ස. අනු: විචිකිත්සානුශය අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
12. ස. පු: භවරාගානුශය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භවරාගය, භවරාගපර්‍ය්‍යුත්‍ථානය, භවරාගසංයෝජනය අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
13. ස. පු: භවරාගය, භවරාගපර්‍ය්‍යුත්‍ථානය, භවරාගසංයෝජනය, අකුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භවරාගානුශය අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
14. ස. පු: අවිද්‍යානුශය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අවිද්‍යා, අවිද්‍යාඕඝ, අවිද්‍යායෝග, අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන, අවිද්‍යාසංයෝජන, අවිද්‍යානීවරණ අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
15. ස. පු: අවිද්‍යා, අවිද්‍යාඕඝ, අවිද්‍යායෝග, අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන, අවිද්‍යාසංයෝජන, අවිද්‍යානීවරණ අකුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අවිද්‍යානුශය අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
16. ප. පු: ‘අනුශයයෝ අව්‍යාකෘත වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: “පෘථග්ජන තෙම කුශල අව්‍යාකෘත චිත්තය පවත්නා කල්හි සානුශය වේ” යයි කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: කුශලාකුශල ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: එසේ වී නම් අනුශය ධර්‍මයෝ අව්‍යාකෘත වෙති.
17. ප. පු: “පෘථග්ජන තෙම කුසලාව්‍යාකෘත සිත පවත්නා කල්හි සරාග වේ” යයි කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: කුශලාකුශල ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: එකරුණින් රාගය අව්‍යාකෘත වෙයි.
18. ස. පු: අනුශයයෝ අහේතුක වෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපය නිර්‍වාණ චක්‍ෂුරායතන ... ස්‍ප්‍රෂ්ටව්‍යායතන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
19. ස. පු: කාමරාගානුශය අහේතුක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගය, කාමරාගපර්‍ය්‍යුත්‍ථාන, කාමරාගසංයෝජන, කාමච්‍ඡන්‍දනීවරණ අහේතුක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
20. ස. පු: කාමරාග, කාමරාගපර්‍ය්‍යුත්‍ථාන ... කාමච්‍ඡන්‍දනීවරණ සහේතුක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගානුශය සහේතුක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
21. ස. පු: ප්‍රතිඝානුශය ... මානානුශය ... දෘෂ්‍ට්‍යනුශය ... විචිකිත්සානුශය භාවරාගානුශය ... අවිද්‍යානුශය අහේතුක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අවිද්‍යා, අවිද්‍යාඕඝ, අවිද්‍යායෝග, අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන, අවිද්‍යාසංයෝජන, අවිද්‍යානීවරණ අහේතුක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
22. ස. පු: අවිද්‍යා, අවිද්‍යාඕඝ, ... අවිද්‍යා නීවරණ සහේතුක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අවිද්‍යානුශය සහේතුක වේ ද?
ප. පටි: එසේ නො කියැ යුතු යැ ...
23. ප. පු: ‘අනුශයයෝ අහේතුක වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: ‘පෘථග්ජන තෙම කුශලාව්‍යාකෘත චිත්තය පවත්නා කල්හි සානුශය වේ’ යයි කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: අනුශයයෝ ඒ හේතුවින් සහේතුක වෙත් ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: එකරුණින් අනුශයයෝ අහේතුක වෙති.
24. ප. පු: ‘පෘථග්ජන තෙම කුශලාව්‍යාකෘත සිත පවත්නා කල්හි සරාග වේ’ යයි කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: රාගය ඒ හේතුවින් සහේතුක වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: එ කරුණින් රාගය අහේතුක වෙයි.
25. ස. පු: අනුශයයෝ චිත්තවිප්‍රයුක්ත වෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපය, නිර්‍වාණ, චක්‍ෂුරායතන ... ස්‍ප්‍රෂ්ටව්‍යායතන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
26. ස. පු: කාමරාගානුශය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය කාමරාගසංයෝජනය කාමඕඝය කාමයෝගය කාමච්‍ඡන්‍දනීවරණය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
27. ස. පු: කාමරාගය ... කාමච්‍ඡන්‍දනීවරණය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගානුශය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
28. ස. පු: කාමරාගානුශය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කවර ස්‍කන්‍ධයෙක පර්‍ය්‍යාපන්න වේ ද?
ප. වි: සංස්කාරස්‍කන්‍ධයෙහි පර්‍ය්‍යාපන්න වෙයි.
ස. අනු: සංස්කාරස්‍කන්‍ධය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
29. ස. පු: සංස්කාරස්‍කන්‍ධය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: වෙදනාස්‍කන්‍ධය සංඥාස්‍කන්‍ධය චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
30. ස. පු: කාමරාගානුශය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තවිප්‍රයුක්ත වූයේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තවිප්‍රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
31. ස. පු: කාමරාගය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගානුශය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
32. ස. පු: කාමරාගානුශය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තවිප්‍රයුක්ත වෙයි. කාමරාගය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සංස්කාරස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
33. ස. පු: සංස්කාරස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වූයේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: වෙදනාස්‍කන්‍ධය, සංඥාස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වූයේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...