ස. අනු: එයින් එයින් මැ දුඃඛයාගේ අන්තකිරියායෙක් නැද්ද, වට සිඳීමෙක් නැද්ද, අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ධම්‍මට්ඨිතතාකථා නිමි.
11. 8.
අනිච්චතාකථා
[අනිත්‍ය වූ රූපාදීන්ගේ අනිත්‍යතා ද රූපාදීන් සෙයින් පරිනිෂ්පන්නය’ යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත් අන්‍යවාදීන්ගේ වාද බිඳුනට ‘අනිච්චතාකථා’ එයි.]
1. ස. පු: අනිත්‍යතාව පරිනිෂ්පන්න (හේතුසමුප්පන්න) වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ අනිත්‍යතාවට තදන්‍ය පරිනිෂ්පන්න අනිත්‍යතා ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ඒ අනිත්‍යතාවට තදන්‍ය අනිත්‍යතාවට ද පරිනිෂ්පන්න අනිත්‍යතා ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ ඒ (පරිනිෂ්පන්න) අනිත්‍යතායෙන් මැ දුඃඛයාගේ අන්තකිරියායෙක් නැද්ද, වට සිඳීමෙක් නැද්ද, අනුපාදාපරිනිර්‍වාණයෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ජරාව පරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ ජරාවට තදන්‍ය පරිනිෂ්පන්න ජරා ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ඒ ජරාවට තදන්‍ය පරිනිෂ්පන්න ජරා ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: එයින් එයින් මැ දුඃඛයාගේ අන්තකිරියායෙක් නැද්ද, වට සිඳීමෙක් නැද්ද, අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ
5. ස. පු: මරණය පරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ මරණයට තදන්‍ය පරිනිෂ්පන්න මරණ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: ඒ මරණයට තදන්‍ය පරිනිෂ්පන්න මරණ ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: එයින් එයින් මැ දුඃඛයාගේ අන්තකිරියායෙක් නැද්ද වට සිඳීමෙක් නැද්ද, අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: රූපය පරිනිෂ්පන්න වෙයි. රූපයට අනිත්‍යතා ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනිත්‍යතා පරිනිෂ්පන්න වෙයි. අනිත්‍යතාවට අනිත්‍යතා ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: රූපය පරිනිෂ්පන්න යැ. රූපයට ජරා ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ජරාව පරිනිෂ්පන්න වෙයි. ජරාවට ජරා ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: රූපය පරිනිෂ්පන්න වෙයි. රූපයාගේ බිඳීමෙක් ඇද්ද, අතුරුදහනෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මරණය පරිනිෂ්පන්න වෙයි. මරණයට බිඳීමෙක් ඇද්ද, අතුරුදහනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන පරිනිෂ්පන්න වෙයි. විඥානයට අනිත්‍යතා ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනිත්‍යතාව පරිනිෂ්පන්න වෙයි. අනිත්‍යතාවට අනිත්‍යතා ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: විඥානය පරිනිෂ්පන්න යැ. විඥානයට ජරා ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ජරාව පරිනිෂ්පන්න යැ. ජරාවට ජරා ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
12. ස. පු: විඥානය පරිනිෂ්පන්න යැ. විඥානයාගේ බිඳීමෙක් ඇද්ද? අතුරුදහනෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මරණය පරිනිෂ්පන්න වෙයි. මරණයට බිඳීමෙක් ඇද්ද, අතුරුදහනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
අනිච්චතාකථා නිමි.
එකළොස් වන වග නිමි.
එහි උදානය:
අනුසයකථා යැ, ඤාණකථා යැ, ඤාණං චිත්තවිප්පයුත්තන්තිකථා යැ, ඉදං දුක්ඛන්තිකථා යැ, ඉද්ධිබලකථා යැ, සමාධිකථා යැ, ධම්‍මට්ඨිතතාකථා යැ, අනිච්චකථා යි.
ද්වාදශ වර්‍ගය
12. 1.
සංවරො කම්මන්තිකථා
[“චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති, න නිමිත්තග්ගාහී හොති” යන සූත්‍ර වරදවා ගෙන ‘සංවරයත් අසංවරයත් කර්‍ම වෙති’ යි මහාසඞ්ඝික නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සංවරො කම්මන්තිකථා එයි.”]
1. ස. පු: සංවරය කර්‍ම වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුරින්‍ද්‍රියසංවරය චක්‍ෂුඃකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ශ්‍රෝත්‍රේන්‍ද්‍රියසංවරය ... ඝ්‍රාණෙන්‍ද්‍රියසංවරය ... ජිහ්වේන්‍ද්‍රියසංවරය ... කායේන්‍ද්‍රියසංවරය කායකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: කායේන්‍ද්‍රියසංවරය කායකර්‍ම වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුරින්‍ද්‍රියසංවරය චක්‍ෂුඃකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: කායේන්‍ද්‍රියසංවරය කායකර්‍ම වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රෝත්‍රේන්‍ද්‍රියසංවරය ... ඝ්‍රාණෙන්‍ද්‍රියසංවරය ... ජිහ්වේන්‍ද්‍රියසංවරය ජිහ්වාකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: මනින්‍ද්‍රියසංවරය මනඃකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: මනින්‍ද්‍රියසංවරය මනඃකර්‍ම වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුරින්‍ද්‍රියසංවරය චක්‍ෂුඃකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: මනින්‍ද්‍රියසංවරය මනඃකර්‍ම වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රෝත්‍රේන්‍ද්‍රියසංවරය ... ඝ්‍රාණෙන්‍ද්‍රියසංවරය ... ජිහ්වේන්‍ද්‍රියසංවරය ... කායේන්‍ද්‍රියසංවරය කායකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: අසංවරය කර්‍ම වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුරින්‍ද්‍රියඅසංවරය චක්‍ෂුඃකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ශ්‍රෝත්‍රේන්‍ද්‍රියඅසංවරය ... ඝ්‍රාණෙන්‍ද්‍රියඅසංවරය ... ජිහ්වේන්‍ද්‍රියඅසංවරය ... කායේන්‍ද්‍රියඅසංවරය කායකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: කායේන්‍ද්‍රියඅසංවරය කායකර්‍ම වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුරින්‍ද්‍රියඅසංවරය චක්‍ෂුඃකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: කායේන්‍ද්‍රියඅසංවරය කායකර්‍ම වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රෝත්‍රේන්‍ද්‍රියඅසංවරය ... ඝ්‍රාණෙන්‍ද්‍රියඅසංවරය ... ජිහ්වේන්‍ද්‍රියඅසංවරය ජිහ්වාකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...