Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 9901-10000 න් 15036

අනු. පා: භවත, ‘සම්මාවාචාව මාර්‍ග වේ යැ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: සම්මාකම්මන්තය ... සම්මාආජීවය මාර්‍ග වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සාලම්බන වේ ද, ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාලම්බන නො? එයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැත්තේ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, එයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැත් නම්,
අනු. පා: භවත, ‘සම්මාආජීවය මාර්‍ග වේ යැ’ යි නො කියැයුතු මැ යැ
4. ස. පු: සම්මාදිට්ඨි මාර්‍ග වේ ද? ඔ ද සාලම්බන වෙයි, ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාවාචා මාර්‍ග වෙයි. ඔ ද සාලම්බන වෙයි. ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: සම්මාදිට්ඨිය මාර්‍ග වෙයි. ඔ ද සාලම්බන වෙයි. ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාකම්මන්තය ... සම්මාආජීවය මාර්‍ග වෙයි. එ ද සාලම්බන වෙයි. ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: සම්මාසඞ්කප්පය ... සම්මාවායාමය ... සම්මාසතිය ... සම්මාසමාධිය මාර්‍ග වෙයි. එ ද සාලම්බන වෙයි. ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාවාචාව මාර්‍ග වෙයි. එ ද සාලම්බන වෙයි. ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: සම්මාසමාධිය මාර්‍ග වෙයි. එ ද සාලම්බන වෙයි. ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාකම්මන්තය ... සම්මාආජීවය මාර්‍ග වෙයි. එ ද සාලම්බන වෙයි. එයට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: සම්මාවාචාව මාර්‍ග වෙයි. ඔ ද අනාලම්බන වෙයි. ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාදිට්ඨිය මාර්‍ග වෙයි. ඔ ද අනාම්බන වෙයි. ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: සම්මාවාචාව මාර්‍ග වෙයි. ඔ ද අනාලම්බන වෙයි. ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාසඞ්කප්පය ... සම්මාවායාමය ... සම්මාසති ... සම්මාසමාධිය මාර්‍ග වෙයි. එ ද අනාම්බන වෙයි. ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: සම්මාකම්මන්තය ... සම්මාආජීවය මාර්‍ග වෙයි. එ ද අනාලම්බන වෙයි. ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්මාදිට්ඨි ... සම්මාසඞ්කප්ප ... සම්මාවායාම ... සම්මාසති ... සම්මාසමාධි මාර්‍ග වෙයි. එ ද අනාම්බන වෙයි. ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ප. පු: ‘මාර්‍ගසමඞ්ගිහුගේ රූපය මාර්‍ග වෙයි’ යනු නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව තුන මාර්‍ග වන්නේ නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සම්මාවාචා සම්මාආජීව සම්මාකම්මන්ත තුන මාර්‍ග වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘මාර්‍ගසමඞ්ගිහුගේ රූපය මාර්‍ග වෙයි’ යනු කියැයුතු මැ යැ ...
රූපං මග්ගෝ’ති කථා නිමි.
පඤ්චවිඤ්ඤාණ සමඞ්ගිස්ස මග්ගකථා
[‘චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහි හොති - ඇසින් රූ දැක නිමිත්තග්‍රාහී නො වෙයි’ යන සූත්‍රය ඇසිරි කොට ‘පඤ්චවිඥානසමඞ්‍ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇති’ යි ලබ්ධි ගත් මහාසඞ්‍ඝිකයන්ගේ වාද බිඳුනට ‘පඤ්චවිඤ්‍ඤාණ සමඞ්‍ගිස්‍ස මග්ගකථා’ එයි.]
1. ස. පු: පඤ්චවිඥානසමඞ්‍ගීහට මාර්‍ගභාවනා ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පඤ්චවිඥානයෝ උත්පන්නවස්තුක උත්පන්නාලම්බන වූවාහු නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් පඤ්චවිඤ්‍ඤානයෝ උත්පන්නවස්තුක උත්පන්නාලම්බන වෙත් නම්,
අනු. පා: භවත, ‘පඤ්චවිඤ්‍ඤාණසමඞ්‍ගීහට මාර්‍ගභාවනා ඇති’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: පඤ්චවිඤ්‍ඤාණයෝ පුරේජාතවස්තුක පුරෙජාතාලම්බන, ආධ්‍යාත්මිකවස්තුක බාහ්‍යායලම්බන, අසම්භින්නවස්තුක අසම්භින්නාලම්බන, නානාවස්තුක නානාලම්බන වූවාහු, අන්‍යො’න්‍යගෝචරවිෂය අනුභව නො කෙරෙත් නු සමන්නාහාර නැති වැ නූපදිත් නු? මනසිකාර නැති වැ නූපදිත් නු? අව්‍යාකීර්‍ණ වැ නූපදිත් නු? පෙරපසු නො වැ නූපදිත් නු? අන්‍යෝන්‍යයනට සමනන්තර වැ නූපදිත් නු? ... පඤ්චවිඥානයෝ ආභෝග (ප්‍රත්‍යවේක්‍ෂා) නැත්තාහු නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් පඤ්චවිඤ්‍ඤානයෝ අනාභෝග වෙත් නම්,
අනු. පා: ‘පඤ්චවිඤ්‍ඤාණසමන්නාගතයහට මාර්‍ගභාවනා ඇති’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: චක්‍ෂුර්විඥාන සමන්‍වාගතයහට මාර්‍ගභාවනා ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානය ශුන්‍යතය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: චක්‍ෂුර්විඥානය ශුන්‍යතය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුසත් ශුන්‍යතයත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: චක්‍ෂුසත් ශුන්‍යතයත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: “චක්‍ෂුසත් ශුන්‍යතයත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටි: නැති.
ස. අනු: “චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් “චක්‍ෂුසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත් නම්,
අනු. පා: භවත, “චක්‍ෂුසත් ශුන්‍යතයත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ” යයි නො කියැයුතු මැ යැ.
6. ස. පු: චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානය අතීතානාගත අරමුණු ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ.
7. ස. පු: චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානය ස්පර්‍ශය ඇරැබැ වේදනාව ඇරැබැ සංඥාව ඇරැබැ චේතනාව ඇරැබැ චිත්තය ඇරැබැ චක්‍ෂුස ඇරැබැ ... කය ඇරැබැ ... ශබ්දය ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍ය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ.
8. ස. පු: මනෝවිඥානසමඞ්‍ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇත, මනෝවිඥානය ශුන්‍යතා ඇරැබැ උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇත, චක්‍ෂුර්විඥානය ශුන්‍යතාව ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: මනෝවිඥානසමඞ්‍ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇත, මනෝවිඥානය අතීතානාගතය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇත, චක්‍ෂුර්විඥානය අතීතානාගතය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: මනෝවිඥානසමඞ්‍ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇත, මනෝවිඥානය ස්පර්‍ශය ඇරැබැ ... වේදනාව ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍යය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇත, චක්‍ෂුර්විඥානය ස්පර්‍ශය ඇරැබැ ... වේදනාව ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍ය ඇරැබැ උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ප. පු: ‘පඤ්චවිඤ්‍ඤාණසමඞ්‍ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක නිමිත්තග්‍රාහී නො වෙයි. අනුව්‍යඤ්‍ජනග්‍රාහී නො වෙයි ... කනින් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධ ආඝ්‍රාණ කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්‍ශ කොට නිමිත්තග්‍රාහී නො වෙයි, අනුව්‍යඤ්‍ජනග්‍රාහී නො වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
පටි. ආ: එ කරුණින් ‘පඤ්චවිඥානසමඞ්‍ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇත.
පඤ්චවිඤ්‍ඤාණසමඞ්‍ගිස්‍ස මග්ගකථා නිමි.