Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 10301-10400 න් 15036

ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාසඞ්කප්ප ... සම්මාවායාම ... සම්මාසති ... සම්මාසමාධි චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: සම්මාකම්මන්ත ... සම්මාආජීව චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාදිට්ඨි චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: සම්මාආජීව චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාසඞ්කප්ප ... සම්මාවායාම ... සම්මාසති ... සම්මාසමාධි චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: සම්මාදිට්ඨි චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාවාචා චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: සම්මාදිට්ඨි චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාකම්මන්ත ... සම්මාආජීව චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
12. ස. පු: සම්මාසඞ්කප්ප ... සම්මාවායාම ... සම්මාසති ... සම්මාසමාධි චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාවාචා චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
13. ස. පු: සම්මාසමාධි චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාකම්මන්ත ... සම්මාආජීව චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
14. ප. පු: ‘ශීලය චිත්තානුපරිවර්තී නො වේ’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: ශීලය ඉපදී නිරුද්ධ වත් මැ දුශ්ශීල වේද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: එකරුණින් ශීලය චිත්තානුපරිවර්තී නො වන්නේ යැ.
සීලං න චිත්තානුපරිවත්තීති කථා නිමි.
සමාදානහේතුකථා
[‘සමාදානහේතුක ශීලය වැඩේ’ යයි ලබ්ධි ගත් මහාසාඞ්ඝිකයන්ගේ වාද බිඳුනට සමාදානහේතුකථා එයි.]
1. ස. පු: සමාදානහේතුක ශීලය වැඩේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සමාදානහේතුක ස්‍පර්‍ශය වැඩේ ද? වේදනා වැඩේ ද? සංඥා වැඩේ ද? චේතනා වැඩේ ද? චිත්තය වැඩේ ද? ශ්‍රද්ධා වැඩේ ද? වීර්‍ය්‍ය වැඩේ ද? ස්මෘතිය වැඩේ ද? සමාධි වැඩේ ද? ප්‍රඥා වැඩේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: සමාදානහේතුක ශීලය වැඩේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: වැලක් සේ වැඩේ ද? මාලුවාලිය සේ වැඩේ ද? රුකක් සේ වැඩේ ද? තෘණ සේ වැඩේ ද? මුදුතණපඳුරු සේ වැඩේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: සමාදානහේතුක ශීලය වැඩේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශීලය සමාදන් වැ කාමවිතර්‍ක විතර්‍කණ කරන්නහුට ව්‍යාපාදවිතර්‍ක විතර්‍කණ කරන්නහුට විහිංසාවිතර්‍ක විතර්‍කණ කරන්නහුට ශීලය වැඩේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ස්‍පර්‍ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමවධාන වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, සුවිදූරවිදූරයෝ මොහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක් යත්: මහණෙනි, අහස ද පොළොව දැ’යි මේ පළමුවන සුවිදූරවිදූරය යි. ... එහෙයින් සත්පුරුෂ ධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ආ: එකරුණින් ‘කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට එති’ යනු නො කියැයුතු යැ.
6. ප. පු: ‘සමාදානහේතුක ශීලය වැඩේ’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:
“ආරාම රෝපණය කරන, වන රෝපණය කරන, හේ දඬු කරන යම් ජන කෙනෙක් ඇද්ද ... ධර්‍මස්ථ වූ ශීල සම්පන්න වූ ඒ ජනයෝ ස්වර්‍ගගාමීහ” යි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ආ: එකරුණින් සමාදානහේතුක සීලය වැඩෙයි.
සමාදානහේතුකථා නිමි.
විඤ්ඤත්ති සීලන්ති කථා
[‘කායවිඤ්‍ඤත්ති කායකර්‍ම නම් වෙයි. වචීවිඤ්‍ඤත්ති වාක්කර්‍ම නම් වෙයි. මෙසේ ගැනීමෙන් විඥප්තිය ශීලයෙකි’ යි ලබ්ධි ගත් මහාසාඞ්ඝිකයන් හා සම්මිතීයනිකායවාසීන්ගේ ලබ්ධි බිඳුනට ‘විඤ්‍ඤත්තිසීලන්තිකථා’ එයි.]
1. ස. පු: විඥප්තිය ශීල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පණිවායෙන් දුරු වීමෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අයිනාදනින් දුරු වීමෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: කාමයෙහි මිසහසරින් දුරු වීමෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: මුසාවායෙන් දුරු වීමෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වීමෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: අභිවාදනය ශීල වේ ද, හුනස්නෙන් නැඟීම ශීල වේ ද, අඤ්‍ජලිකර්‍මය ශීල වේ ද, සාමීචිකර්‍මය ශීල වේ ද, අසුන් එළවාතැබීම ශීල වේ ද, ශයන එළවාතැබීම ශීල වේ ද, පාදෝනා දිය එළවාතැබීම ශීල වේ ද, පාපුවරු එළවාතැබීම ශීල වේ ද, නෑමෙහි පිට ඉලීම ශීල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පණිවායෙන් දුරු වීමෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වීමෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ප. පු: ‘විඥප්තිය ශීලයෙකි’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: දුශ්ශීල වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: එකරුණින් විඥප්තිය ශීල වෙයි.
වීඤ්‍ඤත්ති සීලන්ති කථා නිමි.
අවිඤ්ඤත්ති දුස්සීල්‍යන්තිකථා
[චිත්තවිප්‍රයුක්ත අපුණ්‍යෝපචයත් ආණත්තියෙන් ප්‍රාණඝාතාදියෙහි අඞ්ගසම්පූර්‍ණත්‍වයත් සඳහා ‘අවිඥප්තිය දුශ්ශීලකර්‍ම වේ’ යයි ලබ්ධි ගත් මහාසඞ්ඝිකාදීන්ගේ වාද බිඳුනට ‘අවිඤ්‍ඤත්ති දුස්සීලන්තිකථා’ එයි.]
1. ස. පු: අවිඥප්තිය දුශ්ශීලකර්‍ම වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රාණාතිපාත වේ ද?