Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 2401-2500 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-kvu-1-2:282.6
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:282.7
11. ස. පු: නිරොධදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
ap-kvu-1-2:282.8
ප. වි: අණුසහගත ව්‍යාපාදය හැරපියයි, තදේකස්ථ ක්ලේශෛකදේශයනුදු හැරපියයි.
ap-kvu-1-2:282.9
ස. අනු: ඒකදේශයකින් අනාගාමී වූයේ ද? ඒකදේශයකින් අනාගාමී නො වූයේ ද? … ඒකදේශයකින් උද්ධංසෝත අකනිට්ඨගාමී වූයේ ද? ඒකදේශයකින් උද්ධංසෝතඅකනිට්ඨගාමී නො වූයේ ද?
ap-kvu-1-2:282.10
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:282.11
12. ස. පු: මාර්‍ගදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
ap-kvu-1-2:282.12
ප. වි: තදේකස්ථ ක්ලේශයනුදු හැරපියයි.
ap-kvu-1-2:282.13
ස. අනු: ඒකදේශයකින් අනාගාමී වූයේ ද? ඒකදේශයකින් අනාගාමී නො වූයේ ද? ඒකදේශයකින් අනාගාමීඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වාස කෙරේ ද? [ඒකදේශයකින්] නාමකයින් ස්පර්‍ශ කොට ගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ නො කොටගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් අන්තරාපරිනිබ්බායී වූයේ ද? ඒකදේශයකින් උපහච්ව පරිනිබ්බායී … අසංඛාර පරිනිබ්බායී … සසංඛාර පරිනිබ්බායී …. උද්ධංසෝතඅකනිට්ඨගාමී වූයේ ද? ඒකදේශයකින් උද්ධංසෝතඅකනිට්ඨගාමී නො වූයේ වේ ද?
ap-kvu-1-2:282.14
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:284.1
13. ස. පු: අර්‍හත්‍වය සාක්‍ෂාත් කරන පිණිස පිළිපන් පුඟුල් දුඃඛ දර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
ap-kvu-1-2:284.2
ප. වි: රූපරාග යැ අරූපරාග යැ මාන යැ උද්ධච්ච යැ අවිජ්ජා හා තදෙකාර්‍ත්‍ථ වූ ක්ලේශෛකදේශයනුදු හැරපියයි.
ap-kvu-1-2:284.3
ස. අනු: ඒකදේශයකින් අර්‍හත් වූයේ ද? ඒකදේශයකින් අර්‍හත් නො වූයේ ද? ඒකදේශයකින් අර්‍හත්ඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වාස කෙරේ ද? [ඒකදේශයකින්] නාමකයින් ස්පර්‍ශ කොටගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ නො කොටගෙන වාස කෙරේ ද? එකදෙසෙකින් වීතරාග, වීතදෝස වීතමෝහ වේද? ඒකදේශයකින් කළකරණී ඇතියේ බහා තැබූ කෙලෙස් බර ඇතියේ පැමිණි ස්වාර්‍ත්‍ථ ඇතියේ ක්‍ෂය කළ භවසංයෝජන ඇතියේ සම්‍යග්ඥානයෙන් දැන කෙලෙසුන් කෙරෙන් විමුක්ත වූයේ නඟා හළ අවිද්‍යාපරිඝ (අගුළු) ඇතියේ විසුළ (කර්‍මාභිසංස්කාර සඞ්ඛ්‍යාත) ඉන්‍ද්‍රඛීල ඇතියේ ඕරම්භාගිය සංයෝජන සඞ්ඛ්‍යාත අගුළු රහිත වූයේ ආර්‍ය්‍ය වූයේ හෙලූ මානධ්වජ ඇතියේ බහාලූ (ස්කන්‍ධාදි) බර ඇතියේ (යෝගයෙන් හා ක්ලේශයෙන්) විසංයුක්ත වූයේ මොනොවට දිනූ ක්ලේශවිජය ඇතියේ වේ ද? ඔහු විසින් දුඃඛය පරිඥාත යැ, සමුදය ප්‍රහීණ යැ, නිරෝධය සාක්‍ෂාත්කෘත යැ, මාර්‍ග භාවිත ද, අභිඥේයය අභිඥාත යැ, පරිඥේයය පරිඥාත යැ ප්‍රහාතව්‍යය ප්‍රහීණ යැ භාවිතව්‍යය භාවිත ද සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ (සාක්‍ෂාත්කර්‍තව්‍යය ඒකදේශයකින් සාක්‍ෂාත්කෘත වේ ද,) සාක්‍ෂාත්කර්‍තව්‍යය ඒකදේශයෙකින් සාක්‍ෂාත්කෘත නො වේ ද?
ap-kvu-1-2:284.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:284.5
14. ස. පු: සමුදයදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
ap-kvu-1-2:284.6
ප. වි: රූපරාගය අරූපරාගය හැරපියයි. මාන යැ උද්ධච්ච යැ අවිද්‍යා හා තදේකස්ථ ක්ලේශෛකදේශයනුදු හැරපියයි.
ap-kvu-1-2:284.7
ස. අනු: ඒකදේශයකින් රහත් වූයේ ද? ඒකදේශයකින් රහත් නො වූයේ … පසක් කළ යුතු දැය ඒකදේශයකින් පසක් කෙළේ ද? පසක් කළයුතු දැය ඒකදේශයකින් පසක් නො කෙළේ ද?
ap-kvu-1-2:284.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:286.1
15. ස. පු: නිරොධදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
ap-kvu-1-2:286.2
ප. වි: මානය හැරපියයි උද්ධච්ච අවිද්‍යා දෙක හා තදේකස්ථ වැ සිටුනා ඒකදේශක්ලේශයනුදු හැරපියයි.
ap-kvu-1-2:286.3
ස. අනු: ඒකදේශයකින් රහත් වූයේ ද? ඒකදේශයකින් රහත් නො වූයේ ද … පසක් කළ යුතු දැය ඒකදේශයකින් පසක් කළේ ද, පසක් කළයුතු දැය ඒකදේශයකින් පසක් නො කෙළේ ද?
ap-kvu-1-2:286.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:286.5
16. ස. පු: මාර්‍ගදර්‍ශනයෙන් කුමක්, හැරපියන්නේ වේ ද?
ap-kvu-1-2:286.6
ප. වි: උද්ධච්චය හැරපියයි අවිද්‍යාව හා තදෙකාර්‍ත්‍ථ වැ සිටුනා ක්ලේශයනුදු හැරපියයි.
ap-kvu-1-2:286.7
ස. අනු: ඒකදේශයකින් රහත් වූයේ ද? ඒකදේශයකින් රහත් නො වූයේ ද? ඒකදේශයකින් රහත් බවට පැමිණියේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ කොටගෙන වාස කෙරේ ද, [ඒකදේශයකින්] නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද? ඒකදේශයකින් පුහුන් රාග ඇතියේ පුහුන් ද්වේෂ ඇතියේ පුහුන් මෝහ ඇතියේ කළ කරණී ඇතියේ බහා තැබූ කෙලෙස් බර ඇතියේ පැමිණි ස්වාර්‍ත්‍ථ ඇතියේ ක්‍ෂය කළ භවසංයෝජන ඇතියේ මොනොවට දැන මිදුණේ නගාලු අවිද්‍යා පරිඝ ඇතියේ විසුළ කර්‍මාභිසංස්කාර පරිඛා ඇතියේ උපුළ තෘෂ්ණා සඞ්ඛ්‍යාත ඉන්‍ද්‍රඛීල ඇතියේ නෙරැලූ ඕරම්භාගියසංයෝජන නමැති අගුළු ඇතියේ නිෂ්ක්ලේශ වූයේ හෙලූ මානධ්වජ ඇතියේ හෙලූ (ස්කන්‍ධාදි) බර ඇතියේ (යෝගයෙන් හා ක්ලේශයෙන්) විසංයුක්ත වූයේ මොනොවට දිනූ ක්ලේශවිජය ඇතියේ වේ ද? ඔහු විසින් දුඃඛය පරිඥාත යැ, සමුදය ප්‍රහීණ යැ, නිරෝධය සාක්‍ෂාත්කරන ලද යැ, මාර්‍ගය භාවිත යැ, අභිඥේයය අභිඥාත යැ, පරිඥේයය පරිඥාත යැ, ප්‍රහාතව්‍යය ප්‍රහීණ යැ, භාවිතව්‍යය භාවිත යැ, සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ, (සාක්‍ෂාත්කර්‍තව්‍යය ඒකදේශයෙකින් සාක්‍ෂාත්කෘත වේ ද,) සාක්‍ෂාත්කර්‍තව්‍යය ඒකදේශයෙකින් සාක්‍ෂාත්කෘත නො වේ ද?
ap-kvu-1-2:286.8
ප. පු: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:286.9
17. ප. පු: ‘එක් එක් දෙසෙකින් කෙලෙසුන් හැරපියන්නේ වේ’ යයි නො කියැයුතු වේ ද?
ap-kvu-1-2:286.10
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:288.1
ප. අනු: භාග්‍යවතුන් විසින් වදාළේ නො වේ ද?
ap-kvu-1-2:288.2
“නුවණැත්තේ රිදියෙහි මලහරනා තරහල්පුතක්හු සෙයින් තමාගේ (රාගාදි කෙලෙස්) මල අනුක්‍රමයෙන් ක්‍ෂණක්‍ෂණයෙහි ටික ටික බැහැර කරන්නේ යයි”
ap-kvu-1-2:288.3
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ap-kvu-1-2:288.4
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:288.5
ප. නිග: එයින් ‘එක් එක් දෙසෙකින් කෙලෙසුන් හැරපියන්නේ වේ’ යයි කියැයුතු මැ යැ.
ap-kvu-1-2:288.6
18. ස. පු: එක් එක් දෙසෙකින් කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
ap-kvu-1-2:288.7
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:288.8
ස. අනු: භාග්‍යවතුන් විසින් වදාරන ලද නො වේ ද?
ap-kvu-1-2:288.9
“ඒ සෝවත් ඵල පසක් කරනුවට පිළිපන් පුඟුල්හු විසින් ශ්‍රෝත්‍රාපත්තිමාර්‍ගසම්පත්තිය හා සමග මැ සත්කායදෘෂ්ටි ද විචිකිත්සා ද යම් කිසි ශීලව්‍රතයෙක් හෝ ඇත් නම් එ දැ යි තුන් ධර්‍ම කෙනෙක් හැරපියන ලද්දාහු වෙති. සතර අපායෙන් ද මිදුණේ ඕළාරික කරුණු සයක් ද කරන්නට නො නිසි වේ” යයි
ap-kvu-1-2:288.10
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ap-kvu-1-2:288.11
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:288.12
ස. නිග: එයින් “එක් එක් දෙසෙකින් කෙලෙසුන් හැරපියන්නේ වේ” යයි නො කියැයුතු මැ යැ.
ap-kvu-1-2:288.13
19. ස. පු: එක් එක් දෙසෙකින් කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
ap-kvu-1-2:288.14
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:288.15
ස. අනු: භාග්‍යවතුන් විසින් වදාළේ නො වේ ද? “මහණෙනි. යම් කලෙකැ ආර්‍ය්‍යශ්‍රාවකහට ‘සමුදය ස්වභාවය ඇති යම් කිසිවක් ඇත් නම් එ හැම නිරෝධස්වභාවය ඇතැ’යි විරජ වූ වීතමල වූ දහම් ඇස උපන්නේ වේ ද, මහණෙනි, මාර්‍ගොත්පාදය හා සමග ආර්‍ය්‍යශ්‍රාවකහට සක්කායදෘෂ්ටි යැ විචිකිත්සා යැ ශීලව්‍රතපරාමාර්‍ශ යැ යන තුන් සංයෝජනයෝ ප්‍රහීණ වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ap-kvu-1-2:288.16
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:288.17
ස. නිග: එයින් “එක් එක් දෙසෙකින් කෙලෙසුන් හැරපියන්නේ වේ” යයි නො කියැයුතු මැ යැ.
ap-kvu-1-2:288.18
ඕධිසෝ කථා නිමි.
ap-kvu-1-2:290.1
1. 5.
ap-kvu-1-2:290.2
ජහතිකථා
ap-kvu-1-2:290.3
[දැහැන් ලද පුහුදුන් පුඟුල් සත්‍යාභිසමය කරන්නා හා මැ අනගැමි නම් වෙයි. ‘පුහුදුන් කල්හි මැ උහුගේ කාමරාගව්‍යාපාදයෝ ප්‍රහීණයහ’ යි ලබ්ධි ගත් සම්මිතියනිකායවාසීන්ගේ විවාද බිඳුනට ජහතිකථා එයි.]
ap-kvu-1-2:290.4
1. ස. පු: පුහුදුන් පුඟුල් කාමරාග ව්‍යාපාද හැරපියා ද?
ap-kvu-1-2:290.5
ප. පටිඤ්ඤා: (ධ්‍යානයෙන් විෂ්කම්භිත ඒ ක්ලේශයන්ගේ පර්‍ය්‍යුත්‍ථානය නො දක්මින් කරන පිළින–) එසේ යැ.
ap-kvu-1-2:290.6
ස. අනු: (ධ්‍යානවිෂ්කම්භිත ඒ ක්ලේශයන්ගේ අනාගාමිමාර්‍ගයෙන් මැ අත්‍යන්තප්‍රහාණ වේ ද, එහෙයින් නඟන අනුයෝග–) අත්‍යන්ත කොට හැරපියා ද? අනවශේෂ කොට හැරපියා ද? අප්‍රතිසන්‍ධික කොට හැරපියා ද? මූල සහිත කොට හැරපියා ද? තෘෂ්ණා සහිත කොට හැරපියා ද? අනුශය සහිත කොට හැරපියා ද? ආර්‍ය්‍යඥානයෙන් හැරපියා ද? ආර්‍ය්‍යමාර්‍ගයෙන් හැරපියා ද? අකෝපන කොට පිළිවිදුමින් හැරපියා ද? අනාගාමිඵලය පසක්කරනුයේ හැරපියා ද?
ap-kvu-1-2:290.7
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:290.8
2. ස. පු: පුහුදුන් පුඟුල් කාමරාග ව්‍යාපාද (අත්‍යන්තවිෂ්කම්භණයෙන් විෂ්කම්භණ කෙරේ ද?
ap-kvu-1-2:290.9
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:290.10
ස. අනු: අත්‍යන්ත කොට විෂ්කම්භණ කෙරේ ද? අනවශේෂ කොට විෂ්කම්භණ කෙරේ ද? අප්‍රතිසන්‍ධික කොට විෂ්කම්භණ කෙරේ ද? මූල සහිත කොට විෂ්කම්භණ කෙරේ ද? තෘෂ්ණා සහිත කොට විෂ්කම්භණ කෙරේ ද? අනුශය සහිත කොට විෂ්කම්භණ කෙරේ ද? ආර්‍ය්‍යඥානයෙන් විෂ්කම්භණ කෙරේ ද? ආර්‍ය්‍යමාර්‍ගයෙන් විෂ්කම්භණ කෙරේ ද? අකෝපන කොට පිළිවිදුනේ විෂ්කම්භණ කෙරේ ද? අනගැමිඵල පසක් කරනුයේ විෂ්කම්භණ කෙරේ ද?
ap-kvu-1-2:290.11
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:290.12
3. ස. පු: අනාගාමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් කාමරාග ව්‍යාපාද හැරපියා ද? හෙ ද අත්‍යන්ත කොට හැරපියා ද? අනවශේෂ කොට හැරපියා ද? … අනාගාමිඵල පසක් කරනුයේ හැරපියා ද?
ap-kvu-1-2:290.13
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:290.14
ස. අනු: පුහුදුන් පුඟුල් කාමරාග ව්‍යාපාද හැරපියා ද? හෙ ද අත්‍යන්ත කොට හැරපියා ද, අනවශේෂ කොට හැරපියා ද … අනාගාමිඵල පසක් කරනුයේ හැරපියා ද?
ap-kvu-1-2:290.15
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:292.1
4. ස. පු: අනාගාමීඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් කාමරාගව්‍යාපාද විෂ්කම්භණ කෙරේ ද? හෙ ද අත්‍යන්ත කොට විෂ්කම්භණ කෙරේ ද? අනවශේෂ කොට විෂ්කම්භණ කෙරේ ද? … අනාගාමිඵල පසක් කරනුයේ විෂ්කම්භණ කෙරේ ද?
ap-kvu-1-2:292.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:292.3
ස. අනු: පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද විෂ්කම්භණ කෙරේ ද? හෙ ද අත්‍යන්ත කොට විෂ්කම්භණ කෙරේ ද? අනවශේෂ කොට විෂ්කම්භණ කෙරේ ද? … අනාගාමිඵල පසක් කරනුයේ විෂ්කම්භණ කෙරේ ද?
ap-kvu-1-2:292.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:292.5
5. ස. පු: පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද හැරපියා ද? හෙ ද අත්‍යන්ත නො කොට හැරපියා ද? අනවශේෂ නො කොට හැරපියා ද? … අනාගාමිඵල පසක් නො කරනුයේ හැරපියා ද?
ap-kvu-1-2:292.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:292.7
ස. අනු: අනාගාමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් කාමරාගව්‍යාපාද හැරපියා ද? හෙ ද අත්‍යන්ත නො කොට හැරපියා ද? … අනාගාමිඵල පසක් නො කරනුයේ හැරපියා ද?
ap-kvu-1-2:292.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:292.9
6. ස. පු: පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද විෂ්කම්භණ කෙරේ ද, හෙ ද අත්‍යන්ත කොට විෂ්කම්භණ නො කෙරේ ද? අනවශේෂ කොට විෂ්කම්භණ නො කෙරේ ද? … අනාගාමිඵල පසක් නො කරනුයේ විෂ්කම්භණ කෙරේ ද?
ap-kvu-1-2:292.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:292.11
ස. අනු: අනාගාමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් කාමරාග ව්‍යාපාද විෂ්කම්භණ කෙරේ ද? හෙ ද අත්‍යන්ත කොට විෂ්කම්භණ නො කෙරේ ද? අනවශේෂ කොට විෂ්කම්භණ නො කෙරේ ද … අනාගාමිඵල පසක් නො කරනුයේ විෂ්කම්භණ කෙරේ ද?
ap-kvu-1-2:292.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:294.1
7. ස. පු: පුහුදුන් පුඟුල් කාමරාගව්‍යාපාද හැරපියා ද?
ap-kvu-1-2:294.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:294.3
ස. පු: කවර මඟෙකින?
ap-kvu-1-2:294.4
ප. වි: රූපාවචර මගිනි.
ap-kvu-1-2:294.5
ස. අනු: රූපාවචර මාර්‍ගය නෛර්‍ය්‍යාණික වේ ද, ක්‍ෂයගාමී වේ ද, බෝධගාමී වේ ද, අපචයගාමී වේ ද, අනාස්‍රව වේ ද, අසඤ්ඤෝජනිය වේ ද, අගත්‍ථනීය වේ ද, අනෝඝනීය වේ ද, අයෝගනීය වේ ද, අනීවරණිය වේ ද, අපරාමර්‍ශ වේ ද, අනුපාදානිය වේ ද, අසංකිලෙසිය වේ ද?
ap-kvu-1-2:294.6
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-1-2:294.7
ස. අනු: රූපාවචර මාර්‍ගය අනෛර්‍ය්‍යාණික නො වේ ද, ක්‍ෂයගාමී නො වනු නො වේ ද, බෝධගාමී නො වනු නො වේ ද, අපචයගාමී නො වනු නො වේ ද, සාස්‍රව, සඤ්ඤොජනිය … සංකිලේසිය නො වේ ද?
ap-kvu-1-2:294.8
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:294.9
අනු. ඨ: ඉදින් රූපාවචර මාර්‍ගය අනෛර්‍ය්‍යාණික වේ නම්, ක්‍ෂයගාමී නො වනු වේ නම් … සංකිලේසිය වේ නම්,
ap-kvu-1-2:294.10
අනු. පා: භවත,‘පුහුදුන් පුඟුල් රූපාවචර මාර්‍ගයෙන් කාමරාගව්‍යාපාද හැරපියති’යි නො කියැයුතු මැ යැ.
ap-kvu-1-2:294.11
8. ස. පු: අනාගාමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනාගාමී මාර්‍ගයෙන් කාමරාගව්‍යාපාද හැරපියා ද, එ මඟ ද නෛර්‍ය්‍යාණික වේ ද, ක්‍ෂයගාමී වේ ද, බෝධගාමී වේ ද, අපචයගාමී වේ ද, අනාස්‍රව වේ ද … අසංක්ලිෂ්ට වේ ද?
ap-kvu-1-2:294.12
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:294.13
ස. අනු: පුහුදුන් පුඟුල් රූපාවචරමාර්‍ගයෙන් කාමරාගව්‍යාපාද හැරපියා ද, ඒ මාර්‍ගයත් නෛර්‍ය්‍යාණික වේ ද, ක්‍ෂයගාමී වේ ද, බෝධගාමී වේ ද, අපචයගාමී වේ ද, අනාස්‍රව වේ ද … අසංක්ලිෂ්ට වේ ද?
ap-kvu-1-2:294.14
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:294.15
9. ස. පු: පුහුදුන් රූපාවචරමාර්‍ගයෙන් කාමරාගව්‍යාපාද හැරපියා ද, ඒ මඟත් අනෛර්‍ය්‍යාණික වේ ද, ක්‍ෂයගාමී නො වනු වේ ද, බෝධගාමී නො වනු වේ ද, අපචයගාමී නො වනු වේ ද, සාස්‍රව වේ ද … සංක්ලිෂ්ට වේ ද?
ap-kvu-1-2:294.16
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:296.1
ස. අනු: අනාගාමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් අනගැමි මගින් කාමරාගව්‍යාපාද හැරපියා ද, එ මගත් අනෛර්‍ය්‍යාණික වේ ද, ක්‍ෂයගාමී නො වනු වේ ද, බෝධගාමී නො වනු වේ ද, අපචයගාමී නො වේ ද, සාස්‍රව වේ ද … සංක්ලිෂ්ට වේ ද?
ap-kvu-1-2:296.2
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:296.3
10. ස. පු: පුහුදුන් පුඟුල් කාමයෙහි වීතරාග වූයෙ ධර්‍මාභිසමය කරන්නා හා මැ අනාගාමි ඵලයෙහි පිහිටා ද?
ap-kvu-1-2:296.4
ප. පටිඤ්ඤා: (ධ්‍යානානාගමිත්‍වය සඳහා පිළින යි.) එසේ යැ.
ap-kvu-1-2:296.5
ස. අනු: අර්‍හත්‍වයෙහි පිහිටා ද?
ap-kvu-1-2:296.6
ප. පටි: (දර්‍ශන මාර්‍ගයෙන් උද්ධම්භාගිය සංයෝජනයන්ගේ ප්‍රහාණ නැතියෙන් කරන පිළිකෙව්– ) එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:296.7
11. ස. පු: පුහුදුන් පුඟුල් කාමයෙහි වීතරාග වූයෙ ධර්‍මාභිසමය කරන්නා හා මැ අනාගාමිඵලයෙහි පිහිටා ද?
ap-kvu-1-2:296.8
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:296.9
ස. අනු: පෙර පසු නො කොට තුන්මඟ වඩා ද?
ap-kvu-1-2:296.10
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:296.11
12. ස. පු: පෙර පසු නො කොට තුන්මඟ වඩා ද?
ap-kvu-1-2:296.12
ස. පටිඤ්ඤා: (මාර්‍ගත්‍රයාගේ කෘත්‍යස්වභාවය සඳහා පිළින–) එසේ යැ.