Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 5201-5300 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-kvu-3:14.8
2. ස. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
ap-kvu-3:14.9
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:14.10
ස. අනු: ශුන්‍යතාලම්බනය ආර්‍ය්‍ය වේ ද?
ap-kvu-3:14.11
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:14.12
3. ස. පු: ශුන්‍යතාලම්බනය ආර්‍ය්‍ය වේ ද?
ap-kvu-3:14.13
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:14.14
ස. අනු: ස්ථානාස්ථානත් මෙනෙහි කෙරේ ද, ශුන්‍යතාත් මෙනෙහි කෙරේ ද?
ap-kvu-3:14.15
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:14.16
4. ස. පු: ස්ථානාස්ථානත් මෙනෙහි කෙරේ ද, ශුන්‍යතාත් මෙනෙහි කෙරේ ද?
ap-kvu-3:14.17
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:14.18
ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුන්ගේ චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ap-kvu-3:14.19
ප. පටි: එසේ නො කියැයුතු යැ.
ap-kvu-3:14.20
5. ස. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
ap-kvu-3:14.21
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:14.22
ස. අනු: අනිමිත්තාලම්බනය … අප්‍රණිහිතාලම්බනය ආර්‍ය්‍ය වේ ද?
ap-kvu-3:14.23
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:16.1
6. ස. පු: අප්‍රණිහිතාලම්බනය ආර්‍ය්‍ය වේ ද?
ap-kvu-3:16.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:16.3
ස. අනු: ස්ථානාස්ථානත් මෙනෙහි කෙරේ ද, අප්‍රණිහිතාලම්බනත් මෙනෙහි කෙරේ ද?
ap-kvu-3:16.4
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:16.5
7. ස. පු: ස්ථානාස්ථානත් මෙනෙහි කෙරේ ද, අප්‍රණිහිතාලම්බනත් මෙනෙහි කෙරේ ද?
ap-kvu-3:16.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:16.7
ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුන්ගේ චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ap-kvu-3:16.8
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:16.9
8. ස. පු: ස්මෘතිප්‍රස්ථානයෝ ආර්‍ය්‍ය වූවාහුත් ශුන්‍යතාලම්බන වූවාහුත් වෙත් ද?
ap-kvu-3:16.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:16.11
ස. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේත් ශුන්‍යතාලම්බන වූයේත් වේ ද?
ap-kvu-3:16.12
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:16.13
9. ස. පු: සීවටන්හු ආර්‍ය්‍ය වූවාහු අනිමිත්තාලම්බන වූවාහු … අප්‍රණිහිතාලම්බන වූවාහු වෙත් ද?
ap-kvu-3:16.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:16.15
ස. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේත් අප්‍රණිහිතාලම්බන වූයේත් වේ ද?
ap-kvu-3:16.16
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:16.17
10. ස. පු: සම්‍යක්ප්‍රධානයෝ යැ, ඍද්ධිපාදයෝ යැ, ඉන්‍ද්‍රියයෝ යැ, බලයෝ යැ, බෝධ්‍යඞ්ගයෝ යැ, යන මොහු ආර්‍ය්‍ය වූවාහුත් ශුන්‍යතාලම්බන වූවාහුත් වෙත් ද?
ap-kvu-3:16.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:16.19
ස. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේත් ශුන්‍යතාලම්බන වූයේත් වේ ද?
ap-kvu-3:16.20
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:18.1
11. ස. පු: බෝධ්‍යඞ්ගයෝ ආර්‍ය්‍ය වූවාහුත් අනිමිත්තාලම්බන වූවාහුත් … අප්‍රණිහිතාලම්බන වූවාහුත් වෙත් ද?
ap-kvu-3:18.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:18.3
ස. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේත් අප්‍රණිහිතාලම්බන වූයේත් වේ ද?
ap-kvu-3:18.4
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:18.5
12. ස. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය යැ, ශුන්‍යතාලම්බන යැයි නො කියැයුතු වේ ද?
ap-kvu-3:18.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:18.7
ස. අනු: සීවටන්හු ආර්‍ය්‍යයහ, ශුන්‍යතාලම්බනයහයි නො කියැයුතු වෙත් ද?
ap-kvu-3:18.8
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:18.9
13. ස. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය යැ, අනිමිත්තාලම්බන යැ … අප්‍රණිහිතාලම්බන යැ යි නො කියැයුතු වේ ද?
ap-kvu-3:18.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:18.11
ස. අනු: සීවටන්හු ආර්‍ය්‍යයහ, අප්‍රණිහිතාලම්බනයහයි නො කියැයුතු වෙත් ද?
ap-kvu-3:18.12
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:18.13
14. ස. පු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය යැ, ශුන්‍යතාලම්බන යැ … අනිමිත්තාලම්බන යැ … අප්‍රණිහිතාලම්බන යැයි නො කියැයුතු වේ ද?
ap-kvu-3:18.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:18.15
ස. අනු: සම්‍යක්ප්‍රධාන යැ … බෝධ්‍යඞ්ගයෝ යැ යන මොහු ආර්‍ය්‍යයහ, අප්‍රණිහිතාලම්බනයහයි නො කියැයුතු වේ ද?
ap-kvu-3:18.16
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:18.17
15. ස. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
ap-kvu-3:18.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:18.19
ස. අනු: මාර්‍ග යැ ඵල යැ නිර්‍වාණ යැ ශ්‍රෝතාපත්තිමාර්‍ග යැ ශ්‍රෝතාපත්තිඵල යැ … බෝධ්‍යඞ්ගයෝ යැ යන මේ ආර්‍ය්‍ය වේ ද?
ap-kvu-3:18.20
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:20.1
16. ස. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
ap-kvu-3:20.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:20.3
ස. අනු: ශුන්‍යතාලම්බන ආර්‍ය්‍ය වේ ද?
ap-kvu-3:20.4
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:20.5
17. ස. අනු: ශුන්‍යතාලම්බන ආර්‍ය්‍ය වේ ද?
ap-kvu-3:20.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:20.7
ස. අනු: සත්ත්‍වයන්ගේ – ච්‍යුති උපපාතයත් මෙනෙහි කෙරේ ද, ශුන්‍යතාවත් මෙනෙහි කෙරේ ද?
ap-kvu-3:20.8
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:20.9
18. ස. පු: සත්ත්‍වයන්ගේ – ච්‍යුති උපපාතයත් මෙනෙහි කෙරේ ද, ශුන්‍යතාවත් මෙනෙහි කෙරේ ද?
ap-kvu-3:20.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:20.11
ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුන්ගේ චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන ඇද්ද?
ap-kvu-3:20.12
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:20.13
19. ස. පු: සත්ත්‍වයන්ගේ – ච්‍යුති උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
ap-kvu-3:20.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:20.15
ස. අනු: අනිමිත්තාලම්බනය … අප්‍රණිහිතාලම්බනය ආර්‍ය්‍ය වේ ද?
ap-kvu-3:20.16
ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:20.17
20. ස. පු: අප්‍රණිහිතාලම්බනය ආර්‍ය්‍ය වේ ද?
ap-kvu-3:20.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:20.19
ස. අනු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයත් මෙනෙහි කෙරේ ද, අප්‍රණිහිතයත් මෙනෙහි කෙරේ ද?
ap-kvu-3:20.20
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:20.21
21. ස. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයත් මෙනෙහි කෙරේ ද, අප්‍රණිහිතයත් මෙනෙහි කෙරේ ද?
ap-kvu-3:20.22
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:20.23
ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුන්ගේ චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන ඇද්ද?
ap-kvu-3:20.24
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:22.1
22. ස. පු: සීවටන්හු ආර්‍ය්‍ය වූවාහු, ශුන්‍යතාලම්බන වූවාහු වෙත් ද … අනිමිත්තාලම්බන වූවාහු … අප්‍රණිහිතාලම්බන වූවාහු වෙත් ද?
ap-kvu-3:22.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:22.3
ස. අනු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අප්‍රණිහිතාලම්බන වූයේ වේ ද?
ap-kvu-3:22.4
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:22.5
23. ස. පු: සම්‍යක්ප්‍රධානය … බෝධ්‍යඞ්ගයෝ ආර්‍ය්‍ය වූවාහු ශුන්‍යතාලම්බන වූවාහු වෙත් ද … අනිමිත්තාලම්බන වූවාහු … අප්‍රණිහිතාලම්බන වූවාහු වෙත් ද?
ap-kvu-3:22.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:22.7
ස. අනු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ අප්‍රණිහිතාලම්බන වූයේ වේ ද?
ap-kvu-3:22.8
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:22.9
24. ස. පු: සත්ත්‍වයන්ගේ ච්‍යුති – උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වේ යයි නො කියැයුතු වේ ද … අනිමිත්තාලම්බන වූයේ … අප්‍රණිහිතාලම්බන වූයේ නො කියැයුතු වේ ද?
ap-kvu-3:22.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:22.11
ස. අනු: සීවටන්හු ආර්‍ය්‍ය වූවාහු, අප්‍රණිහිතාලම්බනයහයි නො කියැයුතු වෙත් ද?
ap-kvu-3:22.12
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:22.13
25. ස. පු: සත්ත්‍වයන්ගේ – ච්‍යුති උපපාතයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වූයේ ශුන්‍යතාලම්බන වූයේ නො කියැයුතු වේ ද? … අනිමිත්තාලම්බන වූයේ … අප්‍රණිහිතාලම්බන වූයේ නො කියැයුතු වේ ද?
ap-kvu-3:22.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:22.15
ස. අනු: සම්‍යක්ප්‍රධානයෝ … බෝධ්‍යඞ්ගයෝ ආර්‍ය්‍ය වූවාහු නවක්තව්‍යාලම්බන වෙත් ද?
ap-kvu-3:22.16
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ap-kvu-3:24.1
26. ප. පු: ආස්‍රවක්‍ෂයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
ap-kvu-3:24.2
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-3:24.3
ප. අනු: ස්ථානාස්ථානයෙහි යථාභූතඥාන නම් වූ තථාගතබලය ආර්‍ය්‍ය වේ ද?
ap-kvu-3:24.4
ස. පටි: එසේ නො කියැයුතු යැ …