Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 7301-7400 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ස. අනු: රහත්මඟ අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: රහත්මඟ සංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්නියාමය සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: සෝවත් නියාමය අසංස්කෘත යැ … රහත්නියාමය අසංස්කෘත යැ. නිවන අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෝ පස්දෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: අසංස්කෘතයෝ පස්දෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ යැ. (චතුර්විධ සම්‍යක්ත්‍වනියාමයන් පිළිබඳ ‘නියාමවචන’ ඇතියෙනුදු නිවන අසංස්කෘත බැවිනුදු කළ පිළින යි.)
ස. අනු: ත්‍රාණයෝ පස් දෙනෙක් … අන්තරිකාවෝ පස් දෙනෙක් හෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: නියාමය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මිච්ඡත්තනියාමය අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ස. පු: මිච්ඡත්තනියාමය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සම්මත්තනියාමය සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
16. ප. පු: ‘නියාමය අසංස්කෘත වේ යැ’ යි නො කියැයුතු ද?
ස. පු: එසේ යැ.
ප. අනු: නියාමය ඉපද නිරුද්ධ වූ කලැ අනියත වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. නිග: එකරුණින් නියාමය අසංස්කෘත වෙයි.
ප. අනු: මිච්ඡත්තනියාමය ඉපැද නිරුද්ධ වූ කල අනියත වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. නිග: එකරුණින් මිච්ඡත්තනියාමය අසංස්කෘත වෙයි.
නියාමකථා නිමි.
පටිච්චසමුප්පාදකථා
[“උප්පාදා වා තථාගතානං -පෙ- ඨිතා’ ව සා ධාතු, ධම්මට්ඨිතතා, ධම්මනියාමතා” යි වදාළහෙයින් ‘ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වෙති’ යි පූර්‍වශෛලියයන් හා මහීශාසකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට පටිච්චසමුප්පාදකථා එයි.]
1. ස. පු: ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිර්‍වාණය, ත්‍රාණ ලෙණ, සරණ, පරායණ, අච්‍යුත අමෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: (තොප මතයෙහි) ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වෙයි. නිවන අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් ලෙණයෝ දෙදෙනෙක් සරණයෝ දෙදෙනෙක්, පරායණයෝ දෙදෙනෙක් අච්‍යුතයෝ දෙදෙනෙක් අමෘතයෝ දෙදෙනෙක් නිර්‍වාණයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: නිර්‍වාණයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උභයනිර්‍වාණයන්ගේ උච්චනීචතායෙක් හීනප්‍රණීතතායෙක් උත්කර්‍ෂාවකර්‍ෂයෙක් හෝ සීමායෙක් හෝ භෙදයෙක් හෝ රාජියෙක් හෝ අන්තරිකායෙක් හෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අවිද්‍යාව අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: අවිද්‍යා සංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රතීත්‍යසමුත්පාද සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අවිද්‍යාප්‍රත්‍යයෙන් වන සංස්කාරයෝ අසංස්කෘත වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: අවිද්‍යාප්‍රත්‍යයෙන් වන සංස්කාරයෝ සංස්කෘත වෙද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රතීත්‍යසමුත්පාදය සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සංස්කාරප්‍රත්‍යයෙන් වන විඥානය අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: සංස්කාරප්‍රත්‍යයෙන් වන විඥානය සංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රතීත්‍යසමුත්පාදය සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: විඥානප්‍රත්‍යයෙන් වන නාමරූප අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: විඥානප්‍රත්‍යයෙන් වන නාමරූප සංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රතීත්‍යසමුත්පාදය සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ යැ.
ස. අනු: ජාතිප්‍රත්‍යයෙන් වන ජරාමරණ අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: ජාතිප්‍රත්‍යයෙන් වන ජරාමරණ සංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රතීත්‍යසමුත්පාදය සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ප. පු: ‘ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. තථාගතයන් වහන්සේගේ උත්පාදයෙන් වේවයි ඔබගේ අනුත්පාදයෙන් වේවයි (ජරාමරණධර්‍මයනට කාරණාර්‍ත්‍ථයෙන්) ධර්‍මස්ථිතතා වූ, (ජරාමරණධර්‍මයනට කාරණාර්‍ත්‍ථයෙන් මැ) ධර්‍මනියාමතා වූ, ධර්‍මස්ථිති, ධර්‍මනියාම වශයෙන් මේ ජරාමරණාදිධර්‍මයනට ප්‍රත්‍යාර්‍ත්‍ථයෙන් ඉදම්ප්‍රත්‍යතා (ප්‍රත්‍යයවන ස්වභාව) වූ ඒ ධාතු තොමෝ සිටියා (පවතී) මැ යැ. තථාගතයන් වහන්සේ එය මොනොවට අවබෝධ කරනසේක. අභිසම කරනසේක. මොනොවට අවබෝධ කොට අභිසම කොට කියනසේක, දෙසනසේක, දන්වනසේක, පිහිටුවනසේක, විවරණ කරනසේක, බෙදනසේක, හෙළි කරනසේක, ‘බලව’යිදු බණනසේක: මහණෙනි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මහණෙනි, භවප්‍රත්‍යයෙන් ජාති වෙයි කියා යි. මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. තථාගතයන් වහන්සේගේ උත්පාදයෙන් වේවයි ඔබගේ අනුත්පාදයෙන් වේවයි ඒ ධර්‍මධාතු සිටියා මැ යැ … ‘බලව’යිදු බණනසේක: ‘මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරය වෙති’ යි කියා යි. මහණෙනි, මෙසේ එහිලා යම් තථතායෙක් (ස්වභායෙක්) අවිතථතායෙක් (නොසිස් බවෙක්) අනන්‍යථාභාවයෙක් (නොවෙනස් බවෙක්), ඉදම්ප්‍රත්‍යතායෙක් ඇද්ද? මහණෙනි, මේ ප්‍රතීත්‍යසමුත්පාද යැයි කියනු ලැබේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: එකරුණින් ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වෙයි.
16. ස. පු: ‘අවිජ්ජාපච්වයා සඞ්ඛාරා’ යන එහි සංස්කාරධර්‍මයනට කාරණාර්‍ත්‍ථයෙන් ධර්‍මස්ථිතතාවූ, සංස්කාරධර්‍මයනට කාරණාර්‍ත්‍ථයෙන් (ඇති කල්හි මැ සම්භවය වන) ධර්‍මනියාමතා වූ යම් අවිද්‍යායෙක් ඇද්ද, ඕ (තොපමතයෙහි) අසංස්කෘත යැ. නිර්‍වාණයත් අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
17. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?