Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 10101-10200 න් 15036

ස. අනු: චක්‍ෂුර්විඥානය සාභොග යැ, චක්‍ෂුර්විඥානය ස්පර්‍ශය ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍යය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ප. පු: ‘පඤ්චවිඥානය සාභොග වේ’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මෙ සස්නෙහි මහණ ඇසින් රූ දැක නිමිත්තග්‍රාහී වෙයි ... නිමිත්තග්‍රාහී නො වෙයි ... කනින් ශබ්ද අසා ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්‍ශ කොට නිමිත්තග්‍රාහී වෙයි ... නිමිත්තග්‍රාහී නො වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ආ: එකරුණින් ‘පඤ්චවිඥානයෝ සාභෝගයහ.’
පඤ්චවිඤ්‍ඤාණා සාභෝගාති කථා නිමි.
ද්වීහි සීලෙහී’ති කථා
[‘මාර්‍ග සමඞ්‍ගී පුද්ගලයා ලෞකික ශීලයෙන් සිල්වත් වැ ලෝකෝත්තර මාර්‍ග භවන හෙයින් ලෞකික ශීලයෙනුදු මාර්‍ගක්‍ෂණයෙහි ලෝකෝත්තර ශීලයෙනුදු මෙසේ උභය ශීලයෙකින් සමන්‍වාගත යැ’ යන මහාසාඞ්‍ඝිකයන්ගේ ලබ්ධි බිඳුනට “ද්වීහි සීලෙහී’ති කථා” එයි.]
1. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල සිල් දෙකෙකින් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ස්‍පර්‍ශ දෙකෙකින් වේදනා දෙකෙකින් සංඥා දෙකෙකින් චේතනා දෙකෙකින් චිත්ත දෙකෙකින් ශ්‍රද්ධා දෙකෙකින් වීර්‍ය්‍ය දෙකෙකින් ස්මෘති දෙකෙකින් සමාධි දෙකෙකින් ප්‍රඥා දෙකෙකින් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික ශීලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික ස්‍පර්‍ශයෙන් ලෞකික වේදනායෙන් ලෞකික සංඥායෙන් ලෞකික චේතනායෙන් ලෞකික චිත්තයෙන් ලෞකික ශ්‍රද්ධායෙන් ලෞකික වීර්‍ය්‍යයෙන් ලෞකික ස්මෘතියෙන් ලෞකික සමාධියෙන් ලෞකික ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් ශීලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් ස්‍පර්‍ශයෙන් සමන්‍වාගත වේ ද ... ලෞකික වූත් ලෝකෝත්තර වූත් ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික ශීලයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල පෘථග්ජන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික සම්‍යග්වාචායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික සම්‍යග්දෘෂ්ටියෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික සම්‍යග්වාචායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික සම්‍යග්සඞ්කල්පයෙන් ... ලෞකික සම්‍යග්ව්‍යායාමයෙන් ... ලෞකික සම්‍යක් ස්මෘතියෙන් ... ලෞකික සම්‍යක් සමාධියෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික සම්‍යක්කර්‍මාන්තයෙන් ... ලෞකික සම්‍යක් ආජීවයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික සම්‍යග්දෘෂ්ටියෙන් ... ලෞකික සම්‍යක්සමාධියෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්වාචායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්දෘෂ්ටියෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්වාචායෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්සංකල්පයෙන් ... ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්ව්‍යායාමයෙන් ... ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යක් ස්මෘතියෙන් ... ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යක් සමාධියෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යක් ආජීවයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්දෘෂ්ටියෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යක් ආජීවයෙන් සමන්‍වාගත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්සංකල්පයෙන් ... ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යක් සමාධියෙන් සමන්‍වාගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
12. ප. පු: ‘මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ශීල දෙකෙකින් සමන්‍වාගත වේ’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: ලෞකික ශීලය නිරුද්ධ කල්හි මාර්‍ගය උපදනේ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: දුශ්ශීල, ඛණ්ඩශීල, ජින්නශීල පුද්ගල මාර්‍ගය වඩා ද?
ස. පටි.: එසේ නො කියැයුතු යැ.
ප. ආ: එකරුණින් මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ශීල දෙකෙකින් සමන්‍වාගත වෙයි.
ද්වීහි සීලෙහී’ති කථා නිමි.
සීලං අචේතසිකන්ති කථා
[ශීලය ඇති වී නැති වුව ද සමාදාන හේතුයෙන් වූ ශීලෝපචයෙක් ඇත. එයින් හේ සිල්වත් නම් වෙයි. මේ හේතුයෙන් ‘ශීලය අචෛතසික ය’ යි ලබ්ධි ගත් මහාසඞ්‍ඝිකයන්ගේ වාද බිඳුනට ‘සීලං අචේතසිකන්ති කථා’ එයි.]
1. ස. පු: ශීලය අචෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූප, නිර්‍වාණ චක්‍ෂුරායතන ... කායායතන ... රූපායතන ... ස්ප්‍රෂ්‍ටව්‍යායතන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ශීලය අචෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශය අචෛතසික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ.
3. ස. පු: ශීලය අචෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: වේදනා ... සංඥා ... චේතනා ... ශ්‍රද්ධා ... වීර්‍ය්‍ය ... ස්මෘති ... සමාධි ... ප්‍රඥා අචෛතසික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ස්‍පර්‍ශය චෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශීලය චෛතසික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: වේදනාව ... සංඥාව ... චේතනාව. ... ශ්‍රද්ධාව ... වීර්‍ය්‍යය ... ස්මෘතිය ... සමාධිය ... ප්‍රඥාව චෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශීලය චෛතසික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: ශීලය අචෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනිෂ්ටඵල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. පු: ඉෂ්ටඵල වන්නේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ඉෂ්ටඵල වේ නම්,
අනු. පා: භවත, ‘ශීලය අචෛතසික වේ’ යයි නො කියැයුතු මැ යැ.
7. ස. පු: ශ්‍රද්ධාව ඉෂ්ටඵල වෙයි, ශ්‍රද්ධාව චෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශීලය ඉෂ්ටඵල වෙයි, ශීලය චෛතසික වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: වීර්‍ය්‍යය ... ස්මෘතිය ... සමාධිය ... ප්‍රඥාව ඉෂ්ටඵල වෙයි, ප්‍රඥාව චෛතසික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.