Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 401-500 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-kvu:68.6
අනු. පා: භවත, එහෙයින් පුද්ගල කෙරෙහි අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ යැ යි කියැයුතු මැ යැ.
ap-kvu:68.7
අනු. ආ: “සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, පුද්ගල කෙරෙහි අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ යැ යි නො කියැයුතු යැ යි”ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
ap-kvu:68.8
පටි. ඨ: ඉදින් පුද්ගල කෙරෙහි අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ යැ යි නො කියැයුතු වේ නම්,
ap-kvu:68.9
පටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැයි නො කියැයුතු මැ යැ.
ap-kvu:68.10
පටි. ආ: “සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, පුද්ගල කෙරෙහි අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ යැ යි නො කියැයුතු යැ යි” ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි. ...
ap-kvu:68.11
142. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
ap-kvu:68.12
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:70.1
ප. පු: “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ”යි භගවත්හු විසින් වදාරන ලද්දේ නො වේ ද?
ap-kvu:70.2
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:70.3
ප. අනු: රූප පුද්ගල වේ ද?
ap-kvu:70.4
ස. පටි: එසේ නො කියැයුතු යැ.
ap-kvu:70.5
ප. පටිකම්ම: මේ ප්‍රතිකර්‍මය පිළිගනුව.
ap-kvu:70.6
අනු. ඨ: ඉදින් “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ”යි භගවත්හු විසින් වදාරනලද වේ නම්,
ap-kvu:70.7
අනු. පා: භවත, එහෙයින් රූප පුද්ගල වේ යැ යි කියැයුතු මැ යැ.
ap-kvu:70.8
අනු. ආ: “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැයි භගවත්හු විසින් වදාරන ලදැ යි කියැයුතු යැ යි ද, රූප පුද්ගල වේ යැ යි නො කියැයුතු යැ යි ද” යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
ap-kvu:70.9
පටි. ඨ: ඉදින් රූප පුද්ගල වේ යැ යි නො කියැයුතු වේ නම්,
ap-kvu:70.10
පටි. පා: භවත, “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැයි” භගවත්හු විසින් වදාරන ලදැ යි” නො කියැයුතු මැ යැ.
ap-kvu:70.11
පටි. ආ: “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැයි භගවත්හු විසින් වදාරන ලදැ යි කියැයුතු යැ යි ද, ‘රූප පුද්ගල වේ යැ’ යි නො කියැයුතු යැ යි” ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි ...
ap-kvu:70.12
143. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
ap-kvu:70.13
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:70.14
ස. පු: “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ” යි භගවත්හු විසින් වදාරන ලද නො වේ ද?
ap-kvu:70.15
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:70.16
ප. අනු: රූපයෙහි පුද්ගල දන්නා ලැබේ ද ... රූපය හැර පුද්ගල දන්නා ලැබේ ද ... පුද්ගල කෙරෙහි රූපය දන්නා ලැබේ ද ... වේදනා පුද්ගල වේ ද ... වේදනායෙහි පුද්ගල දන්නා ලැබේ ද ... වේදනා හැර පුද්ගල දන්නා ලැබේ ද ... පුද්ගල කෙරෙහි වේදනා දන්නා ලැබේ ද ... සංඥා පුද්ගල වේ ද ... සංඥා කෙරෙහි පුද්ගල දන්නා ලැබේ ද ... සංඥා හැර පුද්ගල දන්නා ලැබේ ද ... පුද්ගල කෙරෙහි සංඥා දන්නා ලැබේ ද ... සංස්කාර පුද්ගල වේ ද ... සංස්කාර කෙරෙහි පුද්ගල දන්නා ලැබේ ද ... සංස්කාර හැර පුද්ගල දන්නා ලැබේ ද ... පුද්ගල කෙරෙහි සංස්කාරයෝ දන්නා ලැබෙත් ද ... විඥාන පුද්ගල වේ ද ... විඥාන කෙරෙහි පුද්ගල දන්නා ලැබේ ද ... විඥාන හැර පුද්ගල දන්නා ලැබේ ද? ... පුද්ගල කෙරෙහි විඥාන දන්නා ලැබේ ද? ...
ap-kvu:72.1
ස. පටි: එසේ නො කියැයුතු යැ.
ap-kvu:72.2
ප. පටිකම්ම: මේ ප්‍රතිකර්‍මය පිළිගනුව.
ap-kvu:72.3
අනු. ඨ: ඉදින් “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ”යි භගවත්හු විසින් වදාරන ලද නම්,
ap-kvu:72.4
අනු. පා: භවත, “පුද්ගල කෙරෙහි විඥාන වේ යැ”යි කියැයුතු මැ යැ.
ap-kvu:72.5
අනු. ආ: “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ යි භගවත්හු විසින් වදාරන ලදැ යි කියැයුතු යැ යි ද, පුද්ගල කෙරෙහි විඥාන වේ යැ යි නො කියැයුතු යැ යි” ද යන යමක් එහි ලා කියෙහි නම් එය භවත්හුගේ මිථ්‍යායෙකි.
ap-kvu:72.6
පටි. ඨ: ඉදින් “පුද්ගල කෙරෙහි ලා විඥාන වේ යැ” යි නො කියැයුතු වේ නම්,
ap-kvu:72.7
පටි. පා: භවත, “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ යි භගවත්හු විසින් වදාරන ලදැ”යි නො කියැයුතු මැ යැ.
ap-kvu:72.8
පටි. ආ: “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ යි භගවත්හු විසින් වදාරන ලදැ යි කියැයුතු යැ යි ද, පුද්ගල කෙරෙහි විඤ්ඤාණය වේ යැ යි නො කියැයුතු යැ යි” ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි. ...
ap-kvu:72.9
144. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
ap-kvu:72.10
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:72.11
ප. පු: “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ”යි භගවත්හු විසින් වදාරන ලද නො වේ ද?
ap-kvu:72.12
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:72.13
ප. අනු: චක්ඛායතනය පුද්ගල වේ ද ... චක්ඛායතනයෙහි පුද්ගල දන්නා ලැබේ ද ... චක්ඛායතනය හැර පුද්ගල දන්නා ලැබේ ද ... පුද්ගල කෙරෙහි චක්ඛායතනය දන්නා ලැබේ ද ... ධම්මායතනය පුද්ගල වේ ද ... ධම්මායතනයෙහි පුද්ගල දන්නා ලැබේ ද ... ධම්මායතනය හැර පුද්ගල දන්නා ලැබේ ද ... පුද්ගල කෙරෙහි ධම්මායතනය දන්නා ලැබේ ද? ...
ap-kvu:72.14
චක්ඛුධාතු පුද්ගල වේ ද ... චක්ඛුධාතුයෙහි පුද්ගල දන්නා ලැබේ ද ... චක්ඛුධාතු හැර පුද්ගල දන්නා ලැබේ ද ... පුද්ගල කෙරෙහි චක්ඛුධාතු දන්නා ලැබේ ද ... මනෝවිඤ්ඤාණධාතු පුද්ගල වේ ද ... මනෝවිඤ්ඤාණධාතුයෙහි පුද්ගල දන්නා ලැබේ ද ... මනෝවිඤ්ඤාණධාතු හැර පුද්ගල දන්නා ලැබේ ද ... පුද්ගල කෙරෙහි මනෝවිඤ්ඤාණධාතු දන්නා ලැබේ ද ...
ap-kvu:74.1
චක්ඛුන්‍ද්‍රිය පුද්ගල වේ ද? ... චක්ඛුන්‍ද්‍රියෙහි පුද්ගල දන්නා ලැබේ ද? ... චක්ඛුන්‍ද්‍රිය හැර පුද්ගල දන්නා ලැබේ ද? ... පුද්ගල කෙරෙහි චක්ඛුන්‍ද්‍රිය දන්නා ලැබේ ද? ... අඤ්ඤාතාවින්‍ද්‍රිය පුද්ගල වේ ද? ... අඤ්ඤාතාවින්‍ද්‍රියෙහි පුද්ගල දන්නා ලැබේ ද? ... අඤ්ඤාතාවින්‍ද්‍රිය හැර පුද්ගල දන්නා ලැබේ ද? ... පුද්ගලයා කෙරෙහි අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ ද?
ap-kvu:74.2
ස. පටි: එසේ නො කියැයුතු යැ.
ap-kvu:74.3
ප. පටිකම්ම: මේ ප්‍රතිකර්‍මය පිළිගනුව.
ap-kvu:74.4
අනු. ඨ: ඉදින් “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ” යි භගවත්හු විසින් වදාරන ලද්දේ වේ නම්,
ap-kvu:74.5
අනු. පා: භවත, එහෙයින් පුද්ගලයා කෙරෙහි අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ යැ යි කියැයුතු මැ යැ.
ap-kvu:74.6
අනු. ආ: “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ යි භගවත්හු විසින් වදාරන ලදැ යි කියැයුතු යැයි ද, පුද්ගලයා කෙරෙහි අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ යැ යි නො කියැයුතු යැ යි” ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
ap-kvu:74.7
පටි. ඨ: ඉදින් “පුද්ගලයා කෙරෙහි අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ යැ” යි නො කියැයුතු වේ නම්,
ap-kvu:74.8
පටි. පා: භවත, “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ යි භගවත්හු විසින් වදාරන ලදැ” යි නො කියැයුතු මැ යැ.
ap-kvu:74.9
පටි. ආ: “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ යි භගවත්හු විසින් වදාරන ලදැ යි කියැයුතු යැ යි ද, පුද්ගලයා කෙරෙහි අඤ්ඤාතාවින්‍ද්‍රිය දන්නා ලැබේ යැ යි නො කියැයුතු යැ යි” ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි ...
ap-kvu:74.10
චතුක්කනය සංසන්‍දනා යි.
ap-kvu:74.11
145. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද?
ap-kvu:74.12
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:74.13
ස. අනු: පුද්ගල සප්‍රත්‍යය (ප්‍රත්‍යය හා බැඳී සිටුනේ) වේ ද ... පුද්ගල අප්‍රත්‍යය (ප්‍රත්‍යය හා නො බැඳී සිටුනේ) වේ ද ... පුද්ගල සඞ්ඛත (ප්‍රත්‍යයන් විසින් එක් වැ කරන ලද්දේ) වේ ද? ... පුද්ගල අසඞ්ඛත (ප්‍රත්‍යයන් විසින් එක් වැ නො කරන ලද්දේ) වේ ද? ... පුද්ගල ශාශ්වත (උත්පාද නිරෝධ ලක්‍ෂණ රහිත වූයේ) වේ ද? ... පුද්ගල අශාශ්වත (උත්පාද නිරෝධ ලක්‍ෂණ සහිත වූයේ) වේ ද? ... පුද්ගල සනිමිත්ත (උත්පත්ති කාරණ සහිත වූයේ) වේ ද? ... පුද්ගල අනිමිත්ත (උත්පත්ති කාරණ රහිත වූයේ) වේ ද? ...
ap-kvu:74.14
ප. පටි: එසේ නො කියැයුතු යැ.
ap-kvu:76.1
146. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
ap-kvu:76.2
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:76.3
ප. පු: “ආත්මහිතය පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැ” යි භගවත්හු විසින් වදාරන ලද්දේ නො වේ ද?
ap-kvu:76.4
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:76.5
ප. අනු: පුද්ගල සප්‍රත්‍යය වේ ද ... පුද්ගල අප්‍රත්‍යය වේ ද ... පුද්ගල සඞ්ඛත වේ ද ... පුද්ගල අසඞ්ඛත වේ ද ... පුද්ගල ශාශ්වත වේ ද ... පුද්ගල අශාශ්වත වේ ද ... පුද්ගල සනිමිත්ත වේ ද ... පුද්ගල අනිමිත්ත වේ ද ...
ap-kvu:76.6
ස. පටි: එසේ නො කියැයුතු යැ.
ap-kvu:76.7
ලක්ඛණයුත්තිකථා.
ap-kvu:76.8
147. ස. පු: පුද්ගල උපලබ්ධ (ප්‍රඥායෙන් අවබෝධ කොට දන්නා ලබනු) වේ ද, උපලබ්ධ පුද්ගල වේ ද?
ap-kvu:76.9
ප. පටිඤ්ඤා: පුද්ගල උපලබ්ධ වෙයි, උපලබ්ධ වනුයේ කිසිවෙක් පුද්ගල වෙයි. කිසිවෙක් පුද්ගල නො වෙයි.
ap-kvu:76.10
ස. අනු: පුද්ගල වනුයේ කිසිවෙක් උපලබ්ධ වේ ද? කිසිවෙක් උපලබ්ධ නො වේ ද?
ap-kvu:76.11
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ap-kvu:76.12
148. ස. පු: පුද්ගල සත්‍යාර්‍ත්‍ථ වේ ද, සත්‍යාර්‍ත්‍ථ පුද්ගල වේ ද? ...
ap-kvu:76.13
ප. පටිඤ්ඤා: පුද්ගල සත්‍යාර්‍ත්‍ථ වෙයි. සත්‍යාර්‍ත්‍ථ වනුයේ කිසිවෙක් පුද්ගල වෙයි. කිසිවෙක් පුද්ගල නො වෙයි.
ap-kvu:76.14
ස. අනු: පුද්ගල වනුයේ කිසිවෙක් සත්‍යාර්‍ත්‍ථ වේ ද, කිසිවෙක් සත්‍යාර්‍ත්‍ථ නො වේ ද?
ap-kvu:76.15
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ap-kvu:76.16
149. ස. පු: පුද්ගල විද්‍යාමාන වේ ද, විද්‍යාමාන වනුයේ පුද්ගල වේ ද?
ap-kvu:76.17
ප. පටිඤ්ඤා: පුද්ගල විද්‍යාමාන වෙයි. විද්‍යාමාන වනුයේ කිසිවෙක් පුද්ගල වෙයි. කිසිවෙක් පුද්ගල නො වෙයි.
ap-kvu:76.18
ස. අනු: පුද්ගල වනුයේ කිසිවෙක් විද්‍යාමාන වේ ද, කිසිවෙක් විද්‍යාමාන නො වේ ද?
ap-kvu:76.19
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ap-kvu:78.1
150. ස. පු: පුද්ගල සංවිද්‍යමාන වේ ද, සංවිද්‍යමාන වනුයේ පුද්ගල වේ ද?
ap-kvu:78.2
ප. පටිඤ්ඤා: පුද්ගල සංවිද්‍යමාන වෙයි. සංවිද්‍යමාන වනුයේ කිසිවෙක් පුද්ගල වෙයි. කිසිවෙක් පුද්ගල නො වෙයි.
ap-kvu:78.3
ස. අනු: පුද්ගල වනුයේ කිසිවෙක් සංවිද්‍යමාන වේ ද, කිසිවෙක් සංවිද්‍යමාන නො වේ ද?
ap-kvu:78.4
ප. පටි: එසේ නො කියැයුතු ය ...
ap-kvu:78.5
151. ස. පු: පුද්ගල ඇත් ද, ඇතියේ පුද්ගල වේ ද?
ap-kvu:78.6
ප. පටිඤ්ඤා: පුද්ගල ඇත. ඇතියේ කිසිවෙක් පුද්ගල වෙයි, කිසිවෙක් පුද්ගල නො වෙයි.
ap-kvu:78.7
ස. අනු: පුද්ගල වනුයේ කිසිවෙක් ඇත් ද, කිසිවෙක් නැත් ද?
ap-kvu:78.8
ප. පටි: එසේ නො කියැයුතු යැ. ...
ap-kvu:78.9
152. ස. පු: පුද්ගල විද්‍යාමාන වේ ද, විද්‍යාමාන වනුයේ හැම පුද්ගල නො වේ ද?
ap-kvu:78.10
ප. පටිඤ්ඤා: එසේ යැ ...
ap-kvu:78.11
ස. අනු: පුද්ගල විද්‍යාමාන නො වේ ද? විද්‍යාමාන නො වනුයේ හැම පුද්ගල නො වේ ද?
ap-kvu:78.12
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ap-kvu:78.13
වචනශෝධන යි.
ap-kvu:78.14
153. ස. පු: රූපධාතුයෙහි රූපවත් වූයේ පුද්ගල වේ ද?
ap-kvu:78.15
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:78.16
ස. අනු: කාමධාතුයෙහි කාමවත් වූයේ පුද්ගල වේ ද?
ap-kvu:78.17
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ap-kvu:78.18
154. ස. පු: රූපධාතුයෙහි රූපවත්හු සත්ත්‍වයෝ වෙත් ද?
ap-kvu:78.19
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:78.20
ස. අනු: කාමධාතුයෙහි කාමවත්හු සත්ත්‍වයෝ වෙත් ද?
ap-kvu:78.21
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ap-kvu:78.22
155. ස. පු: අරූපධාතුයෙහි අරූපවත් වූයේ පුද්ගල වේ ද?
ap-kvu:78.23
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:78.24
ස. අනු: කාමධාතුයෙහි කාමවත් වූයේ පුද්ගල වේ ද?
ap-kvu:78.25
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ap-kvu:80.1
156. ස. පු: අරූපධාතුයෙහි අරූපවත්හු සත්ත්‍වයෝ වෙත් ද?
ap-kvu:80.2
ප. ප්‍රතිඥා: එසේ යැ.
ap-kvu:80.3
ස. අනු: කාමධාතුයෙහි කාමවත්හු සත්ත්‍වයෝ වෙත් ද?
ap-kvu:80.4
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ap-kvu:80.5
157. ස. පු: රූපධාතුයෙහි රූපවත් වූයේ පුද්ගල වෙයි. අරූපධාතුයෙහි අරූපවත් වූයේ පුද්ගල වෙයි. (එසේ පිළිගත් තොප මතයෙහි දී) රූපධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට වදනා කිසිවෙක් ඇද් ද?