Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 10701-10800 න් 15036

7. ස. පු: ප්‍රඥා සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඥානය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටි.: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: ඥානය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වැ චිත්තවිප්‍රයුක්ත වෙයි. ප්‍රඥා සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වැ චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සංස්කාරස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: සංස්කාරස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: වෙදනාස්‍කන්‍ධය සංඥාස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි.: එසේ නො කියැයුතු යැ ...
10. ප. පු: ‘ඥානය චිත්තවිප්‍රයුක්ත යැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: රහත් චක්‍ෂුර්විඥාන සමන්‍වාගත වැ ‘ඥානී’ යයි කිවයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: ඥානය ඒ සිතින් සම්ප්‍රයුක්ත වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: එකරුණින් ‘ඥානය චිත්තවිප්‍රයුක්ත වෙයි.’
11. ප. පු: රහත් චක්‍ෂුර්විඥානසමන්‍වාගත වූයේ ප්‍රඥාවත් යැයි කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: ප්‍රඥාව ඒ චිත්තයෙන් සම්ප්‍රයුක්ත වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: එකරුණින් ප්‍රඥාව චිත්තවිප්‍රයුක්ත වෙයි.
ඤාණං චිත්තවිප්පයුත්තන්ති කථා නිමි.
ඉදං දුක්ඛන්තිකථා
[යෝගාවචර ලෝකෝත්තරමාර්‍ගක්‍ෂණයෙහි දී ‘මේ දුකැ’ යි බස් බෙණෙයි. එයින් ඔහුට ‘මේ දුකැ’ යි ඥානය ඇත යන ලබ්ධි ගත් අන්‍ධකයන්ගේ වාද බිඳුනට ‘ඉදං දුක්ඛන්ති කථා’ එයි.]
1. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ දුකැ’ යි ඥානය ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘මේ සමුදය යැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ සමුදය යැ’ යි ඥානය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ දුකැ’ යි ඥානය ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘මේ නිරෝධ යැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ නිරෝධ යැ’ යි ඥානය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ දුකැ’ යි ඥානය ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘මේ මාර්‍ග යැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ මාර්‍ග යැ’ යි ඥානය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ‘මේ සමුදය යැ’යි බස් බණන යෝගාවචරයාහට ‘මේ සමුදය නො වෙති’ යි ඥානය ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘මේ දුකැ යැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ දුඃඛ නො වෙති’ යි ඥානය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: ‘මේ නිරෝධ යැ’ යි බස් බණනුවහට ‘මේ නිරෝධ නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුක් නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: ‘මේ මාර්‍ග යැ’ යි බස් බණනුවහට ‘මේ මාර්‍ග නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුකැ’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුකැ’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘රූපය අනිත්‍ය යැ’ යි බස් බණනුවහට ‘රූපය අනිත්‍ය යැ’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුකැ’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘වේදනා ... සංඥා ... සංස්කාරයෝ ... විඥානය අනිත්‍ය යැ’ යි බස් බණනුවහට ‘විඥානය අනිත්‍ය යැ’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුකැ’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘රූපය අනාත්ම යැ’ යි බස් බණනුවහට ‘රූපය අනාත්ම යැ’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුකැ’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘වේදනා ... සංඥා ... සංස්කාරයෝ ... විඥානය අනාත්ම යැ’ යි බස් බණනුවහට ‘විඥානය අනාත්ම යැ’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: ‘රූපය අනිත්‍ය යැ’ යි බස් බණනුවහට ‘රූපය අනිත්‍ය නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුක් නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
12. ස. පු: ‘වේදනා ... සංඥා ... සංස්කාරයෝ ... විඥානය අනිත්‍ය යැ’ යි බස් බණනුවහට ‘විඥානය අනිත්‍ය නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුක් නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
13. ස. පු: ‘රූපය අනාත්ම යැ’ යි බස් බණනුවහට ‘රූපය අනාත්ම නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුක් නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
14. ස. පු: ‘වේදනා ... සංඥා ... සංස්කාරයෝ ... විඥානය අනාත්ම යැ’ යි බස් බණනුවහට ‘විඥානය අනාත්ම නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුක් නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
15. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුකැ’ යි ඥානය පවත්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘ඉ’ යයි ද, ‘දං’ යයි ද, ‘දු’ යයි ද, ‘ඛං’ යයි දැයි ඥානය පවත්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ඉදං දුක්ඛන්ති කථා නිමි.
ඉද්ධිබලකථා
[ඍද්ධිපාදභාවනානෘශංසයාගේ අර්‍ත්‍ථය නුනුවණින් ගෙන ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ යැ යි මහාසඞ්ඝික නිකාය වාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ඉද්ධිබලකථා එයි.]
1. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ (මහ) කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ ආයු ඍද්ධිමය වේ ද, ඒ ගති ඍද්ධිමය වේ ද, ඒ ආත්මභාවප්‍රතිලාභ ඍද්ධිමය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අතීත කල්පයක් සිටුනේ ද, අනාගත කල්පයක් සිටුනේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...