Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 1-100 න් 15036

අභිධර්‍මපිටකයෙහි
කථාවස්තුප්‍රකරණය
ඒ භගවත් අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
ප්‍රථම වර්‍ගය
පුද්ගලකථා
[අප බුදුන් පිරිනිවි දෙවන සියවසෙහි ‘ථේරවාද’යෙන් බිඳීගිය ‘වජ්ජිපුත්තක’ නම් ඇදුරොලෙකැ, තත්ප්‍රභව වූ ‘සමමිතිය’ නම් ඇදුරොලෙකැ යි ඇදුරොල්හු දෙදෙනෙක් වූහ. ඔහු බුදුන් විසින් “අත්‍ථිපුග්ගලො අත්තහිතාය පටිපන්නෝ” යනාදීන් සම්මතසත්‍ය විසින් සඞ්කෙතවචනයෙන් වදාළ සූත්‍රප්‍රදේශයෙහි අර්‍ත්‍ථ වරදවා ගෙනැ භූතාර්‍ත්‍ථයෙන් පුද්ගලයෙක් සත්ත්‍වයෙක් ඇති’යි අභිනිවේශ කොට ජලචන්‍ද්‍රන්‍යායයෙන් විපරීතග්‍රාහ ඇති වූහ. සප්‍රත්‍යය – අප්‍රත්‍යාදී විසින් විභක්ත සප්තපඤ්චාශත් ස්කන්‍ධායතනධාතු ආදි ධර්‍මප්‍රභේදමාත්‍ර වත් මුත් යථාර්‍ත්‍ථයෙන් පුද්ගලයෙකු නැතියෙන් උන්ගේ ඡලවාදයට අවකාශ නො දෙනු සඳහා පළමු මැ තෙල “පුද්ගලකථා” ආරබ්ධ යි.]
1. සකවාදීපුච්ඡා: සත්‍යාර්‍ත්‍ථ (=භූතාර්‍ත්‍ථ) පරමාර්‍ත්‍ථ (=ආත්මප්‍රත්‍යක්‍ෂ සඞ්ඛ්‍යාත උත්තමාර්‍ත්‍ථ) වශයෙන් පුද්ගලයෙක් (=ආත්මයෙක්,) උපලභ්‍යමාන වේ ද? (නුවණ එළවා දන්නා ලැබේ ද?)
පරවාදීපටිඤ්ඤා: එසේ යැ.
සකවාදීඅනුයෝග: යම් (ස්කන්‍ධ – ආයතන – ධාතු – ඉන්‍ද්‍රිය විසින් ඇති සත්පනස් ප්‍රභේද වූ) සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද, ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ ද? (සත්පනස් ධර්‍මයන් කෙරෙහි රූපාදීන්ගේ රුප්පනාදී ආකාරයෙන් දක්නා සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථයෙක් ඇත් ද? තොප කියන පුද්ගලත් ඒ ආකාරයෙන් ලැබේ ද?)
පරවාදීපටික්ඛේප: එසේ නො කියැයුතු යැ.
සකවාදීනිග්ගහ: නිග්‍රහය පිළිගනුව.
අනුලෝමඨපනා: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්,
අනුලොමපාපනා: භවත, එහෙයින් (තොප විසින්) යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද, එ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් එ පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු මැ යැ.
අනුලෝම ආරෝපනා: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද, ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් එ පුද්ගල දන්නා ලැබේ යැ යි නො කියැයුතු යැ යි ද යන යම් බසක් එහි ලා කියෙහි නම් මේ තොපගේ මිථ්‍යායෙකි.
පටිලෝමඨපනා: යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද, එ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යැ යි ඉදින් නො කියැයුතු නම්, භවත, (තොප විසින්) සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි නො ද කියැයුතු මැ යැ.
පටිලොමපාපනා: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි ද,
පටිලෝම ආරෝපනා: යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද, ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යැ යි නො කියැයුතු යැ යි ද යම් බසක් එහි ලා කියෙහි නම් මේ තොපගේ මිථ්‍යායෙකි.
අනුලෝම පඤ්චක යි.
2. පරවාදීපුච්ඡා: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
සකවාදීපටිඤ්ඤා: එසේ යැ (නො දන්නා ලැබේ)
පරවාදීඅනුයෝග: යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද, ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් නො දන්නා ලැබෙ ද?
සකවාදීපටික්ඛෙප: එසේ නො කියැයුතු යැ. (සම්මති – පරමාර්‍ත්‍ථ සත්‍ය දෙක මිශ්‍ර කොට ඇසූයෙන් මෙසේ ප්‍රතික්‍ෂිප්ත යි.)
පරවාදීපටිකම්ම: මේ ප්‍රතික්‍රියාව පිළිගනුව.
අනුලෝමඨපනා: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ නම්,
අනුලොමපාපනා: භවත, එහෙයින් (භවත්හු විසින්) යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යයි කියැයුතු මැ යැ.
අනුලෝම ආරෝපනා: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ය යි කියැයුතු යැ යි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යැ යි නො කියැයුතු යැ යි ද යන යම් බසක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
පටිලෝමඨපනා: යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් ඇද්ද එයින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යයි ඉදින් නො කියැයුතු වේ නම්,
පටිලොමපාපනා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යැ යි නො කියැයුතු මැ යැ,
පටිලෝම ආරෝපනා: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබෙ යැ යි ද යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යැ යි නො ද කියැ යුතු යැ යි ද එහි ලා යම් බසක් කියෙහි නම් එ (තොපගේ) මිථ්‍යායෙකි.
පටිකම්ම චතුක්ක යි.
3. ප. නි: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගලයෙක් නො දන්නා ලැබේ යැ යි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යැයි නො කියැ යුතු යැයි ද (යනුවෙන්) ඉදින් භවත් හඟනේ නම් එ හෙයින් ඒ ප්‍රතිඥායෙන් එ සේ ප්‍රතිඥා කරන භවත් මෙසේ නිග්‍රහ කටයුතු වෙයි. එ බැවින් මෙසේ භවත්හු (මතුයෙහි එන සැටියෙන්) නිග්‍රහ කරම්හ. තවද (අප විසින්) මැනැවින් නිග්‍රහ කරන ලද්දේ යැ.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ නම්,
අනු. පා: භවත, එ හෙයින් (භවත්හු විසින්) යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද එ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබෙ යැ යි කිය යුතු මැ යැ.
අනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් පුද්ගලයෙක් නො දන්නා ලැබේ යැ යි කියැ යුතු යැ යි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යැ යි නො කියැයුතු යැ යි ද යන යම් බසක් එහි ලා කියෙහි නම් ඒ භවත්හු ගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යැ යි නො කියැයුතු වේ නම්,
පටි. පා: භවත, (භවත්හු විසින්) සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යැ යි නො කියැයුතු මැ යි.
පටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගලයෙක් නො දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබෙ යැ යි නො කියැයුතු යැ යි ද යන යම් බසක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
නිග්ගහ චතුක්ක යි.
4. ප. උ: ඉදින් තෙල වැරැදි පේ කළ නිග්‍රහයෙක් වේ නම් (භවත්හු විසින්) සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යැ යි ද, ‘යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ ය යි නො කියයුතු යැ’යි (යනුවෙන් අනුලෝම පඤ්චකයෙහි ලා) අපට කළ නිග්‍රහයෙහි දීත් එ පරිදි මැ දක්නේ මැනැවැ. එහි ලා තෙල ප්‍රතිඥායෙන් මෙසේ ප්‍රතිඥා කරන අපි භවත්හු විසින් මෙසේ නිග්‍රහ කටයුත්තමෝ නො වම්හ. එයින් අපට මෙසේ (මතු සඳහන් වන පරිදි) නිග්‍රහ කරන්නෙහි නම් වැරැදි සේ නිග්‍රහ කරන ලද්දමෝ වම්හ.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගලයෙක් දන්නා ලැබේ නම්,
අනු. පා: භවත, එහෙයින් (භවත්හු විසින්) යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වෙ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යැ.
අනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගලයෙක් දන්නා ලැබේ යයි කියයුතු යැයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යැ යි නො කියයුතු යැ යි ද යන යමක් එහි ලා කියෙහි නම් එය භවත්හුගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යැ යි නො කියයුතු වේ නම්,
පටි. පා: භවත, එහෙයින් (භවත්හු විසින්) සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ය යි නො කියයුතු යැ.
පටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගලයෙක් දන්නා ලැබේ යැ යි කියයුතු යැ යි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යැ යි නො කියයුතු යැ යි ද යන යමක් එහි ලා කියෙහි නම් මෙය භවත්හුගේ මිථ්‍යායෙකි.
උපනය චතුක්ක යී.
5. ප. නිග: මෙසේ මම නිග්‍රහ කටයුතුයෙම් නො වෙමි. ඒ දුර්නිග්‍රහ හේතුවින් යම් හෙයකින් නිගන්නෙහි.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්,
අනු. පා: භවත, එහෙයින් (භවත්හු විසින්) යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යැ.
අනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වෙ ද එ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු යයි ද යන යමක් එහි ලා කියෙහි නම් එය භවත්හුගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු නම්,
පටි. පා: භවත, එහෙයින් (භවත්හු විසින්) සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු යැ.
පටි. ආ: “සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු යයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකැ”යි යම් නිග්‍රහයක් කෙරෙහි ද එසේ නිග්‍රහ නො කළයුතු යැ.
නිගමන: එහෙයින් යම් නිග්‍රහයෙක් කරන ලද ද එය දුෂ්කෘත යැ. අප විසින් කළ ප්‍රතික්‍රියාව සුකෘත යැ. කථාමාර්‍ග ප්‍රතිපාදනය සුකෘත යි.
නිගමන චතුක්ක යි.
ප්‍රථම නිග්‍රහ යි.
6. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබෙ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ (නො දන්නා ලැබේ)
ප. අනු: යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ ද?
ස. පටි: එසේ නො කිය යුතු යැ. (සම්ම්තසත්‍ය විසින් ප්‍රතික්‍ෂේප නො කට හෙන හෙයිනි.)
ප. නි: මේ නිග්‍රහය පිළිගනුව.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ නම්,
අනු. පා: භවත, එහෙයින් (භවත්හු විසින්) යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබෙ යයි කිය යුතු ය.
අනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු යයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබෙ යයි නො කියයුතු යයි ද යන යමක් එහි ලා කීයෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු නම්, භවත, එහෙයින් (භවත්හු විසින්) සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු යැ.
පටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු මැ වේ නම්,
පටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු යයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු යයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
පච්චනීක පඤ්චක යි.
7. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටි: එසේ නො කියයුතු යැ.
ස. පටිකම්ම: මේ ප්‍රතිකර්‍මය පිළිගනුව.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්,
අනු. පා: භවත, එහෙයින් (භවත්හු විසින්) යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු මැ යැ.
අනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු යැයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: ඉදින් යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු වේ නම්,
පටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු මැ වෙයි.
පටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු ය යි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු යයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
පටිකම්ම චතුක්ක යි.
8. ස. නි: ඉදින් භවත් “සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යයි ද යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු” යයි ද හඟනේ නම්, ඒ හැඟීමෙන් භවත්හුගේ එහි එන තෙල ප්‍රතිඥායෙන් මෙසේ පිළින කරන භවත් මෙසේ නිග්‍රහ කටයුතු වෙයි. දැන් තොප නිගනුම්හ. මනා කොට නිගන්නා ලද්දේ ද වෙයි.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබෙ නම්,
අනු. පා: භවත, ඒ හේතුවින් යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද එයින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු මැ වෙයි.
අනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යයි යන යමක් එහි ලා කියෙහි ද ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: ඉදින් යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු වේ නම්,
පටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු මැ වෙයි.
පටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු යයි ද යන යමක් එහි ලා කියෙහි නම් මේ තොපගේ මිථ්‍යායෙකි.
නිග්ගහ චතුක්ක යි.
9. ස. උ: ඉදින් මේ වැරදිසේ කළ නිග්‍රහයෙක් වේ නම් (භවත්හු විසින්) සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු යයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ ධර්‍ම වශයෙන් නො දන්නා ලැබේ යයි නො කියයුතු යයි ද (යනුවෙන් පච්චනීකපඤ්චකයෙහි දී) අපට කළ නිග්‍රහයෙහිත් එපරිදි මැ සලකන්නේ යැ. එහි ලා මේ ප්‍රතිඥායෙන් මෙසේ පිළින කරන අපි භවත්හු විසින් නිග්‍රහ කටයුත්තමෝ නො වම්හ. එබැවින් අපට මෙසේ (මතු සඳහන් වන පරිදි) නිග්‍රහ කරන්නෙහි නම් වැරැදිසේ නිග්‍රහ කරන ලද්දමෝ වම්හ.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ නම්,
අනු. පා: භවත, එ හෙයින් (භවත්හු විසින්) යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු මැ යැ.
අනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු යයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු යයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
පටි. ඨ: ඉදින් යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු වේ නම්,
පටි. පා: භවත, භවත්හු විසින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු මැ වෙයි.
පටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු යයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු’ යයි ද යන යමක් එහි ලා කියෙහි නම් මේ තොපගේ මිථ්‍යායෙකි.
උපනයන චතුක්ක යි.
10. ස. නිග: මෙසේ මම නිග්‍රහ කටයුතුයෙම් නො වෙමි, ඒ දුර්නිග්‍රහ හේතුවින් යම් හෙයෙකින් නිගන්නෙහි.
අනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ නම්,
අනු. පා: භවත, එ හෙයින් (භවත්හු විසින්) යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් ඒ පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු මැ වෙයි.