Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 10801-10900 න් 15036

3. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෙකපක් සිටුනේ වේ ද, තුන්කපක් සිටුනේ වේ ද, සතරකපක් සිටුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ජීවිතය ඇති කල්හි ජීවිතාවශේෂයෙහි සිටුනේ ද, ජීවිතය නැති කල්හි ජීවිතාවශේෂයෙහි සිටුනේ ද?
ප. පටිඤ්‍ඤා: ජීවිතය ඇති කල්හි ජීවිතාවශේෂයෙහි සිටුනේ යැ.
අනු. ඨ: ඉදින් දිවි ඇති කල්හි ජීවිතාවශේෂයෙහි සිටුනේ නම්,
අනු. පා: භවත ‘ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ යැ’ යි නො කියැයුතු මැ යැ.
දිවි නැති කල්හි ජීවිතාවශේෂයෙහි සිටුනේ නම්, මළේ සිටුනේ යැ, කලුරිය කෙළේ සිටුනේ යි.
5. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: උපන් ස්‍පර්‍ශය ‘නහමක් නිරුද්ධ වේව’ යි ඍද්ධියෙන් ප්‍රග්‍රහ කරන්නට (අල්ලා නවතා ගන්නට) හැකි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: උපන් වේදනා ... උපන් සංඥා ... උපන් චේතනා ... උපන් සිත ... උපන් ශ්‍රද්ධා ... උපන් වීර්‍ය්‍යය ... උපන් ස්‍මෘතිය ... උපන් සමාධිය ... උපන් ප්‍රඥාව නහමක් නිරුද්ධ වේ ව යි ඍද්ධියෙන් ප්‍රග්‍රහ කරන්නට (අල්ලාගන්නට) ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘රූපය නිත්‍ය වේව’ යි ඍද්ධියෙන් ප්‍රග්‍රහ කරන්නට (අනිත්‍යබව නවතා ලන්නට) ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ‘වේදනා ... සංඥා ... සංස්කාරයෝ ... විඥානය නිත්‍ය වේව’ යි ඍද්ධියෙන් ප්‍රග්‍රහ කරන්නට ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘ජාතිස්වභාවය ඇති සත්ත්‍වයෝ නහමක් උපදිත්ව’ යි ඍද්ධිබලයෙන් ප්‍රග්‍රහ කරන්නට ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ‘ජරාස්වභාව ඇති සත්ත්‍වයෝ නහමක් දිරත්ව’ යි ... ‘ව්‍යාධිස්වභාව ඇති සත්ත්‍වයෝ නහමක් ව්‍යාධිත වෙත්වයි ... මරණස්වභාව ඇති සත්ත්‍වයෝ නහමක් මියෙත්ව’යි ඍද්ධිබලයෙන් ප්‍රග්‍රහ කරන්නට ලැබේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ප. පු: ‘ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ යැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “ආනන්‍දය, යම් කිසිවක්හු විසින් සතර ඍද්ධිපාදයෝ භාවිත වෙත් ද, බහුලීකෘත වෙත් ද, යෙදූ යානයක් මෙන් කරන ලද වෙත් ද, ප්‍රතිෂ්ඨා කරන ලද වෙත් ද, අධිෂ්ඨිත වෙත් ද, පරිචිත වෙත් ද, මනාකොට ප්‍රගුණ කරන ලද වෙත් ද, හේ කැමැතියේ කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනේ යැ” යි වදාළ සුත්‍රාන්තයක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ආ: එකරුණින් ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ යැ.
9. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, සතරධර්‍ම කෙනකුන්ට-ශ්‍රමණ වේවයි බ්‍රාහ්මණ වේවයි දේව වේවයි මාර වේවයි බ්‍රහ්ම වේවයි ලෝකයෙහි අනෙකෙක් වේවයි ඇපවන කිසිවෙක් නැත. කවර සතර දෙනකුනට යත්: ‘ජරාස්වභාව ඇතියේ නහමක් දිරාව’ යි කියා මහණ හෝ බමුණු හෝ දෙවි හෝ මර හෝ බඹ හෝ ලොව අන් කිසිවෙක් හෝ ඇපවන කිසිවෙක් නැත. ‘ව්‍යාධිස්වභාව ඇතියේ නහමක් ව්‍යාධිත වේව’ යි ... ‘මරණස්වභාව ඇතියේ නහමක් මියේව’ යි ... සංක්‍ලේශයට හිත වූ පුනර්‍භවයට වැටෙන නිස්සාර දුඃඛවිපාක ඇති අනායෙහි ජාති ජරා මරණයට හිත පෙර කළ යම් පාපකර්‍මයෝ ඇද්ද, උන්ගේ විපාක නහමක් උපදීව’යි කියා ශ්‍රමණ හෝ බ්‍රාහ්මණ හෝ දේව හෝ මාර හෝ බ්‍රහ්ම හෝ ලෝකයෙහි අන් කිසිවෙක් හෝ ඇපවන කිසිවෙක් නැත. මහණෙනි, මේ සතර ධර්‍මයනට ඇපවන ශ්‍රමණ හෝ යැ බ්‍රාහ්මණ හෝ යැ දේව හෝ යැ මාර හෝ යැ බ්‍රහ්ම හෝ යැ ලෝකයෙහි අන් කිසිවෙක් හෝ නැති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ආ: එකරුණින් ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ යයි නො කියැයුතු යැ.
ඍද්ධිබලකථා නිමි.
සමාධිකථා
[ඒකචිත්තක්‍ෂණයෙහි උපන් ඒකාග්‍රතාව සමාධානාර්‍ත්‍ථයෙන් ‘සමාධි වෙති’යි නො ගෙන චිත්තසන්තතිය සමාධි නමි’යි ලබ්ධි ගත් සර්‍වාස්තිවාද උත්තරාපථක නිකායවාසීන් ගේ ලබ්ධි බිඳුනට සමාධිකථා එයි.]
1. ස. පු: චිත්තසන්තති සමාධි වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අතීත චිත්තසන්තති සමාධි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: චිත්තසන්තති සමාධි වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනාගත චිත්තසන්තති සමාධි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: චිත්තසන්තති සමාධි වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අතීතය නිරුද්ධ වූයේ අනාගතය නූපන්නේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අතීතය නිරුද්ධ වී නම් අනාගතය නූපන්නේ වී නම්,
අනු. පා: භවත “චිත්තසන්තති සමාධි වේ” යයි නො කියැයුතු මැ යැ.
4. ප. පු: සමාධි ඒකචිත්තක්‍ෂණික වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: චක්‍ෂුර්විඥානසමඞ්ගී වූයේ සමාපන්න(සමාහිත) වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. අනු: ශ්‍රෝතවිඥානසමඞ්ගී වූයේ ... ඝ්‍රාණවිඥානසමඞ්ගී වූයේ ... ජිහ්වාවිඥානසමඞ්ගී වූයේ ... කාය විඥානසමඞ්ගී වූයේ අකුසලචිත්තසමඞ්ගී වූයේ ... රාගසහගත ... ද්වේෂසහගත මෝහසහගත ... අනපත්‍රපාසහගත චිත්තසමඞ්ගී වූයේ සමාපන්න වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: චිත්තසන්තති සමාධි වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අකුශලචිත්තසන්තති සමාධි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රාගසහගත ... ද්වේෂසහගත ... මෝහසහගත ... අනපත්‍රපාසහගත චිත්තසන්තති සමාධි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ප. පු: ‘චිත්තසන්තති සමාධි වෙති’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “ඇවැත්නි නිගණ්‍ඨයෙනි, මම වනාහි කයින් නො සැලෙනුයෙම්, බස් නො බණනුයෙම්, සත් දවරැයක් මුළුල්ලෙහි ඒකාන්තසුඛ විඳිනුයෙම් වාස කරන්නට පොහොසත්මි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ආ: එකරුණින් ‘චිත්තසන්තති සමාධි වෙයි.’
සමාධිකථා නිමි.
ධම්මට්ඨිතතාකථා
[“ඨිතාව සා ධාතු” යන වචනය නිසා ප්‍රතීත්‍යසමුත්පාද සඞ්ඛ්‍යාත ධර්‍මස්‍ථිතතාව ද අවිද්‍යාදිය මෙන් පරිනිෂ්පන්න වෙති යි ලබ්ධි ගත් අන්‍ධකනිකායවාසීන් ගේ වාද බිඳුනට ධම්‍මස්‍ථිතතාකථා එයි.]
1. ස. පු: ධර්‍මස්‍ථිතතාව පරිනිෂ්පන්න (හේතුසමුප්පන්න) වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ පරිනිෂ්පන්න ස්‍ථිතතාවට (අවිද්‍යාදිය හැර තදන්‍ය) පරිනිෂ්පන්නස්‍ථිතතායෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: (තොප කියන) ඒ ස්‍ථිතතාවට තදන්‍ය පරිනිෂ්පන්න ස්‍ථිතතායෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ ඒ හේතුපරිනිෂ්පන්නස්‍ථිතතායෙන් මැ (මෙසේ හේතු පරම්පරාව නො සිඳෙන කල්හි) දුඃඛයාගේ අන්තකිරියාවෙක් නැද්ද, වට සිඳීමෙක් නැද්ද, අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: රූපයාගේ ස්‍ථිතතාව පරිනිෂ්පන්න ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ ස්‍ථිතතාවට පරිනිෂ්පන්න ස්‍ථිතතායෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ඒ ස්‍ථිතතාවට පරිනිෂ්පන්න ස්‍ථිතතාවෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ ඒ පරිනිෂ්පස්‍ථිතතායෙන් මැ දුඃඛයාගේ අන්තකිරියායෙක් නැද්ද, වට සිඳීමෙක් නැද්ද, අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: වේදනාවට පරිනිෂ්පන්න ස්‍ථිතතායෙක් ... සංඥාවට පරිනිෂ්පන්න ස්‍ථිතතායෙක් ... සංස්කාරයනට පරිනිෂ්පන්න ස්‍ථිතතායෙක් ... විඥානයට පරිනිෂ්පන්න ස්‍ථිතතායෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: එයට පරිනිෂ්පන්න ස්‍ථිතතා ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: එයට පරිනිෂ්පන්නස්‍ථිතතායෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.