Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 2701-2800 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-kvu-1-2:318.2
අනු. පා: භවත, ‘රූපය රූපභාවය නො හැරපියති’ යි නො කියැයුතු යැ.
ap-kvu-1-2:318.3
31. ස. පු: නිර්‍වාණය නිර්‍වාණස්වභාවය නො හැරපියා ද? නිර්‍වාණය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාම ස්වභාව ඇත්තේ වේ ද?
ap-kvu-1-2:318.4
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:318.5
ස. අනු: රූපය රූපභාවය නො හැර පියා ද රූපය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාම ස්වභාව ඇත්තේ වේ ද?
ap-kvu-1-2:318.6
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:318.7
32. ස. පු: රූපය රූපභාවය නො හැරපියා ද? රූපය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ap-kvu-1-2:318.8
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:318.9
ස. අනු: නිර්‍වාණය නිර්‍වාණස්වභාවය නො හැරපියා ද? නිර්‍වාණය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ap-kvu-1-2:318.10
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:318.11
33. ස. පු: අතීතය ඇත් ද? අතීතය අතීතභාවය නො හැරපියා ද?
ap-kvu-1-2:318.12
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:318.13
ස. අනු: අනාගතය ඇත් ද? අනාගතය අනාගතභාවය නො හැරපියා ද?
ap-kvu-1-2:318.14
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:318.15
34. ස. පු: අතීතය ඇත් ද? අතීතය අතීතභාවය නො හැරපියා ද?
ap-kvu-1-2:318.16
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:318.17
ස. අනු: ප්‍රත්‍යුත්පන්නය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නය ප්‍රත්‍යුත්පන්නභාවය නො හැරපියා ද?
ap-kvu-1-2:318.18
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:318.19
35. ස. පු: අනාගතය ඇත් ද? අනාගතය අනාගතභාවය නො හැරපියා ද?
ap-kvu-1-2:318.20
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:320.1
ස. අනු: අතීතය ඇත් ද? අතීතය අතීතභාවය නො හැරපියා ද?
ap-kvu-1-2:320.2
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:320.3
36. ස. පු: ප්‍රත්‍යුත්පන්නය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නය ප්‍රත්‍යුත්පන්නභාවය නො හැරපියා ද?
ap-kvu-1-2:320.4
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:320.5
ස. අනු: අතීතය ඇත් ද? අතීතය අතීතභාවය නො හැරපියා ද?
ap-kvu-1-2:320.6
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:320.7
37. ස. පු: අතීතය ඇත් ද? අතීතය අතීතභාවය නො හැරපියා ද?
ap-kvu-1-2:320.8
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:320.9
ස. අනු: අතීතය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ap-kvu-1-2:320.10
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:320.11
ස. අනු: අතීතය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාම ස්වභාව ඇත්තේ වේ ද?
ap-kvu-1-2:320.12
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:320.13
අනු. ඨ: ඉදින් අතීතය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාම ස්වභාව ඇත්තේ වී නම්,
ap-kvu-1-2:320.14
අනු. පා: භවත, ‘ අතීතය ඇත, අතීතය අතීතභාවය නො හැරපියතී’ යි නො කියැයුතු යැ.
ap-kvu-1-2:320.15
38. ස. පු: නිර්‍වාණය ඇත් ද? නිර්‍වාණය නිර්‍වාණභාවය නො හැරපියා ද? නිර්‍වාණය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාම ස්වභාව ඇත්තේ වේ ද?
ap-kvu-1-2:320.16
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:320.17
ස. අනු: අතීතය ඇත් ද? අතීතය අතීතභාවය නො හැරපියා ද? අතීතය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ap-kvu-1-2:320.18
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:320.19
39. ස. පු: අතීතය ඇත් ද? අතීතය අතීතභාවය නො හැරපියා ද? අතීතය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ap-kvu-1-2:320.20
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:320.21
ස. අනු: නිර්‍වාණය ඇත් ද? නිර්‍වාණය නිර්‍වාණභාවය නො හැරපියා ද? නිර්‍වාණය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ap-kvu-1-2:320.22
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:322.1
40. ස. පු: අතීත රූපය ඇත් ද? අතීතරූපය අතීතභාවය නො හැරපියා ද?
ap-kvu-1-2:322.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:322.3
ස. අනු: අනාගතරූපය ඇත් ද? අනාගතරූපය අනාගත භාවය නො හැරපියා ද?
ap-kvu-1-2:322.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:322.5
41. ස. පු: අතීතරූපය ඇත් ද? අතීතරූපය අතීතභාවය නො පියා ද?
ap-kvu-1-2:322.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:322.7
ස. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නරූපය ප්‍රත්‍යුත්පන්නභාවය නො පියා ද?
ap-kvu-1-2:322.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:322.9
42. ස. පු: අනාගතරූප ඇත් ද? අනාගතරූපය අනාගතභාවය නො පියා ද?
ap-kvu-1-2:322.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:322.11
ස. අනු: අතීතරූපය ඇත් ද? අතීතරූපය අතීතභාවය නො පියා ද?
ap-kvu-1-2:322.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:322.13
43. ස. පු: ප්‍රත්‍යුත්පන්නරූපය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නරූපය ප්‍රත්‍යුත්පන්නභාවය නො පියා ද?
ap-kvu-1-2:322.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:322.15
ස. අනු: අතීතරූපය ඇත් ද? අතීතරූපය අතීතභාවය නො පියා ද?
ap-kvu-1-2:322.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:322.17
44. ස. පු: අතීතරූපය ඇත් ද? අතීතරූපය අතීතභාවය නො පියා ද?
ap-kvu-1-2:322.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:322.19
ස. අනු: අතීතරූපය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාම ස්වභාව ඇත්තේ ද?
ap-kvu-1-2:322.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:322.21
ස. අනු: අතීතරූපය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ap-kvu-1-2:322.22
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:322.23
අනු. ඨ: ඉදින් අතීතරූපය අනිත්‍ය … විපරිණාමස්වභාව වේ නම්,
ap-kvu-1-2:322.24
අනු. පා: භවත, ‘අතීතරූපය ඇති, අතීතරූපය අතීතභාවය නො පියති’ යි නො කියැයුතු යැ.
ap-kvu-1-2:324.1
45. ස. පු: නිර්‍වාණය ඇත් ද? නිර්‍වාණය නිර්‍වාණභාවය නො පියා ද? නිර්‍වාණය නිත්‍ය, ධ්‍රැව ශාශ්වත අවිපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ap-kvu-1-2:324.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:324.3
ස. අනු: අතීතරූපය ඇත් ද? අතීතරූපය අතීතභාවය නො පියා ද? අතීත රූපය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ap-kvu-1-2:324.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:324.5
46. ස. පු: අතීතරූපය ඇත් ද? අතීතරූපය, අතීතභාවය නො පියා ද? අතීතරූපය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ap-kvu-1-2:324.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:324.7
ස. අනු: නිර්‍වාණය ඇත් ද? නිර්‍වාණය නිර්‍වාණභාවය නො පියා ද? නිර්‍වාණය අනිත්‍ය අධ්‍රැව, අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ap-kvu-1-2:324.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:324.9
47. ස. පු: අතීත වේදනා ඇත් ද … අතීත සංඥා ඇත් ද … අතීත සංස්කාරයෝ ඇත් ද, … අතීත විඥානය ඇත් ද, අතීත විඥානය අතීතභාවය නො පියා ද?
ap-kvu-1-2:324.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:324.11
ස. අනු: අනාගත විඥානය ඇත් ද? අනාගතවිඥානය අනාගතභාවය නො පියා ද?
ap-kvu-1-2:324.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:324.13
48. ස. පු: අතීත විඥානය ඇත් ද, අතීතවිඥානය අතීතභාවය නො පියා ද?
ap-kvu-1-2:324.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:324.15
ස. අනු: ප්‍රත්‍යුත්පන්න විඥානය ඇත් ද, ප්‍රත්‍යුත්පන්නවිඥානය ප්‍රත්‍යුත්පන්නභාවය නො පියා ද?
ap-kvu-1-2:324.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:324.17
49. ස. පු: අනාගතවිඥානය ඇත් ද, අනාගතවිඥානය අනාගතභවය නො පියා ද?
ap-kvu-1-2:324.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:324.19
ස. අනු: අතීත විඥානය ඇත් ද, අතීතවිඥානය අතීතභාවය නො පියා ද?
ap-kvu-1-2:324.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:326.1
50. ස. පු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ඇත් ද, ප්‍රත්‍යුත්පන්නවිඥානය ප්‍රත්‍යුත්පන්නභාවය නො පියා ද?
ap-kvu-1-2:326.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:326.3
ස. අනු: අතීතවිඥානය ඇත් ද, අතීතවිඥානය අතීතභාවය නො පියා ද?
ap-kvu-1-2:326.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:326.5
51. ස. පු: අතීතවිඥානය ඇත් ද, අතීතවිඥානය අතීතභාවය නො පියා ද?
ap-kvu-1-2:326.6
ප. පටි: එසේ යැ.
ap-kvu-1-2:326.7
ස. අනු: අතීතවිඥානය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ap-kvu-1-2:326.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:326.9
ස. අනු: අතීතවිඥානය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ නො වේ ද?
ap-kvu-1-2:326.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:326.11
අනු. ඨ: ඉදින්, අතීතවිඥානය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව, ඇත්තේ වේ නම්,
ap-kvu-1-2:326.12
අනු. පා: භවත, “අතීතවිඥානය ඇත, අතීතවිඥානය අතීතභාවය නො පියතී” නො කියැයුතු මැ යැ.
ap-kvu-1-2:326.13
52. ස. පු: නිර්‍වාණය ඇත් ද? නිර්‍වාණය නිර්‍වාණභාවය නො පියා ද, නිර්‍වාණය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ap-kvu-1-2:326.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:326.15
ස. අනු: අතීතවිඥානය ඇත් ද, අතීතවිඥානය අතීතභාවය නො පියා ද, අතීතවිඥානය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමස්වභාව ඇත්තේ වේ ද?