Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 4401-4500 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-kvu-2:498.4
1. ස. පු: දැහැන් සමවන්නහුට වාග්භේද ඇද්ද?
ap-kvu-2:498.5
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:498.6
ස. අනු: හැම භවයෙහි මැ සමවන්නවුනට වාග්භේද ඇද්ද?
ap-kvu-2:498.7
ප. පටි: (අරූපභවය පියනු පිණිස පිළිතුරු දෙයි:) එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:498.8
2. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
ap-kvu-2:498.9
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:498.10
ස. අනු: හැම සමාපත්තිකාලයෙහි මැ සමවන්නවුනට වාග්භේද ඇද්ද?
ap-kvu-2:498.11
ප. පටි: (ප්‍රථමමාර්‍ගක්‍ෂණයෙහි ප්‍රථමධ්‍යානිකසමාපත්තිකාලය තබා තදන්‍ය සමාපත්තිකාල සඳහා පිළිතුරු දෙයි:) එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:498.12
3. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
ap-kvu-2:498.13
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:498.14
ස. අනු: හැම සමවත් සමවන්නවුනට මැ වාග්භේද ඇද්ද?
ap-kvu-2:498.15
ප. පටි: (ලොවීසමවත් සමවන්නවුන් සඳහා පිළිතුරු දෙයි:) එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:498.16
4. ස. පු: සමවන්නවුනට වාග්භේද ඇද්ද?
ap-kvu-2:498.17
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:498.18
ස. අනු: හැම සමවත්හි වාග්භේද ඇද්ද?
ap-kvu-2:498.19
ප. පටි: (ලෝකෝත්තර ද්විතීයධ්‍යානාදිය හා හැම ලොවී සමවත් සඳහා පිළිතුරු දෙයි:) එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:498.20
5. ස. පු: සමවන්නවුනට වාග්භේද ඇද්ද?
ap-kvu-2:498.21
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:498.22
ස. අනු: සමවන්නහුට කායභෙද ඇද්ද?
ap-kvu-2:498.23
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:500.1
6. ස. පු: සමවන්නවුනට කායභෙද නැද්ද?
ap-kvu-2:500.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:500.3
ස. අනු: සමවන්නහුට වාග්භේද නැද්ද?
ap-kvu-2:500.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:500.5
7. ස. පු: සමවන්නවුනට වාචා ඇත. වාග්භේද ඇද්ද?
ap-kvu-2:500.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:500.7
ස. අනු: සමවන්නහුට කාය ඇත. කායභෙද ඇද්ද?
ap-kvu-2:500.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:500.9
8. ස. පු: සමවන්නහුට කාය ඇත. කායභෙද නැද්ද?
ap-kvu-2:500.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:500.11
ස. අනු: සමවන්නහුට වාචා ඇත. වාග්භේද නැද්ද?
ap-kvu-2:500.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:500.13
9. ස. පු: (ඉදින් හේ දුඃඛ යැ’යි බෙණේ නම් ‘සමුදය’ ආදියද බණන්නේ යැ. එ ද නො බෙණේ නම්, අනෙකක් ද නො බණන්නේ යැ’යි චෝදනා කරන පිණිස) ‘දුකැ’ යි දන්නේ දුක යන බස බෙණේ ද?
ap-kvu-2:500.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:500.15
ස. අනු: ‘සමුදයැ’යි දන්මින් ‘සමුදයැ’ යි බස් බෙණේ ද?
ap-kvu-2:500.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:500.17
10. ස. පු: ‘දුකැ’ යි දන්මින් ‘දුකැ’ යි බස් බෙණේ ද?
ap-kvu-2:500.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:500.19
ස. අනු: ‘නිරෝධ යැ’ යි දන්මින් ‘නිරෝධ යැ’ යි බස් බෙණේ ද?
ap-kvu-2:500.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:500.21
11. ස. පු: ‘දුඃඛ යැ’ යි දන්මින් ‘දුඃඛ’ යයි බස් බෙණේ ද?
ap-kvu-2:500.22
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:500.23
ස. අනු: ‘මාර්‍ග’ යයි දන්මින් ‘මාර්‍ග’ යයි බස් බෙණේ ද?
ap-kvu-2:500.24
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:500.25
12. ස. පු: ‘සමුදය ’ යි දන්මින් ‘සමුදය’යි බස් නො බෙණේ ද?
ap-kvu-2:500.26
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:500.27
ස. අනු: ‘දුඃඛ’ යයි දන්මින් ‘දුඃඛ’ යයි බස් නො බෙණේ ද?
ap-kvu-2:500.28
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:502.1
13. ස. පු: ‘නිරෝධ’ යයි දන්මින් ‘නිරෝධ’ යයි බස් නො බෙණේ ද?
ap-kvu-2:502.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:502.3
ස. අනු: ‘දුඃඛ’ යයි දන්මින් ‘දුඃඛ’ යයි බස් නො බෙණේ ද?
ap-kvu-2:502.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:502.5
14. ස. පු: ‘මාර්‍ග’ යයි දන්මින් ‘මාර්‍ග’ යයි බස් නො බෙණේ ද?
ap-kvu-2:502.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:502.7
ස. අනු: ‘දුඃඛ’ යයි දන්මින් ‘දුඃඛ’ යයි බස් නො බෙණේ ද?
ap-kvu-2:502.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:502.9
15. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
ap-kvu-2:502.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:502.11
ස. අනු: ඥානය කුමක් ගෝචර කොට ඇද්ද?
ap-kvu-2:502.12
ප. වි: ඥානය සත්‍යගෝචර වෙයි.
ap-kvu-2:502.13
ස. අනු: ශ්‍රෝත්‍රවිඥානය සත්‍යගෝචර වේ ද?
ap-kvu-2:502.14
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ. ...
ap-kvu-2:502.15
16. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
ap-kvu-2:502.16
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:502.17
ස. අනු: ශ්‍රෝත්‍රය කුමක් ගෝචර කොට ඇද්ද?
ap-kvu-2:502.18
ප. වි: ශ්‍රෝත්‍රය ශබ්දගෝචර වෙයි.
ap-kvu-2:502.19
ස. අනු: ඥානය ශබ්දගෝචර වේ ද?
ap-kvu-2:502.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ. ...
ap-kvu-2:502.21
17. ස. පු: සමවන්නහුට වාග්භේද ඇත. ඥානය සත්‍යගෝචර වේ. ශ්‍රෝත්‍රවිඥානය ශබ්දගෝචර වේ ද?
ap-kvu-2:502.22
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:502.23
අනු. ඨ: ඉදින් ඥානය සත්‍යගෝචර වේ නම්, ශ්‍රෝත්‍රවිඥානය ශබ්දගෝචර වේ නම්,
ap-kvu-2:502.24
අනු. පා: භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු මැ යැ.
ap-kvu-2:504.1
18. ස. පු: සමවන්නහුට වාග්භේද ඇත. ඥානය සත්‍යගෝචර වේ. ශ්‍රෝත්‍රවිඥානය ශබ්දගෝචර වේ ද?
ap-kvu-2:504.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:504.3
ස. අනු: ස්පර්‍ශ දෙදෙනකුන්ගේ, වේදනා දෙදෙනකුන්ගේ, සංඥා දෙදෙනකුන්ගේ, චේතනා දෙදෙනකුන්ගේ, චිත්ත දෙදෙනකුන්ගේ සමෝධානය වේ ද?
ap-kvu-2:504.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ. ...
ap-kvu-2:504.5
19. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
ap-kvu-2:504.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:504.7
ස. අනු: පඨවිකසිණ සමාපත්ති සමවන්නහුට වාග්භේද ඇද්ද?
ap-kvu-2:504.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ. ...
ap-kvu-2:504.9
20. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
ap-kvu-2:504.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:504.11
ස. අනු: ආපෝකසිණයට ... තෙජොකසිණයට ... වායෝකසිණයට ... නීලකසිණයට ... පීතකසිණයට ... ලෝහිතකසිණයට ... ඔදාතකසිණයට ... ආකාසානඤ්චායතනයට ... විඤ්ඤාණඤ්චායතනයට ... ආකිඤ්චඤ්ඤායතනයට ... නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට වාග්භේද ඇද්ද?
ap-kvu-2:504.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ. ...
ap-kvu-2:504.13
21. ස. පු: පඨවිකසිනසමාපත්තියට සමවන්නහුට වාග්භේද නැද්ද?
ap-kvu-2:504.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:504.15
අනු. ඨ: ඉදින් පඨවිකසිණසමාපත්තියට සමවන්නහුට වාග්භේද නැත් නම්,
ap-kvu-2:504.16
අනු. පා: භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු මැ යැ.
ap-kvu-2:504.17
22. ස. පු: ආපෝකසිණ ... තෙජොකසිණ ... වායොකසිණ ... නීලකසිණ ... පීතකසිණ ... ලෝහිතකසිණ ... ඔදාතකසිණ ... ආකාසානඤ්චායතන ... විඤ්ඤාණඤ්චායතන ... ආකිඤ්චඤ්ඤායතන ... නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවන්නහුට වාග්භේද නැද්ද?
ap-kvu-2:504.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:506.1
අනු. ඨ: ඉදින් නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවන්නහුට වාග්භේද නැත් නම්,
ap-kvu-2:506.2
අනු. පා: භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු මැ යැ.
ap-kvu-2:506.3
23. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
ap-kvu-2:506.4
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:506.5
ස. අනු: ලොවී සමවත් සමවන්නහුට වාග්භේද ඇද්ද?
ap-kvu-2:506.6
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:506.7
24. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?
ap-kvu-2:506.8
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:506.9
ස. අනු: ලෞකික ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?
ap-kvu-2:506.10
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...