Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 10601-10700 න් 15036

34. ස. පු: ප්‍රතිඝානුශය, මානානුශය, දෘෂ්ටිඅනුශය, විචිකිත්සානුශය, භාවරාගානුශය, අවිද්‍යානුශය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අවිද්‍යා, අවිද්‍යාඕඝ, අවිද්‍යා යෝග ... අවිද්‍යා නීවරණ චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
35. ස. පු: අවිද්‍යා, අවිද්‍යා ඕඝ, අවිද්‍යායෝග ... අවිද්‍යානීවරණ චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අවිද්‍යානුශය චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
36. ස. පු: අවිද්‍යානුශය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කවර ස්‍කන්‍ධයෙකැ ඇතුළත් වේ ද?
ප. වි: සංස්කාරස්‍කන්‍ධයෙහි ඇතුළත් වෙයි.
ස. අනු: සංස්කාරස්‍කන්‍ධය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
37. ස. පු: සංස්කාරස්‍කන්‍ධය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: වෙදනාස්‍කන්‍ධය සංඥාස්‍කන්‍ධය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
38. ස. පු: අවිද්‍යානුශය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අවිද්‍යා සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
39. ස. පු: අවිද්‍යා සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අවිද්‍යානුශය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
40. ස. පු: අවිද්‍යානුශය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තවිප්‍රයුක්ත යැ, අවිද්‍යා සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සංස්කාරස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
41. ස. පු: සංස්කාරස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වූයේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: වෙදනාස්‍කන්‍ධය සංඥාස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
42. ප. පු: ‘අනුශයධර්‍මයෝ චිත්තවිප්‍රයුක්තයහ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: පෘථග්ජන තෙමේ කුශලාව්‍යාකෘත චිත්තය පවතිත් මැ සානුශය වේ යයි කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: අනුශයයෝ ඒ චිත්තය හා සම්ප්‍රයුක්ත වෙත් ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: එකරුණින් අනුශයයෝ චිත්තවිප්‍රයුක්ත වෙති.
43. ප. පු: පෘථග්ජනයා කුශලාව්‍යාකෘත චිත්තය පවතිත් මැ ‘සරාග’ යයි කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: රාගය ඒ චිත්තයෙන් සම්ප්‍රයුක්ත වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: ඒ කරුණින් රාගය චිත්තවිප්‍රයුක්ත වෙයි.
තිස්සො’පි අනුසයකථා නිමි.
ඤාණකථා
[මාර්‍ගඥානයෙන් අඥානය විගත කල්හිදු චක්‍ෂුර්විඥානාදි වශයෙන් ඥානවිප්‍රයුක්ත චිත්තය ඇති කලැ ඒ මාර්‍ගචිත්තය නැත්තේ වේ ද, එහෙයින් ‘ඤාණී’ යයි නො කියැයුතු වෙයි යන මහාසඞ්ඝිකයන්ගේ වාද බිඳුනට ‘ඤාණකථා’ එයි.]
1. ස. පු: අඥානය විගත කලැ ඥානවිප්‍රයුක්තචිත්තය පවතිත් මැ ‘ඥානී’ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රාගය විගත කලැ ‘වීතරාග’ යයි නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: අඥානය විගත කලැ ඥානවිප්‍රයුක්තචිත්තය පවතිත් මැ ‘ඥානී’ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද්වේෂය විගත කලැ ... මොහොය විගත කලැ ... ක්ලේශ විගත කලැ ‘නිෂ්ක්ලේශ’ යයි නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: රාගය විගත වත් මැ ‘වීතරාග’ යයි කියැයුතු වේද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අඥානය විගත වත් මැ ඥානවිප්‍රයුක්තචිත්තය ඇති කලැ ‘ඥානී’ යයි කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ද්වේෂය විගත වත් මැ ... මෝහය විගත වත් මැ ... ක්ලේශ විගත වත් මැ ‘නිෂ්ක්ලේශ’ යයි කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අඥානය විගත වත් මැ ඥානවිප්‍රයුක්තචිත්තය ඇති කලැ ‘ඥානී’ යයි කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ප. පු: අඥානය විගත වත් මැ ඥානවිප්‍රයුක්තචිත්තය ඇති කලැ ‘ඥානී’ යයි කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: අතීත වූ ඥානයෙන් ‘ඥානී’ වේ ද? නිරුද්ධ වූ විගත වූ සන්හිඳීගිය ඥානයෙන් ‘ඥානී’ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ඤාණකථා නිමි.
ඤාණං චිත්තවිප්පයුත්තන්තිකථා
[චක්‍ෂුර්විඥානාදියෙන් සමන්‍විත අර්‍හත් තමන් ලැබූ මාර්‍ගඥානය නිසා ‘ඥානී’ යයි කියනුලැබුව ද ඔබගේ ඒ මාර්‍ගඥානය ඒ චිත්තය හා සම්ප්‍රයුක්ත නො වනුයෙන් ඥානය චිත්තවිප්‍රයුක්ත ය’යි ලබ්ධි ගත් පූර්‍වශෛලිය නිකායවාසීන්ගේ වාද බඳුනට ‘ඤාණං චිත්තවිප්පයුත්තන්ති’ කථා එයි.]
1. ස. පු: ඥානය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපය වේ ද, නිර්‍වාණය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ඥානය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රඥා, ප්‍රඥේන්‍ද්‍රිය, ප්‍රඥාබල, සම්‍යග්දෘෂ්ටි, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ප්‍රඥා, ප්‍රඥේන්‍ද්‍රිය, ප්‍රඥාබල, සම්‍යග්දෘෂ්ටි, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඥානය චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ඥානය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කවර ස්‍කන්‍ධයෙකැ ඇතුළත් වේ ද?
ප. වි: සංස්කාරස්‍කන්‍ධයෙහි ඇතුළත් වෙයි.
ස. අනු: සංස්කාරස්‍කන්‍ධය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: සංස්කාරස්‍කන්‍ධය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: වේදනාස්‍කන්‍ධ සංඥාස්‍කන්‍ධ චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: ඥානය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රඥා සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...