Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 801-900 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-kvu:112.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:112.7
ස. අනු: පඤ්චස්කන්‍ධයන් නිසා ‘පඤ්චපුද්ගලප්‍රඥප්ති’ වේ ද?
ap-kvu:112.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:112.9
192. ස. පු: චක්‍ෂුරායතන නිසා ... ශ්‍රෝත්‍රායතන නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද?
ap-kvu:112.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:112.11
ස. අනු: ආයතනයන් දෙදෙනකුන් නිසා ‘ද්වීපුද්ගලප්‍රඥප්ති’ වේ ද?
ap-kvu:112.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:112.13
ස. පු: චක්‍ෂුරායතන නිසා ... ශ්‍රෝත්‍රායතන නිසා ... ධර්‍මායතන නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද?
ap-kvu:112.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:112.15
ස. අනු: දොළොස් ආයතනයන් නිසා ‘ද්වාදශපුද්ගලප්‍රඥප්ති’ වේ ද?
ap-kvu:112.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:112.17
193. ස. පු: චක්‍ෂුර්ධාතු නිසා ... ශ්‍රෝත්‍රධාතු නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද?
ap-kvu:112.18
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:112.19
ස. අනු: ධාතූන් දෙදෙනකුන් නිසා ‘ද්වීපුද්ගලප්‍රඥප්ති’ වේ ද?
ap-kvu:112.20
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:112.21
ස. පු: චක්‍ෂුර්ධාතු නිසා ... ශ්‍රෝත්‍රධාතු නිසා ... මනෝවිඥාන ධාතු නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද?
ap-kvu:112.22
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:114.1
ස. අනු: අටළොස්ධාතූන් නිසා ‘අෂ්ටාදශපුද්ගලප්‍රඥප්ති’ වේ ද?
ap-kvu:114.2
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:114.3
194. ස. පු: චක්‍ෂුරින්‍ද්‍රිය නිසා ... ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද?
ap-kvu:114.4
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:114.5
ස. අනු: ඉන්‍ද්‍රියන් දෙදෙනකුන් නිසා ‘ද්වීපුද්ගලප්‍රඥප්ති’ වේ ද?
ap-kvu:114.6
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:114.7
ස. පු: චක්‍ෂුරින්‍ද්‍රිය නිසා ... ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නිසා ... අඤ්ඤාතාවින්‍ද්‍රිය නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද?
ap-kvu:114.8
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:114.9
ස. අනු: දෙවිසි ඉන්‍ද්‍රියයන් නිසා ‘ද්වාවිංශත්පුද්ගලප්‍රඥප්ති’ වේ ද?
ap-kvu:114.10
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:114.11
195. ස. පු: ඒකවෝකාරභව නිසා ‘ඒකපුද්ගලප්‍රඥප්ති’ වේ ද?
ap-kvu:114.12
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:114.13
ස. අනු: චතුවෝකාරභව නිසා ‘චතුෂ්පුද්ගලප්‍රඥප්ති’ වේ ද?
ap-kvu:114.14
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:114.15
ස. පු: ඒකවෝකාරභව නිසා ‘ඒකපුද්ගලප්‍රඥප්ති’ වේ ද?
ap-kvu:114.16
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:114.17
ස. අනු: පඤ්චවෝකාරභව නිසා ‘පඤ්චපුද්ගලප්‍රඥප්ති’ වේ ද?
ap-kvu:114.18
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:114.19
196. ස. පු: ඒකවෝකාරභවයෙහි එක් මැ පුද්ගලයෙක් වේ ද?
ap-kvu:114.20
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:114.21
ස. අනු: චතුවෝකාරභවයෙහි සතර පුද්ගල කෙනෙක් මැ වෙත් ද?
ap-kvu:114.22
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:114.23
ස. පු: ඒකවෝකාරභවයෙහි එක් මැ පුද්ගලයෙක් වේ ද?
ap-kvu:114.24
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:116.1
ස. අනු: පඤ්චවෝකාරභවයෙහි පස් පුද්ගල කෙනෙක් මැ වෙත් ද?
ap-kvu:116.2
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:116.3
197. ස. පු: යම් පරිදි වෘක්‍ෂය නිසා ‘ඡායාප්‍රඥප්ති’ වේ ද, එපරිදි මැ රූපය නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද?
ap-kvu:116.4
යම් පරිදි වෘක්‍ෂය නිසා ‘ඡායාප්‍රඥප්ති’ වේ ද; වෘක්‍ෂය ද අනිත්‍ය වේ ද, ඡායාවත් අනිත්‍ය වේ ද, එපරිදි මැ රූපය නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද, රූපත් අනිත්‍ය වේ ද, පුද්ගලත් අනිත්‍ය වේ ද?
ap-kvu:116.5
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:116.6
ස. පු: යම් පරිදි වෘක්‍ෂය නිසා ‘ඡායාප්‍රඥප්ති’ වේ ද, වෘක්‍ෂය අනෙකෙක් වේ ද, ඡායා අනෙකක් වේ ද, එපරිදි මැ රූපය නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද, රූප අනෙකෙක් වේ ද, පුද්ගල අනෙකෙක් වේ ද?
ap-kvu:116.7
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:116.8
198. ස. පු: යම් පරිදි ගම නිසා ‘ගමිකප්‍රඥප්ති’ වේ ද, එපරිදි මැ රූප නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද?
ap-kvu:116.9
යම් පරිදි ගම නිසා ‘ගමිකප්‍රඥප්ති’ වේ ද, ‘ගම’ අනෙකෙක් වේ ද, ‘ගමික’ අනෙකෙක් වේ ද, එපරිදි මැ රූප නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද, රූප අනෙකෙක් වේ ද, පුද්ගල අනෙකෙක් වේ ද?
ap-kvu:116.10
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:116.11
199. ස. පු: යම් පරිදි රට නිසා ‘රාජප්‍රඥප්ති’ වේ ද, එපරිදි මැ රූප නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද, යම් පරිදි රට නිසා ‘රාජප්‍රඥප්ති’ වේ ද, රට අනෙකෙක් වේ ද, රජ අනෙකෙක් වේ ද, එපරිදි මැ රූප නිසා ‘පුද්ගලප්‍රඥප්ති’ වේ ද, රූප අනෙකෙක් වේ ද, පුද්ගල අනෙකෙක් වේ ද?
ap-kvu:116.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
ap-kvu:116.13
200. ස. පු: යම් පරිදි නිගළ ‘නෙගළික’ නො වේ ද, යමක්හට හැකිළි බැමි ඇත් ද, හෙ ‘නෙගළික’ වේ ද, එපරිදි මැ රූප ‘රූපවත්’ නො වේ ද, යමක්හට රූප ඇත් ද හෙ ‘රූපවත්’ වේ ද?
ap-kvu:116.14
යම් පරිදි නිගළ ‘නෙගළික’ නො වේ ද, යමක්හට හැකිළි බැමි ඇත් ද, හෙ ‘නෙගළික’ වේ ද; නිගළ අනෙකෙක් වේ ද, නෙගළික අනෙකෙක් වේ ද, එපරිදි මැ රූප ‘රූපවත්’ නො වේ ද, යමක්හට රූප ඇත් ද, හෙ ‘රූපවත්’ වේ ද, රූප අනෙකෙක් වේ ද, රූපවත් අනෙකෙක් වේ ද?
ap-kvu:116.15
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu:118.1
201. ස. පු: සිතක් සිතක් වත් මැ ‘පුද්ගල ප්‍රඥප්ති’ වේ ද?
ap-kvu:118.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:118.3
ස. අනු: සිතක් සිතක් වත් මැ පුද්ගල දෙනුයේ දිරනුයේ මියනුයේ සවනුයේ උපදනුයේ වේ ද?
ap-kvu:118.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
ap-kvu:118.5
ස. පු: දෙවන සිත උපන් කලැ හෙ යැ හෝ අනෙකෙක් හෝ යයි නො කියැයුතු වේ ද?
ap-kvu:118.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:118.7
ස. අනු: දෙවන සිත උපන් කලැ ‘කුමාරක’ යයි හෝ ‘කුමාරිකා’ යයි හෝ නො කියැයුතු වේ ද?
ap-kvu:118.8
ප. පටිඤ්ඤා: කියැයුතු යැ.
ap-kvu:118.9
ස. නි: නිග්‍රහ පිළිගනුව.
ap-kvu:118.10
අනු. ඨ: ඉදින් දෙවන සිත උපන් කලැ ‘හේ මැ යැ’ හෝ ‘අනෙකෙක් මැ යැ’ හෝ යි නො කියැයුතු යැ යි කියැයුතු වේ නම්,
ap-kvu:118.11
අනු. පා: භවත, එහෙයින් තොප විසින් දෙ වැනි සිත උපන් කලැ ‘කුමාරයෙකැ’ යි හෝ ‘කුමාරියකැ’යි හෝ නො කියැයුතු යැ යි කියැයුතු යැ.
ap-kvu:118.12
අනු. ආ: දෙ වැනි සිත උපන් කලැ ‘හේ මැ යැ’ හෝ ‘අනෙකෙක් මැ යැ’ හෝ යි නො කියැයුතු යැයි ද, දෙ වැනි සිත උපන් කලැ ‘ කුමාරයෙකැ’යි හෝ ‘කුමාරියකැ’යි හෝ කියැයුතු යැ යි ද, යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යා යැ.
ap-kvu:118.13
පටි. ඨ: ඉදින් දෙ වැනි සිත උපන් කලැ ‘කුමාරයෙකැ’යි හෝ ‘කුමාරියකැ’යි හෝ කියැයුතු වේ නම්,
ap-kvu:118.14
පටි. පා: භවත, එහෙයින් දෙ වන සිත උපන් කලැ ‘හේ මැ යැ’ හෝ ‘අනෙකෙක් මැ යැ’ හෝයි කියැයුතු යැ.
ap-kvu:118.15
පටි. ආ: දෙවන සිත උපන් කලැ ‘කුමාරයෙකැ’යි හෝ ‘කුමාරියකැ’යි හෝ කියැයුතු යැයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යා යැ.
ap-kvu:118.16
202. ස. පු: දෙවන සිත උපන් කලැ ‘හේ මැ ය’ හෝ ‘අනෙකෙක් මැ යැ’ හෝ ය නො කියැයුතු යැයි ද, දෙවන සිත උපන් කලැ ‘හේ මැ යැ’ හෝ ‘අනෙකෙක් මැ යැ’ හෝ යි නො කියැයුතු ද?
ap-kvu:118.17
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:120.1
ස. අනු: දෙවන සිත උපන් කලැ ‘ස්ත්‍රියකැ’ යි හෝ ‘පුරුෂයෙකැ’ යි හෝ ‘ගෘහස්ථයෙකැ’යි හෝ ‘ප්‍රව්‍රජිතයෙකැ’යි හෝ ‘දේවයෙකැ’යි හෝ ‘මනුෂ්‍යයෙකැ’යි හෝ නො කියැ යුතු ද?
ap-kvu:120.2
ප. පටිඤ්ඤා: කියැයුතු යි.
ap-kvu:120.3
ස. නි: නිග්‍රහය පිළිගනුව.
ap-kvu:120.4
අනු. ඨ: ඉදින් දෙවන සිත උපන් කලැ ‘හේ මැ යැ’ හෝ ‘අනෙකෙක් ම යැ’ හෝ යි නො කියැයුතු නම්,
ap-kvu:120.5
අනු. පා: භවත, එයින් දෙවන සිත උපන් කලැ ‘දේවයෙකැ’ යි හෝ ‘මනුෂ්‍යයෙකැ’යි නො කියැයුතු යැයි කියැයුතු යැ.
ap-kvu:120.6
අනු. ආ: දෙවන සිත උපන් කලැ ‘හේ මැ යැ’ හෝ ‘අනෙකෙක් මැ යැ’ හෝ යි නො කියැයුතු යැයි ද, දෙවන සිත උපන් කලැ ‘දේවයෙකැ’යි හෝ ‘මනුෂ්‍යයෙකැ’යි හෝයි කියැයුතු යැ යනු කියැයුතු යයි ද යමක් එහි ලා කියෙහි නම්, ඒ මිථ්‍යා යැ.
ap-kvu:120.7
පටි. ඨ: ඉදින් දෙවන සිත උපන් කලැ ‘දේවයෙකැ’ යි හෝ ‘මනුෂ්‍යයෙකැ’යි හෝ කියැයුතු වේ නම්,
ap-kvu:120.8
පටි. පා: එයින් භවත, දෙවන සිත උපන් කලැ ‘හේ මැ යැ’ හෝ ‘අනෙකෙක් මැ යැ’ හෝයි කියැයුතු යයි කියැයුතු යැ.
ap-kvu:120.9
පටි. ආ: දෙවන සිත උපන් කලැ ‘හේ මැ යැ’ හෝ ‘අනෙකෙක් මැ යැ’ හෝයි නො කියැයුතු යයි ද දෙවන සිත උපන් කලැ ‘දේවයෙකැ’යි හෝ ‘මනුෂ්‍යයෙකැ’යි හෝ කියැයුතු යනු කියැයුතු යයි යමක් එහි ලා කියෙහි නම් ඒ මිථ්‍යා යැ.
ap-kvu:120.10
203. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ’ යයි නො කියැයුතු ද?
ap-kvu:120.11
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:120.12
ප. පු: යම් පුද්ගලයෙක් දක්නේ වේ ද, යම් රූපයක් දක්නේ වේ ද, යම් ඇසෙකින් දක්නේ වේ ද, ඒ පුද්ගල දක්නේ, ඒ රූප දක්නේ, ඒ ඇසින් දක්නේ නො වේ ද?
ap-kvu:120.13
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:120.14
අනු. ඨ: ඉදින් යම් පුද්ගලයෙක් යම් රූපයක් යම් ඇසෙකින් දක්නේ වේ ද, ඒ පුද්ගල ඒ රූප ඒ ඇසින් දක්නේ වේ නම්,
ap-kvu:120.15
අනු. පා: භවත, එයින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ’ යයි කියයුතු යැ.
ap-kvu:122.1
204. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ’ යයි නො කියැයුතු ද?
ap-kvu:122.2
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:122.3
ප. පු: යම් පුද්ගලයෙක් අසන්නේ වේ නම් ... යම් පුද්ගලයෙක් ආඝ්‍රාණ කරන්නේ වේ නම් ... යම් පුද්ගලයෙක් ආස්වාද කරන්නේ වේ නම් ... යම් පුද්ගලයෙක් ස්පර්‍ශ කරන්නේ වේ නම් ... යම් පුද්ගලයෙක් යම් ධර්‍මයක් යම් විඤ්ඤාණයකින් විජානනා කරන්නේ වේ නම්, ඒ පුද්ගල ඒ ධර්‍මය ඒ විඤ්ඤාණයෙන් විජානනා කරන්නේ නො වේ ද?
ap-kvu:122.4
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:122.5
අනු. ඨ: ඉදින්, යම් පුද්ගලයෙක් යම් ධර්‍මයක් යම් විඤ්ඤාණයෙකින් විජානනා කෙරේ ද, ඒ පුද්ගල ඒ ධර්‍මය ඒ විඤ්ඤාණයෙන් විජානනා කරන්නේ වේ නම්,
ap-kvu:122.6
අනු. පා: භවත, එහෙයින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ’ යයි කියැයුතු මැ යැ.
ap-kvu:122.7
205. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද?
ap-kvu:122.8
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:122.9
ස. පු: (අන්‍ධාදී) යමෙක් නො දක්නේ වී නම්, යම් රූපයක් නො දක්නේ වී නම්, යමෙකින් නො දක්නේ වී නම්, හේ නො දක්නේ, එය නො දක්නේ, එයින් නො දක්නේ නො වේ ද?
ap-kvu:122.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu:122.11
අනු. ඨ: ඉදින් යමෙක් නො දක්නේ යමක් නො දක්නේ යමෙකින් නො දක්නේ වේ නම්, හෙ නො දක්නේ එය නො දක්නේ එයින් නො දක්නේ වෙයි.
ap-kvu:122.12
අනු. පා: භවත, එයින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දක්නා ලැබේ යයි නො කියැයුතු මැ යැ.