Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 4101-4200 න් 15036

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-kvu-2:460.7
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:460.8
අනු. පා: එකරුණින් ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
ap-kvu-2:460.9
30. ස. පු: රහත්ට අඥාන ඇද්ද?
ap-kvu-2:460.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:460.11
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:
ap-kvu-2:460.12
“ඒ ආර්‍ය්‍යශ්‍රාවකයාගේ දර්‍ශනසම්පත් (සෝවත් මගනුවණ) පහළ වන්නා හා මැ ධර්‍මයෝ තුන් දෙනෙක් ප්‍රහීණ වූවාහු වෙති: සත්කායදෘෂ්ටිය, විචිකිත්සාය, යම් මැ ශීලව්‍රතයෙක් හෝ ඇද්ද, මොහු යි. සතර අපායයෙන්ද විප්‍රමුක්ත වූයේ, (පඤ්චානන්තර්‍ය්‍ය, මිථ්‍යාදෘෂ්ටි යන) ෂට් අභිස්ථාන – (මහාසාවද්‍යකර්‍ම) යනුදු කරන්නට අභව්‍ය වෙති”යි
ap-kvu-2:460.13
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ap-kvu-2:460.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:460.15
අනු. පා: එකරුණින් ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
ap-kvu-2:460.16
31. ස. පු: රහත්ට අඥාන ඇද්ද?
ap-kvu-2:460.17
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:462.1
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, යම් කලෙකැ ආර්‍ය්‍යශ්‍රාවකයාහට රාගාදි රජස් රහිත පැහූ මල ඇති ධර්‍මචක්‍ෂුස පහළ වී ද: ‘යම් මැ සමුදයධර්‍මයෙක් වේ නම් එ හැම නිරෝධස්වභාව වෙති’යි. මහණෙනි, ඒ දර්‍ශනෝත්පත්ති හා මැ ආර්‍ය්‍යශ්‍රාවකයාහට සත්කායදෘෂ්ටි, විචිකිත්සා, ශීලව්‍රතපරාමර්‍ශ යන ත්‍රිවිධ සංයෝජනයෝ ප්‍රහීණ වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ap-kvu-2:462.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:462.3
අනු. පා: එකරුණින් ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.
ap-kvu-2:462.4
32. ප. පු: ‘රහත්ට අඥාන ඇති’යි නො කියැයුතු ද?
ap-kvu-2:462.5
ස. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:462.6
ප. අනු: රහත් වනාහි ස්ත්‍රීපුරුෂයන්ගේ නාමගෝත්‍ර නො දන්නේ නො? මාර්‍ගාමාර්‍ග නො දන්නේ නො? තෘණකාෂ්ටවනස්පතීන්ගේ නම් නො දන්නේ නො?
ap-kvu-2:462.7
ස පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:462.8
අනු. ඨ: ඉදින් රහත් වනාහි ස්ත්‍රීපුරුෂයන්ගේ නම්ගොත් නො දන්නේ වේ නම්, මග නො මග නො දන්නේ වේ නම්, තෘණකාෂ්ට වනස්පතීන්ගේ නම් නො දන්නේ වේ නම්,
ap-kvu-2:462.9
අනු. පා: භවත, එකරුණින් ‘රහත්හට අඥාන ඇති’යි කියැයුතු මැ යැ.
ap-kvu-2:462.10
33. ස. පු: රහත් වනාහි ස්ත්‍රීපුරුෂයන්ගේ නම්ගොත් නො දන්නේ යැ, මඟ නො මඟ නො දන්නේ යැ, තෘණකාෂ්ටවනස්පතීන්ගේ නම් නො දන්නේ යැයි ගෙන රහත්හට අඥාන ඇද්ද?
ap-kvu-2:462.11
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:462.12
ස. අනු: රහත් සෝවත්ඵල හෝ සෙදගැමිඵල හෝ අනගැමිඵල හෝ රහත්ඵල හෝ නො දන්නේ වේ ද?
ap-kvu-2:462.13
ප. පටි: එසේ නො කියැතු මැ යැ ...
ap-kvu-2:462.14
අඤ්ඤාණකථා නිමි.
ap-kvu-2:464.1
2. 3.
ap-kvu-2:464.2
කඞ්ඛාකථා
ap-kvu-2:464.3
[අඤ්ඤාණකථායෙහි නිදානය මෙනි.]
ap-kvu-2:464.4
1. ස. පු: රහත්හට සැක ඇද්ද?
ap-kvu-2:464.5
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:464.6
ස. අනු: රහත්හට විචිකිත්සා ඇද්ද? විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන විචිකිත්සා සංයෝජන විචිකිත්සානීවරණ ඇද්ද?
ap-kvu-2:464.7
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:464.8
2. ස. පු: රහත්හට විචිකිත්සා නැද්ද? විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන විචිකිත්සා සංයෝජන විචිකිත්සානීවරණ නැද්ද?
ap-kvu-2:464.9
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:464.10
අනු. ඨ: ඉදින් රහත්හට විචිකිත්සා නැත්නම් විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන විචිකිත්සාසංයෝජන විචිකිත්සානීවරණ නැත් නම්,
ap-kvu-2:464.11
අනු. පා: භවත, ‘රහත්හට සැක ඇති’යි නො කියැයුතු මැ යැ.
ap-kvu-2:464.12
3. ස. පු: පුහුදුන්හට සැක ඇද්ද? ඔහුට විචිකිත්සා ඇද්ද? විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන විචිකිත්සාසංයෝජන විචිකිත්සානීවරණ ඇද්ද?
ap-kvu-2:464.13
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:464.14
ස. අනු: රහත්හට සැක (තොප මතයෙහි) ඇත. ඔහුට විචිකිත්සා ඇද්ද, විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන විචිකිත්සාසංයෝජන විචිකිත්සානීවරණ ඇද්ද?
ap-kvu-2:464.15
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:464.16
4. ස. පු: රහත්හට සැක ඇද්ද? ඔහුට විචිකිත්සා නැද්ද? විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන විචිකිත්සාසංයෝජනා විචිකිත්සානීවරණ නැද්ද?
ap-kvu-2:464.17
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:464.18
ස. අනු: පුහුදුන්හට සැක ඇද්ද? ඔහුට විචිකිත්සා නැද්ද? විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන විචිකිත්සාසංයෝජනා විචිකිත්සානීවරණ නැද්ද?
ap-kvu-2:464.19
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:466.1
5. ස. පු: රහත්හට සැක ඇද්ද?
ap-kvu-2:466.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:466.3
ස. අනු: රහත්හට ශාස්තෲන් කෙරෙහි සැක ඇද්ද? ධර්‍මයෙහි සැක ඇද්ද, සඞ්ඝයා කෙරෙහි සැක ඇද්ද, ශික්‍ෂායෙහි සැක ඇද්ද, පූර්‍වාන්තයෙහි සැක ඇද්ද, අපරාන්තයෙහි සැක ඇද්ද, පූර්‍වාන්තාපරාන්තයෙහි සැක ඇද්ද, ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි සැක ඇද්ද?
ap-kvu-2:466.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:466.5
ස. පු: රහත්හට ශාස්තෲන් කෙරෙහි සැක නැද්ද, ධර්‍මයෙහි සැක ... ඉදම්ප්‍රත්‍යතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයෙහි සැක නැද්ද?
ap-kvu-2:466.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:466.7
අනු. ඨ: ඉදින් රහත්හට ශාස්තෲන් කෙරෙහි සැක නැත් නම්, ධර්‍මයෙහි සැක නැත්නම් ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි සැක නැත් නම්,
ap-kvu-2:466.8
අනු. පා: භවත, ‘රහත්හට සැක ඇතැ’යි නො කියැයුතු මැ යැ.
ap-kvu-2:466.9
6. ස. පු: පුහුදුන්හට සැක ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි සැක ඇද්ද? ධර්‍මයෙහි සැක ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍ය සමුත්පන්නධර්‍මයෙහි සැක ඇද්ද?
ap-kvu-2:466.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:466.11
ස. අනු: රහත්හට (තොප මතයෙහි) සැක ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි සැක ඇද්ද? ධර්‍මයෙහි සැක ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි සැක ඇද්ද?
ap-kvu-2:466.12
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:466.13
7. ස. පු: රහත්හට (තොප මතයෙහි) සැක ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි සැක නැද්ද? ධර්‍මයෙහි සැක ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි සැක නැද්ද?
ap-kvu-2:466.14
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:466.15
ස. අනු: පුහුදුන්හට සැක ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි සැක නැද්ද? ධර්‍මයෙහි සැක ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි සැක නැද්ද?
ap-kvu-2:466.16
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:468.1
8. ස. පු: රහත්හට සැක ඇද්ද?
ap-kvu-2:468.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:468.3
ස. අනු: රහත්හට රාගය ප්‍රහීණ වූයේ උසුන්මුල් වූයේ මුදුන්සුන් තලක් සේ කළ අවස්තුකභාව ඇතියේ නුවණින් කළ අභාව ඇතියේ මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ නො වේ ද?
ap-kvu-2:468.4
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:468.5
අනු ඨ: ඉදින් රහත්හට රාගය ප්‍රහීණ වේ නම්, උසුන්මුල් වේ නම්, මුදුන්සුන් තලක් සේ කළ අවස්තුකභාව ඇතියේ වේ නම්, නුවණින් කළ අභාව ඇතියේ වේ නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ නම්,
ap-kvu-2:468.6
අනු. පා: භවත, ‘රහත්හට සැක ඇති’යි නො කියැයුතු මැ යැ.
ap-kvu-2:468.7
9. ස. පු: රහත්හට සැක ඇද්ද?
ap-kvu-2:468.8
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:468.9
ස. අනු: රහත්හට ද්වේෂය ප්‍රහීණ වූයේ නො වේ ද ... මෝහය ප්‍රහීණ වූයේ නො වේ ද ... අනපත්‍රපා ප්‍රහීණ වූයේ නො වේ ද ... රාගප්‍රහාණයට මාර්‍ගය භාවිත නො වේ ද ... බෝධ්‍යඞ්ග භාවිත නො වේ ද ... ද්වෙෂප්‍රහාණයට ... අනපත්‍රපා ප්‍රහාණයට මාර්‍ගය භාවිත නො වේ ද ... බෝධ්‍යඞ්ග භාවිත නො වේ ද? රහත් ප්‍රහීණරාග ප්‍රහීණද්වේෂ ප්‍රහීණමොහ නො වේ ද ... (රහත්හු විසින්) පසක් කළයුතු දැය පසක් කරන ලද නො වේ ද?
ap-kvu-2:468.10
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:468.11
අනු. ඨ: ඉදින් රහත් ප්‍රහතරාග වේ නම්, ප්‍රහතද්වේෂ වේ නම් ... සාක්‍ෂාත් කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත වේ නම්,
ap-kvu-2:468.12
අනු. පා: භවත, ‘රහත්හට සැක ඇති’යි නො කියැයුතු මැ යැ.
ap-kvu-2:468.13
10. ස. පු: රහත්හට සැක ඇද්ද?
ap-kvu-2:468.14
ප. වි: ප්‍රඥාවිමුක්ත රහත්හට සැක ඇත. උභතෝභාග විමුක්ත රහත්හට සැක නැත.
ap-kvu-2:468.15
ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට සැක ඇද්ද?
ap-kvu-2:468.16
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:468.17
ස. අනු: පරධර්‍මකුශල රහත්හට සැක ඇද්ද?
ap-kvu-2:468.18
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:470.1
ස. අනු: පරධර්‍මකුශල රහත්හට සැක නැද්ද?
ap-kvu-2:470.2
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:470.3
ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට සැක නැද්ද?
ap-kvu-2:470.4
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:470.5
11. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහුට සැක ඇද්ද?
ap-kvu-2:470.6
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:470.7
ස. අනු: පරධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහුට සැක ඇද්ද?
ap-kvu-2:470.8
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:470.9
12. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ ... මෝහය ප්‍රහීණ යැ ... අනපත්‍රපා ප්‍රහීණ යැ ... රාගප්‍රහාණයට මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ ... ද්වෙෂප්‍රහාණයට ... මොහප්‍රහාණයට ... අනපත්‍රපාප්‍රහාණයට මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ ...
ap-kvu-2:470.10
13. ස. පු: ස්වධර්‍මකුශල රහත් වීතරාග වෙයි, වීතද්වේෂ වෙයි, වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහුට සැක ඇද්ද?
ap-kvu-2:470.11
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:470.12
ස. අනු: පරධර්‍මකුශල රහත් වීතරාග වෙයි, වීතද්වේෂ වෙයි, වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහුට සැක ඇද්ද?
ap-kvu-2:470.13
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:470.14
14. ස. පු: පරධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහුට සැක නැද්ද?
ap-kvu-2:470.15
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:470.16
ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහුට සැක නැද්ද?
ap-kvu-2:470.17
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:470.18
ස. පු: පරධර්‍මකුශල රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ ... මෝහය ප්‍රහීණ යැ ... අනපත්‍රපා ප්‍රහීණ යැ ... රාගප්‍රහාණයට මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ ... ද්වෙෂප්‍රහාණයට ... මොහප්‍රහාණයට ... අනපත්‍රපාප්‍රහාණයට මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ ... පරධර්‍මකුශල රහත් වීතරාග වෙයි, වීතද්වේෂ වෙයි, වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහුට සැක නැද්ද?
ap-kvu-2:470.19
ප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-2:472.1
ස. අනු: ස්වධර්‍මකුශල රහත් වීතරාග වෙයි, වීතද්වේෂ වෙයි, වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහුට සැක නැද්ද?
ap-kvu-2:472.2
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ap-kvu-2:472.3
15. ස. පු: රහත්හට සැක ඇද්ද?