Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1201-1300 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-kvu:152.11
ස. අනු: ‘පුද්ගල ඇත් නු’යි පුද්ගලයා පිළිබඳ විඳිනුවෙක් ඇද්ද?
ap-kvu:152.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:152.13
270. ස. පු: ‘විපාක ඇත් නු’යි විපාක විඳිනුවෙක් ඇද්ද?
ap-kvu:152.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:152.15
ස. අනු: ‘නිවන ඇත් නු’යි නිවන් පිළිබඳ විඳිනුවෙක් ඇද්ද?
ap-kvu:152.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:152.17
271. ස. පු: ‘විපාක ඇත් නු’යි විපාක විඳිනුවෙක් ඇද්ද?
ap-kvu:152.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:152.19
ස. අනු: ‘මහපොළොව ඇත් නු’යි ... ‘මහමුහුදු ඇත් නු’යි ... ‘මහමෙර ඇත් නු’යි ... ‘අබ්ධාතු ඇත් නු’යි ... ‘තෙජොධාතු ඇත් නු’යි ... ‘වායෝධාතු ඇත් නු’යි ... ‘තෘණකාෂ්ටවනස්පතීහු ඇත් නු’යි තෘණකාෂ්ටවනස්පතීන් පිළිබඳ විඳිනුවෙක් ඇද් ද?
ap-kvu:152.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:152.21
272. ස. පු: ‘විපාක ඇත් නු’යි විපාක විඳිනුවෙක් ඇද්ද?
ap-kvu:152.22
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:152.23
ස. අනු: විපාක අනෙකෙක් වේ ද? විපාක විඳින්නේ අනෙකෙක් වේ ද?
ap-kvu:152.24
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:152.25
පළමු වැනි කල්‍යාණවර්‍ගය යි.
ap-kvu:154.1
273. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගලයෙක් ඇති’යි නො කියැයුතු වේ ද?
ap-kvu:154.2
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:154.3
ප. අනු: ඍද්ධිවිකුර්‍වණ කරන යම් මැ පුද්ගලයෙක් ඇත්තේ නො වේ ද?
ap-kvu:154.4
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:154.5
අනු. ඨ: එබැවින් ඍද්ධිවිකුර්‍වණ කරන යම් මැ පුද්ගලයෙක් ඇත.
ap-kvu:154.6
අනු. පා: භවත, එහෙයින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගලයෙක් ඇති’යි කියැයුතු යැ.
ap-kvu:154.7
274. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගලයෙක් ඇති’යි නො කියැයුතු වේ ද?
ap-kvu:154.8
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:154.9
ප. අනු: දිව්‍යශ්‍රෝත්‍රධාතුයෙන් ශබ්ද අසන යම් මැ පුද්ගලයෙක් ඇත්තේ නො වේ ද ... පරසිත් දන්නා ... අතීත ජන්ම ස්මරණ කරන ... දිව්‍යචක්‍ෂුසින් රූප දක්නා ... ආස්‍රවක්‍ෂය ප්‍රත්‍යක්‍ෂ කරන යම් මැ පුද්ගලයෙක් ඇත්තේ නො වේ ද?
ap-kvu:154.10
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:154.11
අනු. ඨ: එ බැවින් ආස්‍රවක්‍ෂය කරන යම් මැ පුද්ගලයෙක් ඇත.
ap-kvu:154.12
අනු. පා: භවත, එහෙයින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගලයෙක් ඇති’යි කියැයුතු මැ යැ.
ap-kvu:154.13
275. ස. පු: ‘ඍද්ධිවිකුර්‍වණ කරන යම් මැ කෙනෙක් ඇති’යි කරුණු කොට එ කරුණින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගලයෙක් දන්නා ලැබේ ද?
ap-kvu:154.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:154.15
ස. අනු: ‘යමෙක් ඍද්ධිවිකුර්‍වණ කෙරේ නම් හෙ මැ පුද්ගල වේ ද? යමෙක් ඍද්ධිවිකුර්‍වණ නො කෙරේ නම් හෙ පුද්ගල නො වන්නේ වේ ද?
ap-kvu:154.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ. ...
ap-kvu:154.17
276. ස. පු: දිව්‍යශ්‍රෝත්‍රධාතුයෙන් ශබ්ද අසන ... පරසිත් දන්නා ... අතීත ජන්මස්මරණ කරන ... දිවැසින් රූ දක්නා ... ආස්‍රවක්‍ෂය ප්‍රත්‍යක්‍ෂ කරන යමෙක් ඇද් ද, හෙ මැ පුද්ගල වේ ද? ආස්‍රවක්‍ෂය ප්‍රත්‍යක්‍ෂ නො කරන යමෙක් ඇද්ද, හෙ පුද්ගල නො වන්නේ වේ ද?
ap-kvu:154.18
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:154.19
අභිඥානුයෝග යි.
ap-kvu:156.1
277. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගලයෙක් දන්නා ලැබේ’යයි නො කියැයුතු වේ ද?
ap-kvu:156.2
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:156.3
ප. අනු: මෑණියෝ ඇත්තාහු නො වේ ද?
ap-kvu:156.4
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:156.5
අනු. ඨ: එබැවින් මෑණියෝ ඇත.
ap-kvu:156.6
අනු. පා: එ හෙයින් භවත, ‘පුද්ගල දන්නා ලැබේ’ යයි කියැයුතු මැ යැ ...
ap-kvu:156.7
278. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගලයෙක් දන්නා ලැබේ’ යයි නො කියැයුතු වේ ද?
ap-kvu:156.8
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:156.9
ප. අනු: පියා ඇත්තේ නො වේ ද ... බෑයා ඇත්තේ නො වේ ද ... බුහුන ඇත්තී නො වේ ද ... කැත් ඇත්තේ නො වේ ද ... බමුණු ඇත්තේ නො වේ ද ... වෛශ්‍ය ඇත්තේ නො වේ ද ... ශුද්‍ර ඇත්තේ නො වේ ද ... ගෘහස්ථ ඇත්තේ නො වේ ද ... පැවිදි ඇත්තේ නො වේ ද ... දෙවි ඇත්තේ නො වේ ද ... මිනිස් ඇත්තේ නො වේ ද?
ap-kvu:156.10
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:156.11
අනු. ඨ: එ බැවින් මිනිස් ඇත.
ap-kvu:156.12
අනු. පා: එ හෙයින් භවත, ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ’යයි කියැයුතු මැ යැ.
ap-kvu:156.13
279. ස. පු: ‘මෑණියෝ ඇති’යි කරුණු කොට එ කරුණින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
ap-kvu:156.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:156.15
ස. අනු: පළමු මවු නො වී පසු වැ මවු වන කිසිවෙක් ඇද්ද?
ap-kvu:156.16
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:156.17
ස. අනු: පළමුව පුද්ගල නො වී පසු වැ පුද්ගල වන කිසිවෙක් ඇද්ද?
ap-kvu:156.18
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:156.19
280. ස. පු: පළමු පිය නො වී ... පළමු බෑ නො වී ... පළමු බුහුන නො වී ... පළමු කැත් නො වී ... පළමු බමුණු නො වී ... පළමු වෛශ්‍ය නො වී ... පළමු ශුද්‍ර නො වී ... පළමු ගෘහස්ථ නො වී ... පළමු ප්‍රව්‍රජිත නො වී ... පළමු දේව නො වී ... පළමු මනුෂ්‍ය නො වී පසුව මනුෂ්‍ය වන කිසිවෙක් ඇද්ද?
ap-kvu:156.20
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:158.1
ස. අනු: පළමු පුද්ගල නො වී පසු වැ පුද්ගල වන කිසිවෙක් ඇද්ද?
ap-kvu:158.2
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:158.3
281. ස. පු: ‘මෑණියෝ ඇති’යි කරුණු කොට එකරුණෙන් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගලයෙක් දන්නා ලැබේ ද?
ap-kvu:158.4
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:158.5
ස. පු: පළමු මවු වී පසු වැ මවු නො වන කිසිවෙක් ඇද්ද?
ap-kvu:158.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:158.7
ස. අනු: පළමු පුද්ගල වැ පසුව පුද්ගල නො වන කිසිවෙක් ඇද්ද?
ap-kvu:158.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:158.9
282. ස. පු: පළමු පිය වැ ... පළමු බෑ වැ .. පළමු බුහුන වැ ... පළමු කැත් වැ ... පළමු බමුණු වැ ... පළමු වෛශ්‍ය වැ ... පළමු ශුද්‍ර වැ ... පළමු ගෘහස්ථ වැ ... පළමු පැවිදි වැ ... පළමු දෙවි වැ ... පළමු මිනිස් වැ පසු වැ මිනිස් නො වන කිසිවෙක් ඇද්ද?
ap-kvu:158.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:158.11
ස. අනු: පළමු පුද්ගල වැ පසු වැ පුද්ගල නො වන කිසිවෙක් ඇද්ද?
ap-kvu:158.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:158.13
ඥාතකානුයොග යි.
ap-kvu:158.14
283. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ’ යයි, නො කියැයුතු වේ ද?
ap-kvu:158.15
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:158.16
ප. අනු: ශ්‍රෝතාපන්න පුද්ගල ඇත්තේ නො වේ ද?
ap-kvu:158.17
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:158.18
ප. ඨ: එබැවින් ශ්‍රෝතාපන්න පුද්ගල ඇත.
ap-kvu:158.19
පටි. පා: එහෙයින් භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ යයි කියැයුතු මැ යැ.
ap-kvu:158.20
284. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ’ යයි, නො කියැයුතු වේ ද?
ap-kvu:158.21
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:160.1
ප. අනු: සකෘදාගාමී පුද්ගල ඇත්තේ නො වේ ද ... අනාගාමී පුද්ගල ඇත්තේ නො වේ ද ... අර්‍හත් පුද්ගල ඇත්තේ නො වේ ද ... උභතොභාගවිමුක්ත පුද්ගල ඇත්තේ නො වේ ද ... ප්‍රඥාවිමුක්ත පුද්ගල ඇත්තේ නො වේ ද ... කායසාක්‍ෂි පුද්ගල ඇත්තේ නො වේ ද ... දෘෂ්ටිප්‍රාප්ත පුද්ගල ඇත්තේ නො වේ ද ... ශ්‍රද්ධාවිමුක්ත පුද්ගල ඇත්තේ නො වේ ද ... ධර්‍මානුසාරී පුද්ගල ඇත්තේ නො වේ ද ... ශ්‍රද්ධානුසාරී පුද්ගල ඇත්තේ නො වේ ද?
ap-kvu:160.2
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:160.3
පටි. ඨ: එ බැවින් ශ්‍රද්ධානුසාරී පුද්ගල ඇත.
ap-kvu:160.4
පටි. පා: එ බැවින් පින්වත, ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ’ යයි කියැයුතු මැ යැ.
ap-kvu:160.5
285. ස. පු: ‘ශ්‍රෝතාපන්න පුද්ගල ඇති’යි කරුණු කොට එ කරුණින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
ap-kvu:160.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:160.7
ස. අනු: පළමු ශ්‍රෝතාපන්න නො වී පසු වැ ශ්‍රෝතාපන්න වන කිසිවෙක් ඇද්ද?
ap-kvu:160.8
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:160.9
ස. අනු: පළමු පුද්ගල නො වී පසු වැ පුද්ගල වන කිසිවෙක් ඇද්ද?
ap-kvu:160.10
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:160.11
286. ස. පු: පළමු සකෘදාගාමී නො වී ... පළමු අනාගාමී නො වී ... පළමු අර්‍හත් නො වී ... පළමු උභතොභාගවිමුක්ත නො වී ... පළමු ප්‍රඥාවිමුක්ත නො වී ... පළමු කායසාක්‍ෂි නො වී ... පළමු දෘෂ්ටිප්‍රාප්ත නො වී ... පළමු ශ්‍රද්ධාවිමුක්ත නො වී ... පළමු ධර්‍මානුසාරී නො වී ... පළමු ශ්‍රද්ධානුසාරී නො වී පසු වැ ශ්‍රද්ධානුසාරී වන කිසිවෙක් ඇද්ද?
ap-kvu:160.12
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:160.13
ස. අනු: පළමු පුද්ගල නො වී පසු වැ පුද්ගල වන කිසිවෙක් ඇද්ද?
ap-kvu:160.14
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:160.15
287. ස. පු: ‘ශ්‍රෝතාපන්න පුද්ගල ඇති’යි කරුණු කොට එ කරුණින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
ap-kvu:160.16
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:162.1
ස. අනු: පළමු ශ්‍රෝතාපන්න වී පසු වැ ශ්‍රෝතාපන්න නො වන කිසිවෙක් ඇද්ද?
ap-kvu:162.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:162.3
ස. අනු: පළමු පුද්ගල වී පසු වැ පුද්ගල නො වන කිසිවෙක් ඇද්ද?
ap-kvu:162.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:162.5
288. ස. පු: පළමු සකෘදාගාමී වී ... පළමු අනාගාමී වී පසු වැ අනාගාමී නො වන කිසිවෙක් ඇද්ද?
ap-kvu:162.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:162.7
ස. අනු: පළමු පුද්ගල වී පසු වැ පුද්ගල නො වන කිසිවෙක් ඇද්ද?
ap-kvu:162.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:162.9
ප්‍රතිවේධානුයෝග යි.