Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 4801-4900 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-kvu-2:544.15
ස. අනු: චතුර්‍භාගයක් සෝවන් වූයේ ද චතුර්‍භාගයක් සෝවන් නො වූයේ ද චතුර්‍භාගයක් සෝතාපත්තිඵලප්‍රාප්ත වූයේ ද ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ උපයාගෙන වාස කෙරේ ද, නාම කයින් ස්‍පර්‍ශ කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් සත්තක්‍ඛත්තුපරම සෝතාපන්න වූයේත් කොලංකොල සෝතාපන්න වූයේත් ඒකබීජී සෝතාපන්න වූයේත්, බුද්ධරත්නයෙහි අවෙත්‍යප්‍රසාදයෙන් යුක්ත වූයේත්, ධර්‍මරත්නයෙහි ... සඞ්ඝරත්නයෙහි ... ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වූයේත්, චතුර්‍භාගයක් ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත නො වූයේත් වේ ද?
ap-kvu-2:544.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:546.1
7. ස. පු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දුඃඛදර්‍ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
ap-kvu-2:546.2
ප. වි: ඕළාරිකකාමරාග ඔළාරිකව්‍යාපාද තදෙකස්‍ථ ක්ලේශ දැයි (මෙහි) චතුර්‍භාගයක් බැහැර කෙරෙයි.
ap-kvu-2:546.3
ස. අනු: චතුර්‍භාගයක් සකෘදාගාමී වූයේත් චතුර්‍භාගයක් සකෘදාගාමී නො වූයේත් චතුර්‍භාගයක් සකෘදාගාමීඵලප්‍රාප්ත වූයේත් ප්‍රතිලබ්ධ වූයේත් අධිගත වූයේත් සාක්‍ෂාත්කෘත වූයේත් උපයාගෙන වාස කෙරේ ද, නාමකයින් ස්‍පර්‍ශ කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද?
ap-kvu-2:546.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:546.5
8. ස. පු: සමුදයදර්‍ශනයෙන් ... නිරොධදර්‍ශනයෙන් ... මාර්‍ගදර්‍ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
ap-kvu-2:546.6
ප. වි: ඕළාරික කාමරාග ඕළාරික ව්‍යාපාද තදෙකස්‍ථ ක්ලේශ දැ යි (මෙහි) චතුර්‍භාගයක් බැහැර කෙරෙයි.
ap-kvu-2:546.7
ස. අනු: චතුර්‍භාගයක් සකෘදාගාමී වූයේත් චතුර්‍භාගයක් සකෘදාගාමී නො වූයේත් චතුර්‍භාගයක් සකෘදාගාමිඵලප්‍රාප්ත වූයේත් ප්‍රතිලබ්ධ වූයේත් අධිගත වූයේත් සාක්‍ෂාත්කෘත වූයේත් උපයාගෙන වාස කෙරේ ද, නාමකයින් ස්‍පර්‍ශ කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද?
ap-kvu-2:546.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:546.9
9. ස. පු: අනගැමිඵල පසක් කරන්නට පිණිස පිළිපන් පුඟුල් දුඃඛදර්‍ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
ap-kvu-2:546.10
ප. වි: අණුසහගත කාමරාග අණුසහගත ව්‍යාපාද තදෙකස්‍ථ ක්ලේශ දැ යි (මෙහි) චතුර්‍භාගයක් බැහැර කෙරෙයි.
ap-kvu-2:546.11
ස. අනු: චතුර්‍භාගයක් අනාගාමි වූයේත් චතුර්‍භාගයක් අනාගාමි නො වූයේත් චතුර්‍භාගයක් අනාගාමිඵලප්‍රාප්ත වූයේත් ප්‍රතිලබ්ධ වූයේත් අධිගත වූයේත් සාක්‍ෂාත්කෘත වූයේත් උපයා වාස කෙරේ ද, නාමකයින් ස්‍පර්‍ශ කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් අන්තරාපරිනිබ්බායී වූයේත් ... උපහච්චපරිනිබ්බායී වූයේත් ... අසඞ්ඛාරපරිනිබ්බායී වූයේත් ... සසඞ්ඛාරපරිනිබ්බායී වූයේත් ... උද්ධංසෝතඅකණිට්ඨාගාමී වූයේත් චතුර්‍භාගයක් උද්ධංසෝතඅකණිට්ඨාගාමී නො වූයේත් වේ ද?
ap-kvu-2:546.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:548.1
10. ස. පු: සමුදයදර්‍ශනයෙන් ... නිරෝධ දර්‍ශනයෙන් ... මාර්‍ග දර්‍ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
ap-kvu-2:548.2
ප. වි: අණුසහගත කාමරාග අණුසහගත ව්‍යාපාද තදෙකස්‍ථ ක්ලේශ දැයි මෙහි චතුර්‍භාගයක් බැහැර කෙරෙයි.
ap-kvu-2:548.3
ස. අනු: චතුර්‍භාගයක් අනාගාමී වූයේත් චතුර්‍භාගයක් අනාගාමී නො වූයේත් චතුර්‍භාගයක් අනාගාමීඵලප්‍රාප්ත වූයේත් ප්‍රතිලබ්ධ වූයේත් අධිගත වූයේත් සාක්‍ෂාත්කෘත වූයේත් උපයා වාස කෙරේ ද, නාමකයින් ස්‍පර්‍ශ කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් අන්තරාපරිනිබ්බායී වේ ද ... උපහච්චපරිනිබ්බායී වූයේත් ... අසඞ්ඛාරපරිනිබ්බායී වූයේත් ... සසඞ්ඛාරපරිනිබ්බායී වූයේත් ... උද්ධංසෝත අකනිට්ඨගාමී වූයේත් වේ ද, චතුර්‍භාගයක් උද්ධංසෝත අකනිට්ඨගාමී නො වූයේත් වේ ද?
ap-kvu-2:548.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:548.5
11. ස. පු: අර්‍හත්ත්‍වඵල ප්‍රත්‍යක්‍ෂ කරන්නට පිළිපන් පුඟුල් දුඃඛ දර්‍ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
ap-kvu-2:548.6
ප. වි: රූපරාග අරූපරාග මාන ඖද්ධත්‍ය අවිද්‍යා ද තදෙකස්‍ථ ක්ලේශ දැ යි (මෙහි) චතුර්‍භාගයක් බැහැර කෙරෙයි.
ap-kvu-2:548.7
ස. අනු: චතුර්‍භාගයක් රහත් වූයේත් චතුර්‍භාගයක් රහත් නො වූයේත් චතුර්‍භාගයක් අර්‍හත්ත්‍වප්‍රාප්ත වූයේත් ප්‍රතිලබ්ධ වූයේත් අධිගත වූයේත් සාක්‍ෂාත්කෘත වූයේත් නිපයා වාස කෙරේ ද, නාමකයින් ස්‍පර්‍ශ කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් වීතරාග වූයේ ... වීතද්වේෂ වූයේ ... වීතමෝහ වූයේ ... කළ කරණී ඇතියේ බහාලූ කෙලෙස්බර ඇතියේ පැමිණි ස්වාර්‍ත්‍ථ ඇතියේ ක්‍ෂය වැ ගිය භවසංයෝජන ඇතියේ මනාව දැන මිදුණේ ඔසවාලූ කෙලෙස් කණයම ඇතියේ විසුරුවාලූ කෙලෙස් පිරි ඇතියේ උගුළුවාලූ කෙලෙස් ඉන්‍ද්‍රකීල ඇතියේ අගුළු රහිත වූයේ ආර්‍ය්‍ය වූයේ පතිතමානධ්‍වජ ඇතියේ පතිත ක්ලේශභාර ඇතියේ විසංයුක්‍ත වූයේ මොනවට දිනූ කෙලෙස් විජය ඇතියේ, ඔහු විසින් දුඃඛය පරිඥාත වූයේ සමුදය ප්‍රහීණ වූයේ නිරෝධය සාක්‍ෂාත්කෘත වූයේ මාර්‍ගය භාවිත වූයේ, අභිඥෙය ධර්‍ම අභිඥාත වූයේ පරිඥෙයධර්‍ම පරිඥාත වූයේ ප්‍රහාතව්‍යධර්‍ම ප්‍රහීණ වූයේ භාවිතව්‍යධර්‍ම භාවිත වූයේ ... සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍ම සාක්‍ෂාත්කෘත වූයේ ද, චතුර්‍භාගයක් සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත නො වූයේ වේ ද?
ap-kvu-2:548.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:550.1
12. ස. පු: සමුදයදර්‍ශනයෙන් ... නිරොධදර්‍ශනයෙන් ... මාර්‍ගදර්‍ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
ap-kvu-2:550.2
ප. වි: රූපරාග අරූපරාග මාන ඖද්ධත්‍ය අවිද්‍යා තදෙකස්‍ථ ක්ලේශ දැ යි (මෙහි) චතුර්‍භාගයක් බැහැර කෙරෙයි.
ap-kvu-2:550.3
ස. අනු: චතුර්‍භාගයක් රහත් වූයේ ද, චතුර්‍භාගයක් රහත් නො වූයේ ද, චතුර්‍භාගයක් අර්‍හත්ත්‍වප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ උපයා වාස කෙරේ ද, නාමකයින් ස්‍පර්‍ශ කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් වීතරාග වූයේ ... වීතද්වේෂ වූයේ ... වීතමෝහ වූයේ ... කළ කරණී ඇතියේ බහාලූ කෙලෙස් බර ඇතියේ ලැබූ ස්වාර්‍ත්‍ථ ඇතියේ ක්‍ෂය වැ ගිය භවසංයෝජන ඇතියේ මොනොවට දැන මිදුණේ පෙරළූ කෙලෙස් කණයම ඇතියේ විසුරුවාහළ කෙලෙස් පිරි ඇතියේ උපුළ කෙලෙස් නමැති ඉන්‍ද්‍රකීල ඇතියේ කෙලෙස් අගුළු නැතියේ ආර්‍ය්‍ය වූයේ පතිතමානධ්‍වජ ඇතියේ පතිතක්ලේශභාර ඇතියේ විසංයුක්‍ත වූයේ මොනොවට දිනූ කෙලෙස් විජය ඇතියේ, ඔහු විසින් දුඃඛය පරිඥාත වූයේ සමුදය ප්‍රහීණ වූයේ නිරෝධය සාක්‍ෂාත්කෘත වූයේ මාර්‍ගය භාවිත වූයේ, අභිඥෙයධර්‍ම අභිඥාත වූයේ පරිඥෙයධර්‍ම පරිඥාත වූයේ ප්‍රහාතව්‍යධර්‍ම ප්‍රහීණ වූයේ භාවිතව්‍යධර්‍ම භාවිත වූයේ ... සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත වූයේ ද, චතුර්‍භාගයක් සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත නො වූයේ ද?
ap-kvu-2:550.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:550.5
13. ස. පු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දුක් දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු වේ ද?
ap-kvu-2:550.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:550.7
ස. අනු: දුක් දුටු කල ‘ඵලයෙහි සිටියෙකැ’ යි කියැයුතු වේ ද?
ap-kvu-2:550.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:550.9
ස. පු: සමුදය දක්නේ ... නිරෝධය දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු වේ ද?
ap-kvu-2:550.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:550.11
ස. අනු: නිරෝධය දුටු කලැ ‘ඵලයෙහි සිටියෙකැ’ යි කියැයුතු වේ ද?
ap-kvu-2:550.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:552.1
14. ස. පු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් මාර්‍ගය දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. මාර්‍ගය දුටු කලැ ඵලයෙහි සිටියෙකැයි කියැයුතු වේ ද?
ap-kvu-2:552.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:552.3
ස. අනු: දුක් දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. දුක දුටු කලැ ඵලයෙහි සිටියෙකැයි කියැයුතු වේ ද?
ap-kvu-2:552.4
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ap-kvu-2:552.5
15. ස. පු: මාර්‍ගය දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. මාර්‍ගය දුටු කල ඵලයෙහි සිටියෙකැයි කියැයුතු වේ ද?
ap-kvu-2:552.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:552.7
ස. අනු: සමුදය දක්නේ ... නිරෝධය දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. නිරෝධය දුටු කල ඵලයෙහි සිටියෙකැයි කියැයුතු වේ ද?
ap-kvu-2:552.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:552.9
16. ස. පු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දුක දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. දුක දුටු කල ඵලයෙහි සිටියෙකැයි කියැයුතු යැ යනු නො කියැයුතු ද?
ap-kvu-2:552.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:552.11
ස. අනු: මාර්‍ගය දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. මාර්‍ගය දුටු කල ඵලයෙහි සිටියෙකැයි කියැයුතු යැ යනු නො කියැයුතු ද?
ap-kvu-2:552.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:552.13
ස. පු: සමුදය දක්නේ ... නිරෝධය දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. නිරෝධය දුටු කලැ ඵලයෙහි සිටියෙකැයි කියැයුතු යැ යනු නො කියැයුතු ද?
ap-kvu-2:552.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:552.15
ස. අනු: මාර්‍ගය දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. මාර්‍ගය දුටු කල ඵලයෙහි සිටියෙකැයි කියැයුතු යැ යනු නො කියැයුතු ද?
ap-kvu-2:552.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:552.17
17. ස. පු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දුක් දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. දුක් දුටු කල ඵලයෙහි සිටියෙකැයි කියැයුතු යැ යනු නො කියැයුතු ද?
ap-kvu-2:552.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:554.1
ස. අනු: දුඃඛදර්‍ශනය නිරර්‍ත්‍ථක වේ ද?
ap-kvu-2:554.2
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:554.3
18. ස. පු: සමුදය දක්නේ ... නිරෝධය දක්නේ ‘පිළිපන්නෙකැ’ යි කියැයුතු යැ. නිරෝධය දුටු කල ඵලයෙහි සිටියෙකැයි කියැයුතු යැ යනු නො කියැයුතු ද?
ap-kvu-2:554.4
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:554.5
ස. අනු: නිරෝධදර්‍ශනය නිරර්‍ත්‍ථක වේ ද?
ap-kvu-2:554.6
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:554.7
19. ප. පු: දුඃඛය දුටු කල චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නා ලද්දාහු වෙත් ද?
ap-kvu-2:554.8
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:554.9
ප. අනු: දුඃඛසත්‍යය චතුරාර්‍ය්‍යසත්‍ය වේ ද?
ap-kvu-2:554.10
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:554.11
20. ස. පු: රූපස්‍කන්‍ධය අනිත්‍ය විසින් දුටු කල පඤ්චස්‍කන්‍ධයෝ අනිත්‍ය විසින් දක්නා ලද්දාහු වෙත් ද?
ap-kvu-2:554.12
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:554.13
ස. අනු: රූපස්‍කන්‍ධය පඤ්චස්‍කන්‍ධ වේ ද?
ap-kvu-2:554.14
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:554.15
21. ස. පු: චක්‍ෂුරායතනය අනිත්‍ය විසින් දුටු කල ද්වාදශායතනයෝ අනිත්‍ය විසින් දක්නා ලද්දාහු වෙත් ද?
ap-kvu-2:554.16
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:554.17
ස. අනු: චක්‍ෂුරායතනය ද්වාදශායතන වේ ද?
ap-kvu-2:554.18
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:554.19
22. ස. පු: චක්‍ෂුර්ධාතු අනිත්‍ය විසින් දුටු කල අටළොස් ධාතූහු අනිත්‍ය විසින් දක්නා ලද්දාහු වෙත් ද?
ap-kvu-2:554.20
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:554.21
ස. අනු: චක්‍ෂුර්ධාතු අෂ්ටාදශධාතු වේ ද?
ap-kvu-2:554.22
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:554.23
23. ස. පු: චක්‍ෂුරින්‍ද්‍රිය අනිත්‍ය විසින් දුටු කල දෙවිසි ඉන්‍ද්‍රියයෝ අනිත්‍ය විසින් දුටුවාහු වෙත් ද?
ap-kvu-2:554.24
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:554.25
ස. අනු: චක්‍ෂුරින්‍ද්‍රිය දෙවිසි ඉන්‍ද්‍රිය වේ ද?
ap-kvu-2:554.26
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:556.1
24. ස. පු: සියුනැණින් සෝවත්ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ap-kvu-2:556.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:556.3
ස. අනු: සතර සෝවත්ඵල කෙනෙක් ඇද්ද?
ap-kvu-2:556.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:556.5
25. ස. පු: (සව්වනට සාධාරණ සත්‍යඥානයෙන් හා ප්‍රතිසංවිත් ඥානයෙන් දැ’ යි) අටනැණින් සෝවත්ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ap-kvu-2:556.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:556.7
ස. අනු: අෂ්‍ටප්‍රකාර සෝවත්ඵල කෙනෙක් ඇද්ද?
ap-kvu-2:556.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:556.9
26. ස. පු: (ද්වාදශාඞ්ගප්‍රතීත්‍යසමුත්පාදයෙහි එන) දොළොස්නැණින් සෝවත්ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ap-kvu-2:556.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:556.11
ස. අනු: ද්වාදශප්‍රකාර සෝවත්ඵල කෙනෙක් ඇද්ද?
ap-kvu-2:556.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:556.13
27. ස. පු: (ජරාමරණඥානාදී) සියුසාලිස් නුවණින් සෝවත්ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ap-kvu-2:556.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:556.15
ස. අනු: චතුශ්වත්‍වාරිංශත් ශ්‍රෝතාපත්තිඵල කෙනෙක් ඇද්ද?
ap-kvu-2:556.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:556.17
28. ස. පු: සත්සැත්තෑනුවණින් සෝවත්ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ap-kvu-2:556.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:556.19
ස. අනු: සත්සැත්තෑ සෝවත්ඵල කෙනෙක් ඇද්ද?
ap-kvu-2:556.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:556.21
29. ප. පු: අනුපූර්‍වාභිසමය (අභිසමය අනුපූර්‍ව යයි) නො කියැයුතු ද?
ap-kvu-2:556.22
ස. පටිඤ්ඤා: එසේ යැ.