ස. අනු: ‘මහපොළොව ඇත් නු’යි ... ‘මහමුහුද ඇත් නු’යි ... ‘සිනේරු පර්‍වත රාජයා ඇත් නු’යි ... ‘අබ්ධාතු ඇත් නු’යි ... ‘තෙජොධාතු ඇත් නු’යි ... ‘වායෝධාතු ඇත් නු’යි ... ‘තෘණකාෂ්ටවනස්පතීහු ඇත් නු’යි තෘණකාෂ්ටවනස්පතීන් පිළිබඳ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
227. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන් පිළිබඳ විපාක ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන් පිළිබඳ විපාක ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන්ගේ විපාක අනෙකෙක් වේ ද? කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන්ගේ විපාක ප්‍රතිසංවේදක අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
228. ප. පු: දිව්‍යසුඛ දන්නා ලැබේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: දිව්‍යසුඛය පිළිබඳ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
229. ස. පු: ‘දිව්‍යසුඛ ඇත් නු’යි දිව්‍යසුඛප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ වේදකයා පිළිබඳ වෙනත් වෙදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
230. ස. පු: ඒ වේදකයා පිළිබඳ වෙනත් වෙදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ ඒ දුඃඛයාගේ මැ කෙළවර කිරීමෙක් නැද්ද? සසර වට සිඳලීමෙක් නැද්ද? අනුපාදාපරිනිර්‍වාණයෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
231. ස. පු: ‘දිව්‍යසුඛ ඇත් නු’යි දිව්‍යසුඛප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘පුද්ගල ඇත් නු’යි තත්පුද්ගල ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
232. ස. පු: ‘දිව්‍යසුඛ ඇත් නු’යි දිව්‍යසුඛප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘නිර්‍වාණය ඇත් නු’යි නිර්‍වාණප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
233. ස. පු: ‘දිව්‍යසුඛ ඇත් නු’යි දිව්‍යසුඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘මහා පෘථිවී ඇත් නු’යි ... ‘මහා සමුද්‍ර ඇත් නු’යි ... ‘සිනේරු පර්‍වතරාජ ඇත් නු’යි ... ‘අබ්ධාතු ඇත් නු’යි ... ‘තෙජොධාතු ඇත් නු’යි ... ‘වායෝධාතු ඇත් නු’යි ... තෘණකාෂ්ටවනස්පතීහු ඇත් නු’යි තෘණකාෂ්ටවනස්පතීන්ගේ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
234. ස. පු: ‘දිව්‍යසුඛ ඇත් නු’යි දිව්‍යසුඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දිව්‍යසුඛ අනෙකෙක් වේ ද? දිව්‍යසුඛ ප්‍රතිසංවේදක අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
235. ප. පු: මානුෂසුඛ ඇත් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: මානුෂසුඛ ප්‍රතිසංවේදකයෙක් ඇද් ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
236. ස. පු: ‘මානුෂසුඛ ඇත් නු’යි මානුෂසුඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ ප්‍රතිසංවෙදකයා පිළිබඳ වෙනත් ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
237. ස. පු: (දෙවන වට) ඒ ප්‍රතිසංවෙදකයා පිළිබඳ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ ඒ දුඃඛයාගේ ම කෙළවර කිරීමෙක් නැත් ද? වට සිඳීමෙක් නැත් ද? අනුපාදාපරිනිර්‍වාණයෙක් නැද් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
238. ස. පු: ‘මානුෂසුඛ ඇත් නු’යි මානුෂසුඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘පුද්ගල ඇත් නු’යි පුද්ගලයා පිළිබඳ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
239. ස. පු: ‘මානුෂසුඛ ඇත් නු’යි මානුෂසුඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘නිවන ඇත් නු’යි නිර්‍වාණ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
240. ස. පු: මානුෂසුඛ ඇත් නු’යි මානුෂසුඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘මහපොළොව ඇත් නු’යි ... ‘මහමුහුද ඇත් නු’යි ... ‘මහමෙර ඇත් නු’යි ... ‘අබ්ධාතු ඇත් නු’යි ... ‘තෙජොධාතු ඇත් නු’යි ... ‘වායෝධාතු ඇත් නු’යි ... ‘තෘණකාෂ්ටවනස්පතීහු ඇත් නු’යි තෘණකාෂ්ටවනස්පතීන්ගේ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
241. ස. පු: මානුෂසුඛ ඇත් නු’යි මානුෂසුඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මානුෂසුඛ අනෙකෙක් වේ ද? මානුෂසුඛ ප්‍රතිසංවේදක අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
242. ප. පු: අපායික දුඃඛ ඇත් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අපායික දුඃඛ ප්‍රතිසංවේදකයෙක් ඇත් ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
243. ස. පු: ‘අපායිකදුඃඛ ඇත් නු’යි, අපායිකදුඃඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඔහු පිළිබඳවත් ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
244. ස. පු: ඒ ප්‍රතිසංවෙදකයා පිළිබඳවත් ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ ඒ දුඃඛයාගේ ම අවසන් කිරීමක් නැද්ද? සසරවට සිඳීමෙක් නැද්ද? අනුපාදාපරිනිර්‍වාණයෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
245. ස. පු: ‘අපායිකදුඃඛ ඇත් නු’යි අපායිකදුඃඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘පුද්ගල ඇත් නු’යි තත්පුද්ගලප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
246. ස. පු: ‘අපායිකදුඃඛ ඇත් නු’යි අපායිකදුඃඛයාගේ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘නිවන ඇත් නු’යි නිර්‍වාණ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
247. ස. පු: ‘අපායිකදුඃඛ ඇත් නු’යි අපායිකදුඃඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘මහපොළොව ඇත් නු’යි ... ‘මහමුහුදු ඇත් නු’යි ... ‘මහමෙර ඇත් නු’යි ... ‘අබ්ධාතු ඇත් නු’යි ... ‘තෙජොධාතු ඇත් නු’යි ... ‘වායෝධාතු ඇත් නු’යි ... ‘තෘණකාෂ්ටවනස්පතීහු ඇත් නු’යි තෘණකාෂ්ටවනස්පතීන්ගේ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
248. ස. පු: ‘අපායිකදුඃඛ ඇත් නු’යි අපායිකදුඃඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අපායික දුඃඛ අනෙකෙක් වේ ද? අපායිකදුඃඛ ප්‍රතිසංවේදක අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
249. ප. පු: අපායිකදුඃඛ ඇද් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අපායිකදුඃඛ ප්‍රතිසංවේදකයෙක් ඇද් ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: ‘අපායිකදුඃඛ ඇත් නු’යි අපායිකදුඃඛයාගේ ප්‍රතිසංවේදකයෙක් ඇද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: උහු පිළිබඳ වෙනත් ප්‍රතිසංවේදකයෙක් ඇද් ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
250. ස. පු: ඔහු පිළිබඳ වෙනත් ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.