Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 11101-11200 න් 15036

ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සුඛවේදනීය නො වනුයේ ... අනාලම්බන වනුයේ නො? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත්තේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සුඛවේදනීය නො වේ නම් ... අනාලම්බන වේ නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,
අනු. පා: භවත, ‘චක්‍ෂුරායතන විපාක වේය’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ස්‍පර්‍ශය විපාක වෙයි. ස්‍පර්‍ශය සුඛවේදනීය ... සාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) චක්‍ෂුරායතන විපාක වෙයි, චක්‍ෂුරායතනය සුඛවේදනීය වේ ද ... සාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: චක්‍ෂුරායතනය විපාක වෙයි. චක්‍ෂුරායතනය සුඛවේදනීය නො වනුයේ ... අනාලම්බන වනුයේ වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශය විපාක වෙයි. ස්‍පර්‍ශය සුඛවේදනීය නො වනුයේ වේ ද, ... අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ශ්‍රෝත්‍රායතනය ... ඝ්‍රාණායතනය ... ජිහ්වායතනය ... කායායතනය විපාක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: (කායායතනය) සුඛවේදනීය දුඃඛවෙදනිය ... සාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සුඛවේදනීය නො ... අනාලම්බන නො, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නු?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සුඛවේදනීය නො වී නම් ... අනාලම්බන වී නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,
අනු. පා: භවත, ‘කායායතන විපාක වේය’ යි නො කියැයුතු මැ යැ.
5. ස. පු: ස්‍පර්‍ශය විපාක වෙයි. ස්‍පර්‍ශය සුඛවේදනීය වේ ද ... සාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) කායායතනය විපාක වෙයි, කායායතනය සුඛවේදනීය වේ ද, සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: (තොප මතයෙහි) කායායතනය විපාක වෙයි, කායායතනය සුඛවේදනීය නො වේ ද ... අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශය විපාක වෙයි, ස්‍පර්‍ශය සුඛවේදනීය නො වේ ද, ... අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ප. පු: ‘සළායතනය විපාක වේය’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: සළායතනය කර්‍මය කළ බැවින් උපන්නේ නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සළායතනය කර්‍මය කළ බැවින් උපන්නේ වී නම්,
අනු. පා: භවත, එකරුණින් “සළායතනය විපාක වේය” යි කියැයුතු මැ යැ. (මනායතනය විපාක වෙයි. සෙස්ස හුදෙක් කම්මසමුට්ඨානය විපාක නො වේ. එයින් අසාධකයි.
සළායතනකථා නිමි.
සත්තක්ඛත්තුපරමකථා
[‘සත්තක්ඛත්තුපරම’ යනු නුනුවණින් ගෙන සත්තක්ඛත්තුපරම සෝතාපන්නපුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත යැයි (සත්වරක්ම ඉපද පිරිනිවේ යයි) උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සත්තක්ඛත්තුපරමකථා’ එයි.]
1. ස. පු: සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: (ඔබ විසින්) මව දිවියෙන් ගළවන ලද වේ ද, පියා දිවියෙන් ගළවන ලද වේ ද, රහත් දිවියෙන් ගළවන ලද වේ ද, දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ සිරිරින් ලෙහෙ සලනලද වේ ද, සඞ්ඝයා බිඳුනාලද වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ... (මේ මිච්ඡත්තනියාමය ඔහුට නැත.)
2. ස. පු: සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සත්වර අතර ධර්‍මය අභිසමය කරන්නට අභව්‍ය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අතර ධර්‍මය අභිසමය කරන්නට අභව්‍ය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: (සත්තක්ඛත්තුපරම විසින්) මව දිවියෙන් ගළවන ලද වේ ද, පියා දිවියෙන් ගළවන ලද වේ ද, රහත් දිවියෙන් ගළවන ලද වේ ද, දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ සිරිරින් ලෙහෙ සලනලද වේ ද, සඞ්ඝයා බිඳුනාලද වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ... (මේ අභව්‍ය කරුණු ඔහුට නැත.)
4. ස. පු: සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: යම් නියාමයෙකින් සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ නම් එබඳු (සම්මත) නියාමයෙන් (ඔහුට) ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ඒ සතිපට්ඨානයෝ ... සම්මප්පධානයෝ ... ඍද්ධිපාදයෝ ... ඉන්‍ද්‍රියයෝ ... බලයෝ ... සම්බෝධ්‍යඞ්ග කෙනකුන්ගෙන් සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ නම්, ඒ බෝධ්‍යඞ්ගයෝ ඇද්ද? (සතිපට්ඨානාදි යම් මාර්‍ගධර්‍ම නියාමයෙක් (ඔහුට) ඇද්ද? )
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: යම් නියාමයෙකින් සත්තක්ඛත්තු පරම පුද්ගල සත්තක්ඛත්තු පරමතායෙන් නියත වේ නම් එබඳු නියාමයෙක් නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් යම් නියාමයෙකින් සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ නම් එබඳු නියාමයෙක් නැත් නම්,
අනු. පා: භවත, සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තු පරමතායෙන් නියත වේය’ යි නො කියැයුතු මැ යැ.
6. ස. අනු: ඒ සතිපට්ඨානයෝ ... යම් බෝධ්‍යඞ්ගයෙකින් සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ නම් ඒ බෝධ්‍යඞ්ගයෝ නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් යම් බෝධ්‍යඞ්ගයෙකින් සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ නම්, ඒ බෝධ්‍යඞ්ගයෝ නැත් නම්,
අනු. පා: භවත, සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තු පරමතායෙන් නියත වේය’ යි නො කියැයුතු මැ යැ.
7. ස. පු: සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සකෘදාගාමීනියාමයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාගාමීනියාමයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අර්‍හත්ත්‍වනියාමයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: කවර නියාමයෙකින් වේ ද?
ප. පටි: ශ්‍රෝතාපත්තිනියාමයෙන් මැ වෙයි.
8. ස. පු: සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් මැ නියත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: යම් කිසි කෙනෙක් ශ්‍රෝතාපත්තිනියාමයට බසිත් නම් එ හැම සත්තක්ඛත්තුපරමතායෙන් නියත වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ප. පු: ‘සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේය’ යි නො කියයුතු වේද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: හෙ සත්තක්ඛත්තුපරම නො?
ස. පටි: එසේ යැ.
අනු. ඨ: ඉදින් හෙ සත්තක්ඛත්තුපරම වේ නම්,
අනු. පා: භවත, එ කරුණින් ‘සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතානියත වේ’ ය යි කියයුතු මැ යැ.
(භාග්‍යවතුන් වහන්සේ ‘සත්තක්ඛත්තුපරම’ යනු සෝතාපන්නයා සත්වරකට වඩා නූපදින බව කියනු සඳහා මිස භවනියමයක් සඳහා නො වදාළ හෙයින් සාධක නොවේ.)
සත්තක්ඛත්තුපරමකථා නිමි.
කොලංකොලකථා
[මෙහි නිදානය සත්තක්ඛත්තුපරමකථායෙහි මෙනි.]
1. ප. පු: ‘කොලංකොල පුද්ගල කොලංකොලතායෙන් නියත වේය’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: හෙ කොලංකොල නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් හෙ කොලංකොල වී නම්,
අනු. පා: භවත, එකරුණින් ‘කොලංකොල පුද්ගල කොලංකොලතායෙන් නියත වේය’ යි කියැයුතු මැ යැ.
කොලංකොලකථා නිමි.
ඒකබීජීකථා
[මෙහි නිදානය ද සත්තක්ඛත්තුපරමකථා යෙ මෙනි.]