Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 601-700 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-kvu:92.11
ස. පු: බ්‍රාහ්මණ වැ සිට වෛශ්‍ය වන, ශුද්‍ර වන, ක්‍ෂත්‍රිය වන කිසිවෙක් ඇද් ද?
ap-kvu:92.12
ප. ප්‍රතිඥා: එසේ යැ.
ap-kvu:92.13
ස. අනු: ඒ බ්‍රාහ්මණ මැ ඒ ක්‍ෂත්‍රිය වේ ද?
ap-kvu:92.14
ප. ප්‍රතික්‍ෂේප: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:92.15
ස. පු: වෛශ්‍ය වැ සිට ශුද්‍ර වන, ක්‍ෂත්‍රිය වන, බ්‍රාහ්මණ වන කිසිවෙක් ඇද්ද?
ap-kvu:92.16
ප. ප්‍රතිඥා: එසේ යැ.
ap-kvu:92.17
ස. අනු: ඒ වෛශ්‍ය මැ ඒ බ්‍රාහ්මණ වේ ද?
ap-kvu:92.18
ප. ප්‍රතික්‍ෂේප: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:92.19
ප. පු: ශුද්‍ර වැ සිට ක්‍ෂත්‍රිය වන, බ්‍රාහ්මණ වන, වෛශ්‍ය වන කිසිවෙක් ඇද්ද?
ap-kvu:92.20
ප. ප්‍රතිඥා: එසේ යැ.
ap-kvu:92.21
ස. අනු: ඒ ශුද්‍ර මැ ඒ වෛශ්‍ය වේ ද?
ap-kvu:92.22
ප. ප්‍රතික්‍ෂේප: එසේ නො කියැයුතු මැ යැ.
ap-kvu:92.23
172. ස. පු: ඒ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
ap-kvu:92.24
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:94.1
ස. අනු: හත්සුන් පුද්ගල හත්සුන් මැ වේ ද? පාසුන් පුද්ගල පාසුන් මැ වේ ද? අත්පාසුන් පුද්ගල අත්පාසුන් මැ වේ ද? කන්සුන් පුද්ගල ... නැහැසුන් පුද්ගල ... කන්නැහැසුන් පුද්ගල ... ඇඟිලිසුන් පුද්ගල ... අළසුන් පුද්ගල ... නහරසුන් පුද්ගල වකත් පුද්ගල ... පණහත් පුද්ගල ... කුෂ්ඨි පුද්ගල ... ගඬුමත් පුද්ගල ... කිලාසවත් පුද්ගල ... ශොෂවත් පුද්ගල ... අපස්මාරවත් පුද්ගල ... ඔටු ... ගොන් ... ගදුබු ... හූරු ... මහිෂ මහිෂ මැ වේ ද?
ap-kvu:94.2
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:94.3
173. ප. පු: ඒ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ යයි නො කියැයුතු ද?
ap-kvu:94.4
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:94.5
ප. පු: සෝවන් පුඟුල් මිනිස්ලොවින් ච්‍යුත වැ දෙව්ලොවට පැමිණියේ එහිදු සෝවන් වැ මැ සිටුනේ වේ ද?
ap-kvu:94.6
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:94.7
ප. ඨ: ඉදින් සෝවන් පුඟුල් මිනිස්ලොවින් ච්‍යුත වැ දෙව්ලොව පැමිණියේ එහිදු සෝවන් වැ මැ සිටුනේ නම්,
ap-kvu:94.8
ප. පා: භවත, එකරුණින් ‘ඒ පුඟුල් මැ මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ය’යි කියැයුතු මැ යැ.
ap-kvu:94.9
ස. අනු: සෝවන් පුඟුල් මිනිස්ලොවින් ච්‍යුත වැ දෙව්ලොව පැමිණියේ එහි දු සෝවන් වැ මැ සිටුනේ යැ’ යනු කරුණු කොට ගෙන එ කරුණින් ඒ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
ap-kvu:94.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:94.11
ප. පු: සෝවන් පුද්ගල මිනිස්ලොවින් ච්‍යුත වැ දෙව් ලොව පැමිණියේ එහි දු මනුෂ්‍ය වේ ද?
ap-kvu:94.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:94.13
174. ස. පු: ඒ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
ap-kvu:94.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:96.1
ස. පු: අනන්‍ය වැ අවිගත වැ සංධාවන කෙරේ ද?
ap-kvu:96.2
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:96.3
ස. පු: අනන්‍ය වැ අවිගත වැ සංධාවන කෙරේ ද?
ap-kvu:96.4
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:96.5
ස. පු: හත්සුන් පුද්ගල හත්සුන් පුද්ගල මැ වේ ද? පාසුන් පුද්ගල පාසුන් මැ වේ ද? අත්පාසුන් පුද්ගල අත්පාසුන් මැ වේ ද? කන්සුන් පුද්ගල ... නැහැසුන් පුද්ගල ... කන්නැහැසුන් පුද්ගල ... ඇඟිලිසුන් පුද්ගල ... අළසුන් පුද්ගල ... නහරසුන් පුද්ගල ... වකත් පුද්ගල ... පණහත් පුද්ගල ... කුෂ්ඨවත් පුද්ගල ... ගණ්ඩවත් පුද්ගල ... කිලාසවත් පුද්ගල ... ශොෂවත් පුද්ගල ... අපස්මාරවත් පුද්ගල ... ඔටු ... ගොන් ... ගදුබු ... හූරු ... මහිෂ මහිෂ මැ වේ ද?
ap-kvu:96.6
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:96.7
175. ස. පු: ඒ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
ap-kvu:96.8
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:96.9
ස. පු: සරූප (රූපකාය සහිත) වැ සංධාවන කෙරේ ද?
ap-kvu:96.10
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
ap-kvu:96.11
ස. පු: සරූප වැ සංධාවන කෙරේ ද? (දෙවනවට ද පිළිවිසීමයි)
ap-kvu:96.12
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:96.13
ස. පු: (රූපකාය හා සමග සංධාවන කරන) ජීවය හා ශරීර එකක් මැ වේ ද?
ap-kvu:96.14
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
ap-kvu:96.15
ස. පු: වේදනා සහිත වැ ... සංඥා සහිත වැ ... සංස්කාර සහිත වැ ... විඥාන සහිත වැ සංධාවන කෙරේ ද?
ap-kvu:96.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ. (අසංඥෝපපත්තිය සිහි කොට ප්‍රතික්‍ෂේප කෙරෙයි.)
ap-kvu:96.17
ස. පු: විඥාන සහිත වැ සංධාවන කෙරේ ද?
ap-kvu:96.18
ප. පටිඤ්ඤා: එසේ යැ. (අසංඥතලයෙන් අන්‍ය උපපත්ති සිහි කොට පිළින කෙරෙයි.)
ap-kvu:96.19
ස. පු: (වේදනාදි ශරීර හා ගමන් කරන) ජීවය හා ශරීර එකක් මැ වේ ද?
ap-kvu:96.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
ap-kvu:98.1
176. ස. පු: ඒ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද, පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
ap-kvu:98.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:98.3
ස. අනු: අරූප (රූපකාය රහිත) වැ සංධාවන කෙරේ ද?
ap-kvu:98.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ. (අන්තරාභවය ගෙන ප්‍රතික්‍ෂේප කෙරෙයි.)
ap-kvu:98.5
ස. පු: අරූප වැ සංධාවන කෙරේ ද? (දෙවනවට පිළිවිසීම යි.)
ap-kvu:98.6
ප. පටිඤ්ඤා: එසේ යැ. (අරූතලය ගෙන පිළින කෙරෙයි.)
ap-kvu:98.7
ස. අනු: (රූප සඞ්ඛ්‍යාත ශරීරය හැරපියා යන) ජීව අනෙකෙක් වේ ද? ශරීර අනෙකෙක් වේ ද?
ap-kvu:98.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:98.9
ස. පු: වේදනා රහිත වැ සංඥා රහිත වැ සංස්කාර රහිත වැ ... විඥාන රහිත වැ සංධාවන කෙරේ ද?
ap-kvu:98.10
ප. පු: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:98.11
ස. පු: විඥාන රහිත වැ සංධාවන කෙරේ ද? (දෙවනවට පිළිවිසීම යි.)
ap-kvu:98.12
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:98.13
ස. අනු: (වේදනා’දී සඞ්ඛ්‍යාත ශරීර හැරපියා යන) ජීව අනෙකෙක් වේ ද? ශරීර අනෙකෙක් වේ ද?
ap-kvu:98.14
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:98.15
177. ස. පු: ඒ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද, පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
ap-kvu:98.16
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:98.17
ස. අනු: (පුද්ගල සංධාවන කරත් මැ) රූපත් සංධාවන කෙරේ ද?
ap-kvu:98.18
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:98.19
ස. පු: රූපත් සංධාවන කෙරේ ද? (දෙවනවට යි.)
ap-kvu:98.20
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:98.21
ස . අනු: (සංධාවන කරන) ජීව හා ශරීර හා එකෙක් මැ වේ ද?
ap-kvu:98.22
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:98.23
ස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන සංධාවන කෙරේ ද?
ap-kvu:100.1
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
ap-kvu:100.2
ස. පු: විඥාන සංධාවන කෙරේ ද?
ap-kvu:100.3
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:100.4
ස. අනු: ජීව හා ශරීර එකෙක් මැ වේ ද?
ap-kvu:100.5
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:100.6
178. ස. පු: ඒ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද, පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
ap-kvu:100.7
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:100.8
ස. අනු: රූප සංධාවන නො කෙරේ ද?
ap-kvu:100.9
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:100.10
ස. පු: රූප සංධාවන නො කෙරේ ද?
ap-kvu:100.11
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:100.12
ස. අනු: ජීව අනෙකෙක් වේ ද? ශරීර අනෙකෙක් වේ ද?
ap-kvu:100.13
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
ap-kvu:100.14
ස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන සංධාවන නො කෙරේ ද?
ap-kvu:100.15
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:100.16
ස. පු: විඥාන සංධාවන නො කෙරේ ද? (දෙවනවට යි)
ap-kvu:100.17
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:100.18
ස. අනු: ජීව අනෙකෙක් වේ ද? ශරීර අනෙකෙක් වේ ද?
ap-kvu:100.19
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:100.20
“ස්කන්‍ධයන් භිද්‍යාමානවත් මැ ඉදින් (තොප ගත් ඒ පුද්ගල) භිද්‍යාමාන වේ නම් (බිඳේ නම්), බුදුන් විසින් බැහැර ලූ උච්ඡේද දෘෂ්ටි තොපට වේ.
ap-kvu:100.21
ස්කන්‍ධයන් භිද්‍යාමානවත් මැ ඉදින් තොප ගත් පුද්ගල නො බිඳේ නම්, පුද්ගල (අභිද්‍යමානාර්‍ත්‍ථයෙන්) නිවන හා සමසම වූයේ ශාශ්වත වේ.”
ap-kvu:100.22
ශති අනුයෝග යි.
ap-kvu:102.1
179. ස. පු: රූපය නිසා පුද්ගලප්‍රඥප්ති වේ ද?
ap-kvu:102.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:102.3
ස. පු: රූප අනිත්‍ය වූයේ ප්‍රත්‍යයන් විසින් කරන ලදුයේ ප්‍රතීත්‍යසමුත්පන්න වූයේ ක්‍ෂයස්වභාව ඇතියේ ව්‍යයස්වභාව ඇතියේ විරාගස්වභාව ඇතියේ නිරෝධස්වභාව ඇතියේ පෙරළෙන සැහැවි ඇතියේ වේ ද?
ap-kvu:102.4
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:102.5
ස. අනු: පුද්ගල ද අනිත්‍ය වූයේ ප්‍රත්‍යයන් විසින් කරන ලදුයේ ප්‍රතීත්‍යසමුත්පන්න වූයේ ක්‍ෂයස්වභාව ඇතියේ ව්‍යයස්වභාව ඇතියේ විරාගස්වභාව ඇතියේ නිරෝධස්වභාව ඇතියේ පෙරළෙන සැහැවි ඇතියේ වේ ද?
ap-kvu:102.6
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:102.7
180. ස. පු: වේදනා නිසා ... සංඥා නිසා ... සංස්කාර නිසා ... විඥාන නිසා පුද්ගලප්‍රඥප්ති වේ ද?