වේ ද? ... රහත්හු දිවි ගළවන්නේ වේ ද ... දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි ලෙහෙ සලන්නේ වේ ද? ... සඞ්ඝභේද කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ. (සෝතාපන්නයා පිළිබඳ අස්ථාන කරුණු හෙයින් ප්‍රතික්‍ෂිප්තයි.)
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල බුදුන් කෙරෙහි අගෞරව ඇතියේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ධර්‍මය කෙරෙහි ... සඟුන් කෙරෙහි ... ශික්‍ෂායෙහි අගෞරව ඇතියේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල බුදුන් කෙරෙහි ගෞරව සහිත වූයේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් දෘෂ්ටිසම්පන්න පුද්ගල බුදුන් කෙරෙහි ගෞරව සහිත වේ නම්,
අනු. පා: භවත ‘දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල ධර්‍මය කෙරෙහි ... සඟුන් කෙරෙහි ... ශික්‍ෂායෙහි ගෞරව සහිත වූයේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් දෘෂ්ටිසම්පන්න පුද්ගල ශික්‍ෂායෙහි ගෞරව සහිත වේ නම්,
අනු. පා: භවත ‘දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
3. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගල බුදුන් කෙරෙහි අගෞරව සහිත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ. (අසති අමනසිකාර වශයෙන් අගෞරව සහිත වියහැකි හෙයින් ප්‍රතිඥාතයි.)
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල බුද්ධස්තූපයෙහි මල-මූ-සෙම් බැහීම්කිස කරන්නේ වේ ද? බුද්ධස්තූපයෙහි අප්‍රදක්‍ෂිණා කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ... (දැන දැන නොකරන හෙයින් ප්‍රතික්‍ෂිප්තයි.)
4. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, යම්සේ මහාසමුද්‍රය ස්ථිතස්වභාව ඇත්තේ වෙරළ නො ඉක්මපවත්නේ වේ ද, එසෙයින් මැ මහණෙනි, මා විසින් ශ්‍රාවකයනට යම් ශික්‍ෂාපදයෙක් පනවනලද වේ ද, එය මාගේ ශ්‍රාවකයෝ ජීවිතහේතුවිනුදු නො ඉක්මෙති” යි වදාළ සුත්‍රාන්තයක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ආ: එකරුණින් ‘දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ යැ’ යි නො කියැයුතු මැ යැ.
ජීවිතාවෝරෝපනකථා නිමි.
දුග්ගතිකථා
[දුර්‍ගතිය හා දුර්‍ගතිසත්ත්‍වයන්ගේ රූපාදිය අරමුණු කොට ඇති තෘෂ්ණාව හා දෙක මැ දුර්‍ගති විසින් ගෙන නැවත ඒ විභාග නො කොට - ඒ වෙන වෙන නො ගෙන අවශේෂයෙන් ‘දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ’යැ යි උත්තරාපථක නිකායවාසීන් සෙයින් වාද ගත්තවුන්ගේ ඒ වාද බිඳුනට දුර්‍ගතිකථා එයි.]
1. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල ආපායික රූපයෙහි ඇලේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් දෘෂ්ටිසම්පන්න පුද්ගල ආපායික රූපයෙහි ඇලේ නම්,
අනු. පා: භවත ‘දෘෂ්ටිසම්පන්න පුද්ගලහට දුර්‍ගති ප්‍රහීණ’ යැයි නො කියැයුතු මැ යැ.
2. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල ආපායික ශබ්දයන් ... ගන්‍ධයන් ... රසයන් ... ස්ප්‍රෂ්ටව්‍යයන් කෙරෙහි ඇලේ ද ... අමනුෂ්‍ය ස්ත්‍රිය හා සමග, තිරිසන්ගිය ස්ත්‍රිය හා සමග, නාගකන්‍යාව හා සමග මෙවුන්දම් සෙවුනේ වේ ද? එළුතිරෙළුවන් පිළිගන්නේ වේ ද, කුකුළුහූරන් පිළිගන්නේ වේ ද, ඇත් අස් වෙළඹුන් පිළිගන්නේ, තිත්වටු වටුවන් පිළිගන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් දෘෂ්ටිසම්පන්න පුද්ගල ... තිත්වටු වටු මයුරකපිඤ්‍ජර පිළිගන්නේ වේ නම්,
අනු. පා: භවත ‘දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ යැ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට (තොප මතයෙහි) දුර්‍ගති ප්‍රහීණ යැ. දෘෂ්ටිසම්පන්න පුද්ගල ආපායික රූපයෙහි ඇලේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට දුර්‍ගති ප්‍රහීණ යැ. රහත් ආපායික රූපයෙහි ඇලේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ යැ. දෘෂ්ටිසම්පන්න පුද්ගල ආපායික ශබ්දයෙහි ... ගන්‍ධයෙහි ... රසයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යයෙහි ඇලේ ද ... තිත්වටු වටු මයුරකපිඤ්‍ජර පිළිගන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට දුර්‍ගති ප්‍රහීණ යැ. රහත් තිත්වටුවටුවන් මයූරකපිඤ්‍ජරයන් පිළිගන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: රහත්හට දුර්‍ගති ප්‍රහීණ යැ. රහත් ආපායික රූපයෙහි නො ඇලෙන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ යැ. දෘෂ්ටිසම්පන්න පුද්ගල ආපායික රූපයෙහි නො ඇලෙන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: රහත්හට දුර්‍ගති ප්‍රහීණ යැ. රහත් ආපායික ශබ්දයෙහි ... ගන්‍ධයෙහි ... රසයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යයෙහි නො ඇලෙන්නේ වේ ද? නො මිනිස් මාගමක හා තිරිසන්ගිය මාගමක හා නාමෙණෙවියක හා ද මෙවුන්දම් නො සෙවුනේ වේ ද? එළු බැටළු නො පිළිගන්නේ වේ ද? කුකුළුහූරු නො පිළිගන්නේ වේ ද? ඇත්ගවඅස්වළඹුන් නො පිළිගන්නේ වේ ද? ... තිත්වටුවටුවන් මයුරකපිඤ්‍ජර නො පිළිගන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ යැ. දෘෂ්ටිසම්පන්න පුද්ගල ... තිත්වටුවටුවන් මයුරකපිඤ්‍ජර නො පිළිගන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ප. පු: ‘දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ යැ’ යි නො කියයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල නිරයට එළඹෙන්නේ වේ ද ... තිරිසන් යොනට එළැඹෙන්නේ වේ ද ... ප්‍රේතවිෂයට එළඹෙන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: එකරුණින් දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ වෙයි. (මෙයින් දුර්‍ගතිප්‍රහාණය හෝ දුර්‍ගතිගාමීතෘෂ්ණාප්‍රහාණය දැක්වූයේ වෙයි. දුර්‍ගතිසත්ත්‍වයන්ගේ රූපාදිය කෙරෙහිවූ තෘෂ්ණාප්‍රහාණය නොවේ. එහෙයින් අසාධකයි.)
දුර්‍ගතිකථා නිමි.
සත්තමභවිකකථා
[මෙහි නිදානය ද දුග්ගතිකථායෙහි මෙනි.]
1. ප. පු: ‘සප්තමභවික (සෝතාපන්න) පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ’ යැයි නො කියයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: සප්තමභවික පුද්ගල නිරයට එළඹෙන්නේ වේ ද? තිරශ්චීන යෝනියට එළඹෙන්නේ වේ ද? ප්‍රේත විෂයයට එළඹෙන්නේ වේ ද?
ස. පු: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: එකරුණින් සප්තමභවික පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ වෙයි.
සත්තමභවිකකථා නිමි.
ද්වාදශවර්‍ග නිමි.
එහි උද්දාන:
සංවරො කම්මන්ති කථා යැ, කම්මකථා යැ, සද්දො විපාකො’ති කථා යැ, සළායතනකථා යැ, සත්තක්ඛත්තුපරමකථා යැ, කොලංකොලකථා යැ, ඒකබීජිකථා යැ, ජීවිතා වෝරෝපනකථා යැ, දුග්ගතිකථා යැ, සත්තමභවිකකථා යි.
තෙළෙස්වනවග
කප්පට්ඨකථා
[“සඞ්ඝං සමග්ගං හෙත්‍වාන කප්පං නිරයම්හි පච්චති” යනු ගෙන සඞ්ඝභේදක කපක් පුරා නිරයෙහි සිටුනේ’යි රාජගිරිකයන් සෙයින් ලබ්ධි ගතුවන්ගේ වාද බිඳුනට කප්පට්ඨකථා එයි.]
1. ස. පු: කල්පස්ථයා (සම්පූර්‍ණ මහා) කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කල්පයත් සිටුනේ වේ ද? බුදුහු ද ලොව උපදනාහු වෙත් ද? (සඞ්ඝභේදය බුදුන් ඇති කලැමැ වන බව හැඟවී.)
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: කල්පස්ථයා කල්පයක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කපක් හටගනී. ඒ හා මැ සඞ්ඝයාත් බිඳේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: කල්පස්ථයා කපක් සිටුනේ වේ ද?