ස. අනු: මනින්‍ද්‍රියඅසංවරය මනඃකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: මනින්‍ද්‍රියඅසංවරය මනඃකර්‍ම වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුරින්‍ද්‍රියඅසංවරය චක්‍ෂුඃකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: මනින්‍ද්‍රිය අසංවරය මනඃකර්‍ම වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය අසංවරය ... ඝ්‍රාණේන්‍ද්‍රිය අසංවරය ... ජිහ්වේන්‍ද්‍රිය අසංවරය ... කායේන්‍ද්‍රිය අසංවරය ... කායකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ප. පු: “සංවරයත් අසංවරයත් කර්‍ම වෙති” යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසින් රූපයක් දැක නිමිති ගන්නේ වෙයි ... නිමිති නො ගන්නේ වෙයි. කනින් ශබ්දයක් අසා ... මනසින් ධර්‍මාලම්බනයක් දැන නිමිති ගන්නේ වෙයි ... නිමිති නො ගන්නේ වේ” යයි වදාළ සුත්‍රාන්තයක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ආ: එකරුණින් සංවරයත් අසංවරයත් කර්‍ම වෙයි. (ද්වාරසංවරය-අසංවරය) මිස කර්‍මභාවය නො කියන හෙයින් අසාධක යි.
සංවරො කම්මන්තිකථා නිමි.
12. 2.
කම්මකථා
[“නාහං භික්ඛවේ සඤ්චේතනිකානං කම්මානං කතානං” ආදි සූත්‍රපද නිසා ‘හැම කර්‍ම සවිපාක වෙති’ යි මහාසඞ්ඝික නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට කර්‍මකථා එයි.]
1. ස. පු: හැම කර්‍ම සවිපාක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: හැම චේතනා සවිපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ... (අව්‍යාකෘත සඳහා ප්‍රතික්‍ෂිප්ත යි)
2. ස. පු: හැම චේතනා සවිපාක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: විපාකඅව්‍යාකෘතචේතනා සවිපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: හැම චේතනා සවිපාක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ක්‍රියාව්‍යාකෘතචේතනා සවිපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: හැම චේතනා සවිපාක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කාමාවචර විපාකාව්‍යාකෘත චේතනා සවිපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: හැම චේතනා සවිපාක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපාවචර අරූපාවචර අපර්‍ය්‍යාපන්න විපාකාව්‍යාකෘත චේතනා සවිපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: හැම චේතනා සවිපාක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කාමාවචර ක්‍රියාව්‍යාකෘත චේතනා සවිපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: හැම චේතනා සවිපාක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපාවචර අරූපාවචර ක්‍රියාව්‍යාකෘත චේතනා සවිපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: විපාකාව්‍යාකෘත චේතනා අවිපාක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් විපාකාව්‍යාකෘත චේතනා අවිපාක වේ නම්,
අනු. පා: භවත, “හැම චේතනා සවිපාක වෙති”යි නො කියැයුතු මැ යැ,
ස. අනු: ක්‍රියාව්‍යාකෘත චේතනා අවිපාක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ක්‍රියාව්‍යාකෘත චේතනා අවිපාක වේ නම්,
අනු. පා: භවත, “හැම චේතනා සවිපාක වෙති”යි නො කියැයුතු මැ යැ.
ස. අනු: කාමාවචර රූපාවචර අරූපාවචර අපර්‍ය්‍යාපන්න විපාක අව්‍යාකෘත චේතනා අවිපාක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අපර්‍ය්‍යාපන්න විපාක අව්‍යාකෘත චේතනා අවිපාක වී නම්,
අනු. පා: භවත, “හැම චේතනා සවිපාක වෙති”යි නො කියැයුතු මැ යැ,
ස. අනු: කාමාවචර රූපාවචර අරූපාවචර ක්‍රියා අව්‍යාකෘත චේතනා අවිපාක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අරූපාවචර ක්‍රියා අව්‍යාකෘත චේතනා අවිපාක වී නම්,
අනු. පා: භවත, “හැම චේතනා සවිපාක වෙති”යි නො කියැයුතු මැ යැ,
8. ප. පු: ‘හැම කර්‍ම සවිපාක වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, කරනලද රැස් කරනලද සඤ්චේතනික කර්‍මයන්ගේ විපාක නො විඳ (ඒ කර්‍මයන්ගේ) විගතාන්තභාවය මම නො කියමි. එ ද මේ අත් බැව්හි හෝ දෙ වැනි අත්බැව්හි හෝ අපරපර්‍ය්‍යායෙහි හෝ වේයයි වදාළ සුත්‍රාන්තයක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ආ: එකරුණින් ‘හැම කර්‍ම සවිපාක වෙයි. (“නාහං භිකඛවෙ” යනාදි සූත්‍රය ප්‍රත්‍යය ඇතිවත් මැ දෘෂ්ටඨර්‍මාදි විපාකප්‍රතිසංවේදනය සඳහා වදාරන ලද යැ. එහෙයින් අසාධක වෙයි.)
කර්‍මකථා නිමි.
12. 3.
සද්දො විපාකොතිකථා
[“සො තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා උස්සනතත්තා විපුලත්තා බ්‍රහ්මස්සරො හොති” ආදි සූත්‍ර නුනුවණින් ගෙන “ශබ්දය විපාක වෙති” යි මහාසාඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සද්දො විපාකො’ති කථා එයි.]
1. ස. පු: ශබ්දය විපාක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: (ශබ්දය) සුඛවේදනීය වේ ද? දුඃඛවේදනීය, අදුඃඛාසුඛවේදනීය, සුඛවේදනා හා සම්ප්‍රයුක්ත, දුඃඛාවේදනා හා සම්ප්‍රයුක්ත, අදුඃඛාසුඛවේදනා හා සම්ප්‍රයුක්ත, ස්‍පර්‍ශය හා සම්ප්‍රයුක්ත, වේදනාව හා සම්ප්‍රයුක්ත, සංඥාව හා සම්ප්‍රයුක්ත, චේතනාව හා සම්ප්‍රයුක්ත, චිත්තය හා සම්ප්‍රයුක්ත වේ ද? සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ආභෝග සමන්‍වාහාර මනස්කාර චේතනා ප්‍රාර්‍ත්‍ථනා ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සුඛවේදනීය නො වනුයේ දුඃඛවේදනීය නො වනුයේ ... අනාලම්බන වනුයේ නො? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සුඛවේදනීය නො වී නම් ... අනාලම්බන වී නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,
අනු. පා: භවත, ‘ශබ්දය විපාක වේය’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ස්‍පර්‍ශය විපාක වෙයි. ස්‍පර්‍ශය සුඛවේදනීය ... සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) ශබ්දය විපාක වෙයි. ශබ්දය සුඛවේදනීය ... සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: (තොප මතයෙහි) ශබ්දය විපාක වෙයි. ශබ්දය සුඛවේදනීය නො වනුයේ ... අනාලම්බන වනුයේ වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශය විපාක වෙයි. ස්‍පර්‍ශය සුඛවේදනීය නො වනුයේ දුඃඛවේදනීය නො වනුයේ ... අනාලම්බන වනුයේ වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ප. පු: ‘ශබ්දය විපාක වේය’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: ‘හේ එ කම් කළ බැවින් රැස්කළ බැවින් උත්සන්න බැවින් විපුල බැවින් කුරවිකෙවිල්ලනට බඳු වචන ඇතියේ බ්‍රහ්මස්වර වේ’ යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ආ: එ කරුණින් ‘ශබ්දය විපාක’ වෙයි.
සද්දො විපාකොතිකථා නිමි.
12. 4.
සළායතනකථා
[යම් හෙයෙකින් කර්‍මය කළ බැවින් ෂඩායතනය උපන්නේ වේ ද, එහෙයින් ‘ෂඩායතනය විපාක වේය’ යි මහාසාඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සළායතනකථා’ එයි.]
1. ස. පු: චක්‍ෂුරායතනය විපාක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: (චක්‍ෂුරායතනය) සුඛවේදනීය දුඃඛවේදනීය ... සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?