ස. අනු: ශීලය ඉෂ්ටඵල වෙයි, ශීලය චෛතසික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: ශීලය ඉෂ්ටඵල වෙයි, ශීලය අචෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රද්ධාව ඉෂ්ටඵල වෙයි, ශ්‍රද්ධාව අචෛතසික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: ශීලය ඉෂ්ටඵල වෙයි, ශීලය අචෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: වීර්‍ය්‍යය ... ස්මෘතිය ... සමාධිය ... ප්‍රඥාව ඉෂ්ටඵල වෙයි, ප්‍රඥාව අචෛතසික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: ශීලය අචෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අඵල, අවිපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. පු: සඵල සවිපාක නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සඵල සවිපාක වේ නම්?
අනු. පා: භවත, ‘ශීලය අචෛතසික වේ’ යයි නො කියැයුතු මැ යැ.
12. ස. පු: චක්‍ෂුරායතනය අචෛතසික යැ, අවිපාක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශීලය අචෛතසික යැ, අවිපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
13. ස. පු: ශ්‍රෝත්‍රායතනය ... කායායතනය ... රූපායතනය ... ස්ප්‍රෂ්‍ටව්‍යායතනය අචෛතසික යැ, අවිපාක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශීලය අචෛතසික යැ, අවිපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
14. ස. පු: ශීලය අචෛතසික යැ, සවිපාක වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුරායතනය අචෛතසික යැ, සවිපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
15. ස. පු: ශීලය අචෛතසික යැ, සවිපාක වේ ද?
ප. පටි: එසේ යැ.
ස. අනු: ශ්‍රෝත්‍රායතනය ... කායායතනය ... රූපායතනය ... ස්ප්‍රෂ්‍ටව්‍යායතනය අචෛතසික යැ, සවිපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
16. ස. පු: සම්මාවාචාව අචෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාදිට්ඨිය අචෛතසික වේද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
17. ස. පු: සම්මාවාචාව අචෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාසඞ්කප්ප ... සම්මාවායාම ... සම්මාසති ... සම්මාසමාධි අචෛතසික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
18. ස. පු: සම්මාකම්මන්ත ... සම්මාආජීව ... අචෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාදිට්ඨි අචෛතසික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
19. ස. පු: සම්මාආජීව අචෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාසඞ්කප්ප ... සම්මාවායාම ... සම්මාසති ... සම්මාසමාධි අචෛතසික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
20. ස. පු: සම්මාදිට්ඨි චෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාවාචා චෛතසික වේද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
21. ස. පු: සම්මාදිට්ඨි චෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාකම්මන්ත ... සම්මාආජීව චෛතසික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
22. ස. පු: සම්මාසඞ්කප්ප ... සම්මාවායාම ... සම්මාසති ... සම්මාසමාධි චෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාවාචා චෛතසික වේද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
23. ස. පු: සම්මාසමාධි චෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාකම්මන්ත ... සම්මාආජීව චෛතසික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
24. ප. පු: ‘ශීලය අචෛතසික වේ’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: ශීලය ඉපදී නිරුද්ධ වත් මැ දුශ්ශීල වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: එකරුණින් ශීලය අචෛතසික වේ. (ලබ්ධිය පිහිටුවාලීම නුනුවණින් ගත් වන බැවින් නො පිහිටුවාලූයේ මැ වෙයි.)
සීලං අචෛතසිකන්ති කථා නිමි.
10. 8.
සීලං න චිත්තානුපරිවත්තීතිකථා
[මෙහි ද නිදානය ‘සීලං අචේතසිකන්ති’ කථාවෙහි නිදානය මෙනි.]
1. ස. පු: ශීලය සිතට අනුව පෙරළෙන සැහැවි ඇති නො වන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූප, නිර්‍වාණ, චක්‍ෂුරායතන ... ස්ප්‍රෂ්‍ටව්‍යායතන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ශීලය චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශය චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ශීලය චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: වේදනා ... සඤ්‍ඤා ... චේතනා ... සද්ධා ... විරිය ... සති ... සමාධි ... පඤ්‍ඤා චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ස්‍පර්‍ශය චිත්තානුපරිවර්තී වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශීලය චිත්තානුපරිවර්තී වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: වේදනා ... සඤ්‍ඤා ... චේතනා ... සද්ධා ... විරිය ... සති ... සමාධි ... පඤ්‍ඤා චිත්තානුපරිවර්තී වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශීලය චිත්තානුපරිවර්තී වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: සම්මාවාචා චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාදිට්ඨි චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: සම්මාවාචා චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?