පඤ්චවිඤ්ඤාණා කුසලාපි අකුසලාපී’ති කථා
1. ස. පු: පඤ්චවිඥානයෝ කුසල්වූවාහුත් අකුසල්වූවාහුත් වෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පඤ්චවිඥානයෝ උත්පන්නවස්තුක උත්පන්නාලම්බන වූවාහු නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් පඤ්චවිඥානයෝ උත්පන්නවස්තුක උත්පන්නාලම්බන වූවාහු නම්,
අනු. පා: භවත, ‘පඤ්චවිඥානයෝ කුසල් වූවාහුත් අකුසල් වූවාහුත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: පඤ්චවිඤ්‍ඤාණයෝ පුරේජාතවස්තුක පුරෙජාතාලම්බන වූවාහු ආධ්‍යාත්මිකවස්තුක බාහ්‍යාලම්බන වූවාහු අසම්භින්නවස්තුක අස්මභින්නාලම්බන වූවාහු නානාවස්තුක නානාලම්බන වූවාහු උනුන් සතු ගෝචරවිෂය නො වළඳන්නාහු නො? සමන්‍වාහාර රහිත වැ නූපදනාහු නො? අමනසිකාර හේතුයෙන් නූපදනාහු නො? අව්‍යාකීර්‍ණව නූපදනාහු නො? පෙරපසු නො වී නූපදනාහු නො? උනුනට සමනන්තර වැ නූපදනාහු නො? ... පඤ්චවිඥානයෝ අභෝග රහිත වූවාහු නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් පඤ්චවිඥානයෝ අනාභෝග වෙත් නම්,
අනු. පා: භවත ‘පඤ්චවිඥානයෝ කුසල් වූවාහුත් අකුසල් වූවාහුත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: චක්‍ෂුර්විඥාන කුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානය ශුන්‍යතා ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: චක්‍ෂුර්විඥානය ශුන්‍යතා ඇරැබැ උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඇසත් ශුන්‍යතාත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: ඇසත් ශුන්‍යතාත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: “ඇසත් ශුන්‍යතාත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: නැත.
ස. අනු: “ඇසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් “ඇසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ නම්,
අනු. පා: භවත, ‘ඇසත් ශුන්‍යතාත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ’ යි නො කියැයුතු මැ යැ.
6. ස. පු: චක්‍ෂුර්විඥානය කුශලත් අකුශලත් වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානය අතීතානාගතය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: චක්‍ෂුර්විඥානය කුශලත් අකුසලත් වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානය ස්පර්‍ශය ඇරැබැ ... චිත්තය ඇරැබැ ... චක්‍ෂුස ඇරැබැ ... කය ඇරැබැ ... ශබ්දය ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍යය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: මනෝවිඥානය කුශලත් අකුශලත් වෙයි. මනෝවිඥානය ශුන්‍යතාව ඇරැබැ උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානය කුශලත් අකුශලත් වෙයි. චක්‍ෂුර්විඥානය ශුන්‍යතාව ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: මනෝවිඥානය කුශලත් අකුශලත් වෙයි. මනෝවිඥානය අතීතානාගතය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානය කුශලත් අකුශලත් වෙයි. චක්‍ෂුර්විඥානය අතීතානාගතය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: මනෝවිඥානය කුශලත් අකුශලත් වෙයි. මනෝවිඥානය ස්පර්‍ශය ඇරැබැ ... චිත්තය ඇරැබැ ... කය ඇරැබැ ... ශබ්දය ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍යය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානය කුශලත් අකුශලත් වෙයි. චක්‍ෂුර්විඥානය ස්පර්‍ශය ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍යය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ප. පු: ‘පඤ්චවිඥානය කුශලත් අකුශලත් වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:“මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක නිමිත්තග්‍රාහී වෙයි ... නිමිත්තග්‍රාහී නො වෙයි ... කනින් ශබ්ද අසා ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්‍ශ කොට නිමිත්තග්‍රාහී වෙයි ... නිමිත්තග්‍රාහී නො වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ආ: එකරුණෙන් ‘පඤ්චවිඥානයෝ කුසල් වූවාහුත් අකුසල් වූවාහුත් වෙති.
පඤ්චවිඤ්‍ඤාණා කුසලාපි අකුසලාපී’ති කථා නිමි.
10. 5.
පඤ්චවිඤ්ඤාණා සාභෝගාති කථා
[‘ආභෝග’ නම් කුශල වශයෙනුදු අකුශල වශයෙනුදු වෙයි. බුදුන් විසිනුදු “චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති, න නිමිත්තග්ගාහී හොති - ඇසින් රූ දැක නිමිත්තග්‍රාහී වෙයි, නිමිත්තග්‍රාහී නො වේ” යනාදිය වදාළ සූත්‍රාන්ත ඇත. එය අයෝනිසෝමනසිකාරයෙන් ගෙන ‘පඤ්චවිඥානයෝත් සාභෝගයහ’ යි ලබ්ධි ගත් මහාසඞ්ඝිකයන්ගේ වාද බිඳුනට ‘පඤ්චවිඤ්‍ඤාණා සාභෝගාති කථා’ එයි.]
1. ස. පු: පඤ්චවිඥානයෝ සාභොග (ප්‍රත්‍යවේක්‍ෂා සහිත) වෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පඤ්චවිඥානයෝ උත්පන්නවස්තුක උත්පන්නාලම්බන වූවාහු නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් පඤ්චවිඥානයෝ උත්පන්නවස්තුක උත්පන්නාලම්බන වෙත් නම්,
අනු. පා: භවත, ‘පඤ්චවිඥානයෝ සාභෝගයහ’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: පඤ්චවිඥානයෝ පුරේජාතවස්තුක පුරෙජාතාලම්බන වූවාහු ආධ්‍යාත්මික වස්තුක බාහ්‍යාලම්බන වූවාහු අසම්භින්නවස්තුක අසම්භින්නාලම්බන වූවාහු නානාවස්තුක නානාලම්බන වූවාහු උනුන් සතු ගෝචරවිෂය නො වළඳන්නාහු නො වෙත් ද, සමන්‍වාහරණ රහිත වැ නූපදනාහු නො වෙත් ද, අමනසිකාර හේතුයෙන් නූපදනාහු නො වෙත් ද, අව්‍යාකීර්‍ණ වැ නූපදනාහු නො වෙත් ද, පෙරපසු නො වී නූපදනාහු නො වෙත් ද? පඤ්චවිඥානයෝ උනුනට සමනන්තර වැ නූපදනාහු නො වෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් පඤ්චවිඥානයෝ උනුනට සමනන්තර වැ නූපදනාහු වෙත් නම්,
අනු. පා: භවත ‘පඤ්චවිඥානයෝ සාභෝගයහ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: චක්‍ෂුර්විඥානය සාභොග වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානය ශුන්‍යතා ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: චක්‍ෂුර්විඥානය ශුන්‍යතා ඇරැබැ උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුසත් ශුන්‍යතාත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: චක්‍ෂුසත් ශුන්‍යතාත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: “චක්‍ෂුසත් ශුන්‍යතාත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටිඤ්‍ඤා: නැත.
ස. අනු: “චක්‍ෂුසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් “චක්‍ෂුසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ නම්,
අනු. පා: භවත, ‘චක්‍ෂුසත් ශුන්‍යතාත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
6. ස. පු: චක්‍ෂුර්විඥානය සාභොග වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානය අතීතානාගත ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: චක්‍ෂුර්විඥානය සාභොග වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානය ස්පර්‍ශය ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍යය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: මනෝවිඥානය සාභෝගය යැ, මනෝවිඥානය ශුන්‍යතා ඇරැබැ උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානය සාභොග යැ, චක්‍ෂුර්විඥානය ශුන්‍යතා ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: මනෝවිඥානය සාභොග යැ, මනෝවිඥානය අතීතානාගතය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානය සාභොග යැ, චක්‍ෂුර්විඥානය අතීතානාගතය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: මනෝවිඥානය සාභොග යැ, මනෝවිඥානය ස්පර්‍ශය ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍යය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.