Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 3001-3100 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-kvu-1-2:346.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:346.5
94. ස. පු: සෙදගැමිහට අතීත සත්කාදෘෂ්ටි ඇද්ද?
ap-kvu-1-2:346.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:346.7
ස. අනු: සෙදගැමි ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ap-kvu-1-2:346.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:346.9
95. ස. පු: සෙදගැමිහට අතීත විචිකිත්සා ඇද්ද … අතීත ශීලව්‍රතපරාමර්‍ශ ඇද්ද … අතීත ඕළාරික කාමරාග ඇද්ද … අතීත ඕළාරික ව්‍යාපාද ඇද්ද?
ap-kvu-1-2:346.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:346.11
ස. අනු: සෙදගැමි ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ වේ ද?
ap-kvu-1-2:346.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:346.13
96. ස. පු: සෝවන් පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද?
ap-kvu-1-2:346.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:346.15
ස. අනු: සෝවන් පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ap-kvu-1-2:346.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:346.17
97. ස. පු: සෝවන්පුඟුල්හට අතීත විචිකිත්සා ඇද්ද ... අතීත ශීලව්‍රත පරාමර්‍ශ ඇද්ද ... අතීත වූ අපායගමනීය රාගය ඇද්ද ... අතීත වූ අපායගමනීය ද්වේෂය ඇද්ද ... අතීත වූ අපායගමනීය වූ මෝහය ඇද්ද?
ap-kvu-1-2:346.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:346.19
ස. අනු: සෝවන් පුඟුල් ඒ මෝහයෙන් සමෝහ වේ ද?
ap-kvu-1-2:346.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:346.21
98. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත රාගය ඇද්ද? පුහුදුන් පුඟුල් ඒ රාගයෙන් සරාග වේ ද?
ap-kvu-1-2:346.22
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:346.23
ස. අනු: රහත්හට අතීත රාගය ඇද්ද, රහත්හු ඒ රාගයෙන් සරාග වේ ද?
ap-kvu-1-2:346.24
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:348.1
99. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත ද්වේෂය ඇද්ද … අතීත අනපත්‍රපා ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ අනපත්‍රපායෙන් අපත්‍රපා නැත්තේ වේ ද?
ap-kvu-1-2:348.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:348.3
ස. අනු: රහත්හට අතීත අනපත්‍රපා ඇද්ද, රහත්හු ඒ අනපත්‍රපායෙන් අපත්‍රපා නැත්තේ වේ ද?
ap-kvu-1-2:348.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:348.5
100. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ap-kvu-1-2:348.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:348.7
ස. අනු: අනගැමිහට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, අනගැමි ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ap-kvu-1-2:348.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:348.9
101. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත විචිකිත්සා ඇද්ද … අතීත වූ අණුසහගත ව්‍යාපාද ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ වේ ද?
ap-kvu-1-2:348.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:348.11
ස. අනු: අනගැමිහට අතීත වූ අණුසහගත ව්‍යාපාද ඇද්ද, අනගැමි ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ වේ ද?
ap-kvu-1-2:348.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:348.13
102. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ap-kvu-1-2:348.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:348.15
ස. අනු: සෙදගැමිහට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, සෙදගැමි ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ap-kvu-1-2:348.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:348.17
103. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත විචිකිත්සා ඇද්ද, … අතීත වූ ඕළාරික ව්‍යාපාද ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ වේ ද?
ap-kvu-1-2:348.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:348.19
ස. අනු: සෙදගැමි ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ වේ ද?
ap-kvu-1-2:348.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:350.1
104. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ap-kvu-1-2:350.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:350.3
ස. අනු: සෝවන් පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, සෝවන් පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ap-kvu-1-2:350.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:350.5
105. ස. පු: පුහුදුන්පුඟුල්හට අතීත විචිකිත්සා ඇද්ද … අතීත වූ අපායගාමනීය මෝහය ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ මෝහයෙන් සමෝහ වේ ද?
ap-kvu-1-2:350.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:350.7
ස. අනු: සෝවන්පුඟුල්හට අතීත අපායගාමනීය මෝහය ඇද්ද, සෝවන්න්පුඟුල් ඒ මෝහයෙන් සමෝහ වේ ද?
ap-kvu-1-2:350.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:350.9
106. ස. පු: රහත්හට අතීත රාගය ඇද්ද, රහත්හු ඒ රාගයෙන් සරාග නො වෙත් ද?
ap-kvu-1-2:350.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:350.11
ස. අනු: පුහුදුන්පුඟුල්හට අතීතරාගය ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ රාගයෙන් සරාග නො වේ ද?
ap-kvu-1-2:350.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:350.13
107. ස. පු: රහත්හට අතීතද්වේෂය ඇද්ද, … අතීත අනපත්‍රපා ඇද්ද, රහත්හු ඒ අනපත්‍රපායෙන් අනපත්‍රප නො වෙත් ද?
ap-kvu-1-2:350.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:350.15
ස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත අනපත්‍රපා ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ අනපත්‍රපායෙන් අනපත්‍රප නො වෙත් ද?
ap-kvu-1-2:350.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:350.17
108. ස. පු: අනගැමිහට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, අනගැමි ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත නො වේ ද?
ap-kvu-1-2:350.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:350.19
ස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත නො වේ ද?
ap-kvu-1-2:350.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:352.1
109. ස. පු: අනගැමිහට අතීත විචිකිත්සා ඇද්ද … අතීත වූ අණුසහගත ව්‍යාපාද ඇද්ද, අනගැමි ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ නො වේ ද?
ap-kvu-1-2:352.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:352.3
ස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත වූ අණුසහගත ව්‍යාපාද ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ නො වේ ද?
ap-kvu-1-2:352.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:352.5
110. ස. පු: සෙදගැමිහට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, සෙදගැමි ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත නො වේ ද?
ap-kvu-1-2:352.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:352.7
ස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත නො වේ ද?
ap-kvu-1-2:352.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:352.9
111. ස. පු: සෙදගැමිහට අතීත විචිකිත්සා ඇද්ද … අතීත වූ ඖදාරික ව්‍යාපාද ඇද්ද, සෙදගැමි ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ නො වේ ද?
ap-kvu-1-2:352.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:352.11
ස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත වූ ඖදාරික ව්‍යාපාද ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ නො වේ ද?
ap-kvu-1-2:352.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:352.13
112. ස. පු: සෝවන්පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, සොවන්පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත නො වේ ද?
ap-kvu-1-2:352.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:352.15
ස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත නො වේ ද?
ap-kvu-1-2:352.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:352.17
113. ස. පු: සෝවන්පුඟුල්හට අතීත විචිකිත්සා ඇද්ද … අතීත වූ අපායගාමනීය මෝහය ඇද්ද, සොවන්පුඟුල් ඒ මෝහයෙන් සමෝහ නොවේ ද?
ap-kvu-1-2:352.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:352.19
ස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත වූ අපායගමනීය මෝහය ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ මෝහයෙන් සමෝහ නො වේ ද?
ap-kvu-1-2:352.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:354.1
114. ස. පු: අතීත වූ හස්තයෝ ඇද්ද?
ap-kvu-1-2:354.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:354.3
ස. අනු: අතීත වූ හස්තයන් ඇති කල නඟාගැනුම් හා බහාතැබුම් හා පැනේ ද?
ap-kvu-1-2:354.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:354.5
115. ස. පු: අතීත වූ පාදයෝ ඇද්ද?
ap-kvu-1-2:354.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:354.7
ස. අනු: අතීත වූ පාදයන් ඇති කල ඉදිරියට යෑම් හා පෙරළා ඊම් හා පැනේ ද?
ap-kvu-1-2:354.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:354.9
116. ස. පු: අතීත වූ පර්‍වයෝ ඇද්ද?
ap-kvu-1-2:354.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:354.11
ස. අනු: අතීත පර්‍වයන් ඇති කල හැකිළීම් දිගුකිරීම් පැනේ ද?
ap-kvu-1-2:354.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:354.13
117. ස. පු: අතීත වූ කුක්‍ෂි ඇද්ද?
ap-kvu-1-2:354.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:354.15
ස. අනු: අතීත වූ කුක්‍ෂිය ඇති කල බඩසා හා පවස පැනේ ද?
ap-kvu-1-2:354.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:354.17
118. ස. පු: අතීත වූ කයෙක් ඇද්ද?
ap-kvu-1-2:354.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:354.19
ස. අනු: අතීත වූ කය ප්‍රග්‍රහ නිග්‍රහ දෙකට පැමිණියේ, ඡේදනභේදනූපගත වූයේ, කවුඩු ගිජුලිහිණි කුරර පක්‍ෂීන් හා සාධාරණ වේ ද?