Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 5501-5600 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-kvu-3:46.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:46.7
ස. අනු: අෂ්ටමක පුද්ගලයා විසින් දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහාණය පිණිස සීවටන්හු භාවිත වෙත් ද? … සම්‍යක්ප්‍රධානයෝ … බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙත් ද?
ap-kvu-3:46.8
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:46.9
13. ස. පු: අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ වේ ද?
ap-kvu-3:46.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:46.11
ස. අනු: අෂ්ටමක පුද්ගලයා විසින් විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වේ ද … බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙත් ද?
ap-kvu-3:46.12
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:46.13
14. ස. පු: අෂ්ටමක පුද්ගලයා විසින් දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත වේ ද?
ap-kvu-3:46.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:46.15
ස. අනු: ලෞකික වූ සාස්‍රව වූ … සාංක්ලේශික වූ අමාර්‍ගයෙන් ප්‍රහීණ වේ ද?
ap-kvu-3:46.16
ප. පටි: එසේ නො කියැයුතු යැ … (ප්‍රථමමාර්‍ගයෙන් මැ ප්‍රහාණ භාවය ගෙන කළ ප්‍රතික්‍ෂේප යි. ඉදින් අමාර්‍ගයෙන් ප්‍රහීණ වේ නම් ගෝත්‍රභූපුද්ගලාදීනට ද ප්‍රහීණභාවය පැමිණේ.)
ap-kvu-3:46.17
15. ස. පු: අෂ්ටමක පුද්ගලයා විසින් දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථානප්‍රහාණය පිණිස සීවටන්හු අභාවිත වෙත් ද … බෝධ්‍යඞ්ගයෝ අභාවිත වෙත් ද?
ap-kvu-3:46.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:46.19
ස. අනු: ලෞකික වූ සාස්‍රව වූ සාංක්ලේශික වූ අමාර්‍ගයෙන් ප්‍රහීණ වේ ද?
ap-kvu-3:46.20
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:48.1
16. ස. පු: අෂ්ටමක පුද්ගලයා විසින් විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහාණය පිණිස මාර්‍ගය අභාවිත වේ ද … සීවටන්හු … සම්‍යක්ප්‍රධානයෝ … බෝධ්‍යඞ්ගයෝ අභාවිත වෙත් ද?
ap-kvu-3:48.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:48.3
ස. අනු: ලෞකික වූ සාස්‍රව වූ … සාංක්ලේශික වූ අමාර්‍ගයෙන් ප්‍රහීණ වේ ද?
ap-kvu-3:48.4
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:48.5
17. ප. පු: ‘අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ යැ’යි නො කියැයුතු වේ ද?
ap-kvu-3:48.6
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:48.7
ප. අනු: උපදනේ වේ ද?
ap-kvu-3:48.8
ස. වි: නූපදනේ යැ.
ap-kvu-3:48.9
අනු. ඨ: ඉදින් නූපදනේ වේ නම්,
ap-kvu-3:48.10
අනු. පා: භවත, එකරුණින් ‘අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ යැ’යි කියැයුතු මැ යැ.
ap-kvu-3:48.11
18. ප. පු: ‘අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ යැ’යි නො කියැයුතු වේ ද?
ap-kvu-3:48.12
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:48.13
ප. අනු: උපදනේ වේ ද?
ap-kvu-3:48.14
ස. වි: නූපදනේ යැ.
ap-kvu-3:48.15
අනු. ඨ: ඉදින් නූපදනේ වේ නම්,
ap-kvu-3:48.16
අනු. පා: භවත, එකරුණින් ‘අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ප්‍රහීණ යැ’යි කියැයුතු මැ යැ.
ap-kvu-3:48.17
19. ස. පු: ‘අෂ්ටමක පුද්ගලයාහට දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන නූපදනේ යැ යනු හේතු කොට ගෙන ‘ප්‍රහීණ යැ’යි කියහි?
ap-kvu-3:48.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:48.19
ස. අනු: ‘අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිඅනුශය නූපදනේ යැ’ යනු හේතු කොට ගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?
ap-kvu-3:48.20
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:50.1
20. ස. පු: ‘අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන නූපදනේ යැ’ යනු හේතු කොට ගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?
ap-kvu-3:50.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:50.3
ස. අනු: ‘අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සානුශය ශීලව්‍රතපරාමර්‍ශ නූපදනේ යැ’ යනු හේතු කොට ගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?
ap-kvu-3:50.4
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:50.5
21. ස. පු: ‘අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන නූපදනේ යැ’ යනු හේතු කොට ගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?
ap-kvu-3:50.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:50.7
ස. අනු: ‘අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සානුශය … ශීලව්‍රතපරාමර්‍ශ නූපදනේ යැ’ යනු හේතු කොට ගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?
ap-kvu-3:50.8
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:50.9
22. ස. පු: ‘අෂ්ටමක පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන නූපදනේ යැ’ යනු හේතු කොට ගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?
ap-kvu-3:50.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:50.11
ස. අනු: ‘ගෝත්‍රභූ පුද්ගලයාගේ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන නූපදනේ යැ’ යනු හේතු කොටගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?
ap-kvu-3:50.12
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:50.13
23. ස. පු: ‘අෂ්ටමක පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන නූපදනේ යැ’ යනු හේතු කොට ගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?
ap-kvu-3:50.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:50.15
ස. අනු: ‘ගෝත්‍රභූ පුද්ගලයාගේ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන නූපදනේ යැ’ යනු හේතු කොට ගෙන ‘ඒ ප්‍රහීණ යැ’යි කියහි?
ap-kvu-3:50.16
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:50.17
අෂ්ටමකකථා නිමි.
ap-kvu-3:52.1
3. 6.
ap-kvu-3:52.2
අට්ඨමක ඉන්‍ද්‍රියකථා
ap-kvu-3:52.3
[‘අෂ්ටමක පුද්ගල තෙමේ මාර්‍ගක්‍ෂණයෙහි දී ශ්‍රද්ධා ආදි ඉඳුරන් ලබන්නේ නම් වෙයි. ඔහු විසින් තත්ක්‍ෂණයෙහි ඉඳුරෝ ප්‍රතිලබ්ධ වූවාහු නොවෙති’යි ලබ්ධි ගත් වාදීහු ඇත. අන්‍ධක නිකායවාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට අෂ්ටමක ඉන්‍ද්‍රියකථා එයි.]
ap-kvu-3:52.4
1. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
ap-kvu-3:52.5
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:52.6
ස. අනු: අෂ්ටමක පුද්ගලයාට ශ්‍රද්ධා නැද්ද?
ap-kvu-3:52.7
ප. පටි: එසේ නො කියැයුතු යැ … (ශ්‍රද්ධේන්‍ද්‍රිය කෙරෙන් ශ්‍රද්ධායෙහි නානාත්‍වය සලකා කළ ප්‍රතික්‍ෂේප යි.)
ap-kvu-3:52.8
2. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට වීර්‍ය්‍යෙන්‍ද්‍රිය නැද්ද … ස්මෘතීන්‍ද්‍රිය නැද්ද … සමාධීන්‍ද්‍රිය නැද්ද … ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
ap-kvu-3:52.9
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:52.10
ස. අනු: අෂ්ටමක පුද්ගලයාට ප්‍රඥා නැද්ද?
ap-kvu-3:52.11
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:52.12
3. ස. පු: අෂ්ටමක පුද්ගලයාට ශ්‍රද්ධා ඇද්ද?
ap-kvu-3:52.13
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:52.14
ස. අනු: අෂ්ටමක පුද්ගලයාට ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
ap-kvu-3:52.15
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:52.16
4. ස. පු: අෂ්ටමක පුද්ගලයාට වීර්‍ය්‍යය ඇද්ද … ස්මෘතිය ඇද්ද … සමාධි ඇද්ද … ප්‍රඥා ඇද්ද?
ap-kvu-3:52.17
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:52.18
ස. අනු: අෂ්ටමක පුද්ගලයාට ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
ap-kvu-3:52.19
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:52.20
5. ස. පු: අෂ්ටමක පුද්ගලයාට මනස ඇද්ද, මනින්‍ද්‍රිය ඇද්ද?
ap-kvu-3:52.21
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:52.22
ස. අනු: අෂ්ටමක පුද්ගලයාට ශ්‍රද්ධා ඇද්ද ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
ap-kvu-3:52.23
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:54.1
6. ස. පු: අෂ්ටමක පුද්ගලයාට මනස ඇද්ද, මනින්‍ද්‍රිය ඇද්ද?
ap-kvu-3:54.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:54.3
ස. අනු: අෂ්ටමක පුද්ගලයාට ප්‍රඥා ඇද්ද, ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
ap-kvu-3:54.4
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:54.5
7. ස. පු: අෂ්ටමක පුද්ගලයාට සෞමනස්‍ය ඇද්ද? සෞමනස්‍යෙන්‍ද්‍රිය ඇද්ද, ජීවිත ඇද්ද, ජීවිතේන්‍ද්‍රිය ඇද්ද?
ap-kvu-3:54.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:54.7
ස. අනු: අෂ්ටමක පුද්ගලයාට ශ්‍රද්ධා ඇද්ද, ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
ap-kvu-3:54.8
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:54.9
8. ස. පු: අෂ්ටමක පුද්ගලයාට ජීවිත ඇද්ද, ජීවිතේන්‍ද්‍රිය ඇද්ද?
ap-kvu-3:54.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:54.11
ස. අනු: අෂ්ටමක පුද්ගලයාට ප්‍රඥා ඇද්ද, ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
ap-kvu-3:54.12
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:54.13
9. ස. පු: අෂ්ටමක පුද්ගලයාට ශ්‍රද්ධා ඇද්ද, ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
ap-kvu-3:54.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:54.15
ස. අනු: අෂ්ටමක පුද්ගලයාට මනස ඇද්ද, මනින්‍ද්‍රිය නැද්ද?
ap-kvu-3:54.16
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:54.17
10. ස. පු: අෂ්ටමක පුද්ගලයාට ශ්‍රද්ධා ඇද්ද, ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
ap-kvu-3:54.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:54.19
ස. අනු: අෂ්ටමක පුද්ගලයාට සෞමනස්‍ය ඇද්ද, සෞමනස්‍යෙන්‍ද්‍රිය නැද්ද, … ජීවිත ඇද්ද, ජීවිතේන්‍ද්‍රිය නැද්ද?
ap-kvu-3:54.20
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:54.21
11. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ප්‍රඥා ඇද්ද, ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
ap-kvu-3:54.22
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:54.23
ස. අනු: අෂ්ටමක පුද්ගලයාට මනස ඇද්ද, මනින්‍ද්‍රිය නැද්ද, … සෞමනස්‍ය ඇද්ද, සෞමනස්‍යෙන්‍ද්‍රිය නැද්ද … ජීවිත ඇද්ද, ජීවිතේන්‍ද්‍රිය නැද්ද?
ap-kvu-3:54.24
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:56.1
12. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?