Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 13101-13200 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ඉන්‍ද්‍රියබද්ධය මැ දුඃඛ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් “යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුකැ” යි වදාළ පරිදි අනින්‍ද්‍රියබද්ධය අනිත්‍ය නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් “යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුකැ” යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ පරිදි අතින්‍ද්‍රියබද්ධය අනිත්‍ය වී නම්,
ස. පා: භවත ‘ඉන්‍ද්‍රියබද්ධය මැ දුකැ’ යි නො කියැයුතු මැ යැ.
5. ප. පු: ඉන්‍ද්‍රියබද්ධය මැ දුකැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: යම්සේ ඉන්‍ද්‍රියබද්ධදුඃඛයාගේ පරිඥා පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස කරන්නේ වේ ද, එපරිදි මැ අතින්‍ද්‍රියබද්ධදුඃඛයාගේ පරිඥා පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස කරන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. අනු: යම්සේ ඉන්‍ද්‍රියබද්ධදුඃඛයාගේ පරිඥා කරනලද්දේ වටාලා නූපදනේ වේ ද, එපරිදි මැ අනින්‍ද්‍රියබද්ධදුඃඛය පරිඥා කරනලද්දේ වටාලා නූපදනේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: ඒ කරුණින් ‘ඉන්‍ද්‍රියබද්ධය මැ’ දුඃඛ වෙයි.
ඉන්‍ද්‍රියබද්ධකථා නිමි.
ඨපෙත්‍වා අරියමග්ගන්ති කථා
[‘ආර්‍ය්‍යමාර්‍ගය දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා යැයි කියනලද සෙයින් ආර්‍ය්‍යමාර්‍ගය තබා අවශේෂ සංස්කාරයෝ දුඃඛයහ’යි හේතුවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඨපෙත්‍වා අරියමග්ගන්ති කථා’ එයි.]
1. ස. පු: ආර්‍ය්‍යමාර්‍ගය තබා අවශේෂ සංස්කාරයෝ දුඃඛ වෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දුඃඛසමුදයත් දුඃඛ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: දුඃඛසමුදයත් දුඃඛ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ආර්‍ය්‍යසත්‍යයෝ තිදෙනෙක් මැ වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ආර්‍ය්‍යසත්‍යයෝ තිදෙනෙක් මැ වෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් “දුඃඛ යැ දුඃඛසමුදය යැ දුඃඛනිරෝධ යැ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා යැ” යි සතර සත්‍ය කෙනෙක් වදාරන ලද්දාහු නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් “දුඃඛ යැ දුඃඛසමුදය යැ දුඃඛනිරෝධ යැ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා යැ” යි සතර සත්‍ය කෙනෙක් මැ වදාරන ලද වෙත් නම්,
ස. පා: භවත ‘ආර්‍ය්‍යසත්‍යයෝ තිදෙනෙක් මැ වෙතී’ යි නො කියැයුතු මැ යැ.
4. ස. පු: දුඃඛසමුදයත් මැ දුඃඛ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පු: කවර අරුතින් වේ ද?
ප. වි: අනිත්‍යාර්‍ත්‍ථයෙන් වෙයි.
ස. අනු: ආර්‍ය්‍යමාර්‍ගය අනිත්‍ය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ආර්‍ය්‍යමාර්‍ගය දුඃඛ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: ආර්‍ය්‍යමාර්‍ගය අනිත්‍ය වේ ද, එ ද දුඃඛ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දුඃඛසමුදය අනිත්‍ය වේ ද, එ ද දුඃඛ නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: දුඃඛසමුදය අනිත්‍ය වේ ද, එ ද දුඃඛ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ආර්‍ය්‍යමාර්‍ගය අනිත්‍ය වේ ද, එ ද දුඃඛ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ප. පු: ‘ආර්‍ය්‍යමාර්‍ගය තබා අවශේෂ සංස්කාරයෝ දුඃඛයහ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: එ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් එ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා වූ නම්,
ප. පා: භවත, එකරුණින් ‘ආර්‍ය්‍යමාර්‍ගය තබා අවශේෂ සංස්කාරයෝ දුඃඛයහ’ යි කියැයුතු මැ යැ.
ඨපෙත්‍වා අරියමග්ගන්ති කථා නිමි.
න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතීති කථා
[පරමාර්‍ත්‍ථ විසින් මාර්‍ගඵල මැ සඞ්ඝ වෙයි. මාර්‍ගඵලයෙන් අන්‍ය සඞ්ඝ නම් කිසිවෙක් නැත. මාර්‍ගඵලයෝ කිසිවක් නො පිළිගනිති. එහෙයින් සඞ්ඝයා දක්‍ෂිණාව පිළිගනිතී නො කියැයුතු යැ’ යි මහාපුණ්‍යවාදීන් සෙයින් ලබ්ධි ගතුවන්ගේ වාද බිඳුනට ‘න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතීති කථා’ එයි.]
1. ස. පු: ‘සඞ්ඝයා දක්‍ෂිණාව පිළිගනිතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සඞ්ඝයා දුර සිට ගෙනවුත් පුදනට නිසි, ආදර බහුමාන පූර්‍වක වැ පුදනට නිසි, දක්‍ෂිණාවට (කම්පල අදහා දෙන දනට) නිසි, ඇඳිලි බඳනට නිසි වූයේ ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් සඞ්ඝයා ආහුනනයට නිසි, පාහුනනයට නිසි, දක්‍ෂිණාවට නිසි, අඤ්ජලිකරණයට නිසි වූයේ ලොවට අනුත්තර පින්කෙත් වී නම්?
ප. පා: භවත, එකරුණින් ‘සඞ්ඝයා දක්‍ෂිණාව පිළිගනිතී’ කියැයුතු මැ යැ.
2. ස. පු: ‘සඞ්ඝයා දක්‍ෂිණාව පිළිගනිතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් සතර පුරුෂයුග වූ අෂ්ටපුරුෂපුද්ගලයෝ දක්‍ෂිණාර්‍හයහ’ යි වදාරන ලද නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සතර පුරුෂයුග වූ අෂ්ටපුරුෂපුද්ගලයෝ දක්‍ෂිණාර්‍හයහ’ යි වදාරන ලද නම්,
ස. පා: භවත, එකරුණින් සඞ්ඝයා දක්‍ෂිණා පිළිගනිතී කියැයුතු මැ යැ.
3. ස. පු: ‘සඞ්ඝයා දක්‍ෂිණාව පිළිගනිතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සඞ්ඝයාට දන්දෙන කිසි කෙනෙක් ඇත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් කිසි කෙනෙක් සඞ්ඝයාට දන් දෙන්නාහු ඇත් නම්,
ස. පා: භවත, එකරුණින් සඞ්ඝයා දක්‍ෂිණා පිළිගනිතීයි කියැයුතු.
ස. අනු: සඞ්ඝයාට චීවර දෙන්නාහු ... පිණ්ඩපාත දෙන්නාහු ... ශයනාසන දෙන්නාහු ... ග්ලානප්‍රත්‍යයභෙෂජ්‍යපරිෂ්කාර දෙන්නාහු ... ඛාදනීය දෙන්නාහු ... භෝජනීය දෙන්නාහු ... පානීය දෙන්නාහු ඇත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සඞ්ඝයාට පැන් දෙන කිසි කෙනෙක් ඇත් නම්,
ස. පා: භවත එකරුණින් සඞ්ඝයා දක්‍ෂිණා පිළිගන්නේ යයි කියැයුතු.
4. ස. පු: ‘සඞ්ඝයා දක්‍ෂිණා පිළිගනිති’ යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො:
“අග්නිය ආහුතිය (පිළිගන්නා) සෙයින්, පෘථිවිය මහාමේඝය (පිළිගන්නා) සෙයින් සමාධිසම්පන්න සඞ්ඝයා දක්‍ෂිණා පිළිගනිති” යි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: භවත එකරුණින් සඞ්ඝයා දක්‍ෂිණා පිළිගන්නේ වේ.
5. ප. පු: සඞ්ඝයා දක්‍ෂිණා පිළිගන්නේ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: මාර්‍ගය පිළිගන්නේ වේ ද, ඵලය පිළිගන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතීති කථා නිමි.
න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං විසොධෙතීති කථා
[මාර්‍ගඵල මැ සඞ්ඝ නම් වෙයි. මාර්‍ගඵලයෝ දක්‍ෂිණා විශුද්ධ කරන්නට නො හැකි වෙති. එකරුණින් “සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කෙරෙතී නො කියැයුතු යැ” යි වෛතුල්‍යවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං විසෝධේතිතී කථා’ එයි.]
1. ස. පු: ‘සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කෙරෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සඞ්ඝයා ආහුනනයට නිසි, පාහුනනයට නිසි, දක්‍ෂිණාවට නිසි, ඇඳිලි බැඳි වඳනට නිසි වූයේ ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සඞ්ඝයා ආහුනනයට නිසි ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වී නම්?